අවිඥාණය සහ ෆැන්ටසිය

obama2

Member
Apr 18, 2012
424
30
0
අවිඥාණය සහ ෆැන්ටසිය

අවිඥාණය සහ ෆැන්ටසිය

Posted: 5:44 pm, January 6, 2014
nadeesha-hemamali-images-0106-685x320.jpg




ඔබත් මෙය දුටුවාද? කොළඹ බාලිකා “Annual Walk” වල අසික්කිත වැඩ ගැන අප විසින් හෙළි කළාම, “ඒකේ වරදක් නෑ… පාරෙ ජවුසන් නැටීම ඔවුන්ගෙ නිදහස… ඔවුන්ට මුකුත් කියන්න එපා” කියල පොර ටෝක් දාපු උදවිය දැන් කියනවා “මේවා දාන්න එපා” කියලා. මේවා පළ නොකළොත් අපි කියන දේවල් උන් විශ්වාස කරයිද? “Annual Walk” හරහා සිදු කරන්නේ, ජරා බටහිර සංස්කෘතිය වෙනත් පාසල් වලටත් ව්‍යාප්ත කිරීමයි. ඊට එරෙහිව නැගී සිටිමු


ඉහත ප්‍රවෘත්තිය පළකර තිබුනේ සිංහල බෞද්ධයා නම් ෆේස් බුක් පිටුවකය. ඒ පිටුවේ පළකර තිබු ඉහත පින්තූරයට අදාලව තමයි මේ සටහන යොදා තිබුනේ. මේ පින්තූරයට ලැබුන කොමෙන්ට් වල තිබුන ඒවායින් කිහිපයක් ද සටහන් කළ යුතුය. ඒවායින් කියවෙන්නේ මේන්න පට්ට වේසියෝ ටිකක් අපරාදේ බං මුන්ගේ මූණයි ටයි එකක් වහලා දැම්මේ ඒවා පෙන්වන්නයි තිබුනේ. මුන්ගේ අම්මලා තමයි මේවට වග කියන්න ඕන. ගමේ කෙල්ලෝ වගේ නෙවි මුන්ට විසේ වැඩියි. කාලා තෙල. මේවා ලියා තිබුනේ සිංහල බෞද්ධ පිරිමින් විසින්ය.


ඇත්තටම ගොඩක් පිරිමින් ඇයි මේ පින්තූරය දැකලා මේ තරම් කළබල වෙන්නේ. මේ ඉහළ පින්තූරයෙන් නිරූපණය වන්නේ මුඛ රමණය අභිනයෙන් ඉදිරිපත් කරන කොළඹ බාලිකාවක ගැහැණු ළමයින් පිරිසක්. පහළ පින්තූරයෙන් නිරූපණය වන්නේ ගිරාදුරු කෝට්ටේ බාලිකා පාසලක ගැහැණු ළමයින් පිරිසක් පාඩම් කරන දර්ශණයක්. ඒ අනුව මේ මහත්වරුන් කියන්නේ මෙහෙම කතාවක්. බලන්න කොළඹ පාසල් වලට යන ගෑණු කියන්නේ පට්ට බැල්ලියෝ ජාතියක්. උන්ට පුදුම විසයක් තියෙන්නේ කාලක්නි. ඒත් බලන්න අර ගමේ අහිංසක ගැහැණු ළමයි. හරිම අහිංසකයි. බෝ පැල වගේ රහසින්වත් පව් කරන්නේ නැහැ. ඒ අනුව කොළඹ පාසල් වල සංකර ගැහැනුන් යනු කුරුසියේ ලා ඇණ ගසා මරා දැමිය යුතු රාක්ෂියන් පිරිසක් වන අතර ගමේ ගැහැණු ළමුන් යනු මෙහෙනින් වහන්සේලාය.


ඇත්තටම යථාර්ථය තුළ මේ කතාව මේ කියන අකාරයෙන්ම සත්‍යයක් ද? ඇත්තටම මීට විරුද්ධ වන පිරිමින් ගේ අවිඥාණක ආශාව කුමක් ද? අනිත් අතට මේ ආකාරයෙන් මේවාට විරුද්ධ වන පිරිමි කියන්නේ ගොඩක් විට ගමෙන් රැකියාවට කොළඹ ඇවිත් කාර්යාලයේ කොම්පියුටරයෙන් සතියේ දින පහේ විප්ලවාදී වී සති අන්තයේ ගමේ ඇල කන්ඩියේ රා බොන පිරිමින්ය. යථාර්ථය තුළ මෙවැනි පිරිමන්ට කොළඹ ඉහළ මැද පංතියේ තරුණියන් යනු තමන්ට ලගා කර ගත නොහැති වස්තූන්ය. නමුත් මේ හැම පිරිමියෙක්ම අවිඥාණකව අශා කරන ස්ත්‍රිය යනු කවුරුද? ඇත්තටම මේ පිරිමින් ගැහැණියක් කසාද බදින්නේ උදේ සවස දුම් අල්ලා දේවතාවියක් ලෙස තබා ගන්නටද? ඇත්තටම මෙවැනි පිරිමන්ට මුඛ රමණය,ගුද රමණය, වැනි විවිධ ලිංගික ඉරියව් ගැන ඇත්තේ දරාගත නොහැකි ආශාවකි. ඒත් මේ අයට හමුවන ස්ත්‍රින් කියන්නේ ලිංගිකත්වය යනු රෑට කලුවරේ හොරෙන් කරන දේකට වඩා වැඩි යමක් නොවන බව සිතන අයයි. අනෙක් අතට මේ පිරිමන් නොදන්නේ ලිංගිකත්වය කියන්නේම දෙදෙනෙකු අතර හොර රහසේ ඇදක් මත හුදකලාව ඇතිවන ක්‍රියාවක් නොව සත්‍ය වශයෙන්ම ලිංගිකත්වය සදහා තුන්වැන්නෙකුගේ බැල්ම (Gaze) වීම අනිවාර්යෙන්ම අවශ්‍ය බවයි.


මෙවැනි බොහෝ පිරිමින් අවිඥාණකව වඩාත් අශා කරන්නේ ඉහළ පළමු වර්ගයේ ස්ත්‍රින්ටය. එනම් නිදි යහන මත Jennifer Aniston,Jessica Alba,Meg Ryan,Angelina jolly වගේ සෙක්ස් කරන්නට පුලුවන් ගැහැනුන්ටය. හැබැයි යථාර්ථය තුල මේ අය ප්‍රකාශ මනා කරන්නේ තමන් ආශා කරන්නේ නන්දා,පුණ්‍ය, වගේ සදාකාලික පතිවෘත්තාව රකින ස්ත්‍රීන්ට බවයි. මේ බව වඩාත් හොදින් අවබෝධ කර ගන්න නම් බස් රථ වල දී තමන්ට මුහුණ දීමට සිදුවන ජැකී චෑන්, මයිකල් ජැක්සන් වර්ගයේ මේ සිංහල බෞද්ධ පිරිමින් ගැන ස්ත්‍රීන් ගෙන්ම අසා දැන ගන්නට පුලුවන. මේ නිසා යථාර්ථය යනු පෙනෙන මානයට ඔබ්බෙන් වූ අවිඥාණක දෙයක් මිස ප්‍රකාශමානය යථාර්ථය යැයි වටහා ගන්නා ෆේස් බුක් බුද්ධිමතුන්ට මේවා බලා විවිධ කොමෙන්ට් ලියන්නට පුලුවන. අනෙක් අතට මේ තරම් සිංහල බෞද්ධ ගැහැනුන් හොයන රටේ ෆේස් බුක් එකේ සිටින ගැහැනුන් සමග රමණය කරන්නට මේ පිරිමින්ම මොන තරම් නම් වලිකනවා ද යන කාරණය ගැන කැමති නම් ස්ත්‍රින්ටම කොමෙන්ට් කරන්නට පුලුවන. ස්ත්‍රියක් සහ පුරුෂයෙකු ස්ව කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම වරදක් බව සිතන්නේ ග්‍රෝතයේ ස්ත්‍රින් සියළු දෙනා තමන්ට පමණක් අයිති යැයි සිතන ග්‍රෝත්‍රවාදි පිරිමින්ය. ඉහත පින්තුරය සම්බන්ධයෙන් යමෙකු නගන සදාචාරාත්මක විරෝධාකල්පය සහ අවිඥාණක ඊෂ්‍යසහගත බව අතර ඇති වෙනස පැහැදිලිය. මහා අනෙකා මියගිය සමාජයක ආචාරධාර්මික පාර්ශුද්ධත්වය සොයන්නා යනු මිරිගුව පසු පස හබා යන මුවපොවෙකු බදුය. වර්ථමනායේ අප ජීවත් වන්නේ පශ්චාත්-නූතන වැඩවසම් සමාජයක යැයි අප කියන්නේ මේ නිසාය.



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය