අෂ්ට ලෝන ධර්මය (යස,අයස)

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


යස හා අයස

මීට කලින් දවසේ ලාභ අලාභ කියන ලෝක ධර්මතාවයන් ගැන කථා කල නිසා අද අපි යස අයස කියන ධර්මතාවයන් ගැන කථා කරමු. මේ දේවල් බුද්ධ කාලෙදිත් තිබුනා. අදත් තියෙනවා. හෙටත් තියේවි. ඒත් අපි හිතන්නේ අනේ අපිටමයි මේ හැම දේම,අපේ කරුමේ තමයි කියලා.නමුත් මේ ලෝක ධර්මතාවයන්ට ආගම් බේදයකින් තොරව හැම මිනිහෙක්ටම කොයිතරම් උගතෙක් වුනත් බුද්ධිමතෙක් වුනත් මුහුණ දෙන්න වෙනවා. මෙතනදි තියෙන වෙනස වෙන්නේ ඒ ඒ අය ඒ අවස්ථාවන්ට මුහුණ දෙන හැටියේ ඇති වෙනස විතරයි.

යස නැත්නම් කීර්තියට අපි හරි කැමතියි,ඒ නිසා බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපකීර්තිය නැත්නම් අයසට අපි කැමති නෑ. ඉතින් අපි ඒක අපිට ලැබෙනවාට අකමැතියි.පිළිගන්නේ මනස විකල් කරගෙන. නමුත් යස අයස කියන දෙකම මනුෂ්ය යෙක් වීම නිසාම උරුම වෙනවා.අපි කොයිතරම් නම් කැමතිද ප්රෙසිද්ධ වෙන්න. අපේ පින්තුරයක් පත්තරේක, ටී.වී. එකේ යනවාට. කොයි තරම් දේ ඒ වෙනුවෙන් මිනිස්සු කියනවාද කරනවාද? ප්රයසිද්ධිය ලබා ගන්න හොඳ ක්ර ම වගේම නරක ක්රනමත් අපි එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරනවානේ. ඇත්තම කියනවානම් ඒ වෙනුවෙන් නිරුවත් වෙන්න වත් සමහරු පැකිලෙන්නේ නෑ. සමහරු කීර්තිය ඇති කරගන්න පුදුම විදියට හාමුදුරුවන් සියය, දෙසියයකට දාන දෙනවා.නමුත් දුප්පත්කමින් දුකින් දුක් විඳින තමන්ගේ අසල්වැසියාව මේ අයට පෙනෙන්නේ නෑ. ඒ තමයි කීර්තිය කියන‍ දේ හැටි.

බොහෝ මිනිස්සුන්ට යටි අරමුණු තියෙනවා.ඒකනේ කියන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා. පරහිතකාමී තමා ගැන නොසිතා අන්යකන් වෙනුවෙන් වැඩ කරන අය බොහොම දුර්වලයි. අපිට කවුරු හොඳද කවුරු කවුරු නරකද කියලා ලේසියෙන් හොයන්න බෑ.

අපි කීර්තිය පසු පස යන්න අවශ්ය වෙන්නේ නෑ. අපිට කීර්තිය ලැබීමට සුදුසු නම් කීර්තිය අපිව සොයාගෙන එනවා. මල කවදාවත් බඹරාට ආරධනා කරන්නේ නැති වුනට ඒ මලේ පැණි නිසා බඹරා මලට එන බව අපි තේරුම් ගන්න ඕනා.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
ඇත්තටම කීර්තිය ලැබෙද්දි කිසියම් සතුටක් දැනෙනවා තමයි. ඒක ස්වභාවිකයි. ඒත් අපි දැන ගන්න ඕන දේ තමයි සියළු දේම අනිත්යදයි කියන බව. මේ කීර්තිය ප්‍රසිද්ධිය ඇතිවෙනවා වගේම පවතින්නේ නෑ. නැතිවෙලා යනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි අනිත්ය තාවය මෙ ලොව පවත්නා හැම දේකටම අයත් නිසා.

කොහොමද අපකීර්තිය ගැන ඔයාලා හිතන්නේ? අපි ඒ ගැන අහන්නවත් කැමති නෑ නේද? අපි අන් අයට අපකීර්තියක් වෙන දේ කියන්න අහන්න කැමති වුනාට අපිට එහෙම වෙන දෙයක් ගැන අහන්න කැමති නෑ කොහොමවත්. ඒකනේ අපේ දෙමව්පියො හැම තිස්සෙම දරුවන්ට කියන්නේ අපි හදා ගෙන තියෙන හොඳ නම උඔලා විනාෂ කරලා දාන්න එපා කියලා.

සාමාන්ය යෙන් හොඳ ගොඩනැගිල්ලක් හදන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. ඒ වුනත් අද තියෙන නවීන තාක්ෂණික උපක්‍රමත් එක්ක ඒ ගොඩනැගිල්ල කඩලා විනාශ කරලා දාන්න විනාඩි කීපයයි ගත වෙන්නේ. ඒ වගේම තමයි හොඳ කීර්ති නාමයක් ගොඩ නගා ගන්න කෙනෙක්ට ජීවිතෙන් හුඟ කාලයක් ගත කරන්න වෙනවා. ඒ කීර්ති නාමය කොයි මොහොතේ විනාශ වෙයිද කියලා කාටවත් කියන්න බෑ. අපි කෙනෙක් ගැන හොඳ කථා කරලා ඒත් මෙහෙමත් එයාගේ වැඩ තියෙනවානේ කියලා, ඒත් කියනකොටම ඒ ගොඩනගාගත්ත කීර්තිය අවසානයි. මතක තියා ගන්න බුදු කෙනෙක්ගේ ජීවිතයක් ගත කලත් මේ දේවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒකයි මේ ධර්මතාවන්ට ලෝක ධර්මතාවන් කියන්නේ.

බුද්ධ කාලේදී ඉඳපු ප්‍රසිද්ධම වගේම ජනප්‍රියම ගුරුවරයා තමයි බුදු හාමුදුරුවෝ. මේක ඉවසගන්න බැරිව තීර්ථකයෝ ගැහැණියක් සමග අනාචාරයේ හැසිරෙනවා කියලා චෝදනා කලා. ඒ වගේම ඒ ගෑණිවම මරල දාලා බුදු හාමුදුරුවෝ මිණී මැරුවා කියලා චෝදනා කලා.පෘථග්ජනයෝ ඒවා පිළිගත්තා වගේම උන්වහන්සේට, සංඝයාට නින්දා කලා.අපකීර්තියට පත් කලා. සමහර වෙලාවට සමහර අය බුදු හාමුදුරුවන් අපකීර්තියට පත් කලේ අම්මලාගෙන් දරුවෝ උදුරගන්නවා. ගැහැණුන්ගෙන් පිරිමි උදුරගන්නවා ආදී දේ කියලා. ඒ වගේම මේකට තියෙන හොඳම නිදර්ශනය තමයි දේවදත්ත. කොයිකරම් නම් දේවල් කලාද බුදුන්ව අපකීර්තියට පත් කරන්න. ඇත්තටම මරන්න පවා උත්සාහ කලානේ. අද වෙ‍නකොට කොයි තරම් නම් ඉස්ලාම් අයයි ක්‍රිස්තියානි අයයි උන්වහන්සේව අපකීර්තියට පත් කරන්න හදනවාද. මේ තමයි අපි ජීවත් වන ලෝකයේ හැටි.

ඉතින් මෙලොව පහලවුන උතුම්ම ශ්‍රේෂටම පුද්ගලයාටත් එහෙමනම් අපි ගැන කවර කථාද?
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


ඔයාලා ඉහලට යන්න යන්න ඔයාලා දිහා සැකෙන් බලන පිරිස වැඩි වෙනවා. ඔයාලා කරන්නේ මොනවාද කියලා හුඟක් අවධානයෙන් ඒ අය ඉන්නේ. එයාලාට පේන්නේ ඔයාලාගේ පිටිපස්ස පැත්ත විතරයි,මොකද ඔයාලා ඉස්සරහට යන නිසා. ඔයාලා කරන හොඳ වැඩ අමතක කරන ලෝකයා මතු කරන්නේ ඔයාලගේ නරක වැඩක්ම තමයි. ඇතා හෝ නැතා.

ඒ වගේ වෙලාවලදි දුර්වල වෙන්න එපා. මතක තියාගන්න බුදුහාමුදුරුවන්ටත් එහෙම උන බව.ඒත් බුදු හාමුදුරුවෝ එක මොහොතක් වත් වෙනස් වුනේ නෑ. තමන්ගේ වැඩ පිලිවෙල ඉදිරියටම කරගෙන ගියා.කාටවත් ගහන්න බනින්න ගියේ නෑ තමන්ව අපකීර්තියට ලක් කරනවා කියලා. අපිත් ඒ විදියටම ‍අපේ ගමන ඉස්සරහටම යමු.

ඔයාලාට කවුරු හරි අපකීර්තියක් කරන්නේ ඔයාලාව රිද්දවන්න.ඉතින් තමන්ට වෙච්ච අපකීර්තිය නිවරදි කරන්න දත කන කොට ඒ අය දන්නවා අපිට රිදුනා තමයි කියලා. ඒ අයටත් ඕනා ඒකම තමයි. ඒ නිසා තමන්ට වැරදි දේවල් කියලා හිනාවෙනකොට ඒ දේ නිවරදි කරන්න යන්න උත්සහ කරන්න එපා අවශ්ය ම වෙලවෙදි හැර.

මතක තියා ගන්න.
• අන් අයගේ වැරදි පෙනෙද්දි අන්ධයෙක් වගේ හැසිරෙන්න.

• අන් අය ගැන විවේචන ඇසෙද්දි බීරි පුද්ගලයෙක් වගේ හැසිරෙන්න.

• අන් අයගේ දොස් කථා කරද්දි ගොළුවෙක් වගේ හැසිරෙන්න.

• වැරදි චෝදනා ප්‍රවෘත්ති වලට තිත තියන එක අමාරු බව මතක තියා ගන්න.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
ලෝකය කටු පඳුරු වලින් පිරිලා තියෙන්නේ. ඒවා අයින් කරන එක ඒ තරම්ම ලේසි දෙයක් නොවෙයි. නමුත් අපිට පුළුවන් ඒ කටු ඇන ගන්නේ නැතිව ඇවිදින්න හොඳ සපත්තු දෙකක් දාගෙන.ඒක ඒ කටු අහක් කරනවාට වඩා ඵලදායි වගේම කරදරයකුත් නෑනේ.

ධර්මයෙන් ඔබට ඒ නිසා මේ විදියට උගන්වනවා.

• ශබ්දයන් ඇහෙද්දි සිංහයෙක් වගේ වෙන්න.

• දැලක නොපැටලෙන සුළඟ වගේ වෙන්න.

• මඩේ හැදුනත් මඩ නොගෑවෙන නෙළුමක් වගේ වෙන්න.

• තනියෙන් හැසිරෙන්න.

• සිංහයා කැලේ රජා.ඌ කාටවත් බය නෑ.ස්වභාවයෙන්ම වෙනත් සතුන්ගේ කෑ ගැසීම් වලට උන් බය නෑ. ඒ වගෙම අනිත් අය අපි ගැන මොන මොන දොස් කියලා අපකීර්තියට පත් කරන්න හැදුවත් ඒ ගැන හිතන්න යන්න එපා.වැයවෙන්නෙ ඔයාලගේ වටිනා කාලය.

• බල්ලෝ කොයි තරම් බිරුවත් කඳු කවදාවත් පාත් වෙන්නේ නෑ.

• මලුත් එක්කම ගලුත් අපි වෙත එන්න පුළුවන් බව මතක තියා ගන්න.

• අපි එන්නේ තනියම වගේම අපි යන්නේ තනියම. ඒ නිසා වැඩිය බැඳීම් ඇති කරගන්න එපා. බැඳීම් වැඩි වෙන තරමට අපි ගැන වෙන කථා බහද වැඩි වෙනවා.නොබැ‍ාඳෙන තරමට සැනසීමත් වැඩියි යාළුවනේ.

• මෝඩ මිනිස්සු අපි ගැන මොනවා කිවුවත් අපි ඒ ගැන හිතන්නේ නැතිව ඒ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරමු. ඒ මෝඩ මිනිස්සු කැමති දෙයක් කියා ගත්තාවේ.

•ශ්‍රේෂ්ට මිනිස්සුන්ව මරල දාන එක පුදුමයක් ‍නොවන බවත් මතක තියා ගන්න. සොක්ර්ටීස්ට වස දුන්නා.ජේසු තුමාව කුරුසියේ ඇණ ගැහැව්වා. ගාන්ධි තුමාට වෙඩි තිබ්බා. එහෙමනම් අපි හොඳ වෙන එක බයානකයි වගේ නේද කියලා ඔයාලට හිතෙයි. ඔව් ඇත්තෙන්ම ඔව්. ජීවත් වෙද්දි මරල දානවා.මරණෙන් පස්සෙදි ශ්‍රේෂ්ටත්වයට පත් කරගන්නවා. මේ තමයි ලෝකේ හැටි. ඒ බව තේරුම් අරගන්න.

ශ්‍රේෂ්ට මිනිස්සු කීර්තියේදි වුනත් අපිකීර්තියෙදි වුනත් වෙනස් වෙන්නේ නෑ. තමන්ගේ වැඩ ගැන වුනත් නම ගැන වුනත් වෙන ‍විවේචනයන්ට ඒ අය බය වෙන්නේ නෑ. අන්යන් තමන්ගෙන් වෙන සේවාව හඳුන ගත්තත් නැතත් ඒ අයගේ වෙනසක් වෙන්නේ නෑ. මේ බව තේරුම් අරන් යස අයස කියන ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න. අධිෂ්ඨාන හා වීර්යය පාරමිතා සම්පූර්ණ කරන්න මේ අවස්ථාවක් කරගන්න. නිවන් දකින්න නම් අපි ඒ පාරමිතා සම්පූර්ණ කල යුතුමයි. මේ බව තේරුම් අරන් ජීවත් වෙන්න.ඇත්තම කිව්වොත් ශ්‍රේෂ්ටයන්ට ගස හිටවනවා විතරයි ඒ අයට ඒ ගසේ ගෙඩි කන්න අයිතියක් නෑයි කියලා මතක තියා ගන්න.

ඔබ සැමට උතුම්වූ නිර්වාණ සම්පත් අවබෝධයට ශක්තිය ලැබේවා.