අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරි යැයි පවසන අනුරාධපුරයේ චීවරධාරියකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ අනුව, වරද පිළිගෙන ඇති මෙම චීවරධාරියාට රු. 2500ක දඩ මුදලක්ද, වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දි මුදලක්ද නියම කරන ලෙස නියෝග කළා.
අදාල දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලීහිල් වැඩ සහිත සිර දඬුවමක් හිම විය යුතු බවද නියම කළා.
කෙසේවෙතත් අසභ්‍ය වීඩියෝ දර්ශන වට්සැප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියේ යන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, ඉදිරිපත් වූ කරුණුවලට අනුව, සැකකාර හිමිනම සහ පැමිණිලිකාරිය වට්සැප් මඟින් හඳුනාගෙන අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා හිමිනම විසින් පැමිණිලිකාරියට ආරාධනා කර ඇති බවයි.
කිහිපවරක් අනුරාධපුරේ වන්දනා කළ පැමිණිලිකාරිය සිය සැමියා සමග සැකකාර හිමිනමගේ පන්සලේ ඇති කබානාවල නවාතැන් ගෙන ඇති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.
එහිදී දෙදෙනා සමග හෝටල් සහ පෞද්ගලික නිවසක නවාතැන් ගනිමින් සබඳතා පවත්වා ගත් බවත් හෙළිවී තිබෙනවා.
පසුව ඔවුන් දෙදෙනාගෙ සබඳතාවය විරසක වීමෙන් පසුව හිමිනම වීඩියෝ දර්ශන පැමිණිලිකාරියගේ සැමියා වෙත වට්සැප් හරහා යොමු කර තිබෙනවා.
දෙදෙනා සමග කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය බවට පවසන අධිකරණයට ඉදිරිපත් කළ හිමිනම කියා සිටියේ, අදාළ ප්‍රේම සම්බන්ධය පැමිණිලිකාරියගේ සැමියා දන්නා බවත්, තමන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඊට වරද පිළිගැනීමට සූදානම් බවයි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ, මෙම කිසිවක් පැමිණිලිකාරයගේ සැමියා නොදන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් අදාළ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව සැමියාගේ ජීවිතය කළකිරී ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමිනම පැමිණිල්ලක් ගොනු කරහොත් වරද පිළිගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කරමින් මුදා හරින ලෙසට නියෝග කළා.
අදාල ඇප තැබීමට නොහැකි වූ සැකකාර හිමිනම දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබුවා.
පසුව මෙම නඩුව අද දිනයේදී යළි කැඳවූ අතර අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කළ අතර එම නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මාස හයක ලිහිල් වැඩ සහිතව සිරදඬුවමක් නියම කළා.