අවුරුදු 120ක් ජීවත් කරවන පෙත්ත

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අවුරුදු 120ක් ජීවත් කරවන පෙත්ත

Source http://latapata.lankagossipgirl.com/2014/11/wjqrey-120la-oja-lrjk-fma.html

කළු කපුටා සුදු වන තුරු - මෝල් ගහේ දළු ලන තුරු - එකසිය විස්සට දෙසිය විස්සක් - ආවඩා ආයුබෝ වේවා! ඔන්න ඔහොම තමයි අපි අපේ හිතෛශීන්ට දිගාසිරි පැතුවෙ. හැබැයි අවුරුදු 120ක් නෙවෙයි 100ක් ජීවත්වෙන කෙනෙකුත් හොයාගන්න එක ‍දැන් ලේසී නැහැ.

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය මෙන්ම ගූගල් සෙවුම් යන්‍ත්‍රයද පෙන්වා දෙන පරිදි දැනට ලොව සිටිනා වයස්ගතම මනුෂ්‍යයා වන්නේ මිසාඕ ඔකාවා ය. ජපන් ජාතික කාන්තාවක් වන ඇය උපත ලබා ඇත්තේ 1898 මාර්තු 05දාය. දැනට වයස අවුරුදු 116කි.

ඒ අනුව ගත්කල පරමායුෂ වන අවුරුදු 120 ජීවත්වන කෙනෙකු සාමාන්‍ය සමාජයෙන් සොයා ගැනීමට ඇත්තේම නැත. අද තත්වය එසේ වුවද නොදුරු අනාගතයේදී ඔබටද අවුරුදු 120ක් ජීවත්වීම අරුමයක් නොවනු ඇත.
රුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ Dr Maxim Skulachev ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මේ වනවිට ඒ සඳහා ඖෂධයක් අත්හදා බලමින් සිටී. මේ වනවිට මීයන්, මාළුන්, සුනඛයින් වැනි සතුන් යොදා ගනිමින් සාර්ථකව පර්යේෂණය පැවැත්වේ. මෙම ඖෂධයට විපත්වීම ඇරඹීම ප්‍රමාද කළ හැකි බවයි පැවසෙන්නේ. මෙම ඖෂධය මිනිසාට භාවිත කළ හැකි වුවහොත් පරමායුෂ භුක්තිවිඳීමට හැකි වෙතැයි පර්යේෂකයින් විශ්වාසය පළකරනවා.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕකෙ හොඳ පැත්ත වගේම නරක පැත්ත වැඩියි බං.. :(
    අනික ඔය පෙත්තක් අඩුම කෝටියක්වත් වෙයි..:lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    මිසාඕ ඔකාවා මැරුණ නේද ලඟදි, දැන් 116 ඉන්නෙ ලංකාවෙ පොරක්ලු ... වයස්ගතම කෙනා ලංකාවෙ ඉන්නෙ දැන්.