අවසන් සුසුමන්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසන් සුසුමන්...

    හතලිස් දවසක් එක්වරු අල්ලා...
    මහසිකුරාදා දුක් බර දරලා...
    ඉටි පහනින් සෙනසුරාද ගෙවිලා...
    පාස්කු ඉරිදා ඇත එළඹීලා....


    ජේසු අපේ මරණින් උත්තානයි...
    කිතුණු අපේ ඇදහිල්ලත් ඒකයි....
    සුපසන් ගී දස අතින්ම ඇසුනයි..
    සැබෑම නත්තල මේ ඉරිදාමයි...


    තියෙන හොඳම ඇඳුමක් ඇඟලාගෙන...
    මුහුණ පේනවද සපත්තු දැක්කම...
    හරි බැරි ගැහිලා සතුටින් සේරම...
    ඇවිත් ඉන්නෙ පල්ලියේ ඇතුලටම...



    අම්ම පුතා එක බංකුවෙ ඉන්නේ...
    දුවයි පියාගේ උකුලේ ඉන්නේ...
    පාස්කු සාදය කෙලෙසද වෙන්නේ...
    හැම සිත් තුල සතුටකි මතුවෙන්නේ...


    සැම සිත් දෙවිඳුන් වෙත කැඳවමිනේ....
    බැතිමත් ජනගේ ගී නද මැදිනේ....
    ආගන්තුකයෙක් පියමං කෙරුවේ....
    නෑ කිසි ලෙසකත් සැකයක් නැගුනේ...



    යන්න ඔබත් සාමය ගෙන යන්න...
    දිව්‍ය පූජාව නිමා කරන්න....
    සෑම දෙනා අසුනෙන් නැගිටින්න...
    අවසන් ආශිර්වාදය ගන්න......


    සාන්ත කුරුසයෙහි අඩයාලමෙන්...
    පුපුරා විහිදෙන ගිනිදැල් අතරින්....
    දෑත් නැමැද දෙවිඳුන් පෙම විඳිමින්....
    අවසන් සුසුමන් නික්මුනි එතැනින්...

    SHWT9Ch.jpg

     
    Last edited:
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හතලිස් දවසක් එක්වරු අල්ලා...
    මහසිකුරාදා දුක් බර දරලා...
    ඉටි පහනින් සෙනසුරාද ගෙවිලා...
    පාස්කු ඉරිදා ඇත එළඹීලා....


    ජේසු අපේ මරණින් උත්තානයි...
    කිතුණු අපේ ඇදහිල්ලත් ඒකයි....
    සුපසන් ගී දස අතින්ම ඇසුනයි..
    සැබෑම නත්තල මේ ඉරිදාමයි...


    තියෙන හොඳම ඇඳුමක් ඇඟලාගෙන...
    මුහුණ පේනවද සපත්තු දැක්කම...
    හරි බැරි ගැහිලා සතුටින් සේරම...
    ඇවිත් ඉන්නෙ පල්ලියේ ඇතුලටම...



    අම්ම පුතා එක බංකුවෙ ඉන්නේ...
    දෝණී තාත්තගේ උකුලේ නේ...
    පාස්කු සාදය කෙලෙසද වෙන්නේ...
    හැම සිත් තුල සතුටකි මතුවෙන්නේ...


    සැම සිත් දෙවිඳුන් වෙත කැඳවමිනේ....
    බැතිමත් ජනගේ ගී නද මැදිනේ....
    ආගන්තුකයෙක් පියමං කෙරුවේ....
    නෑ කිසි ලෙසකත් සැකයක් නැගුනේ...



    යන්න ඔබත් සාමය ගෙන යන්න...
    දිව්‍ය පූජාව නිමා කරන්න....
    සෑම දෙනා අසුනෙන් නැගිටින්න...
    අවසන් ආශිර්වාදය ගන්න......


    සාන්ත කුරුසයෙහි අඩයාලමෙන්...
    පුපුරා විහිදෙන ගිනිදැල් අතරින්....
    දෑත් නැමැද දෙවිඳුන් පෙම විඳිමින්....
    අවසන් සුසුමන් නික්මුනි එතැනින්...


    57484596_10216709660567905_3059098303481249792_n.jpg

    :(:(:(:(