Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවුරුදු තුනක කිලිනොච්චි සංහිඳියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු තුනක කිලිනොච්චි සංහිඳියාව

සති අන්තෙට බස් පුරෝගෙන මිනිස්සු කිලිනොච්චි එනවා. කොකාවිල් රණවිරු ස්මාරකය, ඉරණමඩු ජලාශය, ඩිපෝ හන්දියෙ රණවිරු ස්මාරකය බලාගෙන ඒ මිනිස්සු යාපනේ යනවා. දවසට තුන් හතර පාරකට වඩා මම මේ දේවල් දකිනවා. ඇත්තටම මේවයෙ බලන්නෙ තියෙන්නෙ මොනවද? කට්ට අව්වේ දූවිලි කාගෙන A9 පාර අද්දර පැදුරක් එලාගෙන trip ආපු මිනිස්සු දවල්ට බත් කනවා. මොකද්ද මිනිස්සු හොයන මේ මට දැනෙන්නෙ නැති feeling එක? A9 පාර දෙපැත්තේ තියෙන භාගෙට පොෂ් වුණු ජීවිත, සමස්ත උතුරු පළාතේම ජනතාවගේ ජීවන තත්වය කියලා මේ trip එන අය හිතාගෙන වත් ඉන්නවද? A9 පාරෙන් ඈතට විහිදුණු; අහිංසක, දුප්පත්, හිතාගන්නවත් බැරි ජීවිත මට සෙට් වෙලා තියෙන හින්දා කවරෙ අතගාන දිලිසෙන ලස්සන විතරක් දකින ට්‍රිප් යන මිනිස්සු මට අප්පිරිය වෙලාද? ඒ මිනිස්සුන්ට feel වෙන අර්ධ නාගරික මිනිස්සු, බාගෙට හැදෙන තට්ටු ගණන් වල බිල්ඩින්, මට feel වෙන්නේ නැත්තෙ ඒ පොත්ත ඇතුලෙන් තියෙන දුප්පත්කම මම දැකල තියෙන නිසාද?

මම ඉස් ඉස්සෙල්ලම කිලිනොච්චි ආවෙ 2015 ඔක්තෝම්බර්. හැමෝම යනවා වගේ අපිත් ඉස්සෙල්ලාම ගියේ ඉරණමඩු ජලාශෙ බලන්න. ඉරණමඩු ජලාශෙ කට කපල වතුර. එක පැත්තකින් වාන් දානවා. ඒ එන වතුර පාරෙන් මාලු ආයෙත් වැවටම පනින්න හදනවා. බලන්න ඉන්න හරිම ආසයි.

ඩෑම් එක හරහා ඕනෙ නන් බයිසිකලයක් තල්ලු කරන් යන්න පුළුවන්, නැත්තන් පයින්. වාහන යන පාරක් තියෙන්වා වැවේ වතුර නැති කාලෙට. ඒකෙන් වාන් දානකොට යන්න බෑ. එතකොට කිලෝමීටර් ගානක වටයක් ගහන්න වෙනවා එගොඩ වෙන්න.

වැව බලලා ආයෙ quarters එන්න එනකොට වැව අයිනෙ තියාගෙන ආච්චි කෙනෙකුයි පොඩි කොල්කෙකුයි වැව් මාලු විකුණනවා.

ඒ; සෙල්ලම්මයි, එයාගෙ මුණුබුරා ගනේෂුයි. දන්න දෙමල, සිංහල, ඉංග්‍රීසි, හින්දි, පාලි ඔක්කොම දාල ඇහුවා මාලු කීයද කියලා?

"කිලෝ එක එකසිය පණහයි අයියා"

හප්පට හුඩු සෙල්ලම්මට හොඳට සිංහල පුළුවන්.

"මාතියා කිලිනොච්චියට අලුතෙන්ද? කොහෙද වැඩ කරන්නෙ?"

"ඔවු අම්මා, අපි ගිය සතියෙ මෙහෙ ආවෙ, වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ."

"කඩවුලේ, මේ අලුතෙන් ආව දොස්තර මාත්තියලද? කියන්න එපෑ කලින්. "

"කාසි වේන්ඩාම් අයියා...ඔහොමම අරගෙන යන්න. "

කොච්චර බල කලත් සෙල්ලම්මා සල්ලි ගත්තෙම නෑ.

එතනින් එද්දී construction site වල දාන ගල් තොප්පි දාගෙන සිංහලෙන් කතා කරන සෙට් එකක් සෙට් වුණා. අපිත් සිංහලෙන් කතා කර කර හිටිය නිසා කතාවට සෙට් වුණා.

"අයියලා කොහෙද? අපි hospital එකට අලුතෙන් ආව ඩොක්ටර්ස්ල"

"ආ...අඳුන ගත්ත එක හොඳයි. අපි මේ ඩෑම් එක අලුතෙන් ගහන්න යන්නෙ. යුද්ධෙ කාලෙ ඕකට බෝම්බ තියලා යට crack වෙලා තියෙන්නෙ."

"අපේ quarters තියෙන්නෙ මේ ලඟමයි.

රෑට වැඩ නැත්තන් එන්නකෝ මල්ලිලා අපේ quarters එක පැත්තේ."

එදා රෑට ලොකුවට වැඩක් තිබ්බේ නැති හින්දා අපි ගියා හේරත් අයියාගේ quarters එකට. එදා herath අයියා මේ ඩෑම් එක ගැන ගොඩක් විස්තර අපිට කිව්වා.

මම ඒ දවස්වල වැඩ කරේ OPD එකේ. එක දවසක් සෙල්ලමයි ගනේෂුයි ආවා OPD එකට බෙහෙත් ගන්න.

"ආ ගනේෂ්, කොහොමද?"

"ආච්චිට පොඩ්ඩක් වීස් එක වගේ doctor බෙහෙත් ටිකක් ගන්න එක්කගෙන ආව."

"කෝ බලමු...."

"හතිය හොඳටම වැඩිවෙලා, පහුගිය දවස්වල නිදි මැරුවද?"

"බය වෙන්න එපා. මම බෙහෙත් ටිකක් ලියල දෙන්නම්. ඒ ටික බොන්න."

"ඒක නෙවෙයි doctor, අද කන්දසාමි කෝවිලේ පූජාව. ඩොක්ටත් හවසට එනවනන් එන්න."

කෝවිලකට ජීවිතේකට ගිහිල්ල නැති මම ඒ ආරාධනාව ඉහමුදුනෙන් බාර ගත්තා. ගනේශ් එක්ක කඩේ ගිහින් ගත්තු වේට්ටියයි දිලිසෙන රතු පාට ශර්ට් එකයි ඇඳගෙන මම ගියා කෝවිල්. ඒ කපුරු සුවඳ , සංගීත භාණ්ඩ වල සද්දෙ, පූසාරිගෙ මන්ත්‍ර වල සද්දෙ එකතු වෙලා එන symphony එකයි කොකුවල එල්ලිල ඉන්න බැතිමතුන්ගෙ visual එකත් එක්ක මම වෙනමම ලෝකෙකට ගියා.

එදා ගමනෙන් පස්සෙ ගනේෂ් එක්ක තියෙන හිතවත්කම තව වැඩි වුණා.

NSB බැංකුවෙ පොඩි වැඩකට ගිය වෙලාවෙ ඒකෙ වැඩ කරන රවී හඳුන ගත්තා. එදාම තමයි රවීගෙ birthday party එක, මට ඒකට රවීගෙ ගෙදරට invite කලා. උත්සවේකට කියල දෙමල ගෙදරකට යන පලවෙනෙ වතාව. යන්නෙ කොහොමද ගෙනියන්න ඕනෙ මොනවද ලොකු අයිඩියා එකක් නෑ. ගනේශ්ට කෝල් එකක් දීලා පොඩි preset එකකුත් ගෙන්න ගෙන මම ගියා party එකට. ඒ පාටි වලට කියන්නෙ ආඩ පාටි කියලා, ඒ කියන්නෙ එලු මස් තමයි මේන් කෝස් එක. ඒක වෙනම අත්දැකීමක්. එදා රෑ රවීගෙ අම්මගේ රසම රස බත් කාලා තමයි quarters ගියේ.

ඔය අතරෙ තමයි කච්චේරියෙ වැඩ කරන සතීෂ් සෙට් වුනේ. සතීෂ් ඉන්නෙ පරන්තන් වල. සතීශ්ගෙ පොඩි පුතයි, ලොක්කයි බලන්න අපි කීපවිටක් සතීශ්ගෙ ගෙදර ගිහින් තියෙනවා.

ඒ වගේම සතීශ්ගෙ අයියගෙ හේන. ඒක තියෙන්නෙ භාරතීපුරම්. අර දිවියගෙ කේස් එක ගිය හරියෙ. අපි හේනට ගියොත් අත පිරෙන්න වට්ටක්කා, බටු දීලා තමයි අපිව එවන්නේ.

ඉස් ඉසෙල්ලාම දෙමල වෙඩින් එකකට කියල ගියේ ලදන්ගෙ වෙඩින් එකට. ඒක තිබ්බෙ අපි ලේසියට KKS කියල කියන කන්කසන්තුරේ. ඒකෙදි Tamil culture එක ගැන ලොකු අවබෝධයක් ආවා.

ඊ ළඟට එන්නේ වැහි කාලේ. ඉරණමඩු වැව දෙගොඩ තලා යන්න ගලනව. ඔවු ඔවු කිලිනොච්චියටත් ගලනවා.

අක්කරායන්කුලම් කියල පොඩි ඉස්පිරිතාලයක් තියෙනවා.ඒ කිලිනොච්චියෙන් බටහිට වෙන්න. අක්කරායන්කුලම් වල ඉඳන් කිලිනොච්චියට, මුරුකණ්ඩි කෝවිල පැත්තෙන් එන සාමාන්‍ය පාර වැහි කාලෙට වතුරට යට වෙනවා. එතකොට කිලෝ මීටර් තිහක් හතලිහක් වටේ ගෙවාගෙන පරන්තන් පැත්තෙන් තමයි එන්න වෙන්නේ. එහෙම නැත්නම් නේවි එකේ බෝට්ටු දම්මල ළමයි හම්බෙන්න ඉන්න අම්මලා එහෙම කලින්ම කිලිනොච්චියට ගෙන්න ගන්නවා. ඕවා A9 පාරට පේන්නැති කිලිනොච්චියේ දුෂ්කර ජීවිත.

තව දවසක් අපි ගියා වේරවිල්. වේරවිල් තියෙන්නේ කිලිනොච්චියෙන් බටහිරට වෙන්න. පරන්තන් වලින් හැරිලා පුනරීන් වලට ගිහින් එතනින් මන්නාරම් පාරෙ යන්න ඕනෙ.

වේරවඉල් කියන්නේ වලෙයිපාඩු ඇතුලු ධීවර කර්මාන්තයෙන් ජීවිතය කරගෙන යන මිනිස්සු ගානකට තියෙන එකම ඉස්පිරිතාලෙ. වේරවිල් ගමේ තියෙනවා හරි අපූරු ඉස්කෝලයක්.

ලොකු නා ගහක් යට ගහෙන් පල්ලෙහාට ආපු මුල් අතරෙ ලී වලින් ගහපු බංකු වල ඉඳගෙන ඒ ළමයි අකුරු කරනවා. බලන් ඉන්න ආසයි.

එතනින් එහාට ගියාම තියෙන වලෙයිපාඩු පල්ලිය, බහුතරයක් දමිල කතෝලික වෙච්ච ඒ ගම් මැද්දෙ විරාජමානව වැජඹෙනවා. පල්ලිය ගමට පුදුම ලස්සනක් ගේන්නෙ. අපි වේරවිල් ගිය ගොඩක් පාරවල් වල එහෙ වැඩ කරන රුසිරු අයියායි පල්ලියෙ ෆාදරුයි අපිට ගොඩක් උදවු කලා.

මුලන්කාවිල්, ජයපුරම් අපි රවුම් ගහපු අනික් පොඩි ඉස්පිරිතාල. මේවට එන අමාරු ලෙඩ්ඩු එවන්නෙ අපි ගාවට, ඒ කියන්නෙ කිලිනොච්චියට. ගෙදර සල්ලි හොයන මිනිහා හරි ගෙදර අනිත් වැඩ බලාගෙන ඉන්න ගෑනු මනුස්සයා හරි කිලිනොච්චි යවනවා කියන්නෙ daily රෝල ගහන ඒ ජීවිත අතරමග නවතිනවා. ඉතින් අපිත් බලන්නෙ කොහොම හරි ඉක්මනටම ප්‍රතිකාර කරලා මේ මිනිස්සුන්ව ගෙදර යවන්න.

කිලිනොච්චියෙන් නැගෙනහිරට වෙන්න තියෙන්නේ ධර්මපුරම්, විශ්වමඩු, පුදුකුඩිඉරුප්පු, වෙල්ලමුල්ලි වයික්කාල් හා මුලතිව්.

ධර්මපුරම් ඉස්පිරිතාලෙ ජගත් අයියා, දිලීප අයියා ඉන්න කාලෙ ගොඩක් වෙලාවට හවසට අපි ඒ පැත්තෙ රවුමක් ගහන්න යනවා. ධර්මපුරම් පොලිස් පෝස්ට් එකේ SI චතුරංග, එතකොට දීපාල් එහෙමත් අපේ හොඳ හිතවත්තු.

හැම අවුරුද්දෙම නත්තල් වාලට පරන්තන් පල්ලියෙ ලොකු සිස්ටරුයි බාමිනි සිස්ටරුයි අපිට දෙනවා කෑමක්.

හම්මා..... ඒ සැලඩ් වල රහ.

දෙමල ක්‍රමේටම කන්න පුරුදු වෙලා හිටිය අපිට ඒක වෙනම්ම අත්දැකීමක් වෙනවා

ඔහොම රවුන් ගගහ ඉන්නකොට තමයි දවසක් මම OPD night එක කරද්දී ගනේශ් කෑ ගහගෙන OPD එකට ආවේ.

"අනේ සර්, මගේ ආච්චි කතා කරන්නෙ නෑ පැයක විතර ඉඳන් ඇඟත් සීතල වෙලා පොඩ්ඩක් බලල දෙන්න."

සෙල්ලම්මාව පරීක්ෂා කරල බැලුවම ලෙඩා නිදිපැදුරෙම අපිව දාලා ගිහින් කියල මට වැටහුණා.

මේක කිව්ව විතරයි ගනේශ් ඉස්පිරිතාලෙ දෙවනත් වෙන්න බෙරිහන් දෙන්න ගත්තා. ඒ වෙද්දි AL result ඇවිත් agriculture faculty select වෙලා හිටපු ගනේශ්ට මේක දරාගන්න බැරි වුණා. යුද්දෙ නිසා තමන්ගෙ අම්ම අප්පා නැතිවුන දවසෙ ඉඳන් තමන්ව බලගත්තු ආච්චි නැතිවෙච්ච් එක ගනේශ්ට දරා ගන්න බෑ. දන්න කියන හිත මිතුරොන්ට කියලා කොහොමහරි body එක ඉක්මනට relese කරල දුන්නා.

පහුවෙනිදා උදේම මම මලගෙදර ගියා, වට්ටකච්චි වල මලගෙදර තිබ්බේ. එදා හවස් වෙනකම්ම ඉතන ඉඳලා තමයි මම quarters ආවෙ.

ඔය අතරේ තමයි කිලිනොච්චි නාග විහාරය හාමුදුරුවෝ අපිව හම්බුවෙන්න ආවෙ.

"මහත්තයෝ, සංඝාවාසෙ වහලෙ හොඳටම අබලන්. මොකක් හරි පිලියමක් යොදන්න වෙයි."

පස්සෙ හේරත් අයියලට කියල ප්ලෑන ගහගෙන Hospital staff එකෙයි හේරත් අයියලගෙ සෙට් එකෙයි ආමි එකෙයි උදව්වෙන් අපි නාග විහාරෙ වහල ගහල දුන්නා. මේ වැඩේ අපේ කොටස cordinate කලලේ වාසල.

ඒ ඇරෙන්න කිලිනොච්චි හොස්පිටල් එක ඉස්සර හැම වෙසක් එකට අපි ගැහුවා කැරකෙන කූඩුවක්. තියෙන පොඩි විවේකෙත් එක්ක කලින් අත්දැකීමක්වත් නැතුව අතේ කරගැට එනකන් යකඩ බට කප කප අපි කොහොමහරි කූඩුව ගහනවා. ඒ දෙන ice cream දන්සලට අමතරව.

කිලිනොච්චි මිනිස්සු ලොකු පොඩි බේදයක් නැතුව ice cream වලට පට්ට love! එහේ තියෙනවා යාල් කියලා local ice cream එකක්. අපි දන්සලට දෙන්නෙ elephant house. ඒක නිසා එකම ලමයා දහපහලොස් සැරේ ඇවිත් අයිස්ක්‍රීම් කනවා. අපිත් හිනා වෙවී ඉල්ලන තරමක් දෙනවා.

ඔය අතරෙ ප්‍රශ්ණ ඇති නොවුනෙමත් නැහැ. පොලිස් වෙඩි පාරකින් මිය ගියපු කැම්පස් ලමයෙකුගෙ බොඩි එක කිලිනොච්චි ගෙනාව දවසෙ රෑ පාරෙ යන බස්වලට ගල් ගහල තිබ්බ. ඉරණමඩු වලිනුයි ඩිපෝ හන්දියෙනුයි පාර වහල බස් නවත්තන් හිටිය. කොහොමහරි පොලිසිය මේවා ටග්ගාල නිරාකරණය කලා.

තව දවසක් ආමි ලොරියකට යටවෙල මිනිහෙක් මැරිලත් ලොකු ප්‍රශ්ණයක් ගියා.

මේ හැම තැනදිම වුනේ තමන්ගේ පටු න්යායපත්ර වෙනනුවෙන් සුලුතර අන්තවාදයක් අවුස්සන ප්‍රදේශීය හා ජාතික තලයේ දේශපාලකයන්ගෙ කතාවලට මිනිස්සු කුලප්පු වෙච්ච එකයි. ආවේගය හා බැඳුණු සිතුවිලි වලින් පිරුණු මිනිස්සු හරි ඉක්මනට අර අන්තවාදීන්ට නවා ගන්න පුලුවන්.

පෙබරවාරි හතර නිදහස් උත්සවේට කිලිනොච්චි ටවුම පිරෙන්නෙ ජාතික කොඩියෙන්. ජාතික ගීය දෙමලෙන් ගයන්න ඕනි කියල එහේ මිනිස්සු මැරෙන්න නෑ. උන්ට ඕනෙ ජීවත් වෙන්න, රස්සාවක් කරන්න, පවුලක් පන්සලක් වෙන්න.

අවුරුදු තුනකට කිට්ටු වෙන්න කිලිනොච්චි ඉඳලා මට දැනිච්ච සංහිඳියාව තමයි ඔය කෙටියෙන් කිව්වෙ.

A9 පාරෙන් trip යද්දී දකින දියුණුව තාම ගම්වලට ගිහින් නෑ. ඒ ඉන්න මිනිස්සු උඹලව මරන් කන්න දතකන්නෙ නෑ. Communication ප්‍රශ්ණයක් හැමෝටම තියෙන්නේ. ඒක නිසා දමිල දේශපාලනය දිහා බලල සාමාන්‍ය දෙමල මිනිහා ගැන හිතන්න එපා.

போய்ட்டு வருவென் கிளிநொச்சி!

source Lahiru Kalpage FB page

[QUOTE="rangana26, post: 23598723, member: 461943"] [b]අවුරුදු තුනක කිලිනොච්චි සංහිඳියාව[/b] [SIZE="4"][COLOR="SeaGreen"] [IMG]https://4.bp.blogspot.com/-1QWsrmWXQtY/W4pcmpV8iVI/AAAAAAAASx8/9com3BljEpsy8f7DjEVQZWv-CadyDxG6ACLcBGAs/s640/40486164_10216149092136211_5405088923221229568_n.jpg[/IMG] සති අන්තෙට බස් පුරෝගෙන මිනිස්සු කිලිනොච්චි එනවා. කොකාවිල් රණවිරු ස්මාරකය, ඉරණමඩු ජලාශය, ඩිපෝ හන්දියෙ රණවිරු ස්මාරකය බලාගෙන ඒ මිනිස්සු යාපනේ යනවා. දවසට තුන් හතර පාරකට වඩා මම මේ දේවල් දකිනවා. ඇත්තටම මේවයෙ බලන්නෙ තියෙන්නෙ මොනවද? කට්ට අව්වේ දූවිලි කාගෙන A9 පාර අද්දර පැදුරක් එලාගෙන trip ආපු මිනිස්සු දවල්ට බත් කනවා. මොකද්ද මිනිස්සු හොයන මේ මට දැනෙන්නෙ නැති feeling එක? A9 පාර දෙපැත්තේ තියෙන භාගෙට පොෂ් වුණු ජීවිත, සමස්ත උතුරු පළාතේම ජනතාවගේ ජීවන තත්වය කියලා මේ trip එන අය හිතාගෙන වත් ඉන්නවද? A9 පාරෙන් ඈතට විහිදුණු; අහිංසක, දුප්පත්, හිතාගන්නවත් බැරි ජීවිත මට සෙට් වෙලා තියෙන හින්දා කවරෙ අතගාන දිලිසෙන ලස්සන විතරක් දකින ට්‍රිප් යන මිනිස්සු මට අප්පිරිය වෙලාද? ඒ මිනිස්සුන්ට feel වෙන අර්ධ නාගරික මිනිස්සු, බාගෙට හැදෙන තට්ටු ගණන් වල බිල්ඩින්, මට feel වෙන්නේ නැත්තෙ ඒ පොත්ත ඇතුලෙන් තියෙන දුප්පත්කම මම දැකල තියෙන නිසාද? මම ඉස් ඉස්සෙල්ලම කිලිනොච්චි ආවෙ 2015 ඔක්තෝම්බර්. හැමෝම යනවා වගේ අපිත් ඉස්සෙල්ලාම ගියේ ඉරණමඩු ජලාශෙ බලන්න. ඉරණමඩු ජලාශෙ කට කපල වතුර. එක පැත්තකින් වාන් දානවා. ඒ එන වතුර පාරෙන් මාලු ආයෙත් වැවටම පනින්න හදනවා. බලන්න ඉන්න හරිම ආසයි. ඩෑම් එක හරහා ඕනෙ නන් බයිසිකලයක් තල්ලු කරන් යන්න පුළුවන්, නැත්තන් පයින්. වාහන යන පාරක් තියෙන්වා වැවේ වතුර නැති කාලෙට. ඒකෙන් වාන් දානකොට යන්න බෑ. එතකොට කිලෝමීටර් ගානක වටයක් ගහන්න වෙනවා එගොඩ වෙන්න. වැව බලලා ආයෙ quarters එන්න එනකොට වැව අයිනෙ තියාගෙන ආච්චි කෙනෙකුයි පොඩි කොල්කෙකුයි වැව් මාලු විකුණනවා. ඒ; සෙල්ලම්මයි, එයාගෙ මුණුබුරා ගනේෂුයි. දන්න දෙමල, සිංහල, ඉංග්‍රීසි, හින්දි, පාලි ඔක්කොම දාල ඇහුවා මාලු කීයද කියලා? "කිලෝ එක එකසිය පණහයි අයියා" හප්පට හුඩු සෙල්ලම්මට හොඳට සිංහල පුළුවන්. "මාතියා කිලිනොච්චියට අලුතෙන්ද? කොහෙද වැඩ කරන්නෙ?" "ඔවු අම්මා, අපි ගිය සතියෙ මෙහෙ ආවෙ, වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ." "කඩවුලේ, මේ අලුතෙන් ආව දොස්තර මාත්තියලද? කියන්න එපෑ කලින්. " "කාසි වේන්ඩාම් අයියා...ඔහොමම අරගෙන යන්න. " කොච්චර බල කලත් සෙල්ලම්මා සල්ලි ගත්තෙම නෑ. එතනින් එද්දී construction site වල දාන ගල් තොප්පි දාගෙන සිංහලෙන් කතා කරන සෙට් එකක් සෙට් වුණා. අපිත් සිංහලෙන් කතා කර කර හිටිය නිසා කතාවට සෙට් වුණා. "අයියලා කොහෙද? අපි hospital එකට අලුතෙන් ආව ඩොක්ටර්ස්ල" "ආ...අඳුන ගත්ත එක හොඳයි. අපි මේ ඩෑම් එක අලුතෙන් ගහන්න යන්නෙ. යුද්ධෙ කාලෙ ඕකට බෝම්බ තියලා යට crack වෙලා තියෙන්නෙ." "අපේ quarters තියෙන්නෙ මේ ලඟමයි. රෑට වැඩ නැත්තන් එන්නකෝ මල්ලිලා අපේ quarters එක පැත්තේ." එදා රෑට ලොකුවට වැඩක් තිබ්බේ නැති හින්දා අපි ගියා හේරත් අයියාගේ quarters එකට. එදා herath අයියා මේ ඩෑම් එක ගැන ගොඩක් විස්තර අපිට කිව්වා. මම ඒ දවස්වල වැඩ කරේ OPD එකේ. එක දවසක් සෙල්ලමයි ගනේෂුයි ආවා OPD එකට බෙහෙත් ගන්න. "ආ ගනේෂ්, කොහොමද?" "ආච්චිට පොඩ්ඩක් වීස් එක වගේ doctor බෙහෙත් ටිකක් ගන්න එක්කගෙන ආව." "කෝ බලමු...." "හතිය හොඳටම වැඩිවෙලා, පහුගිය දවස්වල නිදි මැරුවද?" "බය වෙන්න එපා. මම බෙහෙත් ටිකක් ලියල දෙන්නම්. ඒ ටික බොන්න." "ඒක නෙවෙයි doctor, අද කන්දසාමි කෝවිලේ පූජාව. ඩොක්ටත් හවසට එනවනන් එන්න." කෝවිලකට ජීවිතේකට ගිහිල්ල නැති මම ඒ ආරාධනාව ඉහමුදුනෙන් බාර ගත්තා. ගනේශ් එක්ක කඩේ ගිහින් ගත්තු වේට්ටියයි දිලිසෙන රතු පාට ශර්ට් එකයි ඇඳගෙන මම ගියා කෝවිල්. ඒ කපුරු සුවඳ , සංගීත භාණ්ඩ වල සද්දෙ, පූසාරිගෙ මන්ත්‍ර වල සද්දෙ එකතු වෙලා එන symphony එකයි කොකුවල එල්ලිල ඉන්න බැතිමතුන්ගෙ visual එකත් එක්ක මම වෙනමම ලෝකෙකට ගියා. එදා ගමනෙන් පස්සෙ ගනේෂ් එක්ක තියෙන හිතවත්කම තව වැඩි වුණා. NSB බැංකුවෙ පොඩි වැඩකට ගිය වෙලාවෙ ඒකෙ වැඩ කරන රවී හඳුන ගත්තා. එදාම තමයි රවීගෙ birthday party එක, මට ඒකට රවීගෙ ගෙදරට invite කලා. උත්සවේකට කියල දෙමල ගෙදරකට යන පලවෙනෙ වතාව. යන්නෙ කොහොමද ගෙනියන්න ඕනෙ මොනවද ලොකු අයිඩියා එකක් නෑ. ගනේශ්ට කෝල් එකක් දීලා පොඩි preset එකකුත් ගෙන්න ගෙන මම ගියා party එකට. ඒ පාටි වලට කියන්නෙ ආඩ පාටි කියලා, ඒ කියන්නෙ එලු මස් තමයි මේන් කෝස් එක. ඒක වෙනම අත්දැකීමක්. එදා රෑ රවීගෙ අම්මගේ රසම රස බත් කාලා තමයි quarters ගියේ. ඔය අතරෙ තමයි කච්චේරියෙ වැඩ කරන සතීෂ් සෙට් වුනේ. සතීෂ් ඉන්නෙ පරන්තන් වල. සතීශ්ගෙ පොඩි පුතයි, ලොක්කයි බලන්න අපි කීපවිටක් සතීශ්ගෙ ගෙදර ගිහින් තියෙනවා. ඒ වගේම සතීශ්ගෙ අයියගෙ හේන. ඒක තියෙන්නෙ භාරතීපුරම්. අර දිවියගෙ කේස් එක ගිය හරියෙ. අපි හේනට ගියොත් අත පිරෙන්න වට්ටක්කා, බටු දීලා තමයි අපිව එවන්නේ. ඉස් ඉසෙල්ලාම දෙමල වෙඩින් එකකට කියල ගියේ ලදන්ගෙ වෙඩින් එකට. ඒක තිබ්බෙ අපි ලේසියට KKS කියල කියන කන්කසන්තුරේ. ඒකෙදි Tamil culture එක ගැන ලොකු අවබෝධයක් ආවා. ඊ ළඟට එන්නේ වැහි කාලේ. ඉරණමඩු වැව දෙගොඩ තලා යන්න ගලනව. ඔවු ඔවු කිලිනොච්චියටත් ගලනවා. අක්කරායන්කුලම් කියල පොඩි ඉස්පිරිතාලයක් තියෙනවා.ඒ කිලිනොච්චියෙන් බටහිට වෙන්න. අක්කරායන්කුලම් වල ඉඳන් කිලිනොච්චියට, මුරුකණ්ඩි කෝවිල පැත්තෙන් එන සාමාන්‍ය පාර වැහි කාලෙට වතුරට යට වෙනවා. එතකොට කිලෝ මීටර් තිහක් හතලිහක් වටේ ගෙවාගෙන පරන්තන් පැත්තෙන් තමයි එන්න වෙන්නේ. එහෙම නැත්නම් නේවි එකේ බෝට්ටු දම්මල ළමයි හම්බෙන්න ඉන්න අම්මලා එහෙම කලින්ම කිලිනොච්චියට ගෙන්න ගන්නවා. ඕවා A9 පාරට පේන්නැති කිලිනොච්චියේ දුෂ්කර ජීවිත. තව දවසක් අපි ගියා වේරවිල්. වේරවිල් තියෙන්නේ කිලිනොච්චියෙන් බටහිරට වෙන්න. පරන්තන් වලින් හැරිලා පුනරීන් වලට ගිහින් එතනින් මන්නාරම් පාරෙ යන්න ඕනෙ. වේරවඉල් කියන්නේ වලෙයිපාඩු ඇතුලු ධීවර කර්මාන්තයෙන් ජීවිතය කරගෙන යන මිනිස්සු ගානකට තියෙන එකම ඉස්පිරිතාලෙ. වේරවිල් ගමේ තියෙනවා හරි අපූරු ඉස්කෝලයක්. ලොකු නා ගහක් යට ගහෙන් පල්ලෙහාට ආපු මුල් අතරෙ ලී වලින් ගහපු බංකු වල ඉඳගෙන ඒ ළමයි අකුරු කරනවා. බලන් ඉන්න ආසයි. එතනින් එහාට ගියාම තියෙන වලෙයිපාඩු පල්ලිය, බහුතරයක් දමිල කතෝලික වෙච්ච ඒ ගම් මැද්දෙ විරාජමානව වැජඹෙනවා. පල්ලිය ගමට පුදුම ලස්සනක් ගේන්නෙ. අපි වේරවිල් ගිය ගොඩක් පාරවල් වල එහෙ වැඩ කරන රුසිරු අයියායි පල්ලියෙ ෆාදරුයි අපිට ගොඩක් උදවු කලා. මුලන්කාවිල්, ජයපුරම් අපි රවුම් ගහපු අනික් පොඩි ඉස්පිරිතාල. මේවට එන අමාරු ලෙඩ්ඩු එවන්නෙ අපි ගාවට, ඒ කියන්නෙ කිලිනොච්චියට. ගෙදර සල්ලි හොයන මිනිහා හරි ගෙදර අනිත් වැඩ බලාගෙන ඉන්න ගෑනු මනුස්සයා හරි කිලිනොච්චි යවනවා කියන්නෙ daily රෝල ගහන ඒ ජීවිත අතරමග නවතිනවා. ඉතින් අපිත් බලන්නෙ කොහොම හරි ඉක්මනටම ප්‍රතිකාර කරලා මේ මිනිස්සුන්ව ගෙදර යවන්න. කිලිනොච්චියෙන් නැගෙනහිරට වෙන්න තියෙන්නේ ධර්මපුරම්, විශ්වමඩු, පුදුකුඩිඉරුප්පු, වෙල්ලමුල්ලි වයික්කාල් හා මුලතිව්. ධර්මපුරම් ඉස්පිරිතාලෙ ජගත් අයියා, දිලීප අයියා ඉන්න කාලෙ ගොඩක් වෙලාවට හවසට අපි ඒ පැත්තෙ රවුමක් ගහන්න යනවා. ධර්මපුරම් පොලිස් පෝස්ට් එකේ SI චතුරංග, එතකොට දීපාල් එහෙමත් අපේ හොඳ හිතවත්තු. හැම අවුරුද්දෙම නත්තල් වාලට පරන්තන් පල්ලියෙ ලොකු සිස්ටරුයි බාමිනි සිස්ටරුයි අපිට දෙනවා කෑමක්. හම්මා..... ඒ සැලඩ් වල රහ. දෙමල ක්‍රමේටම කන්න පුරුදු වෙලා හිටිය අපිට ඒක වෙනම්ම අත්දැකීමක් වෙනවා ඔහොම රවුන් ගගහ ඉන්නකොට තමයි දවසක් මම OPD night එක කරද්දී ගනේශ් කෑ ගහගෙන OPD එකට ආවේ. "අනේ සර්, මගේ ආච්චි කතා කරන්නෙ නෑ පැයක විතර ඉඳන් ඇඟත් සීතල වෙලා පොඩ්ඩක් බලල දෙන්න." සෙල්ලම්මාව පරීක්ෂා කරල බැලුවම ලෙඩා නිදිපැදුරෙම අපිව දාලා ගිහින් කියල මට වැටහුණා. මේක කිව්ව විතරයි ගනේශ් ඉස්පිරිතාලෙ දෙවනත් වෙන්න බෙරිහන් දෙන්න ගත්තා. ඒ වෙද්දි AL result ඇවිත් agriculture faculty select වෙලා හිටපු ගනේශ්ට මේක දරාගන්න බැරි වුණා. යුද්දෙ නිසා තමන්ගෙ අම්ම අප්පා නැතිවුන දවසෙ ඉඳන් තමන්ව බලගත්තු ආච්චි නැතිවෙච්ච් එක ගනේශ්ට දරා ගන්න බෑ. දන්න කියන හිත මිතුරොන්ට කියලා කොහොමහරි body එක ඉක්මනට relese කරල දුන්නා. පහුවෙනිදා උදේම මම මලගෙදර ගියා, වට්ටකච්චි වල මලගෙදර තිබ්බේ. එදා හවස් වෙනකම්ම ඉතන ඉඳලා තමයි මම quarters ආවෙ. ඔය අතරේ තමයි කිලිනොච්චි නාග විහාරය හාමුදුරුවෝ අපිව හම්බුවෙන්න ආවෙ. "මහත්තයෝ, සංඝාවාසෙ වහලෙ හොඳටම අබලන්. මොකක් හරි පිලියමක් යොදන්න වෙයි." පස්සෙ හේරත් අයියලට කියල ප්ලෑන ගහගෙන Hospital staff එකෙයි හේරත් අයියලගෙ සෙට් එකෙයි ආමි එකෙයි උදව්වෙන් අපි නාග විහාරෙ වහල ගහල දුන්නා. මේ වැඩේ අපේ කොටස cordinate කලලේ වාසල. ඒ ඇරෙන්න කිලිනොච්චි හොස්පිටල් එක ඉස්සර හැම වෙසක් එකට අපි ගැහුවා කැරකෙන කූඩුවක්. තියෙන පොඩි විවේකෙත් එක්ක කලින් අත්දැකීමක්වත් නැතුව අතේ කරගැට එනකන් යකඩ බට කප කප අපි කොහොමහරි කූඩුව ගහනවා. ඒ දෙන ice cream දන්සලට අමතරව. කිලිනොච්චි මිනිස්සු ලොකු පොඩි බේදයක් නැතුව ice cream වලට පට්ට love! එහේ තියෙනවා යාල් කියලා local ice cream එකක්. අපි දන්සලට දෙන්නෙ elephant house. ඒක නිසා එකම ලමයා දහපහලොස් සැරේ ඇවිත් අයිස්ක්‍රීම් කනවා. අපිත් හිනා වෙවී ඉල්ලන තරමක් දෙනවා. ඔය අතරෙ ප්‍රශ්ණ ඇති නොවුනෙමත් නැහැ. පොලිස් වෙඩි පාරකින් මිය ගියපු කැම්පස් ලමයෙකුගෙ බොඩි එක කිලිනොච්චි ගෙනාව දවසෙ රෑ පාරෙ යන බස්වලට ගල් ගහල තිබ්බ. ඉරණමඩු වලිනුයි ඩිපෝ හන්දියෙනුයි පාර වහල බස් නවත්තන් හිටිය. කොහොමහරි පොලිසිය මේවා ටග්ගාල නිරාකරණය කලා. තව දවසක් ආමි ලොරියකට යටවෙල මිනිහෙක් මැරිලත් ලොකු ප්‍රශ්ණයක් ගියා. මේ හැම තැනදිම වුනේ තමන්ගේ පටු න්යායපත්ර වෙනනුවෙන් සුලුතර අන්තවාදයක් අවුස්සන ප්‍රදේශීය හා ජාතික තලයේ දේශපාලකයන්ගෙ කතාවලට මිනිස්සු කුලප්පු වෙච්ච එකයි. ආවේගය හා බැඳුණු සිතුවිලි වලින් පිරුණු මිනිස්සු හරි ඉක්මනට අර අන්තවාදීන්ට නවා ගන්න පුලුවන්. පෙබරවාරි හතර නිදහස් උත්සවේට කිලිනොච්චි ටවුම පිරෙන්නෙ ජාතික කොඩියෙන්. ජාතික ගීය දෙමලෙන් ගයන්න ඕනි කියල එහේ මිනිස්සු මැරෙන්න නෑ. උන්ට ඕනෙ ජීවත් වෙන්න, රස්සාවක් කරන්න, පවුලක් පන්සලක් වෙන්න. අවුරුදු තුනකට කිට්ටු වෙන්න කිලිනොච්චි ඉඳලා මට දැනිච්ච සංහිඳියාව තමයි ඔය කෙටියෙන් කිව්වෙ. A9 පාරෙන් trip යද්දී දකින දියුණුව තාම ගම්වලට ගිහින් නෑ. ඒ ඉන්න මිනිස්සු උඹලව මරන් කන්න දතකන්නෙ නෑ. Communication ප්‍රශ්ණයක් හැමෝටම තියෙන්නේ. ඒක නිසා දමිල දේශපාලනය දිහා බලල සාමාන්‍ය දෙමල මිනිහා ගැන හිතන්න එපා. போய்ட்டு வருவென் கிளிநொச்சி! source Lahiru Kalpage FB page [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom