අවුරුදු මිලියන 15 පැරණී ජීවය ඇන්ටාටිකාවේ ව&#35

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අවුරුදු මිලියන 15 පැරණී ජීවය ඇන්ටාටිකාවේ ව&#35

    lake_vostok_sat_photo_color.si.jpg


    _58383305_vostokfromtheair.jpg


    l-1.jpg



    වසර මිලියන 15ක පමණ කාලයක් පුරා බාහිර ලෝකයෙන් වෙන්ව තිබූ ඇන්ටාර්ක්ටික් මහාද්වීපයේ භූගත විලකින් එකිනෙකට වෙනස් ජාන සැකසුම් සහිත ජීවී විශේෂ 3500කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

    පසුගිය වසරේදී රුසියානු විද්‍යාඥයින් විසින් ලබා දුන් මිලිලීටර 500ක ජල සාම්පලයක් පරීක්ෂා කළ බෝලිං ග‍්‍රීන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජෛවීය විද්‍යා මහාචාර්ය ස්කොට් රොජර්ස් පැවසුවේ වසර කිහිපයකට පෙර ජීවය කිසිසේත්ම නොතිබිය හැකි යයි විශ්වාස කළ ස්ථානයක තමන් බලාපොරොත්තු නොවූ තරම් සංකීර්ණ ජෛව විවිධත්වයක් නිරීක්ෂණය කළ බවයි.

    අයිස් ස්ථරයෙන් මීටර 4000ක් පමණ යටින් පිහිටි හිරු කිරණින් සම්පූර්ණයෙන්ම ආවරණය වූ සහ අධික පීඩනයක් සහිත වොස්ටොක් විල මෙතෙක් පෘථිවියෙන් වාර්තා වූ ශීතලම උෂ්ණත්වය වන සෙන්ටිගේ‍්‍රඞ් අංශක -89.2 වාර්තා කළ වොස්ටොක් ධ‍්‍රැවීය මධ්‍යස්ථානයට පහළින් පිහිටා ඇත.

    මින් පෙර එය මිහිපිට ජීවය හමුවීමේ අඩුම සම්භාවිතාව ඇති ස්ථාන කිහිපයෙන් එකක් ලෙස සැලකුණු අතර විද්‍යාඥයන්ගේ මතය වූයේ එහි අඩංගු ජලය 100%ක් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් රහිත පිරිසිඳු ජලය වනු ඇති බවයි. නමුත් දහස් ගණනක් බැක්ටීරියා ආදී ජීව ආකාරයන් හමුවූ අතර එහි ජීවය පැවතියහොත් හමුවන විශේෂයන් ලොව අන් කිසිම ස්ථානයකට වඩා වෙනස් වනු ඇතැයි පැවති මතයද බිඳ වැටී තිබේ.

    හමුවී ඇති ජාන ආකෘතීන් සියල්ලම පාහේ ජලීය පද්ධති වල හමුවෙන ජාන සැකසුම් වලට සමාන වන අතර සමුද්‍රවාසී විශේෂයන්ට සමානකම් හමුවීම මගින් ඇන්ටාර්ටිකාව එක්තරා කාලසීමාවකදී වඩා උෂ්ණ දේශගුණික කලාපයක පිහිටි බවත් වොස්ටොක් ග්ලැසියර් විල මුහුදට සම්බන්ධව පවතින්නට ඇති බවත් තහවුරු වී ඇත. රොජර්ස් පවසන්නේ උෂ්ණත්වයේ විශාල බිඳවැටුම් දෙකක් මගින් ජලාශය වෙන්කොට මේ පරිද්දෙන් සුරකින්නට ඇති බවයි.


    copyright www.lankacnews.com
    images from Rt and bbc

    further reading

    http://en.wikipedia.org/wiki/Lake_Vostok

    http://rt.com/news/lake-vostok-bacteria-dna-745/

    http://www.bbc.co.uk/news/science-environment-23230864