Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අවබෝධ කළ යුතු අනිත්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවබෝධ කළ යුතු අනිත්‍යය

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා අනිත්‍ය නම් වූ මූලික කාරණය අවබෝධ නො වීම නිසා අපට දුක අවබෝධ වන්නේ නැති බව. අපට කොච්චරවත් තේරෙනවා ‘දුකයි… දුකයි…’ කියලා. නමුත් ‘දුකයි… දුකයි…’ කියලා තේරුණාට, අප සිතන්නේ ‘මම දුක් විඳිනවා’ කියල යි. ‘මට දුකයි’ කියල යි හිතන්නේ. අපි ‘මම’ කියන දෙයින් බැහැර ව දුක ගැන හිතන්නේ නැහැ. ‘මම’ කියන සංකල්පයෙන් බැහැර ව දුක ගැන දැනගන්න තරම් අපේ ප්‍රඥාව බලවත් නෑ. අපි හැමතිස්සේ ම හිතට දුක එනකොට මමත්වයේ ගිලිලා, ඒ ‘මම’ කියන අදහස වැළඳගෙන ම තමයි දුකයි කියලා හිතන්නේ. ඒ නිසා අපි දුක අවබෝධ කරන්නේ නෑ.

හුල් දෙකකින් පහර කන ජීවිතය….

බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එතකොට කරුණු දෙකක් තියෙනවා කියලා. අනිත්‍ය නො දකින මනස, යථාර්ථය දකින්නේ නැති මනස දෙපැත්තකින් දුක් විඳිනවා කියලා. ඒ තමයි, ඔහුට කායික දුකක් ඇතිවුණොත් ඒක හරියට එයාගෙ හදවතට ඒක හුලකින් ඇන්නා වගේ කියනවා. නමුත් කායික දුක එනකොට මේක ‘මම ය’ කියලා කලින් ම භාරගෙන තියෙන නිසා එයා මානසික දුකට පත්වෙනවා. ඒක හරියට එයාගේ හදවතට, එතන ම තව හුලකින් ඇන්නා වගේ කියනවා. එතකොට හුල් දෙකකින් පහර කෑවා වගෙයි. මේ වගේ දුක අවබෝධ නො වීම නිසා කායික, මානසික කරුණු දෙකකින් දුක් දොම්නස් විඳිනවා.

මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කරගැනීම පිණිස අපි මනාකොට තේරුම් ගන්න ඕනේ එකක් තමයි අනිත්‍ය කියන එක. අනිත්‍ය ගැන කතා කිරීමේ දී අපට වැදගත් වෙන්නේ අපගේ පුද්ගලික අදහස නො වෙයි. අපට පුද්ගලික ව හිතන්න පුළුවන්, මේ අනිත්‍ය කියන එක ක්ෂණයක දී කෝටි වාර ගණනක් ඇතිවෙලා නැතිවෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දී එහෙම නො වෙයි උන්වහන්සේ පෙන්වලා තියෙන්නේ. ප්‍රායෝගික ව තේරුම ගන්න පුළුවන් පිළිවෙළකට. අපට වැදගත් වෙන්නේ, තමන්ගේ අදහස හරි කියන එක නෙවෙයි නේ. බුදුරජාණන් වහන්සේ මේක අපට තෝරලා දුන්නේ කොහොම ද? කියන එකෙයි වැදගත්කම තියෙන්නේ.

කරුණු දෙකක් නිසා හටගන්නා ලෝකය…

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝ ම ලස්සන සූත්‍රයක් තියෙනවා, ‘දුතිය ද්වය සූත්‍රය’ කියලා. ද්වය සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකාය හතරවෙනි කොටසේ, සළායතන සංයුත්තයේ. එතන දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කරුණු දෙකක් නිසා මේ ලෝකය හටගන්න හැටි. අන්න ඒක උන්වහන්සේ පෙන්වනවා, ඇසත්, රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය ඇති වෙනවා. එතකොට කරුණු දෙකක් නිසයි චක්ඛු විඤ්ඤාණය ඇති වුණේ. ඒ තමයි ඇසත්, රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය හටගන්නවා.

ඊළඟට උන්වහන්සේ පෙන්වනවා ඇස ගැන, ‘චලඤ්චේව, ව්යායඤ්ච, අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවී.’ ඇස සැළෙන්නේ ද වේ. වැනසෙන්නේ ද වේ. අනිත්‍ය ද වේ. විපරිණාම ද වේ. ඇස වෙනස් වෙනවා. අනිත්‍යයි. වැනසෙනවා. වෙනස් වීම ම උරුම කොටගෙන තියෙන දෙයක්.

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, රූපයත් එහෙමයි. ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි, වැනසෙනවා, වෙනස් වෙනවා, විපරිණාමයි. එතකොට අනිත්‍ය කියන එක එයට අදාළ ලක්ෂණයක්. හේතුඵල දහමින් හටගත්තු දේකට අයිති ලක්ෂණයක් අනිත්‍ය කියන්නේ. මේ අනිත්‍ය දෙයක තියෙන ලක්ෂණය කුමක් ද? (උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති.) හට ගැනීමකුත් පේනවා, වැනසීමකුත් පේනවා, වෙනස් වෙමින් පැවතීමකුත් පේනවා. දැන් ඔන්න ඇස තුළත් ඔය ලක්ෂණ තියෙනවා. ඇසට පේන රූපයෙත් ඔය ලක්ෂණ තියෙනවා. ඒ නිසා තමයි ඔය දෙකම අනිත්‍යය.

විඤ්ඤාණය වෙනස් නොවී තියේවි ද…?

ඊළඟට උන්වහන්සේ පෙන්වනවා, අනිත්‍ය වූ ඇසත්, අනිත්‍ය වූ රූපත් නිසා හටගන්න චක්ඛු විඤ්ඤාණය, (කුතෝ නිච්චං භවිස්සති) නිත්‍ය වෙන්නේ කොහොම ද? අනිත්‍ය වූ දේවල් ආශ්රයෙන් හටගත්තු දේවල් නිත්‍ය වෙන්න කිසි ම සාධාරණ පදනමක් තියෙනවා ද? කිසි ම සාධාරණ පදනමක් නෑ. අනිත්‍ය වූ දෙයින් හටගත් දේ මූලික ලක්ෂණය තමයි අනිත්‍ය වීම. වෙන එකක් නො වෙයි. ඉතින් උන්වහන්සේ පෙන්වනවා, චක්ඛු විඤ්ඤාණයත් අනිත්‍යයි. එතකොට අනිත්‍ය වූ කාරණා තුනක්.

ඒ වගේ ම (තිණ්ණං සංගති ඵස්සෝ) මේ තුනේ එකතුව, ඒ කියන්නේ ඇසත්, රූපයත්, චක්ඛු වික්ද්ක්දාණයත් කියන මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියලා කියන්නේ, අමුතු දෙයක් නො වෙයි. ස්පර්ශය කියන්නේ ඇස යි, රූපයයි, සිතයි සම්බන්ධ වීම ම යි. ඒ සම්බන්ධ වීම නිත්‍ය එකක් ද? නැහැ. නිත්‍ය වූ දේවල් නො වෙයි එකතු වෙන්නේ. අනිත්‍ය වූ දේවල්වල අනිත්‍ය වූ එකතුවක්. මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන් එකක්.

ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය නිසා තමයි විඳීම හටගන්නේ. විඳීම හටගන්නේ ස්පර්ශය නිස යි. ස්පර්ශයක් නැත්නම් විඳීමක් ඇතිවන්නේ නැහැ. අනිත්‍ය වූ ස්පර්ශයක් නිසා හටගන්නා වූ විඳීම නිත්‍ය වූ විඳීමක් ද? අනිත්‍ය වූ විඳීමක් ද? අනිත්‍ය වූ විඳීමක් හටගන්නේ.

‘මම’ කියන අදහසින් බැහැර ව බැලිය යුතු යි…

අපි දැන් ඔය මේ විදිහට අනිත්‍ය ගැන කල්පනා කිරීමේ දී අපි බලන්නේ ‘මම’ කියන අදහසින් බැහැර වෙලා. ඒක මතක තියා ගන්න. දැන් ‘ඇස’ ගැන බලද්දි, ඇස අනිත්‍ය නම්, ඇස වෙනස් වෙනවා නම්, වෙනස් වන ධර්මතාවයෙන් යුක්ත නම්, ඇස තුළ ‘මම’ කියලා දෙයක් තියෙනවා ද? ‘මගේ’ කියලා දෙයක් තියෙනවා ද? නැහැ. ‘මට අයිති’ කියලා දෙයක් තියෙනවා ද? නැහැ. ඇසට පෙනෙන රූපය තුළ, ඒකත් වෙනස් වෙනවා නම්, ඒකත් අනිත්‍ය නම්, ඒකත් අස්ථිර නම්, එහෙනම් ඒකෙත් අපට ‘මම ය’ කියලා, මේ රූපයේ මේ කොටස ‘මම’ කියලා කියන්න දෙයක් තියෙනවා ද? නැහැ. ‘මගේ’ කියලා දේකුත් නෑ. ‘මට අයිති’ කියලා දේකුත් නෑ. ‘චක්ඛු විඤ්ඤාණය’ ඒ කියන්නේ ඇස තුළින් ඇති කරගත්තු සිතෙත් ‘මම ය’,‘මාගේ ය’, ‘මට අයිති ය’ කියලා දෙයක් නැහැ. අන්න එහෙම ‘මම’ කියන දෙයින් බැහැර ව තමයි මේ ක්‍රියාකාරීත්වය දිහා බලන්න තියෙන්නේ.

ස්පර්ශයත් ‘මම’ නෙවෙයි. ස්පර්ශය ‘මම’ නම්, මේකේ ආත්මයක් තිබුණා නම් අපට පුළුවන් වෙන්න ඕනේ ‘මාගේ ස්පර්ශය මෙසේ වේවා…! මාගේ ස්පර්ශය මෙසේ නො වේවා!’ කියලා ලැබිය යුතු වන්නෙ. එහෙම ලබන්න බැහැ.

වේදනාවේ මුළා වී…

ස්පර්ශය ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. ඇස තුළින් නම්, චක්ඛු සම්ඵස්සජා වේදනා. ඇස නිසා හටගත් ස්පර්ශය තුළින් තමයි විඳීම හටගන්නේ. එතකොට සැප වේදනාව ඇති වෙනකොට, ඒ සැප වේදනාව ‘මම’ නම්, මාගේ සැප වේදනාව මෙසේ පවතීවා…!’ කියලා අපට පුළුවන් වෙන්න ඕනේ අධිෂ්ඨාන කරලා, ප්‍රාර්ථනා කරලා, යාඥා කරලා මේ වේදනාව රඳවා ගන්න. සැප වේදනාව, සැප සතුට රඳවා ගන්න පුළුවන් වෙන්න ඕනේ යාඥාවකින්, ප්‍රාර්ථනයකින්, අධිෂ්ඨානයකින්. ඒක කරන්න බැහැ. ඒකට හේතුව තමයි ඒකිසි ම දෙයක් ‘මම’ කියන දෙයට අයිති නෑ. ස්පර්ශයටයි අයිති වේදනාව. ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා.

සැප වේදනාව හිතට එනකොට, සාමාන්‍ය ධර්මය නො දන්න, පුහුදුන් මනසක් තියෙන කෙනා සිත උද්දාමයට පත්කර ගන්නවා. මහත් සන්තෝෂයට පත්වෙනවා. ඉපිල ගිය ප්‍රීතියකට පත්වෙනවා. එයා ‘මට බොහෝ සැපය…’ කියලා දැඩි ලෙස ඒක ගන්නවා. ලක්ෂණ තුනක් එතනත් තියෙනවා. (අභිනන්දති) නිකන් නො වෙයි පිළිගන්නේ, සතුටින් පිළිගන්නවා. (අභිවදති) සතුටින් පිළිඅරගෙන නොයෙන් විදිහට ඒක ගැන හිතනවා, කල්පනා කරනවා. (අජ්ඣෝසාය තිට්ඨති) එතකොට දන්නේ ම නැතිව ඒකේ තමාගේ සිත බැසගන්නවා. ඔන්න ඔහොම තමයි අපේ සිත බැසගෙන තියෙන්නේ මේ හැම දෙයක් කෙරෙහිම. බැස ගත්තාට පස්සේ ආයේ නැගිටින්න බෑ. මඩ වළක එරුණා වගෙයි. දඟලද්දි දඟලද්දි යටටම ගිලෙනවා. මේක තමයි ස්වභාවය.

අළාමක සත්‍යය…

ඉතින් එයා වේදනාවත් සතුටින් පිළිගන්නවා. හොඳයි කියලා පිළිගන්නවා. එහි බැසගෙන ඉන්නවා. දැන් දන්නේ නැහැ ‘ඵස්ස පච්චයා වේදනා’ කියලා. එතකොට, සැප වේදනාව නැතිවෙලා දුක් වේදනාව එනකොට අඬන්න පටන් ගන්නවා. ‘‘අනේ එපා… මට මේ වේදනාව නම් එපා…” කියලා. නමුත් ඒක එපා කියලා නවත්වන්න බැහැ. එයට හේතුව ස්පර්ශ ප්‍රත්‍යයෙනුයි වේදනාව තියෙන්නේ. ඒ නිසා ඒක ‘‘අනේ මට දුක් වේදනාව එපා” කියලා යාඥා කරලා, ”අනේ දෙවියනේ, මේ දුක් වේදනාව ගෙනියන්න..” කියලා බජන් කියලා නවත්වන්න බැහැ. බලන්න කොයිතරම් පැහැදිලි ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු සත්‍යය. මේක ළාමක දෙයක් නෙවෙයි, අළාමක දෙයක්.

ඉතින් උන්වහන්සේ පෙන්වනවා. උපේක්ෂා වේදනාව ඇතිවෙන විට මේ උපේක්ෂා වේදනාවත් තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ, සැප වේදනාවට අදාළ ස්පර්ශයත් නැතිව, දුක් වේදනාවට අදාළ ස්පර්ශයත් නැතිව, මැදහත් වේදනාවේ ස්පර්ශය තියෙනවා නම් ඇති වෙන්නේ මොකක් ද? ඒ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. මැදහත් වේදනාව හට ගන්නවා. ඉතින් එතකොට, ‘‘අනේ මට උපේක්ෂාව විතරක් පවතීවා…! මට සැපත් එපා, දුකත් එපා..” කියලා ලබන්න බැහැ. ඒක ‘සංඛතයක්’. සංඛතයට අයිති දේ සිදුවෙනවා. මොකක් ද සංඛතයට අයිති දෙය? හටගැනීම පේනවා, වැනසීම පේනවා, වෙනස් වෙමින් පැවතීම පේනවා. ඉතින් මේ හටගන්නා සුළු දෙය, වැනසෙන සුළු දෙය, වෙනස් වෙමින් පවතින සුළු දෙය ‘මම ය’, ‘මාගේ ය’ කියලා අපි අල්ලගෙන ඉන්නවා. නමුත් සංඛතයකට සිදුවන දේ සිදුවෙනවා. අපි ඒක අවබෝධ කරගන්නා තාක්කල් අපි දුක් වෙනවා. ඊට පස්සේ අතීතයේ ගෙවී ගිය ජීවිතය ගැන දුක් වෙනවා. අනාගතය පතමින් දුක් වෙනවා. වර්තමානය නො සෑහීමකට පත්වෙමින් දුක් වෙනවා. කෙළවරක් නෑ. කෙළවරක් නෑ අසහනය. ඇයි මේ? අසත්‍ය වූ මායාවක් අපේ සිත තුළ මවාගෙන, ‘මම’ නො වන දෙයක් ‘මම’ය කියලා අල්ලගෙන, ‘මගේ’ නො වන දෙයක් ‘මගේ’ කියලා අල්ලගෙන, ‘මට අයත් නැති’ දෙයක් ‘මට අයත්’ කියලා අල්ලගෙන, රඳවාගන්න හදනවා. නමුත් වෙන්නේ නෑ. මේ ඔක්කෝම තියෙන්නේ හේතුවක් ප්‍රත්‍යයෙන් හටගත්තු ඵල හැටියටයි.

- See more at: http://mahamegha.lk/featured-articles/awaboda-kala-yuthu-anithya/#sthash.sxM9ZlrI.dpuf

[QUOTE="praneeth.pj, post: 16009559, member: 463147"] [b]අවබෝධ කළ යුතු අනිත්‍යය[/b] [SIZE=4][IMG]http://mahamegha.lk/wp-content/uploads/2013/11/awaboda-kala-yuthu-anithya-main.jpg[/IMG] බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා අනිත්‍ය නම් වූ මූලික කාරණය අවබෝධ නො වීම නිසා අපට දුක අවබෝධ වන්නේ නැති බව. අපට කොච්චරවත් තේරෙනවා ‘දුකයි… දුකයි…’ කියලා. නමුත් ‘දුකයි… දුකයි…’ කියලා තේරුණාට, අප සිතන්නේ ‘මම දුක් විඳිනවා’ කියල යි. ‘මට දුකයි’ කියල යි හිතන්නේ. අපි ‘මම’ කියන දෙයින් බැහැර ව දුක ගැන හිතන්නේ නැහැ. ‘මම’ කියන සංකල්පයෙන් බැහැර ව දුක ගැන දැනගන්න තරම් අපේ ප්‍රඥාව බලවත් නෑ. අපි හැමතිස්සේ ම හිතට දුක එනකොට මමත්වයේ ගිලිලා, ඒ ‘මම’ කියන අදහස වැළඳගෙන ම තමයි දුකයි කියලා හිතන්නේ. ඒ නිසා අපි දුක අවබෝධ කරන්නේ නෑ. [B]හුල් දෙකකින් පහර කන ජීවිතය….[/B] බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එතකොට කරුණු දෙකක් තියෙනවා කියලා. අනිත්‍ය නො දකින මනස, යථාර්ථය දකින්නේ නැති මනස දෙපැත්තකින් දුක් විඳිනවා කියලා. ඒ තමයි, ඔහුට කායික දුකක් ඇතිවුණොත් ඒක හරියට එයාගෙ හදවතට ඒක හුලකින් ඇන්නා වගේ කියනවා. නමුත් කායික දුක එනකොට මේක ‘මම ය’ කියලා කලින් ම භාරගෙන තියෙන නිසා එයා මානසික දුකට පත්වෙනවා. ඒක හරියට එයාගේ හදවතට, එතන ම තව හුලකින් ඇන්නා වගේ කියනවා. එතකොට හුල් දෙකකින් පහර කෑවා වගෙයි. මේ වගේ දුක අවබෝධ නො වීම නිසා කායික, මානසික කරුණු දෙකකින් දුක් දොම්නස් විඳිනවා. මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කරගැනීම පිණිස අපි මනාකොට තේරුම් ගන්න ඕනේ එකක් තමයි අනිත්‍ය කියන එක. අනිත්‍ය ගැන කතා කිරීමේ දී අපට වැදගත් වෙන්නේ අපගේ පුද්ගලික අදහස නො වෙයි. අපට පුද්ගලික ව හිතන්න පුළුවන්, මේ අනිත්‍ය කියන එක ක්ෂණයක දී කෝටි වාර ගණනක් ඇතිවෙලා නැතිවෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දී එහෙම නො වෙයි උන්වහන්සේ පෙන්වලා තියෙන්නේ. ප්‍රායෝගික ව තේරුම ගන්න පුළුවන් පිළිවෙළකට. අපට වැදගත් වෙන්නේ, තමන්ගේ අදහස හරි කියන එක නෙවෙයි නේ. බුදුරජාණන් වහන්සේ මේක අපට තෝරලා දුන්නේ කොහොම ද? කියන එකෙයි වැදගත්කම තියෙන්නේ. [B]කරුණු දෙකක් නිසා හටගන්නා ලෝකය…[/B] බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝ ම ලස්සන සූත්‍රයක් තියෙනවා, ‘දුතිය ද්වය සූත්‍රය’ කියලා. ද්වය සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකාය හතරවෙනි කොටසේ, සළායතන සංයුත්තයේ. එතන දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කරුණු දෙකක් නිසා මේ ලෝකය හටගන්න හැටි. අන්න ඒක උන්වහන්සේ පෙන්වනවා, ඇසත්, රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය ඇති වෙනවා. එතකොට කරුණු දෙකක් නිසයි චක්ඛු විඤ්ඤාණය ඇති වුණේ. ඒ තමයි ඇසත්, රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය හටගන්නවා. ඊළඟට උන්වහන්සේ පෙන්වනවා ඇස ගැන, ‘චලඤ්චේව, ව්යායඤ්ච, අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවී.’ ඇස සැළෙන්නේ ද වේ. වැනසෙන්නේ ද වේ. අනිත්‍ය ද වේ. විපරිණාම ද වේ. ඇස වෙනස් වෙනවා. අනිත්‍යයි. වැනසෙනවා. වෙනස් වීම ම උරුම කොටගෙන තියෙන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, රූපයත් එහෙමයි. ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි, වැනසෙනවා, වෙනස් වෙනවා, විපරිණාමයි. එතකොට අනිත්‍ය කියන එක එයට අදාළ ලක්ෂණයක්. හේතුඵල දහමින් හටගත්තු දේකට අයිති ලක්ෂණයක් අනිත්‍ය කියන්නේ. මේ අනිත්‍ය දෙයක තියෙන ලක්ෂණය කුමක් ද? (උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති.) හට ගැනීමකුත් පේනවා, වැනසීමකුත් පේනවා, වෙනස් වෙමින් පැවතීමකුත් පේනවා. දැන් ඔන්න ඇස තුළත් ඔය ලක්ෂණ තියෙනවා. ඇසට පේන රූපයෙත් ඔය ලක්ෂණ තියෙනවා. ඒ නිසා තමයි ඔය දෙකම අනිත්‍යය. [B]විඤ්ඤාණය වෙනස් නොවී තියේවි ද…?[/B] ඊළඟට උන්වහන්සේ පෙන්වනවා, අනිත්‍ය වූ ඇසත්, අනිත්‍ය වූ රූපත් නිසා හටගන්න චක්ඛු විඤ්ඤාණය, (කුතෝ නිච්චං භවිස්සති) නිත්‍ය වෙන්නේ කොහොම ද? අනිත්‍ය වූ දේවල් ආශ්රයෙන් හටගත්තු දේවල් නිත්‍ය වෙන්න කිසි ම සාධාරණ පදනමක් තියෙනවා ද? කිසි ම සාධාරණ පදනමක් නෑ. අනිත්‍ය වූ දෙයින් හටගත් දේ මූලික ලක්ෂණය තමයි අනිත්‍ය වීම. වෙන එකක් නො වෙයි. ඉතින් උන්වහන්සේ පෙන්වනවා, චක්ඛු විඤ්ඤාණයත් අනිත්‍යයි. එතකොට අනිත්‍ය වූ කාරණා තුනක්. ඒ වගේ ම (තිණ්ණං සංගති ඵස්සෝ) මේ තුනේ එකතුව, ඒ කියන්නේ ඇසත්, රූපයත්, චක්ඛු වික්ද්ක්දාණයත් කියන මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියලා කියන්නේ, අමුතු දෙයක් නො වෙයි. ස්පර්ශය කියන්නේ ඇස යි, රූපයයි, සිතයි සම්බන්ධ වීම ම යි. ඒ සම්බන්ධ වීම නිත්‍ය එකක් ද? නැහැ. නිත්‍ය වූ දේවල් නො වෙයි එකතු වෙන්නේ. අනිත්‍ය වූ දේවල්වල අනිත්‍ය වූ එකතුවක්. මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන් එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය නිසා තමයි විඳීම හටගන්නේ. විඳීම හටගන්නේ ස්පර්ශය නිස යි. ස්පර්ශයක් නැත්නම් විඳීමක් ඇතිවන්නේ නැහැ. අනිත්‍ය වූ ස්පර්ශයක් නිසා හටගන්නා වූ විඳීම නිත්‍ය වූ විඳීමක් ද? අනිත්‍ය වූ විඳීමක් ද? අනිත්‍ය වූ විඳීමක් හටගන්නේ. [B]‘මම’ කියන අදහසින් බැහැර ව බැලිය යුතු යි…[/B] අපි දැන් ඔය මේ විදිහට අනිත්‍ය ගැන කල්පනා කිරීමේ දී අපි බලන්නේ ‘මම’ කියන අදහසින් බැහැර වෙලා. ඒක මතක තියා ගන්න. දැන් ‘ඇස’ ගැන බලද්දි, ඇස අනිත්‍ය නම්, ඇස වෙනස් වෙනවා නම්, වෙනස් වන ධර්මතාවයෙන් යුක්ත නම්, ඇස තුළ ‘මම’ කියලා දෙයක් තියෙනවා ද? ‘මගේ’ කියලා දෙයක් තියෙනවා ද? නැහැ. ‘මට අයිති’ කියලා දෙයක් තියෙනවා ද? නැහැ. ඇසට පෙනෙන රූපය තුළ, ඒකත් වෙනස් වෙනවා නම්, ඒකත් අනිත්‍ය නම්, ඒකත් අස්ථිර නම්, එහෙනම් ඒකෙත් අපට ‘මම ය’ කියලා, මේ රූපයේ මේ කොටස ‘මම’ කියලා කියන්න දෙයක් තියෙනවා ද? නැහැ. ‘මගේ’ කියලා දේකුත් නෑ. ‘මට අයිති’ කියලා දේකුත් නෑ. ‘චක්ඛු විඤ්ඤාණය’ ඒ කියන්නේ ඇස තුළින් ඇති කරගත්තු සිතෙත් ‘මම ය’,‘මාගේ ය’, ‘මට අයිති ය’ කියලා දෙයක් නැහැ. අන්න එහෙම ‘මම’ කියන දෙයින් බැහැර ව තමයි මේ ක්‍රියාකාරීත්වය දිහා බලන්න තියෙන්නේ. ස්පර්ශයත් ‘මම’ නෙවෙයි. ස්පර්ශය ‘මම’ නම්, මේකේ ආත්මයක් තිබුණා නම් අපට පුළුවන් වෙන්න ඕනේ ‘මාගේ ස්පර්ශය මෙසේ වේවා…! මාගේ ස්පර්ශය මෙසේ නො වේවා!’ කියලා ලැබිය යුතු වන්නෙ. එහෙම ලබන්න බැහැ. [B]වේදනාවේ මුළා වී…[/B] ස්පර්ශය ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. ඇස තුළින් නම්, චක්ඛු සම්ඵස්සජා වේදනා. ඇස නිසා හටගත් ස්පර්ශය තුළින් තමයි විඳීම හටගන්නේ. එතකොට සැප වේදනාව ඇති වෙනකොට, ඒ සැප වේදනාව ‘මම’ නම්, මාගේ සැප වේදනාව මෙසේ පවතීවා…!’ කියලා අපට පුළුවන් වෙන්න ඕනේ අධිෂ්ඨාන කරලා, ප්‍රාර්ථනා කරලා, යාඥා කරලා මේ වේදනාව රඳවා ගන්න. සැප වේදනාව, සැප සතුට රඳවා ගන්න පුළුවන් වෙන්න ඕනේ යාඥාවකින්, ප්‍රාර්ථනයකින්, අධිෂ්ඨානයකින්. ඒක කරන්න බැහැ. ඒකට හේතුව තමයි ඒකිසි ම දෙයක් ‘මම’ කියන දෙයට අයිති නෑ. ස්පර්ශයටයි අයිති වේදනාව. ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා. සැප වේදනාව හිතට එනකොට, සාමාන්‍ය ධර්මය නො දන්න, පුහුදුන් මනසක් තියෙන කෙනා සිත උද්දාමයට පත්කර ගන්නවා. මහත් සන්තෝෂයට පත්වෙනවා. ඉපිල ගිය ප්‍රීතියකට පත්වෙනවා. එයා ‘මට බොහෝ සැපය…’ කියලා දැඩි ලෙස ඒක ගන්නවා. ලක්ෂණ තුනක් එතනත් තියෙනවා. (අභිනන්දති) නිකන් නො වෙයි පිළිගන්නේ, සතුටින් පිළිගන්නවා. (අභිවදති) සතුටින් පිළිඅරගෙන නොයෙන් විදිහට ඒක ගැන හිතනවා, කල්පනා කරනවා. (අජ්ඣෝසාය තිට්ඨති) එතකොට දන්නේ ම නැතිව ඒකේ තමාගේ සිත බැසගන්නවා. ඔන්න ඔහොම තමයි අපේ සිත බැසගෙන තියෙන්නේ මේ හැම දෙයක් කෙරෙහිම. බැස ගත්තාට පස්සේ ආයේ නැගිටින්න බෑ. මඩ වළක එරුණා වගෙයි. දඟලද්දි දඟලද්දි යටටම ගිලෙනවා. මේක තමයි ස්වභාවය. [B]අළාමක සත්‍යය…[/B] ඉතින් එයා වේදනාවත් සතුටින් පිළිගන්නවා. හොඳයි කියලා පිළිගන්නවා. එහි බැසගෙන ඉන්නවා. දැන් දන්නේ නැහැ ‘ඵස්ස පච්චයා වේදනා’ කියලා. එතකොට, සැප වේදනාව නැතිවෙලා දුක් වේදනාව එනකොට අඬන්න පටන් ගන්නවා. ‘‘අනේ එපා… මට මේ වේදනාව නම් එපා…” කියලා. නමුත් ඒක එපා කියලා නවත්වන්න බැහැ. එයට හේතුව ස්පර්ශ ප්‍රත්‍යයෙනුයි වේදනාව තියෙන්නේ. ඒ නිසා ඒක ‘‘අනේ මට දුක් වේදනාව එපා” කියලා යාඥා කරලා, ”අනේ දෙවියනේ, මේ දුක් වේදනාව ගෙනියන්න..” කියලා බජන් කියලා නවත්වන්න බැහැ. බලන්න කොයිතරම් පැහැදිලි ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු සත්‍යය. මේක ළාමක දෙයක් නෙවෙයි, අළාමක දෙයක්. ඉතින් උන්වහන්සේ පෙන්වනවා. උපේක්ෂා වේදනාව ඇතිවෙන විට මේ උපේක්ෂා වේදනාවත් තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ, සැප වේදනාවට අදාළ ස්පර්ශයත් නැතිව, දුක් වේදනාවට අදාළ ස්පර්ශයත් නැතිව, මැදහත් වේදනාවේ ස්පර්ශය තියෙනවා නම් ඇති වෙන්නේ මොකක් ද? ඒ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. මැදහත් වේදනාව හට ගන්නවා. ඉතින් එතකොට, ‘‘අනේ මට උපේක්ෂාව විතරක් පවතීවා…! මට සැපත් එපා, දුකත් එපා..” කියලා ලබන්න බැහැ. ඒක ‘සංඛතයක්’. සංඛතයට අයිති දේ සිදුවෙනවා. මොකක් ද සංඛතයට අයිති දෙය? හටගැනීම පේනවා, වැනසීම පේනවා, වෙනස් වෙමින් පැවතීම පේනවා. ඉතින් මේ හටගන්නා සුළු දෙය, වැනසෙන සුළු දෙය, වෙනස් වෙමින් පවතින සුළු දෙය ‘මම ය’, ‘මාගේ ය’ කියලා අපි අල්ලගෙන ඉන්නවා. නමුත් සංඛතයකට සිදුවන දේ සිදුවෙනවා. අපි ඒක අවබෝධ කරගන්නා තාක්කල් අපි දුක් වෙනවා. ඊට පස්සේ අතීතයේ ගෙවී ගිය ජීවිතය ගැන දුක් වෙනවා. අනාගතය පතමින් දුක් වෙනවා. වර්තමානය නො සෑහීමකට පත්වෙමින් දුක් වෙනවා. කෙළවරක් නෑ. කෙළවරක් නෑ අසහනය. ඇයි මේ? අසත්‍ය වූ මායාවක් අපේ සිත තුළ මවාගෙන, ‘මම’ නො වන දෙයක් ‘මම’ය කියලා අල්ලගෙන, ‘මගේ’ නො වන දෙයක් ‘මගේ’ කියලා අල්ලගෙන, ‘මට අයත් නැති’ දෙයක් ‘මට අයත්’ කියලා අල්ලගෙන, රඳවාගන්න හදනවා. නමුත් වෙන්නේ නෑ. මේ ඔක්කෝම තියෙන්නේ හේතුවක් ප්‍රත්‍යයෙන් හටගත්තු ඵල හැටියටයි. - See more at: [URL]http://mahamegha.lk/featured-articles/awaboda-kala-yuthu-anithya/#sthash.sxM9ZlrI.dpuf[/URL] [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom