අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංගŢ
අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංගුයි
වාහන සඳහා පසුගිය වසර පහක කාලසීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති නම් එම වාහන ධාවනයේ නොමැති වාහන ලෙස සලකා ඒවාට අදාළ ලිපුගොනු ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක අධීක්ෂණය යටතේ එම ලිපිගොනු ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
දැනට භාවිතයේ නොමැති මෝටර් රථවලට අදාළ සියලු ලිපිගොනු විධිමත් අයුරින් ඉවත් කොට, නව ලිපිගොනු ගබඩා කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීමට මෙමගින් යෝජනා වී ඇත.
එමෙන්ම මතෛක් අවසන් නොවූ විවිධ නීතිමය කටයුතුවලට අදාළ වාහන ලිපිගොනු කිසිවක් මේ යටතේ බැහැර නොකළ යුතු බවටද මෙහිදී තීරණය කර තිබේ.
2008 වර්ෂයේ සිට ඉකුත් 2017 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහනවල සංඛ්‍යාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බවද මෙහිදී අනාවරණය වී ඇත.
ඒ අනුව 2008 දී 3,81,448 ක් වූ මෝටර් කාර් රථ සංඛ්‍යාව 2017 ඔක්තෝබර් වන විට 7,49,797 දක්වා ඉහළ ගොස් ඇත. ත්‍රිරෝද රථ සංඛ්‍යාව 4,06,531 සිට 1135765 දක්වා දක්වා වැඩිවී තිබේ. මෝටර් සයිකල් ලියාපදිංචි සංඛ්‍යාව 1760600 සිට 3990505 දක්වා වැඩිවී ඇති අතර බස් රථ ලියාපදිංචිය 81050 සිට 106804 දක්වා වැඩිවී තිබේ.
ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව එලෙස වාර්ෂිකව ඉහළ යාමට සමගාමීව දෙපාර්තමේන්තුව තුළ පවතින වාහන ලිපිගොනු සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.
ලිපිගොනු ගබඩා කිරීම සඳහා දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සිව්මහල් ලේඛනාගාර ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පැවැතියද එහි ගබඩා කළ හැකි උපරිම ලිපිගොනු සංඛ්‍යාවද මිලියන 3.5 ක් පමණක් වේ.
ගයාත්‍රි ගීගනආරච්චි

wisheshyen parana lori bus van