අවසානයේ මහින්ද - මෛත්‍රී පාක්ෂිකයන් ජයග්&#8205

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අවසානයේ මහින්ද - මෛත්‍රී පාක්ෂිකයන් ජයග්&#8205

    අවසානයේ මහින්ද - මෛත්‍රී පාක්ෂිකයන් ජයග්‍රහණය කරනු ඇත



    සියලු දේශපාලන කතා සහ දේශපාලන භේද පැත්තකින් තියලා මේ වෙලාවෙ ලැබුණ අධිකරණයේ අතුරු තහනම් නියෝගය ගැන කතාකළ යුතුයි. උඩ තියෙන මාතෘකාවෙන් අදහස් කළේ මොකක්ද කියලාා අවසානයෙ කියන්නං. මෙය අතුරු තහනම් නියෝගයක් පමණයි, තීන්දුව තවම නෑ.

    ඒත් සැබැවින්ම අතුරු තහනම් නියෝගයෙන් පවා ජනාධිපතිවරයාගේ විධායක බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සීමා කර හමාරයි.

    ව්‍යවස්ථාව ගැන යම් හෝ දැනුමක් තියෙන අය දන්නවා ජනාධිපතිවරයාට බලය ඇතැයි කියමින් ව්‍යවස්ථාවේ එක් වගන්තියක් පෙන්නුවාට සමස්ථ ව්‍යවස්ථාවට අනුව නීතිය ගැන දැනුමක් තියෙන කෙනෙකුට එවැනි තීන්දුවක් ලබාදිය නොහැකි බව. එසේ වුව, කුමන හෝ හේතුවක් මත අවසන් තීන්දුව ලබාදුන්නත් මේ වෙද්දී 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්විය යුතු තැනට පත්වෙලා තියෙනවා. ජනාධිපතිවරයා හදිසියේ නැවත වතාවක් පාර්ලිමේන්තුව රැස්වෙන දිනය කල්දැම්මේ නැත්නම් පාර්ලිමේන්තුව රැස්වේවි. පාර්ලිමේන්තුව රැස්වුණත්, ජනාධිපති නැවත එ් දිනය කල් දැමුවත් මේ වෙද්දී ජනාධිපතිවරයා දැවැන්ත පරාජයක් ලබා හමාරයි. මොකක් වුණත් ජනාධිපති බලයට දැවැන්ත බඩේ පහරක් වැදිලා.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණය බල්ලා මාක් එකට වැටුණු බව කිසිවෙක්ට අමතක නැතිව ඇති. මහින්ද රාජපක්ෂ නීතිය සම්පූර්ණයෙන්ම අවභාවිත කරමින්, විධායක ජනාධිපතිවරයාගේ බලය අධික ලෙස මතු කරගනිමින් මොහාන් පීරිස් අරලියගහ මන්දිරයට ඇවිත් මෛත්‍රීට ඕනෑ හැටියට තීන්දු දෙන්නම්යැයි කී බව, මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ කීවේ මෛත්‍රීපාල සිරිසේනමයි. එතැන් පටන් මිනිස්සු ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස කළාද? විශේෂයෙන් ජනාධිපතිට අභියෝග වෙන විදියේ ක්‍රියාමාර්ගයක් ශ්‍රේෂ්ඨාධිකනරණය ගනීවිදැයි විශ්වාස කළාද.

    විශේෂයෙන්ම මේ තීන්දුව ලබාදුන් අන්තිම මොහොත වෙනතෙක්ම සාමාන්‍ය ජනතාව අතර බොහෝ දෙනෙක් විශ්වාස කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායක ජනාධිපති කරන ඕනෑ දෙයක් අනුමත කරමින් තීන්දුවක් ලබාදෙනු ඇති බව. මොකද මෑත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරනය ඊට වඩා යමක් කර නැති තරම්. මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය අවුරුදු පහක් බව කී අවස්ථාවේ හැර.

    එහෙත් ජනාධිපතිවරයා ගත් තීරණයක් දින ගණනකට හෝ බල රහිත කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කෙතරම් බලවත්දැයි නැවතත් ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ තරම් දෙයක් කළ හැකිදැයි ජනතාව තමන්ගේ දෑස් උඩ ඉන්දවාගන්නවා.

    පුදුමය ඇතුලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙවන් දෙයක් කළ හැකිදැයි මිනිසුන් පුදුමයෙන් අහනවා. විශේෂයෙන්ම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හිටපු මාධ්‍යවේදීන් පවා විශ්වාස කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට කිසිසේත්ම අභියෝගයක් නොවනු ඇති බවයි.

    මේ තීන්දුවෙන් පස්සේ ශිරාණි බණ්ඩාරණායකව ගෙදර යවා මොහාන් පීරිස්ව පත්කිරීමෙන් පසුව පහළට ඇදවැටෙමින් තිබුණු අධිකරණය කෙතරම් බලවත්දැයි නැවත පෙන්වා තිබෙනවා. අධිකරණයේ බලය දෙස ගෞරවයෙන් සහ බියෙන් සියලුදෙනා බලන්න පටන් අරගෙන තියෙනවා.

    රටක අධිකරණය ශක්තිමත් වීම රටේ සමස්ථ ජනතාවගේ යහපතට හේතුවෙනවා. අධිකරණයට පාලකයන් බිය වෙනවා. එය ජනතාවට යහපතත් වෙනවා. අයහපත වෙන්නේ විධායක ජනාධිපතිට. විධායක ජනාධිපති පුටුවේ අද ශ්‍රී ලංකාකාරයෙකුත් හෙට යූඇන්පීකාරයෙකුත් ඉන්න ඉඩ තියෙනවා. ඒ තනතුරේ ඕනෑ කෙනෙක් ඉන්න ඉඩ තියෙනවා. ඒ් තනතුර පිස්සු බල්ලෙක් වුණොත් පාක්ෂිකයන්ව තෝර තෝරා ඉන්නෙ නැහැ.

    එ් නිසා මේ අතුරු තහනම මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයාට නොවෙයි, මේ පාලකයන් කියන සමස්ථයට එරෙහිව අධිකරණය ලැබූ ජයග්‍රහණයක්. :අධිකරණයේ ජයග්‍රහණය සාමාන්‍ය ජනතාව ලැබූ ජයග්‍රහණයක්. මහින්ද - මෛත්‍රීට ආදරය කරන මිනිසුන් පවා ඒ සාමාන්‍ය ජනතාව අතරම සිටිනවා.. ඒ නිසා මහින්ද - මෛත්‍රී ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය වුණත් ඔහුගේ පාක්ෂිකයන් ඇතුළුව සමස්ථ ජනතාව අවසානයේදී ජයග්‍රහණය කරනවා.

    ඒ නිසා මතුපිටින් කුමක් කීවත්. හිත ඇතුලෙන් ජනතාව විදියට අපි එකතු වී විධායකයට එරෙහිව අධිකරණය ලැබූ මේ ජයග්‍රහණය සමරමු යැයි මං යෝජනා කරනවා.

    සටහන - Tharindu Uduwaragedara

    සහෝදර සමාගම - sahodaraya fan base
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය දගලන්ඩ එපා ඔහොම දගලල ඔය කටින්ම 7 වෙනිදට අධිකරනයට බනින්ඩ උනොත්.. :lol::lol::lol: එහෙම උනොත් ගූ ඇන් පී කාරයන්ට අධිකරනය තිත්ත කසායක් වෙයි, අපේ සන්සුන් බව උබල ගාව තියේවිද.. :):)
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වැඩිය දගලන්ඩ එපා ඔහොම දගලල ඔය කටින්ම 7 වෙනිදට අධිකරනයට බනින්ඩ උනොත්.. :lol::lol::lol: එහෙම උනොත් ගූ ඇන් පී කාරයන්ට අධිකරනය තිත්ත කසායක් වෙයි, අපේ සන්සුන් බව උබල ගාව තියේවිද.. :):)

    46086803_1658508220919692_1788858079262015488_n.jpg
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    වැඩිය දගලන්ඩ එපා ඔහොම දගලල ඔය කටින්ම 7 වෙනිදට අධිකරනයට බනින්ඩ උනොත්.. :lol::lol::lol: එහෙම උනොත් ගූ ඇන් පී කාරයන්ට අධිකරනය තිත්ත කසායක් වෙයි, අපේ සන්සුන් බව උබල ගාව තියේවිද.. :):)

    හෙට පිංපි අගමැතිගේ සරම ගැලවෙන දවස....
    1542114522_9242643_hirunews_Wimal.jpg
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    වැඩිය දගලන්ඩ එපා ඔහොම දගලල ඔය කටින්ම 7 වෙනිදට අධිකරනයට බනින්ඩ උනොත්.. :lol::lol::lol: එහෙම උනොත් ගූ ඇන් පී කාරයන්ට අධිකරනය තිත්ත කසායක් වෙයි, අපේ සන්සුන් බව උබල ගාව තියේවිද.. :):)






    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    වැඩිය දගලන්ඩ එපා ඔහොම දගලල ඔය කටින්ම 7 වෙනිදට අධිකරනයට බනින්ඩ උනොත්.. :lol::lol::lol: එහෙම උනොත් ගූ ඇන් පී කාරයන්ට අධිකරනය තිත්ත කසායක් වෙයි, අපේ සන්සුන් බව උබල ගාව තියේවිද.. :):)






    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool: