අවසන් මොහොතේ මරු කියවීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,062
    35,997
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවසන් මොහොතේ මරු කියවීම

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය.
    ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
    ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

    ‘‘මම මත් ජාවාරම් කරුවන් හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා.

    මා ගත් මේ තීරණයට එරෙහිව විවිධ දේශපාලන විරෝධතා ආවා. සමහරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මරණ දඬුවමට පක්ෂව ඒ තීරණය ආවොත් දඬුවම ක‍්‍රියාත්මක කරනවා.

    ඒ වගේම රෝයල් පාක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීමටත් සලකා බලාගෙන යනවා. ඔහු ඒ වරද කළේ වයස 19 දී. දැන් ඔහුගේ වයස 32 ක්. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා.‘‘

    2005 වර්ෂයේ දී රෝයල් පාර්ක් රූමතියගේ ඝාතනය මහත් ආන්දෝලනයකට ලක්වූවකි.
    යුවෝන් ජෙහැන්සන් නමැති රූමත් තරුණිය රාජගිරියේ රෝයල්පාර්කිහි බැල්කනියකින් තල්ලුකර
    සිය පෙම්වතා එනම් සාමන්ත ජූඩ් ඇන්තනී ජයමහ විසින් ඝාතනය කිරීමයි. එය හිතාමතා සිදු කරන ලද්දක් නොවන බවට ඝාතකයා උසාවිය හමුවේ කරුණු දක්වන ලද නමුත්
    2014දී අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද අනුමත විය.
    ඔහු ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමුණි..
    නීතිපති ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලේ දී අභියාචනාධිකරණය තීන්දු කර තිබුනේ ඔහු වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇති හෙයින් ඔහුට මරණ දඬුවම නියම කරන බවයි.
    ජනපති මෛත්‍රී සමාව දීමට තීරණය කර ඇත්තේ ඔහුවයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehenam 88/89 minissu 80000 k marala . agili kapala . gewal wala old ussala. electricity lines ,transformers bus, train gini tiyala rajya depala winasa karapu. hamuduruaru 726namak apawath karawapu lapa kota wai .beela light kanuwe happapu vijitha herath wai ellala marai .me rata balan iddi diyunu wei nikan anunta bana bana kaka bibi inna minissu nathi unama:D:D:D:yes::yes::D:D:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    4XFtndU.jpg


    :lol::lol::lol: