අවුරා ලංකා – තාඹුගලගේ සළුපිළි BBC ගලවයි..
අනුරාධපුරය, රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගා කිරීමක් සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහ අවුරා ලංකා සමාගම සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහට ලක්වී තිබේ.
පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ, කිසිදු නීතිමය අවසරයකින් හෝ පරිසර අධ්‍යයන වාර්තාවකින් තොරව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2021 අගෝස්තු මස 30 වෙනිදා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.
අවුරා ලංකා සමාගමේ ඉතිහාසය
චන්දික විරංජිත් තාඹුගල විසින් හිමිකාරිත්වය දරනු ලබන අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා තිබේ. සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වෙනිදා ය.
මෙම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් කිහිපයක් ඇතුළත් වේ.
අවුරා ලංකා හර්බල්ස්, අවුරා ලංකා ජෙම් ඇන්ඩ් මියුසියම්, අවුරා ලංකා සිකියුරිටි, අවුරා ලංකා එයාර්ලයින්ස්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්, අවුරා ලංකා ස්පෝර්ට්ස් සහ අවුරා ලංකා ඉවෙන්ට් මැනේජ්මන්ට් යන සමාගම් ඊට අයත් ය.
අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මෙරට තුළ බොහෝ කොටම ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඊට අයත් අවුරා ලංකා එන්ටර්ටේට්මන්ට් විසින් සංවිධානය කරන සංගීත සංදර්ශන සහ සැණකෙලි හේතුවෙනි.
2022 වසරේ ජූනි මාසයේ අනුරාධපුරය, රාජාංගනය යාය -18 ගම්මානයේ දී අවුරා ලංකා මියුසිකල් ෆෙස්ටිවල් සහ සැණකෙළියේ පළමු ප්‍රසංගය පැවැත්විණි.
මෙම සංගීත ප්‍රදර්ශනයන්ට අමතරව අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන සිටින අතර ඊට මේ වන විට පරිසර ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් එල්ලකොට තිබේ.
චන්දික විරංජිත් තාඹුගල විසින් හිමිකාරිත්වය දරනු ලබන අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා තිබේ. සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වෙනිදා ය.
කවුද මේ ‘ඩොක්ටර් තාඹුගල’ කියන්නේ?
1979 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනිදා වතුපිටිවල ප්‍රදේශයේ දී තාඹුගල අතුකෝරලාගේ විමලසිරි සහ ගෝනාපීනුවල විතානගේ නයනා විදර්ශනී යුවලට, තාඹුගල අතුකෝරලාගේ චන්දික විරංජිත් තාඹුගල උපත ලබන්නේ ය.
ආර්ථික අපහසුතා හේතුවෙන් පාසැල් අධ්‍යාපන පහ ශ්‍රේණිය දක්වා පමණක් ලබා ඉන්පසු පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ බව චන්දික විරංජිත් තාඹුගල මීට පෙර සමාජ මාධ්‍ය නාලිකා සමග පැවති සම්මුඛ සාකච්ජාවල දී පවසා තිබේ.
එමෙන්ම ඔහු හෙළ වෛද්‍යවරයෙක් බවත්, ඔහුගේ මුල් ගුරුවරයා වන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේ බවත්, ඉන්පසු ඔහුගේ බිරිඳගේ පියාගේ මඟ පෙන්වීම මත අවුරුදු 14 සිට හෙළ වෙදකම හදාරා ඇති බවත් ඔහු විසින් පවසා තිබේ.
අවුරා ලංකා කෝමාරිකා වගාවට එරෙහිව පරිසර ක්‍රියාකාරීන් හඬ නගන්නේ ඇයි?
2021 වසරේ අගෝස්තු මස 30 වෙනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6%ක ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දී තිබෙන බව, ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුව අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 104,066ක් වසර 30ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැ යි ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ ය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීම අනුමත කිරීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් හෝ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට අපොහොසත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
නීතිවිරෝධීව ආරම්භ කරන්න හදපු කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතිය ජනගත කරන්න හදන්නේ ඔය සංගීත ප්‍රදර්ශනය හරහා. මේකෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අලි – මිනිස් ගැටුම් වැඩි වෙන එක, වැව්වල ජල පෝෂක නැතිව ගිහිල්ලා, කෘෂිකර්මාන්ත භූමි ප්‍රමාණය අඩුවෙනවා. ඒ කියන්නේ ආහාරවලට ලොකු බලපෑමක් එල්ල වෙනවා.
“ඒ වගේම මේක ඇත්ත ව්‍යාපෘතියක් නෙමෙයි. 2020 දී හදල තිබ්බ ව්‍යාපෘති වාර්තාවේ තිබ්බේ ඩොලර් මිලියන 375ක් කියලා. නමුත් 2021 වසරේ කැබිනට් පේපර් එක දානකොට ඒක ඩොලර් මිලියන හත්සිය ගානකට වැඩි වෙනවා. එතකොට මේක කිසිදු සැලසුමකින් තොර ආයෝජනයක්. මේ වගේ පුද්ගලයෙකුට එහෙම ආයෝජනයක් කරන්න පුළුවන් ද කියන එක බලන්න ඕන. ඔය වගේ සිදුවීම් ගණනාවක් එක්කයි අපි මේකට මැදිහත් වෙන්නේ,” සජීව චාමිකර පැවසුවේ ය.
‘එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා’
අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට සැලසුම් කළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළ අතුකෝරලාගේ දොන් විජයදාස බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ය.
“මම අවුරුදු හතරහමාරක් අවුරා ලංකා සමාගමේ හිමිකරු සමග බොහොම ළඟින් වැඩ කරපු කෙනෙක්. මම යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගියාට පසු ඔහු මාව සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට සේවයට බඳවා ගත්තා 2018 ජනවාරි මාසයේ දී.
“කෝමාරිකා හිටවනවා කියලා අපිත් එක්ක කියලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේ වැඩ කටයුත්ත ආරම්භ කළේ. නමුත් මැද හරියේ දී මට තේරුණා මේක සම්පූර්ණයෙන් බොරුවක් කියලා. ඔහු තමන්ගේ විදෙස් රාජ්‍ය නායකයින් සමග තියෙන සම්බන්ධකම් වගේම ඉන්දියාවේ අක්කර 25,000ක කෝමාරිකා වගා කරන්න යන බව කිව්වා. අපි ඒ කතා ගොවියට කිව්වා. එතකොට අපි ගොවියට බොරුකාරයෙක් වුණා,” ඔහු පැවසීය.
“2018 වසරේ දී අනුරාධපුරයේ පාම් ගාර්ඩ්න් හෝටලයට අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනා එකතු කළා. මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගන්න යන ගාන හැටියට කිව්වේ ඩොලර් මිලියන 370ක් කියලා. ව්‍යාපෘති වාර්තා හදලා, ඔක්කොම වාර්තා හදලා දැනුවත් කිරීම් කළා. ඒ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනාට අමතරව වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග අධ්‍යක්ෂකලා සහ පුරාවිද්‍යා එකේ නිලධාරින් පවා හිටියා.
“එතනදී එයා මෙහෙම කතාවක් කිව්වා, ‘මගේ සල්ලි හින්දා තමයි මේ රට ඇදගෙන යන්නේ. මට කෝමාරිකා හිටවන්න අවසර නොදුන්නොත් මේ සල්ලි ටික මම හෙට උදේට වෙන රටකට ට්‍රාන්සර් කරනවා’ කියලා බය කළා. අපිත් හිතුවා මේක ඇත්තක් වෙන්න ඇති කියලා. මොකද ප්‍රාදේශීය ලේකම්වරුන් ඉස්සරහනේ මේක කිව්වේ,” ඔහු පවසයි.
“කොහොම හරි ඔය ව්‍යපෘති වාර්තාවේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඒ වාර්තාව අනුව ෆැක්ටරි එකක් ගහන්න ඕන, තට්ටු 27 ක බිල්ඩිමක් හදන්න ඕන, ඉස්කෝල හදලා, ඩෑම් හදලා, ඉඩම් අක්කර 104,066ක් තියනවා. ඒකෙන් එක අක්කරයක් ලක්ෂ 20 ගානේ වියදම් කරලා හදන්න තියනවා. කිරි හරක් ලක්ෂ 10කුත් ඕකෙන් දෙනවා. ඔය ඔක්කොම කරන්න ව්‍යාපෘති වාර්තාවේ හැටියට තිබ්බේ ඩොලර් මිලියන 370 යි.
“මට රාජකාරි පැවරුනේ මනුකවිලච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තමයි. මම දවසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆයිල් එකක් අරන් ගියාම ප්‍රාදේශීය ලේකම් සේනාරත්න මහත්තයා කිව්වා ‘ඩොලර් මිලියන 370කින් කොහොමද මේක හදන්නේ? මම ගෙදර ඉද්දි කැල්කියූලේටර් එකෙන් ගණන් හදලා බැලුවා, ඒ ඩොලර් මිලියන 370න් කිරි හරක් ලක්ෂ 10වත් ගන්න බැහැනේ කියලා. ඊට පහුවෙනිදා මම බෝර්ඩ් මීටින් එකේදී ඔය ගැන තාඹුගල මහත්තයට කිව්වා. එතන දී ඔහු කිව්වා විජේදාස මහත්තයා ඔයාට කියන්න තිබ්බනේ මේක අපි අදියරෙන් අදියරේට කරන්න යන්නේ කියලා.