අවුරුදු 2400ක්_පරණ_නැවක්_කළුමුහුදේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අවුරුදු 2400ක්_පරණ_නැවක්_කළුමුහුදේ

ක්‍රිස්තු පුර්ව 400 නැවක් කළු මුහුදුපත්ලෙන් සොයාගනී.
1.png


වසර 2400කට වඩා පැරණි (ක්‍රිස්තු පුර්ව 400 ) නැවක් කළු මුහුදේ බල්ගේරියානු වෙරළට නුදුරින් තිබිල හොයාගන්න ගවේෂණ කාණ්ඩමක් සමත් වෙලා තියෙනවා.
මුහුද යට සෙවීම් සඳහාම සකසපු රොබෝ ගවේශකන යානා දෙකක් යොදාගෙන තමයි නැව පිළිබඳ සම්පූර්ණ විස්තර හොයාගෙන තියෙන්නේ.
ඒ විස්තර අනුව මේ නැවේ දිගි මීටර් 23ක් වගේ වෙනවයි කියලයි කියන්නේ. මෙම නෞකාව ග්‍රීක වෙළඳ නැවක් කියලයි විද්‍යාඥයින් දැනට තහවුරු කරලා තියෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවුරුදු 2400 ක් විතර පරණ, (ඒ කියන්නේ බුදුහාමුදුරුවන් පිරිණිවන් පා වසර සීයක් වගේ ඇතුලත) නැවක් මෙච්චර කල් මුහුද පත්ලේ දිරාපත් නොවී ආරක්ෂා කාරීව තිබ්බේ කියලා.

ඒකට හේතුව තමයි මේ නැව ගිලිලා තියෙන්නේ කළු මුහුදේ මීටර් 2000 ක් වගේ ගැබුරු ස්ථානයක. ඒ කියන්නේ කිලෝමීටර් 2 ක් වතුර යට. මිනිස්සුන්ට මෙච්චර යට යන්න බැරි නිසා මේ නැව මුහුදේ වස්තු හොයන මිනිස්සුන්ගේනුත් ආරක්ෂා වෙලා තියෙනවා මෙච්චර කල්. (කළු මුහුදේ ගැඹුරුම තැන නං මීටර් 2300 ක් වගේ වෙනවා. ඒක අතුරු කාරණයක්. )

මේ නැව මෙහෙම ආරක්ෂා වෙන්න ඊලග හේතුව තමයි මේක ගිලිලා තියෙන්නේ කළු මුහුදේ වීම. ඒ කියන්නේ කළු මුහුදේ ගැඹුරු පත්ලේ ඔක්සිජන් ඇත්තෙම නැති තරං. මේක වෙන්නේ මේ මුහුදේ ඉහල ස්ථරය සහ පහල ස්ථරය මිශ්‍ර නොවීම කියන එකයි දෙන්න පුළුවන් සරලම පැහැදිලි කිරීම.

ඒ කියන්නේ කළු මුහුදේ ගිලිලා තියෙන පරණ නැව්, සබ්මැරීන ආදිය දිරයාමකින් තොරව බොහෝ කල් ආරක්ෂා වී තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේ ගිලීගිය කල සබ්මැරීන ආදිය පවා අදටත් මෙහි පත්ලේ හොදින් තියෙනවා දැකගන්නට පුළුවන්.

කොහොමහරි ලෝකයේ දියබත්වූ නෞකා අතරින් පැරණිම නෞකාව ලෙස සැලකෙන මේ නැවේ සුක්කානම, ආසන ඇතුළු බොහෝදේ සුරක්ෂතව පවතින බව ගවේෂකයෝ කියනවා.

මේ නැව මුහුද යට තියෙන විදිය තමයි පහත පින්තුරෙන් දිස් වන්නේ.

1.jpg

 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
..වෙළද නැවක් නිසා වස්තුව එහෙම තියෙන්න ඇති පට්ට වටින :shocked:..

ඔව්. ඒවායේ විස්තර ගවේෂණ වලදී ඉස්සරහට හෙළිවෙයි