ඇත්තටම කීර්තිය ලැබෙද්දි කිසියම් සතුටක් දැනෙනවා තමයි. ඒක ස්වභාවිකයි. ඒත් අපි දැන ගන්න ඕන දේ තමයි සියළු දේම අනිත්යදයි කියන බව. මේ කීර්තිය ප්‍රසිද්ධිය ඇතිවෙනවා වගේම පවතින්නේ නෑ. නැතිවෙලා යනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි අනිත්‍ය තාවය මෙ ලොව පවත්නා හැම දේකටම අයත් නිසා.
කොහොමද අපකීර්තිය ගැන ඔයාලා හිතන්නේ? අපි ඒ ගැන අහන්නවත් කැමති නෑ නේද? අපි අන් අයට අපකීර්තියක් වෙන දේ කියන්න අහන්න කැමති වුනාට අපිට එහෙම වෙන දෙයක් ගැන අහන්න කැමති නෑ කොහොමවත්. ඒකනේ අපේ දෙමව්පියො හැම තිස්සෙම දරුවන්ට කියන්නේ අපි හදා ගෙන තියෙන හොඳ නම උඔලා විනාෂ කරලා දාන්න එපා කියලා.
සාමාන්‍ය යෙන් හොඳ ගොඩනැගිල්ලක් හදන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. ඒ වුනත් අද තියෙන නවීන තාක්ෂණික උපක්‍රමත් එක්ක ඒ ගොඩනැගිල්ල කඩලා විනාශ කරලා දාන්න විනාඩි කීපයයි ගත වෙන්නේ. ඒ වගේම තමයි හොඳ කීර්ති නාමයක් ගොඩ නගා ගන්න කෙනෙක්ට ජීවිතෙන් හුඟ කාලයක් ගත කරන්න වෙනවා. ඒ කීර්ති නාමය කොයි මොහොතේ විනාශ වෙයිද කියලා කාටවත් කියන්න බෑ. අපි කෙනෙක් ගැන හොඳ කථා කරලා ඒත් මෙහෙමත් එයාගේ වැඩ තියෙනවානේ කියලා, ඒත් කියනකොටම ඒ ගොඩනගාගත්ත කීර්තිය අවසානයි. මතක තියා ගන්න බුදු කෙනෙක්ගේ ජීවිතයක් ගත කලත් මේ දේවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒකයි මේ ධර්මතාවන්ට ලෝක ධර්මතාවන් කියන්නේ.
බුද්ධ කාලේදී ඉඳපු ප්‍රසිද්ධම වගේම ජනප්‍රියම ගුරුවරයා තමයි බුදු හාමුදුරුවෝ. මේක ඉවසගන්න බැරිව තීර්ථකයෝ ගැහැණියක් සමග අනාචාරයේ හැසිරෙනවා කියලා චෝදනා කලා. ඒ වගේම ඒ ගෑණිවම මරල දාලා බුදු හාමුදුරුවෝ මිණී මැරුවා කියලා චෝදනා කලා.පෘථග්ජනයෝ ඒවා පිළිගත්තා වගේම උන්වහන්සේට, සංඝයාට නින්දා කලා.අපකීර්තියට පත් කලා. සමහර වෙලාවට සමහර අය බුදු හාමුදුරුවන් අපකීර්තියට පත් කලේ අම්මලාගෙන් දරුවෝ උදුරගන්නවා. ගැහැණුන්ගෙන් පිරිමි උදුරගන්නවා ආදී දේ කියලා. ඒ වගේම මේකට තියෙන හොඳම නිදර්ශනය තමයි දේවදත්ත. කොයිකරම් නම් දේවල් කලාද බුදුන්ව අපකීර්තියට පත් කරන්න. ඇත්තටම මරන්න පවා උත්සාහ කලානේ. අද වෙනකොට කොයි තරම් නම් ඉස්ලාම් අයයි ක්‍රිස්තියානි අයයි උන්වහන්සේව අපකීර්තියට පත් කරන්න හදනවාද. මේ තමයි අපි ජීවත් වන ලෝකයේ හැටි.
ඉතින් මෙලොව පහලවුන උතුම්ම ශ්රේෂටම පුද්ගලයාටත් එහෙමනම් අපි ගැන කවර කථාද?