අවුරුදු සතියේ නිවාඩුවට ගමේ යනවද?

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මචං මුන් නීතියට බය නෑ, මිනිසුන්න්ට බය නෑ, තග දාල බය කරන්න බෑ. සොෆ්ට් ස්පොට් එක තමා අදෘශ්‍යමාන බලය. අදත් බලපන් අතේ තිබ්බ බෝල ගොඩ. අර වජ්රයද මොකක්ද එකක් මිරික මිරික නේද තග දැම්මෙ.

    කරනවනං මේ සතියෙ ලංකාව වටේ කරමු. මිනිස්සුත් එයි කියල හිතනව.👇




    අවුරුදු සතියේ නිවාඩුවට ගමේ යනවද?

    කතෝලික අය ශුධ්ධවූ සතියේ නිවාඩුවට ගමේ යනවද?

    හින්දු, මුස්ලිම් ඔබත්, ලැබුන නිවාඩුවට ගෙදර යනවද?

    ගමේ මහගෙදර ඉන්න අම්මට තාත්තට දුවට පුතාට ආච්චිට සීයට මාමට නැන්දට කොළඹ ට හරි ලඟම නගරෙට හරි උද්ගොෂණ කරන්න යන්න බැරි උනත් ඔවුන්ගේ ප්‍රාර්ථනා ශක්තිය අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය මේ රට රකින අරගලයට එකතු කරවමුද?

    13, 14, 15, 16, 17 දවස් පහේම හැම දාම හවස 7ට ඔබේ නිවසේ ඉඳන් පහනක් දැල්වල බුදුන් වැඳල, කතෝලික අය ශුද්ධවූ පැය හරි ජපමාලය හරි කියල, අනිත් ආගම් වල අයත් මුළු පවුලම එකතු වෙලා තමන්ගේ ආගම සිහි කරලා ඉවර වෙලා විනාඩි 7ක් මේ දේ කරන්න.

    හැමෝම තම තමන්ගේ ජිවිතේ කරපු එක හොඳ දෙයක් මතක් කරගන්න.

    ඒ හොඳ දේ කරලා ලැබුන බලයෙන් මේ වෙනකොට ලංකාවේ බලය අල්ලාගෙන ඉන්න කපටි හොර දේශපාලකයන් ඔවුන්ගේ පවුල් පිටින් මේ ශ්‍රී ලංකා දේශයෙන් සම්පුර්ණයෙන්ම තුරන් වෙලා යන්නයි කියල අධිෂ්ඨාන කරන්න. ඔවුන් හොරා කාපු ඔබේ ධනය රටේ දියුණුව පිණිස නැවතත් මේ රටටම ලැබේවායි අධිෂ්ඨාන කරන්න.

    **හැබැයි ඔවුන් කෙරෙහි වයිරයෙන් ද්වේශයෙන් මේක කරන්න එපා. මෛත්‍රියෙන් යුතුව, ප්‍රේමයෙන් යුතුව කරන්න. එක තේරෙන්නේ නැත්නම් ඔබේ දරුවාට තියෙන ආදරය නිසා දරුවාට පැහැදිලි අනාගතයක් අවශ්‍ය නිසා එම අධම දේශපාලකයන් මේ රටෙන් අතුගෑවිලා යැවේ වායි අදිෂ්ඨාන කරන්න.

    අම්මලාගේ තාත්තලාගේ වයෝවෘධ වැඩිහිටියන්ගේ වගේම කුඩා දරුවන්ගේ අදිෂ්ඨාන ශක්තිය මහා බලයක්!

    ඒ වගේම ඔබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි හොරකම් කරපු, ඔබට බොරු කියපු, ඔබේ දරුවන්ව මත්කුඩු වලට ඇබ්බැහි කරවපු, ඔබේ දරුවන්ට පැහැදිලි අනාගතයක් නැති කරපු එහෙම කරලත් නැවතත් බලයේම ඉන්න අර අඳින ඒ පවුල වටා එල්ලී ඉන්න වගේම ඔවුන්ට විරුද්ධ වගේ රඟපාන දේශපාලකයන් රොත්තම රටේ බලයෙන් පහ වේවායි අධිෂ්ඨාන කරන්න .

    අන්තිමට ඔවුන් කවුරුවත් නැති නිදහස් රටක්, හැම දරුවාටම පැහැබර හෙටක් තියෙන රටක්, පවුලටම හොඳට කන්න බොන්න තියෙන රටක්, යන්න එන්න තියෙන රටක්, බේත් හේත් තියෙන රටක්, ඉගෙන ගන්න ව්‍යාපාර කරන්න විදුලිය පහසුකම් තියෙන රටක් ඔබේ හිතේ සතුටකින් යුතුව මවා ගනිමින් අධිෂ්ඨානය අවසන් කරන්න.

    ලංකාව පුරා හැම අස්සක් මුල්ලක් නෑරම මෙහෙම කරොත් ඔවුන් ආරක්ෂා කරන්න දමා තිබෙන ඥාණකකලා දාපු ආරක්ෂාවල් , තිරුපති කෝවිල් වල බන්ධන නිකම් පුස්සක් විතරක් වෙනවා. ඔවුන් කරපු අපරාද වලට මේ බවයේම විපාක ලැබෙනවා.

    රටට නියමිත ඔබට නියමිත තවමත් මතුවී නැතිව තිබෙන දූරදර්ශි නායකත්වයත් ලැබේවි. ඔවුනුත් තේරුම් ගනීවි වැරදි පාරේ යන්න හිතන්නවත් හොඳ නැති වග!

    මේ අදහස මිට වඩා ලස්සනට ලියන්න පුළුවන් අය ලියන්න.. කියන්න පුළුවන් අය කියන්න
    -Copied
    #GoHomeGota2022
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පිස්සුද බං උඹ කොයි ලෝකේ ද ඉන්නේ. චිත්ත ශක්තියෙන් උන්ට මොනා වෙන්න ද. රටේ ම උන් හෙන ඉල්ලන තරමට හරි ගිහින් නම් උන් දැන් අඟුරු වෙලා ඉන්න ඕනි. උන්ට හරියන්නෙ ගේම මිසක් වෙන මගුල් නෙවෙයි
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    Issara raama rawana wage mathurala game eka demu.. un ehen mathuranawa api mehen mathuranawa