අවුරුද්දට shopping ගියාද? Experience මොනාද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    2,185
    3,887
    113
    අම්මට ලැබුණ gift vouchers ටිකක් මගේ කරේ ගැහුවා. මොනාහරි ගන්න ගන්න කියලා වධ කරලා මගේ ඔලුව කන්න හදන නිසා අද උදේම එළියට යන්න උනා.

    කියන්න දෙයක් නෑ එපාම උනා. ඇහුවොත් කියන්නේ දූපතේ සෙට් එකට සල්ලි නෑ එදාවේල පිරි මහගන්නේ හරි අමාරුවෙන් අරකද මේකද කියලා. හැබැයි මේ දවස්වල රෙදි කඩ වලට ගිහිල්ලා බලන්න ඕනි ඉන්න සෙනඟ.

    අද යන්න පුළුවන් උනේ මහරගම පිළියන්දල විතරයි. හෙට යන්න බලාපොරොත්තු වෙනවා නුගේගොඩ බත්තරමුල්ල පැලවත්ත පැත්තේ කඩ වලට, වෙලා තිබ්බොත් කොළඹ 7 පෝෂ් කඩ ටිකටත් අනිවා යනවා.

    අද මගේ dress code එක උනේ short t-shirt with bata slippers (ශෝටයි බාටයි) ඉතින් අඩු නැතුව ගානට නියම විදියට අඩුකුලේ සැලකිලි ටික ලැබුණා.

    අද experince එක නිසා හෙට දවස පොඩ්ඩක් ජෙන්ටා විදියට ඇඳලා බහින්න බැලුවේ, සැලකිලි කොහොමද කියලා බලා ගන්න. හෙට අඳින්න හදන්නේ අත් කොට කමිසයක් ස්ලිම් ෆිට් ඩෙනිමකට යට කරලා ඇඳල බෙල්ට් එක දාල silp on type එකේ සපත්තු දෙකක් දාල. තාත්තාගේ රත්තරන් මාලේ ඉල්ලගෙන එකත් දාගෙන නිකන් බොරු පොෂ් show එකට (පඩ show කාරය කියලා කියන්නේ) බහින්න හදන්නේ.


    අද ගියාට වැඩක් උනේ නෑ ගන්න දේවල් නෑ. ඔක්කොම තියෙන්නේ අඩු කුලේ type එකේ fashion. සමහර ටී ෂර්ට් එහෙම තියනවා කවුරු design කරපු ඒවාද දන්නේ නෑ. Color matching එහෙම ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නැති විදියට පාට ජාති එකතු කරලා කිසිම artistic ගතියක් නැති විදියට හදලා තියෙන්නේ.

    සමහර උන් වලිත් දාගන්නවා ගෑනු එක්ක පිරිමි එක්ක කියලා වෙනසක් නෑ. හයියෙන් බැන ගන්නවා. සිද්දිය උනේ ගෑණු කෙනෙක් එක්තරා ටී ශර්ට් එකක් අරගෙන එක අතේ තියාගෙන වටේ ඇවිදිනවා ලු. පොඩි එකෙක්ට ඒ ටී ෂර්ට් එක ගන්න ඕනි කියල ඒ පොඩි පගය උගේ තාත්තාට කියලා. අර මිනිහා ඇවිල්ල බැන්නේ නැද්ද අර ගෑනිට, එතන ජවනිකාව වෙන අතරේ මම එතනින් මාරු උනා මට සෙනඟ සෙට් වෙලා ඔය වගේ සීන් යද්දී ටිකක් අවුල් වගේ නිසා.

    කිරියේ අපේ මහත්තුරුත් එළි පහලියට ගියා නම් උනා දේවල් දාගෙන යන්න. අනිත් මහත්තුරු එළියට යන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් තම තමන් schedule plan කරලා සෙනඟ නැති වෙන වෙලාවල් සහ සෙනඟ නැති වෙයි කියලා හිතන areas වල තියන shop එහෙම හොයලා යන්න බලන්න. ජය වේවා!
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,387
    113
    1711093565628.png


    :( :( owa thama apita thiyena gift card
     
    • Haha
    Reactions: Ashan052

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,009
    56,091
    113
    Iye ganiyek ewilla hena gas ekak demma mata.cashier dial eka mata sir kiyala e ganiwa ganan gatte ne kiyala.mage age assen yanawa happennawa enawa rawanawa hena scene