Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අෂ්ඨ ලෝක ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ලාභො අලාභො අයසො යසො ච

නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං

එතෙ අනිච්චා මනුජෙසු ධම්මා

අසස්සතා විප්පරිණාම ධම්මා”

ලාභය ය, අලාභය ය, යසස ය, අයසස ය, නින්දාව ය, ප්රශංසාව ය, සැපයය, දුක යන මේ ධර්ම අටට ලෝක ධර්ම යයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසකු කරා ම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති. චක්රක් සේ කැරකෙන ඒ ධර්මයන් ගේ පැමිණීම අවස්ථාවෙන් අවස්ථාවට සිදුවන නිසා සාමාන්ය මිනිසකුට තබා සිටුවරයකුට රජ කෙනකුට වුව ද සෑම කල්හි එක් තත්ත්වයෙන් ම වාසය කරන්නට නො ලැබේ.

ලෝක ධර්මයන් අතුරෙන් ලාභය යනු ආහාර පාන වස්ත්ර මිල මුදල් ආදිය ලැබීම ය. අලාභය යනු ලැබූ දෑ නැති වී යෑම හා ඉදිරියට නොලැබී යෑම ය. කලෙක බොහෝ ලාභ ඇති ව පොහොසත්ව සිටින තැනැත්තා කරා කලක දී අලාභය පැමිණෙන්නේ ය. කලක් අලාභයෙන් හෙවත් දිළිදුකමින් පීඩිත තැනැත්තා කරා කලෙක ලාභය පැමිණෙන්නේ ය. මෙසේ මිනිසාට ලාභාලාභ දෙක චක්රයක් සේ කැරකෙන්නේ ය.

යසසය යනු තමා හා එක් ව හැසිරෙන තමාගේ කටයුතුවලට සහභාගී වන පිරිසය. අයසසය යනු එබඳු පිරිසක් නැති බව ය. කලෙක මහ පිරිසක් ඇති ව සිටි තැනැත්තේ කලෙක මඳ පිරිසක් ඇතියෙක් හෝ තනි වූවෙක් හෝ වේ. තමා අනුව හැසිරෙන කිසිවකු නැති ව තනි ව සිටි තැනැත්තා හට කලෙක මහපිරිස් ඇති වේ. මෙසේ යසායස දෙක චක්රයක් සේ මිනිසා කරා වරින් වර පැමිණේ. කීර්ති අපකීර්ති දෙකට ම යසායස යයි කියනු ලැබේ.

කලෙක බොහෝ දෙනාගෙන් ගැරහුම් ලබමින් විසූ තැනැත්තේ කලෙක බොහෝ දෙනාගෙන් පැසසුම් ලබන්නේ ය. කලෙක පැසසුම් ලැබූ තැනැත්තේ නැවත කලෙක ගැරහුම් ලබන්නේ ය. මෙසේ නින්දා ප්රශංසා දෙක වරින් වර මිනිසා කරා පැමිණේ.

කලෙක සැප සේ විසූ තැනැත්තා කරා කලෙක දුක් පැමිණෙන්නේ ය. කලෙක දුකින් විසූ තැනැත්තා කරා කලෙක සැප පැමිණෙන්නේ ය. මෙසේ සුව දුක් දෙක වරින් වර මිනිසා කරා පැමිණේ.

ලෝක ධර්මයන්ට අනුව පෙළෙන මිනිසා විසින් ඒවා පිළිබඳ මනා දැනුමක් ඇති ව විසිය යුතු ය. ලෝක ධර්මයන්ගේ තතු නොදත් නුවණ මඳ පුද්ගලයා ලාභය ය, පිරිවර ය, ප්රශංසාව ය, සැපය ය යන ඉෂ්ට ලෝකධර්මයන් ලබා සිටින අවස්ථාවේ දී ඒවා නිසා උඩඟු වී තමා උසස් කොට ද අන්යයන් පහත් කොට ද සිතති. ඒවායින් මත් ව නොයෙක් නො මනා කම් කොට දෙලොවින්ම පිරිහෙති. අලාභය ය, පිරිස් නැති බවය, නින්දාව ය, දුකය යන නො මනා ධර්මයන්ට මුහුණ පාන්නට වූ අවස්ථාවේ දී බොහෝ තැවෙන්නේ ය. අන්යයන්ට වෛර කරන්නේ ය. අන්යයන්ට ඊර්ෂ්යා කරන්නේ ය. එසේ කොට දෙලොවින් ම පිරිහීමට පැමිණෙන්නේ ය. ලෝක ධර්මයන්ගේ සැටි තේරුම් ගත් තැනැත්තා විසින් ලාභාදිය ලබා සිටින අවස්ථාවේ දී ඒවායේ ඇති අස්ථිර ස්වභාවය පෙරලෙන ස්වභාවය සලකා උඩඟු නො වන්නේ ය. මත් නො වන්නේ ය. ලාභාදිය නැතියන් පහත් කොට නො සිතන්නේ ය එසේ ම ලාභාදියෙන් තොර ව වාසය කරන කාලයේ දී එය ගැන ශෝක නො කරන්නේ ය. ලාභාිය ඇතියන්ට ක්රෝධ ඊර්ෂ්යා නො කරන්නේ ය. දුප්පත්කම නිසා නො මනාකම් නො කරන්නේ ය. තමා පහත් කොට ද නො සිතන්නේ ය. ලාභාදිය ඇතියවුන් උසස් කොට ද නො සිතන්නේ ය. මෙසේ ලෝක ධර්මයන් ගැන මැදහත් ව සිත නුවණැති මිනිසා දෙලෝ වැඩ සිදුකර ගන්නේ ය. ලෝක ධර්මයන් කෙරෙහි සම ව පැවැත්ම උසස් අදහස් ඇති උත්තම පුද්ගලයන් ගේ ස්වභාවයකි. ලෝක ධර්මයන් නිසා උඩඟු වීම හා ශෝක කිරීම හීනයන්ගේ ස්වභාවයකි.

ලෝක ධර්මයන් කෙරෙහි සැලකිය යුතු කරුණු

“ධම්මෙන ච අලාභො යො

යො ච ලාභො අධම්මිකො

අලාභො ධම්මිකෝ සෙය්යො

යං චෙ ලාභො අධම්මිකො”

“ධර්මයෙන් වන්නා වූ අලාභය ය. අධර්මයෙන් වන්නා වූ ලාභය ය යන මේ දෙකින් අධර්මයෙන් වන ලාභයට වඩා ධාර්මික අලාභය ම උතුම් ය” යනු එහි අදහස ය.

“යසො ච අප්පබුද්ධීනං

විඤ්ඤූනං අයසො ච යො

අයසො ච සෙය්යො විඤ්ඤූනං

න යසො අප්පබුද්ධිතං”

“මන්දබුද්ධිකයන් නිසා වන කීර්තිය ය, නුවණැතියන් නිසා වන අපකීර්තිය ය යන දෙකින් මන්දබුද්ධිකයන් නිසා ලබන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය ම උතුම් ය” යනු එහි අදහසයි.

“දුම්මෙධෙහි පසංසා ච

විඤ්ඤූහි ගරහා ච යා,

ගරහා ච සෙය්යො විඤ්ඤූනං

යං චෙ බාලප්පසංසනා”

“අඥයන් විසින් කරන ප්රශංසාව ය, විඥයන් විසින් කරන ගර්හාවය යන දෙකින් බාලයන්ගේ ප්රශංසාවට වඩා විඥයන්ගේ ගර්හාව ම උතුම් වන්නේ ය” යනු එහි තේරුමයි.

“සුඛං ච කාමමයිකං

දුක්ඛඤ්ච පවිවෙකියං

පවිවෙකියං දුක්ඛං සෙය්යො

යං චෙ කාමමයං සුඛං”

“කාමසුඛය ය, විවේකයෙන් වන දුක ය යන දෙකින් කාම සුඛයට වඩා විවේකයෙන් වන දුක ම උතුම් ය” යනු එහි තේරුමයි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග්ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න.

Source : https://www.facebook.com/DedunnaPage/photos/a.707446955946525/2623559691001899/?type=3&theater

[QUOTE="dragon119, post: 24639082, member: 565636"] [SIZE="4"]“ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විප්පරිණාම ධම්මා” ලාභය ය, අලාභය ය, යසස ය, අයසස ය, නින්දාව ය, ප්රශංසාව ය, සැපයය, දුක යන මේ ධර්ම අටට ලෝක ධර්ම යයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසකු කරා ම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති. චක්රක් සේ කැරකෙන ඒ ධර්මයන් ගේ පැමිණීම අවස්ථාවෙන් අවස්ථාවට සිදුවන නිසා සාමාන්ය මිනිසකුට තබා සිටුවරයකුට රජ කෙනකුට වුව ද සෑම කල්හි එක් තත්ත්වයෙන් ම වාසය කරන්නට නො ලැබේ. ලෝක ධර්මයන් අතුරෙන් ලාභය යනු ආහාර පාන වස්ත්ර මිල මුදල් ආදිය ලැබීම ය. අලාභය යනු ලැබූ දෑ නැති වී යෑම හා ඉදිරියට නොලැබී යෑම ය. කලෙක බොහෝ ලාභ ඇති ව පොහොසත්ව සිටින තැනැත්තා කරා කලක දී අලාභය පැමිණෙන්නේ ය. කලක් අලාභයෙන් හෙවත් දිළිදුකමින් පීඩිත තැනැත්තා කරා කලෙක ලාභය පැමිණෙන්නේ ය. මෙසේ මිනිසාට ලාභාලාභ දෙක චක්රයක් සේ කැරකෙන්නේ ය. යසසය යනු තමා හා එක් ව හැසිරෙන තමාගේ කටයුතුවලට සහභාගී වන පිරිසය. අයසසය යනු එබඳු පිරිසක් නැති බව ය. කලෙක මහ පිරිසක් ඇති ව සිටි තැනැත්තේ කලෙක මඳ පිරිසක් ඇතියෙක් හෝ තනි වූවෙක් හෝ වේ. තමා අනුව හැසිරෙන කිසිවකු නැති ව තනි ව සිටි තැනැත්තා හට කලෙක මහපිරිස් ඇති වේ. මෙසේ යසායස දෙක චක්රයක් සේ මිනිසා කරා වරින් වර පැමිණේ. කීර්ති අපකීර්ති දෙකට ම යසායස යයි කියනු ලැබේ. කලෙක බොහෝ දෙනාගෙන් ගැරහුම් ලබමින් විසූ තැනැත්තේ කලෙක බොහෝ දෙනාගෙන් පැසසුම් ලබන්නේ ය. කලෙක පැසසුම් ලැබූ තැනැත්තේ නැවත කලෙක ගැරහුම් ලබන්නේ ය. මෙසේ නින්දා ප්රශංසා දෙක වරින් වර මිනිසා කරා පැමිණේ. කලෙක සැප සේ විසූ තැනැත්තා කරා කලෙක දුක් පැමිණෙන්නේ ය. කලෙක දුකින් විසූ තැනැත්තා කරා කලෙක සැප පැමිණෙන්නේ ය. මෙසේ සුව දුක් දෙක වරින් වර මිනිසා කරා පැමිණේ. ලෝක ධර්මයන්ට අනුව පෙළෙන මිනිසා විසින් ඒවා පිළිබඳ මනා දැනුමක් ඇති ව විසිය යුතු ය. ලෝක ධර්මයන්ගේ තතු නොදත් නුවණ මඳ පුද්ගලයා ලාභය ය, පිරිවර ය, ප්රශංසාව ය, සැපය ය යන ඉෂ්ට ලෝකධර්මයන් ලබා සිටින අවස්ථාවේ දී ඒවා නිසා උඩඟු වී තමා උසස් කොට ද අන්යයන් පහත් කොට ද සිතති. ඒවායින් මත් ව නොයෙක් නො මනා කම් කොට දෙලොවින්ම පිරිහෙති. අලාභය ය, පිරිස් නැති බවය, නින්දාව ය, දුකය යන නො මනා ධර්මයන්ට මුහුණ පාන්නට වූ අවස්ථාවේ දී බොහෝ තැවෙන්නේ ය. අන්යයන්ට වෛර කරන්නේ ය. අන්යයන්ට ඊර්ෂ්යා කරන්නේ ය. එසේ කොට දෙලොවින් ම පිරිහීමට පැමිණෙන්නේ ය. ලෝක ධර්මයන්ගේ සැටි තේරුම් ගත් තැනැත්තා විසින් ලාභාදිය ලබා සිටින අවස්ථාවේ දී ඒවායේ ඇති අස්ථිර ස්වභාවය පෙරලෙන ස්වභාවය සලකා උඩඟු නො වන්නේ ය. මත් නො වන්නේ ය. ලාභාදිය නැතියන් පහත් කොට නො සිතන්නේ ය එසේ ම ලාභාදියෙන් තොර ව වාසය කරන කාලයේ දී එය ගැන ශෝක නො කරන්නේ ය. ලාභාිය ඇතියන්ට ක්රෝධ ඊර්ෂ්යා නො කරන්නේ ය. දුප්පත්කම නිසා නො මනාකම් නො කරන්නේ ය. තමා පහත් කොට ද නො සිතන්නේ ය. ලාභාදිය ඇතියවුන් උසස් කොට ද නො සිතන්නේ ය. මෙසේ ලෝක ධර්මයන් ගැන මැදහත් ව සිත නුවණැති මිනිසා දෙලෝ වැඩ සිදුකර ගන්නේ ය. ලෝක ධර්මයන් කෙරෙහි සම ව පැවැත්ම උසස් අදහස් ඇති උත්තම පුද්ගලයන් ගේ ස්වභාවයකි. ලෝක ධර්මයන් නිසා උඩඟු වීම හා ශෝක කිරීම හීනයන්ගේ ස්වභාවයකි. ලෝක ධර්මයන් කෙරෙහි සැලකිය යුතු කරුණු “ධම්මෙන ච අලාභො යො යො ච ලාභො අධම්මිකො අලාභො ධම්මිකෝ සෙය්යො යං චෙ ලාභො අධම්මිකො” “ධර්මයෙන් වන්නා වූ අලාභය ය. අධර්මයෙන් වන්නා වූ ලාභය ය යන මේ දෙකින් අධර්මයෙන් වන ලාභයට වඩා ධාර්මික අලාභය ම උතුම් ය” යනු එහි අදහස ය. “යසො ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසො ච යො අයසො ච සෙය්යො විඤ්ඤූනං න යසො අප්පබුද්ධිතං” “මන්දබුද්ධිකයන් නිසා වන කීර්තිය ය, නුවණැතියන් නිසා වන අපකීර්තිය ය යන දෙකින් මන්දබුද්ධිකයන් නිසා ලබන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය ම උතුම් ය” යනු එහි අදහසයි. “දුම්මෙධෙහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා, ගරහා ච සෙය්යො විඤ්ඤූනං යං චෙ බාලප්පසංසනා” “අඥයන් විසින් කරන ප්රශංසාව ය, විඥයන් විසින් කරන ගර්හාවය යන දෙකින් බාලයන්ගේ ප්රශංසාවට වඩා විඥයන්ගේ ගර්හාව ම උතුම් වන්නේ ය” යනු එහි තේරුමයි. “සුඛං ච කාමමයිකං දුක්ඛඤ්ච පවිවෙකියං පවිවෙකියං දුක්ඛං සෙය්යො යං චෙ කාමමයං සුඛං” “කාමසුඛය ය, විවේකයෙන් වන දුක ය යන දෙකින් කාම සුඛයට වඩා විවේකයෙන් වන දුක ම උතුම් ය” යනු එහි තේරුමයි. මතු සම්බන්ධයි! රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග්ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න. [/SIZE] Source : [url]https://www.facebook.com/DedunnaPage/photos/a.707446955946525/2623559691001899/?type=3&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom