"... යම් සේ ගෙයක් ගිනි ගන්නා කල්හි එම ගෙය තුළ වූ යම් භාජනයක් එළියට ගනී නම් එය ඔහුට නැවත ගෙයක් තනා ගත් කල් හි ප්‍රයෝජනවත්වෙයි. එලෙසින්ම මේ ලෝකයේ ජාති,ජරා,ව්‍යාධි,මරණ,ශෝක,පරිදේව, කායික දුක්, මානසික දුක්, උපායාස නම් බලවත් සිත් තැවුල්, ප්රියවිප්පයෝගය, අප්‍රිය සම්පයෝග යන එකොළොස් ගින්නකින් දිවා රාත්‍රී දෙකෙහි ම දැවෙමින්, පිළිස්සෙමින් සිටින මනුෂ්‍යයන්ට දන් දීමෙන් යමක් එළියට ගත්තේ නම් නැවත භවයක් හට ගත් කල්හි එය මහත් සේ ප්‍රයෝජනවත් වේ.
දුන් දෙය මැනවින් බැහැර කරන ලද්දක් හා සමාන යැයි සඳහන් කළේ ඒ අදහසයි. දුන් දෙය සැප පිණිස පවතියි... "

අවබෝදයෙන් අනුමෝදන් වීම පිණිස පහත ධර්ම කතාව පල කරමි.
ඉපදුන දවසේම දානයේ ආනිසංස ගැන කතා කළ සසරෙ යහළුවන් දෙදෙනාගෙ කතා පුවත
අප භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි භාග්‍ය වතුන් වහන්සේ මුණ ගැසීමට සුමනා කියන රාජ කුමාරිකාවක් පැමිණියා.මෙම රාජ කුමාරිකාව තමන් අත්දැකපු දෙයක් භාග්‍යවතුන් වහන්සේ වෙත විස්තර කලා.
තමන්ගේ මාලිගාවේ රාජ බිසවකට එක්තරා පුතෙක් උපන්නා. එදිනම එම මාලිගාවේ වැඩකරන දාසියකට තවත් පුතෙක් උපන්නා. එකම දවසේ උපන් දරුවන් දෙදෙනා නිසා සිටුතුමා ඒ පුතුන් දෙදෙනාම එකම ස්ථානයේම නිදි කෙරෙව්වා. රාජකුමාරියට දාව උපන් කුමරා විශේෂිත වූ ඇඳකත්, දාසියට දාව උපන් කුමරා බිම එලන ලද පැදුරකත් නිදි කෙරෙව්වා.
එක්තරා අවස්ථාවක සුමනා දේවිය දකිනවා හරිම පුදුම සහගත සිදුවීමක්. එනම් රාජ කුමාරියට දාව උපන් කුමරු දාසියට දාව උපන් පුත් කුමරාට යම් කාරණාවක් කියනවා.
" මම නුඹට කිව්වා නේද දන් දෙන්න කියලා.
දැන් පේනවා නේද දානයේ ආනිසංශ" කියලා.
මෙය ඇසූ සුමනා දේවිය පුදුමයට පත්වී, මෙම කාරණාව වෙනත් කෙනෙකුට පැවසුවොත් පිලි නොගනී යැයි සිතා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා විමසා බැලීමට තීරණය කලා.
භාග්‍යවතුන් වහන්සේ සුමනා දේවියට මේ දරුවන් දෙදෙනාගේ අතීත කතාව පැහැදිලි කලා.
මේ දරුවන් දෙදෙනා එක්තරා ආත්ම භාවයකදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එකම ස්ථානයක පැවිදි වුණු භික්ෂූන් වහන්සේලා දෙනමක්. ඒ කාලයේදී දෙදෙනාටම සම ශ්
රද්ධාවක් , සම ශීලයක් සහ සම ප්‍රඥාවක් තිබිලා තියෙනවා. නමුත් එක භික්ෂූණ් වහන්සේ නමක් පිණ්ඩපාතය ගොස් ලැබුණු පිණ්ඩපාත දානය එම විහාරයේ සිටින අනෙකුත් භික්ෂූණ් වහසේලාටත් දීලයි වලඳන්නේ. දානය නොලැබෙන භික්ෂූන්ට ,ගිලන් වූ භික්ෂූන්ට සහ ආගන්තුක භික්ෂූන්ට දන් දීම එම දානයයි. එය විශේෂිත වූ දානයක්. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දන් දී කුසල් කල හැකි දානයක් වශයෙන් දේශනා කරන ලද්දේ මේ ක්‍රමයටයි. භික්ෂූන් වහසේලාත් දන් දිය යුතුයි. භාග්‍ය වතුන් වහන්සේ එය එක්තරා "වතක්" ලෙස දේශනා කරලා තියෙනවා. ඒ වත හදුන් වන්නේ "සාරාණිය වත" ලෙසයි.
මෙම භික්ෂූන් වහන්සේලා දෙදෙනාගෙන් එක් නමක් අනෙක් භික්ෂූන් වහන්සේලාටද ලැබුණු පිණ්ඩපාත දානය පූජා කරන අතර තම යහලු අනෙක් භික්ෂූන් වහන්සේ තනියම වැලඳනවා. තනියම වලඳන වත "භත්තග්ග වත " ලෙස හඳුන්වනවා.
කෙසේ නමුත් මෙම භික්ෂූණ් වහන්සේලා දෙදෙනාටම සම ශ්‍රද්ධා, සම සීල, සම ප්‍රඥා තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
කාලයාගේ ඇවෑමෙන් මෙම භික්ෂූන් වහන්සේලා අපවත්වී දෙවි මිනිස් ජීවිතවල ඉපදී ඒ අතර තුරදී මෙම සිටු නිවසේ උප්පතිය ලබන විට දන් දුන් භික්ෂූන් වහන්සේ රාජ කුමාරිකාවකගේ කුසේ උපදිනවා. දන් නොදුන් භික්ෂූන් වහන්සේ එම සිටු නිවසේම දාසියකගේ කුසේ උපදිනවා.
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව උපයෝගී කරගෙන සුමනා සිටු දේවියට ධර්මය දේශනා කරනවා.
භික්ෂූන් වහන්සේ කෙනෙක් දන් දෙනවා නම්
ඒ දන් දෙන කෙනා දන් නොදෙන කෙනාට වඩා කාරණා 8කින් අභිබවනය ( ඉදිරියෙන් සිටිනවා) කරනවා. ඒ කාරණා 8 නම්....
1. චීවර
2. පිණ්ඩපාත
3. සේනාසන
4. බෙහෙත්( ගිලන් පස)
5. භික්ෂූණ් වහන්සේලා අතරට ගියොත් හොඳින් පිලිගැනීම
6. ප්‍රියමනාප බව
7. වචනය ගරු කිරීම
8. විවිධ විශේෂ ගරු සත්කාර
ගිහියන්ට ලැබෙන ආනිසංශ
දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාට වඩා කාරණා 5 කින් අභිබවනය කරනවා... ඒ කාරණා 5 නම්..
1. ආයුෂය
2. වර්ණය
3. සැපය
4. බලය( ආදිපත්‍ය)
5. යසස
දෙවියන්ට ලැබෙන ආනිසංශ
දන් දුන්න දෙවි කෙනෙක් දන් නොදුන්න දෙවි කෙනෙකුට වඩා කාරණා 5 කින් අභිබවනය කරනවා..
1. ආයුෂ
2. වර්ණය
3. සැපය
4. යසස
5. ආදිපත්‍ය
නමුත් දන් දුන්න කෙනාත් දන් නොදුන්නු කෙනාත් කෙදිනක හෝ යම් නිවනක් ලබනවා නම් ඒ දෙදෙනාම යන්නෙ එකම නිවනට බවත් නිවන් මගට එනතුරුම දන් දුන් කෙනා දන් නොදුන් කෙනාට වඩා බොහෝ පහසුවෙන් සුඛ සහගත ප්‍රථිපදාවෙන් තමන් කැමති ආකාරයට පහසුම ආකාරයෙන් නිවන කරා යන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
එසේනම් දානය යනු ඉතාමත් මහත් ඵල ලබන දෙයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
මෙම ලිපිය ලිවීමට උපකාරී වූ මූලාශ්‍ර
බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ , සුමනා සූත්‍රය
( උපුටා ගැනීමකි )

සුවසේ සසර කුසල් දහම් වඩා,, දුර්ලබ වූ කුසල් සුවසේම තව තවත් සිදු කොට,, සසර කතරින් එතෙර වීම පිණිසම ඒකාන්ත වසයෙන්ම මේ කුසල් හේතු වාසනාම වේවා! සාදු සාදු සාදු!