අවුරුදු තුනේ මල් කැකුළ මරණෙට යවා ලෝක වාර්තාව අතට ගත් දෙමව්පියෝ

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    අධ්‍යාත්මික නායකයෙකුගේ උපදෙස් පරිදි ජෛන ආගමික පිළිවෙතක් වන ‘සන්තරා’ (මරණ උපවාසය) වෙත යොමු කිරීමෙන් පසු තුන් හැවිරිදි දැරියක් මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. දැරියගේ දෙමව්පියන් සඳහන් කළේ තම එකම දරුවා වූ වියානා ජෛනා නම් දැරිය පසුගිය මාර්තු 21 වන දින මරණයේ උපවාසයෙන් අවසන් හුස්ම හෙළූ බවයි.

    සන්තරා යනු ස්වේච්ඡාවෙන් මරණය දක්වා උපවාසයේ යෙදෙන ජෛන චාරිත්‍රයක් වන අතර, මෙම පිළිවෙතට අනුව පුද්ගලයෙකු ලෝකයෙන් අධ්‍යාත්මික පවිත්‍රතාවයක් සහ වෙන්වීමක් ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස මරණය දක්වා ආහාර සහ ජලය පරිභෝජනය ක්‍රමයෙන් අඩු කරනවා.

    තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස සේවය කරන දැරියගේ දෙමාපියන් පවසන්නේ, ජෛන මුනිවරයෙකු විසින් උපදෙස් ලබා දීමෙන් පසු තම දියණියට සන්තාරා භාරය ගැනීමට ඔවුන් තීරණය කළ බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැරියගේ පියා වන පියුෂ් ජේන් පැවසුවේ, “මගේ දුවට මේ වසරේ ජනවාරි මාසයේදී මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගත්තා.

    ඇයට ශල්‍යකර්මයකට භාජනය වූ පසුව ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණා. නමුත් මාර්තු මාසයේදී ඇගේ තත්ත්වය නරක අතට හැරුණා. ඇයට ආහාර පාන ගැනීමට පවා අපහසු වුණා. මාර්තු 21 වන දින රාත්‍රියේ, පවුලේ සාමාජිකයන් සමඟ බරපතල ලෙස රෝගාතුර වූ දියණියව ජෛන මුනිවරයෙක් වන රාජේෂ් මුනි මහරාජ් වෙත රැගෙන ගියා. මහාරාජ් ජී මගේ දුවගේ තත්ත්වය දැක, දැරියගේ අවසානය ආසන්න බවත්, ඇයට සන්තාරා භාරය ලබා දිය යුතු බවත් අපට පැවසුවා.

    මෙම උපවාසය ජෛන ආගමේ විශාල වැදගත්කමක් දරන නිසා. ඒ ගැන සිතා අපි අවසානයේ ඒ සඳහා යාමට එකඟ වුණා.” මුනිවරයා, සන්තාරා ආගමික චාරිත්‍ර ඉටු කිරීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත තම දියණිය මිය ගිය බවයි ඇයගේ පියා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දැරියගේ දෙමාපියන් පවසන්නේ මෙම ජෛන ආගමික පිළිවෙත වන සන්තාරා භාරදුන් ලොව ලාබාලතම පුද්ගලයා බවට තම දියණියගේ නම ලියාපදිංචි කර ලෝක වාර්තාවක් ද නිකුත් කළ බවයි.
    4RH.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Idk if it's good thing or bad thing.
    වෙන option එකක් නැත්තන් සැනසිල්ලේ යන එක හොඳයි.
    (එහෙම වෙනවා නම් මේ කියන magulen)