අවාරේ_රඹුටන්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අවාරේ පැණි රඹුටන් වවා ජීවිතය ජයගත් මිනිසෙකුගේ කතාව..



    fruit.jpg


    බලන්න ලස්‌සන රඹුටන් වත්තක්‌ තියෙනවා. දැක්‌කොත් පුදුම හිතේවි. එතනට ගියොත් හිතේවි මේ ඌව පළාතද කියලා. ඒ තරම්ම අපූරු රඹුටන් උයනක්‌. අප හිතවත් පරිසරවේදියකු පාසල් ගුරුවරයකු සහ දක්‍ෂ ගොවි මහතෙකු වන ඌව - මාවෙල ගම පී. අබේනායක මහතා විසින් දුන් දුරකථන ඇමතුමෙන් ඉක්‌බිති අප නතරවූයේ කොස්‌ලන්දට නුදුරු කැලිපනාවෙල පිහිටි එකී රඹුටන් වත්තේය.

    ඇතැමුන් කටුක දේශගුණයක්‌ යෑයිද ශුෂ්ක පරිසරයක්‌ යෑයිද එසේත් නැත්නම් අසවල් වගාව වවන්න බෑ. අසවල් ගොවිතැන මෙහේ කරන්න බෑ ආදී වශයෙන් රින මානසිකත්වයෙන් බොහෝ ආර්ථික මාර්ග, විවිධ පූර්ව නිගමන නිසාවෙන් ලොප් කර ගනිති. ඇතැමුන් ඔච්චර මහන්සි වෙන්න බෑ කියමින්ද තවත් විටෙක විශාල ආයෝජනයක්‌ කළයුතු යෑයි පවසමින්ද වටිනා මූල්‍ය සම්පත් අහිමි කරගනිති. රැකියාවෙන් ඉසුඹුලන්නෝ බහුතරයක්‌ රෝගීන් සේ අක්‍රියවෙති. අපට දැන් කළ හැක්‌කක්‌ නැතැයි සිතන්නෝ නිද්‍රශීලිවෙති. ගොවිතැන රජකමටත් වඩා ඉහළින් සිතන, එය අභිබවා යන්නට තරම් වෘත්තියක්‌ තවත් නැතැයි ප්‍රායෝගිකව රටටම කියාදෙන හිටපු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පුහුණු) පියසේන දයානන්ද මහතා මෙම රඹුටන් උද්‍යානයේ හිමිකරුය.

    අසූව දශකයේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ කෘෂිකර්ම උපදේශකවරයකු වශයෙන්ද, බිඳුණු වැව කෘෂිකර්ම පුහුණු මධ්‍යස්‌ථානයේ පුහුණු නිලධාරියකු වශයෙන්ද අනතුරුව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ වශයෙන්ද සිය කෘෂිකාර්මික ඥන සම්භාරය රටට දායාදකළ පියසේන දයානන්ද මහතා තමා ලත් දැනුම හිසේ තබාගෙන නිහඬ වන බොහෝ රජයේ නිලදරුවනට මහත් පූර්වාදර්ශ සපයන චරිතයක්‌ බැව් මැනවින් පසක්‌ වනුයේ මේ රඹුටන් උද්‍යානයට පිය තැබූ සැණිනි.

    දැන වෙළෙ¹ම නොදැන ගොවිතැන යන නිසරු වදන පිළිකෙව් කරමින් හෙතෙම 1993 වසරේදී රඹුටන් වගාවට එළැඹෙන්නේ දැනගෙනය. ඉගෙනගෙනය. නොදැන ගොවිතැන් කළ නොහැක යන්න දයානන්ද මහතා අපට කියාදෙන පාඩමයි.


    fruit1.jpg


    රඹුටන් වගාව සඳහා තෝරාගත් අක්‌කර 14 ක්‌ වන බිම ඔහුට අභියෝගයක්‌ම විය.ගතවන සෑම තත්පරයක්‌ සඳහාම මහපොළව වෙනුවෙන් මහා මුදල් කන්දරාවක්‌ වැයකරන්නට ඔහුට සිදුවිය. පොළව යට සැඟවී කල්ගෙවූ අයෝමය සෙල් කඳු යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මතුපිටට ගත් හෙතෙම ඒ සියල්ල මහා ගල්වැටි බවට පත්කරමින් පාංශු සංරක්‍ෂණයට අත තැබුවේය. අනතුරුව සම්මත කෘෂිකර්ම උපදෙස්‌ ඔස්‌සේ තමාගේ මනසේ ඇඳුණු සිහිනය සැබෑ කරගන්නට නෑ බෑ වදන් පසෙක ලා.. ඔව් මට පුළුවන් යන ධනාත්මක චින්තාවලිය අවදි කරගත්තේය.

    තනිවම මට කළහැකි දේ බොහෝ ඇති බැව් තේරුම්ගත් හෙතෙම සමාජයට සැපයිය හැකි ආදර්ශ මෙන්ම ගොවිතැනට ප්‍රවිෂ්ට වන්නන්ට ඉගැන්විය හැකි පාඩම්ද ඇතිබව තීරණය කළේය.

    හේ ඌව පළාතේ කාලගුණික හා දේශගුණික තත්ත්වයන්, පරිසර වනසන අහිතකර ආපදා තත්ත්වයන් අව්ව වැස්‌ස සේම පස පිළිබඳවත් ජල දුෂ්කරතාව ගැනත් අධ්‍යයනය කළේය. අවසානයේ අවාරයේ පල නෙළන්නට රඹුටන් මහා පරිමාණයෙන් වගාකරන අභියෝගයට සූදානම් වීමට තීන්දු කළේය.

    තම ශක්‌තිය තේරුම් ගත්තේ ඒ සඳහා බුද්ධිය ඥනය පළපුරුද්ද හා සකළ අත්දැකීම් මිශ්‍ර කර ගත්තේය. ඕවා කරන්නට පුළුවන් දේ දැයි සිනාසුන මිනිසුනට සිනාසෙන්නට තමාට අවකාශයක්‌ ලැබෙන මොහොතක්‌ එන බව ඔහු දැන සිටියේය.

    වැල්ලවාය බෙරගල මාර්ගයේ ගමන් කර ගම්පහ අසලින් කාලිපනාවෙල මාර්ගයේ කිලෝ මීටර් කීපයක්‌ ගිය තැන වම් පසින් දිස්‌වන රඹුටන් උද්‍යානය තද ලේ පැහැති චීත්තයකින් වැසුවාක්‌ වැනි වටපිටාවක්‌ නිර්මාණය කර ඇති සැටි අපි දුටිමු. විලිකුන් පලබර අතු ඉති බිමට නැමී තිබුණේ අත්ගුණය සහ යහ සිතුවිලිවලින් පෝෂිත පසට ගහට කොළට ආදරය කරන උතුම් මිනිසෙකුගේ අභිමානයද මේ යෑයි හඬගා පවසන්නාක්‌ මෙනි.

    "මේ ව්‍යාපාරය ගැන බොහෝ දෙනෙක්‌ පසුගාමී විදියට සිතුවා. ඒත් මම දැඩි අරමුණක සිටියා අවාරේ රඹුටන් අස්‌වැන්න නෙළනවා කියා බලන්න මම ඒ අභියෝගය ජයගත්තා. මම විශාල ධනයක්‌ වැය කළා. එය මට ලැබෙනවා. මම ජයග්‍රහණයක්‌ ලැබුවා. පියසේන දයානන්ද මහතා අප හා පැවසුවේ මහත් උදාර විලාසයකිනි.

    කෙදිනකවත් ඌවේ රඹුටන් වගාකළ නොහැකි යෑයි මුල්බැසගෙන තිබූ මතය වෙනස්‌ කළ මේ උතුම් මිනිසා ඉතාමත් උසස්‌ ප්‍රණීත රසයෙන් මෙන්ම ගුණාත්මක තත්ත්වයෙන් අංක එකේ රඹුටන් නිෂ්පාදනය කර ජාතික ආර්ථිකයට පලතුරුවල දායකත්වයෙන් මහත් මෙහෙවරක්‌ ඉටුකළේය.

    බොහෝ නිලධාරීන් වේතනය වරප්‍රසාද යාන වාහන, උසස්‌වීම් රට සවාරි ඉල්ලා බලධාරීන් අසල දෙකට නැමෙන යුගයක විශ්‍රාමික කෘෂිකර්ම සහකාර අධ්‍යක්‍ෂවරයකු වශයෙන් මොහු ඉතිරිකර තබා ඇති දේපළ සැබැවින්ම පුද්ගලික දේපළක්‌ නොව අනාගත ගොවි පුතුනට අත්පොතකි.

    රටේ ආර්ථිකයට සේම අනාගත ගොවි පරපුරට දායාදයක්‌ බඳු මේ රඹුටන් උද්‍යානය සම්බන්ධයෙන් අප හා දොඩමලු වන පියසේන දයානන්ද මහතා

    "මම ඉතාම ආත්ම තෘප්තියකින් යුතුවයි කෘෂිකර්ම උපදේශකවරයෙක්‌ වශයෙන් කටයුතු කළ කාලයේ පවා ගොවීන්ට මගේ සේවය ලබාදුන්නේ... මම නිතරම ගොවිපොළට ගොස්‌, ගොවියා ළඟට ගොස්‌ සේවය කළ කෙනෙක්‌. ඒ තුළින් මගේ අත්දැකීම් ක්‍ෂේත්‍රය පුළුල් වුණා. ඉන් මම ඉගෙන ගත්තා. මේ නිසා මම ගොවින් අතරත් ජනප්‍රිය වුණා. පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ට පටහැනිව ගොවිතැන් කරන්න මම අත්දැකීම් ලබන්නෙත් ක්‍ෂේත්‍රයෙන්. ඒ නිසාමයි මේ අවාරේ රඹුටන් නෙළන මේ ගොවිපළ නිර්මාණය කරන්නට හැකි වුණේ. අපි කවරදාකවත් රාජකාරි කරද්දී මහන්සිය බැලුවෙ නැහැ. ගොවියාට ලැබිය යුතු හැම දෙයක්‌ම අවංකව හා හැඟීමෙන් අපි ලබාදුන්නා.

    කලක්‌ මම ගොවිපල කළමනාකරුවකු වශයෙනුත්, ව්‍යාප්ති නිලධාරියකු සේම පුහුණු නිලධාරියකු ලෙසත් කටයුතු කළා. බොහෝ වෙනස්‌ ප්‍රදේශවල සේවය කරද්දී අලුත් අලුත් දේ කරන්න අවශ්‍ය දැනුම මම ලබාගත්තා. රස්‌සාව කරන කාලෙ අවංකව වැඩ කළොත් තමයි විශ්‍රාම ගියාම සතුටෙන් ජීවත්වෙන්න පුළුවන් කියලා මා තුළ විශ්වාසයක්‌ තිබුණා. එය අද සැබෑවී තිබෙනවා. පෙරදාටත් වඩා අද මම ක්‍රියාශීලිව මගේ ගොවිපළේ වැඩ කරනවා. මම කොතරම් මේ රඹුටන් වගාවට සංවේදීද කිව්වොත් රෑටත් ගිහිල්ලා ටෝච් එක අල්ලලා රඹුටන් පොකුරු දිහා බලනවා. ආසයි සතුටුයි. පුදුම ආත්ම තෘප්තියක්‌ දැනෙන්නේ මේවගේ සරුසාර පලදාවක්‌ දැක්‌කම. මම චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ජනාධිපති ලෙස සේවය කළ කාලයේ රටට අවශ්‍ය ආකාරයට කරගෙන ආ මේ රඹුටන් උද්‍යානය රටට දැනුම දෙන ස්‌ථානයක්‌ ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත්, මෙම ස්‌ථානය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය තුළින් රටට අත්වන යහපත ගැනත් ලි�තව දන්වා සිටියා. ජනාධිපති අරමුදලින් යම් සහායක්‌ දෙන ලෙසටත් ඉල්ලා සිටියා. ඒත් පිළිතුරක්‌වත් ලැබුණේ නැහැ.:rolleyes:.


    fruit2.jpg


    මට අවශ්‍යවන්නේ මේ ගොවිබිම මේ රටේ පලතුරු වගාව ඉගෙන ගන්නා තරුණ ගොවි පරපුරට පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ හෝ අධ්‍යයන කේන්ද්‍රයක්‌ ලෙස වැඩි දියුණු වෙනවානම් එය දීර්ඝ කාලීනව මහත් ප්‍රතිඵල අත්වෙන දෙයක්‌ බැව් මා විශ්වාස කරනවා."

    සම්මතයටම වහල් නොවී පළාතට හා ප්‍රදේශයට පසට, බිමට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කරමින් අවාරේ අස්‌වනු නෙළන මේ රඹුටන් උයනෙන් රටට ලද හැකි ශක්‌තිය මෙතෙකැයි කිව නොහැකිය.:):):)