අවන්ට්ගාඩ් නාටකේ අවසානය

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවන්ට්ගාඩ් නාටකේ අවසානය

    නාවුක හමුදාව ඇවන්ට්ගාඩ් බිස්නස් එක සිංගප්පූරුවට සහ මැලේසියාවට දෙයි..! රාජිත සේනාරත්න, අනුර දිසානායක මහත්වරුනි.., දැන් දේශප්‍රේමී ගැට්ට සනීපද?

    පවරා ගැනීමෙන් පසු නාවුක හමුදාව මිලියන 90 ක විදේශ විනිමය පාඩු ලබලා
    Rajitha_Anura_Getta_Saneepada.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.17, පෙ.ව.10.20) ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීම කිලී-රාජිත-අර්ජුන ඇතුළු නඩය විසින් ජාත්‍යන්තර වෙළඳ නැව් වලට ආරක්ෂාව දීමේ ව්‍යාපාරය තමන් අතට අත්පත් කර ගැනීමට මහජනතාවට පෙන්වූ ව්‍යාජ නාටකයක් බව ලංකා ඊ නිව්ස් මුල සිටම කී කතාව පසුගියදා ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශයකින් තහවුරු වූ අතර දැන් නාවික හමුදාපතිවරයාගේ මුඛයෙන්ද යලිත් බළලා මල්ලෙන් එළියට පනිමින් දෙවන වරටත් තහවුරු වී තිබේ.
    ආරක්ෂක ලේකම් දෙසැ.06 දා සති අන්ත පුවත්පතකට කීවේ ඇවන්ට් ගාඩ් සමාගම නාවුක හමුදාවට පවරා ගැනීම මෙකී ව්‍යාපාරය වෙනත් සමාගමකට යෑම සඳහා වූ සංක්‍රාන්ති කාලයක් බවයි.
    දැන් ඊයේ(16) දිනපතා සිංහල පුවත් පතකට ප්‍රකාශයක් කරන නාවුක හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කියන්නේ ඇවන්ට් ගාඩ් නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු සිංගප්පූරුවේ සහ මැලේසියාවේ තිබෙන සමාගම් දෙකක් ඇවන්ට් ගාඩ් සේම ගාලු වරායේ සිට මෙකී ව්‍යාපාරය කිරීමට ඉල්ලුම් කර ඇති බවත් ලබන වසරේ ජනවාරි මාසයේදී එම සමාගම් වල නියෝජිතයන් ලංකාවට පැමිණ ඒ ගැන සාකච්ඡා කරන බවත් ය. එනම් මෙම අධික ලාභ ලබනවා යැයි කියනා මෙම ව්‍යාපාරය දැන් විදේශ සමාගම් වලට දීමට යන බවයි.
    මේ අතර නාවුක හමුදාව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇවන්ට් ගාඩ් නාවුක හමුදාවට පවරා ගැනීමෙන් පසු පසුගිය මාසයට රුපියල් මිලියන 220 ක් උපයා ඇති බවයි.
    නාවුක හමුදාව තමා ඉපැයූ මිලියන 220 ගැන කියනවා මිස ඊට පෙර ඇවන්ට් ගාඩ් සමාගම ඉපැයූ මුදල කොපමණදැයි නොකියයි. ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුනේ ඊට පෙර ඇවන්ට් ගාඩ් සමාගම සෑම මාසයකදීම මිලියන 310 ක් උපයා ඇති බවයි. ඒ මුදල රටට ආවේ විදේශ මුදල් ලෙසය. ඒ අනුව නාවුක හමුදාව ලබා ඇත්තේ මසකට මිලියන 90 ක එනම් කෝටි 9 ක පාඩුවකි. එනම් නාවුක හමුදාව රටට ආ විදේශ විනිමය පාඩු කරගෙන තිබේ.
    කෙසේ වෙතත් මෙම ව්‍යාපාරය අතට ගැනීමට තටමන රාජිත සේනාරත්න ඇමැතිවරයාත්, කිලී මහාරාජාත් (කිලී වෙනුවෙන් කතා කරන්නේ අනුර දිසානායක දේශප්‍රේ-මීයාය) දිව හැලෙනතුරු පවසා සිටියේ මෙකී සමාගම නාවික හමුදාවට පවරා ගැනීම ඉතාමත් දේශප්‍රේමී කටයුත්තක් බවත් දැන් සියළු මුදල් රටට ලැබෙන බවයි.
    ඒ එසේ නම් ඊයේ නාවුක හමුදාපතිවරයා පවසා ඇති පරිදි සිංගප්පූරු සමාගමකට සහ මැලේසියානු සමාගමකට ඇවන්ට් ගාඩ් කළ කාර්ය පවරා දීමෙන් පසු එම මුදල් යන්නේ සිංගප්පූරුවට සහ මැලේසියාවට නොවේද?
    ලංකා ඊ නිව්ස් කරන ලද සොයා බැලීමේ දී දැනගන්නට ලැබුනේ මෙම ව්‍යාපාරය කිලී-රාජිත-අර්ජුන කල්ලිය විසින් ලබා ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් විසින් දිගින් දිගටම හෙලි කිරීම නිසා දැන් එය ප්‍රසිද්ධ වී ඇති බැවින් මොවුන් තම සමාගම් සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ලියාපදිංචි කර ඒවා විදේශ සමාගම් ලෙස අඟවා මෙකී ව්‍යාපාරය ඩැහැ ගැනීමට යන බවකි.

    ඒ කෙසේ වෙතත් එවිට වුවද මුදල් ගලා යන්නේ ලංකාවට නොව සිංගප්පූරුවට සහ මැලේසියාවට ය. ජාතික ආරක්ෂාවේදී දේශීය සමාගමකට වඩා සිංගප්පූරු සහ මැලේසියානු සමාගම් විශ්වාස වුනේ කෙසේද?

    ලංකාවේ 6000 කට අධික පිරිසකගේ රැකියාව නැතිකර ලංකාවට ලැබුණු මුදල ද පිටරටට යන එක ගැනත් ජාතික ආරක්ෂාව බල්ලාට යෑම ගැනත් රාජිත සහ අනුර දිසානායකගෙන් ඇසිය යුත්තේ ‘දැන් දේශප්‍රේමී ගැට්ට සනීපද?‘ කියා ය. එසේ නැතිනම් තමන්ගේ වීර නාවුක හමුදාපතිවරයා සහ වීර ආරක්ෂක ලේකම්වරයා කියන්නේ බොරුද කියා මේ කබර දිවවල් ඇති දේසපාලුවන් දෙදෙනා ජනතාවට කිව යුතුය. ( අද කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිතට පැවසිය හැකිය) මොවුන්ගේ තක්කඩි යටි අරමුණු ගැන නොදැන ඔහේ දෙඩැවූ සිවිල් සහ වෘත්තීය සංවිධාන නායකයන්ටද දැන් සිදුවන්නේ ගලේ පැහැරූ බළලුන් සේ විඳවන්නය
    මේ ගැන ඇත්ත කතා කරන මාධ්‍ය වල කටවල් වසන්නට හදන්නේ මාධ්‍යවේදීන් ඇවන්ට් ගාඩ් කාරයාගෙන් සල්ලි අරගත්තාය යන අවලාදය ගැසීමෙනි. රාජිත රු. මිලියන 5 ක් ඇවන්ට් ගාඩ් වෙතින් ගත් බව සාක්කි සහිතව ඔප්පු වී තිබියදී එය සඟවන මොවුන් කියන්නේ මාධ්‍යවේදීන් සල්ලි ගත් බවකි. (මාධ්‍යවේදීන් යනු ජනතා ඡන්දයකින් පත් වූවන් නොවීම වෙනම කාරණයකි) මුදල් ගත් මාධ්‍යවේදීන් ගැන ප්‍රසිද්ධ කරනවා යැයි කීවද ලැයිස්තුව නම් මෙතෙක් ඉදිරිපත් කෙළේ නැත. නමුත් මේ දේශපාලුවන්ගේ සැබෑ හෙළුව නම් මේ පුවතින්ද හෙලි කර තිබේ.



    ඉස්සුවේ



    ලංකා ඊනිවුස් වලින්



    එකත් කෙලියේ ලන්කාවටමයි .දැන් සනීපයිනේ :dull:


    ඇත්තටම මේ රට කරන ගොබ්බයො මෙච්චර පිටරට වල් වලටම ලකාවේ ලාබ ගන්න පුළුවන් දේවල් පුදන්නේ අයි බන් ?:no:

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Meka attak ban. Paaduwa kochcharada kiyanna danne naa. Eth enna enna business aduwena paatak thiyenne. Meka rajayata gatta ekata wada waradda tiyenne government minissu wada karana widiye.
     
    Last edited: