මගේ නෑදෑ වෙන අයියා කෙනෙකුට වකුගඩු බද්ධයක් කිරීමට අවශ්‍ය විය. එහිදී ඒ සදහ පල කරපු පෝස්ටුවක් දැක එක් පුද්ගලයකු වකුගඩු ලබාදීමට කැමති විය. ඔහු විසින් ඊට අදාල රිපෝට් ඔහුගෙන් වෙනත් අයකු මීට මාසයකට උඩදී ලබාගත් බවත් මේ වන විට ඔවුන් විසින් එය නොකරන බැවින් අප හට එය ලබා ගන්නා ලෙසත් ඊට අදාලව 10000ක මුදලක් ez කෑශ් කරන ලෙසත් පවසා සිටියේය. රිපෝට් අලුතෙන්ම ගන්නවනම් 50000ක පමන මුදලක් වැයවේ. අප එවිට රිපෝට්ස් ඇති පුද්ගලයන් සමග සම්බන්ධ වී 10000ක මුදලක් ez කෑස් කරන ලදි. ඉන් පසුව ඔවුන්ගෙන්වත් වකුගඩු ලබාදීමට කැමති වූ පුද්ගලයවත් දුරකථන ආන්සර් නොකරන ලදි. වකුගඩු ලබා දීමට කැමති වූ පුද්ගලයා ඔහුගේ අයිඩින්ටි යැයි එවන ලද අයී ඩී ඉමේජස් ටිකක් හා ඔවුන් සියලු දෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔවුන්ව සොයා ගැනීමට ආකාරයක් තිබේද?
ප.ලි. 10000 ලබා ගැනීමට නොවේ. මෙවන් පුද්ගලයන් තවත් කෙනෙකුට මේ දී කිරීම නැවත්වීමයි අවශ්‍ය. දිනකට මෙවන් පෝස්ට් එෆ් බී එකෙන් 2ක් 3ක් සොයා මොවුන් මේ ජාවාරම සිදු කරයි
ප.ලි. 10000 ලබා ගැනීමට නොවේ. මෙවන් පුද්ගලයන් තවත් කෙනෙකුට මේ දී කිරීම නැවත්වීමයි අවශ්‍ය. දිනකට මෙවන් පෝස්ට් එෆ් බී එකෙන් 2ක් 3ක් සොයා මොවුන් මේ ජාවාරම සිදු කරයි