කාන්තාවක් සිනාසී සුහද වන්නෙ "මනුෂ්‍යත්වයට" මිසක් "ලිංගිකත්වයට" නෙවෙයි - ලිංගික අහේනියෙන් පෙළෙන ඇතැම් පිරිමින්ගේ අවධානය පිණිසයි! 
ලංකාවේ සමාජයේ පිරිමි බහුතරයක් අතර තියෙන අතිශය නින්දිත මානසිකත්වයක් ගැන අද කෙළින්ම කතා කරන්න ඕනේ. ඒ තමයි, ගැහැනියක් හිනා වෙලා කතා කරපු පලියට ඇයව "යහන්ගත කරගන්න පුළුවන්" කියලා හිතන කුණු වුණු මානසිකත්වය.
1. සිනහව ලිංගික ආරාධනාවක් නෙවෙයි!
ගැහැනියක් ඔබ දෙස බලා හිනා වෙන්නේ, සුහදව කතා කරන්නේ ඇය සතු ශිෂ්ට සම්පන්න මනුෂ්‍යකම නිසයි. ඒත් අවාසනාවකට, අපේ රටේ සමහර පිරිමින්ට ඒ හිනාව පේන්නේ "ලිංගික ආරාධනාවක්" විදියට. ඇය නිහතමානී නම් ඇය "බඩුවක්", ඇය සුහදශීලී නම් ඇය "ගණිකාවක්" ලෙස ලේබල් ගහන්න තරම් මේ පිරිමින්ගේ මානසිකත්වය පිරිහිලා. තමන්ගේ ලිංගික අහේනිය (Sexual Frustration) පිට කරන්න ගැහැනියකගේ සිනහව අල්ලගන්න එපා.
2. හැම ගැහැනියක්ම ඔබ හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි!
තමන්ගේ දියණිය, සහෝදරිය හෝ මව දෙස බලන ඇසින් අන් කාන්තාවන් දෙස බලන්න බැරි පිරිමි මොන තරම් අවාසනාවන්තද? ඔබ හිතාගෙන ඉන්නේ ලෝකයේ ඉන්න හැම ගැහැනියක්ම ලිංගිකත්වය විකුණන අය කියලද? නැත්නම් හැමෝම ඉන්නේ ඔබ වගේ කෙනෙක් එනකල් මඟ බලගෙන කියලද? මේක ඔබේ මනෝ ලෝකයේ තියෙන "ඇරියස්" එකක් මිසක් ඇත්ත තත්ත්වය නෙවෙයි.
3. කාන්තාවකට ගෞරවයෙන් සැලකීම පිරිමිකමයි!
සැබෑ පිරිමියෙක් කියන්නේ ගැහැනියකගේ ශරීරය දෙස ලොල්ලෙක් වගේ බලන කෙනාට නෙවෙයි. ඇයගේ පෞරුෂයට, වෘත්තීය ගෞරවයට සහ අභිමානයට ඉඩ දෙන කෙනාටයි. ඔබ පාරක, බස් එකක, කන්තෝරුවක කාන්තාවක් දකින කොට මුලින්ම ඇයව දකින්නේ "මනුෂ්‍යයෙක්" විදියටද? නැත්නම් "ලිංගික අවයවයක්" විදියටද? ඔබ ඇයව දකින්නේ දෙවැනි විදියට නම්, වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. මොකද ඔබේ මානසිකත්වය අසනීපයි.
4. අපි කොහොමද ගෞරවනීය ලෙස හැසිරෙන්නේ?
ඇසට ඇස බලා කතා කරන්න: ඇයගේ ශරීරයේ අඟපසඟ දෙස නොව, ඇය පවසන දේට සවන් දෙන්න.
සීමාවන් හඳුනා ගන්න (Personal Space): කවුරු හරි සුහදව කතා කළා කියලා ඇයගේ පෞද්ගලිකත්වයට බලෙන් ඇතුළු වෙන්න හදන්න එපා.
ගෞරවය මුලින්ම දෙන්න: ඇය මනුෂ්‍යයෙක් ලෙස සලකා ගෞරවයෙන් අමතන්න. ඔබ දෙන ගෞරවය අනුවයි ඔබේ ඇති දැඩි කිරීමේ තරම ලෝකය තීරණය කරන්නේ.
වල් මෝඩ පිරිමින්ට පණිවිඩයක්:
ගැහැනියක් සිනාසෙන්නේ ලෝකය ලස්සන කරන්න මිසක් ඔබේ ඇඳ විසිතුරු කරන්න නෙවෙයි. ඔබේ ඔය නින්දිත "ලිංගික ඇරියස්" එක පුළුවන් නම් ක්‍රීඩාවකට, රැකියාවකට හෝ රටට වැඩදායී දෙයකට යොදවන්න. නැත්නම් අහිංසක කාන්තාවන්ට කරදර නොකර කොහේ හරි මුල්ලකට වෙලා ඉන්න.
ගැහැනියක් කියන්නේ "ලිංගික භාණ්ඩයක්" නෙවෙයි, ඇය ජීවය දෙන මනුෂ්‍යයෙක්!
මෙවැනි ලිංගික අහේනිකාරයන්, ඇරියස්කාරයන්, ලිංගික යාචකයන් ඔබටත් හමුවනවාද ...බය නැතුව share කරන්න වදින්නම. නැවත ඔබ දෙස වැරදි කෝණයකින් ඔවුන් නොබලනවා නොඅනුමානය .

#WomenRights #RespectWomen #SriLanka #StopHarassment #SocialAwareness #GenderEquality #SpeakUp