අවසන් පැතුමක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අවසන් පැතුමක්

සමුගන්නට ටික දවසයි
මූණු පොතේ පිටු අවමයි
නුඹ හමුවූ මුල් දින මට
අද වාගේ මතකෙට එයි

නව ලොවකට පිය මනින්න
අඩිතාලම හෙට දමන්න
මා යනවා රුදු වනයට
කටු අකුළේ මල් සොයමින

නොගියොත් හෙට එන්නට බැහැ
එනමුදු නුඹ වෙත එන් නැහැ
නුඹේ ලොවට සඳ කිරණක්
පෑයු බැවින දුකකුත් නැහැ

මිතුදම අමතක නොකරනු
හෙට දකිනා ලොව ජය ගනු
පසුකරනා ජීවිත කණු
සතුටින් විකසිත කරනු

-මාලන් විදානපතිරණ