ලස්සනයි අක්කේමිනිස් සම්බන්ධතා කියන්නේ හරි පුදුම දෙයක්. මේ හැමදේටම මුල සීමාවක් නොදැනීම කියලයි හිතෙන්නේ
හැමෝම එක්ක සුහදව සිනහවෙන් ඉඳලා මානව සම්බන්ධතාවල සුන්දරත්වය විඳින්න පුළුවන් නම් සීමාවල් ඉක්මවා යන්නේ නැතුව, එතන ජීවිතේ විතරක් නෙවේ මුළු සමාජයම ලස්සනයි.
ඔයාගේ කවි සිතුවිල්ලට මගේ අදහස දැම්මේ. කවියක් ලියපු කෙනාට ඒකට ලැබෙන විචාරය වටින නිසා![]()
ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙ අදහසට. සීමාවන් ඉක්මවා යන්න මම දකින එක හේතුවක් තමයි හැගීම් පාලනය කර නොගැනීම. අනික් අතට විවාහය කියන බැම්මෙන් බැදෙන්න කලියෙන් දෙපාර්ශවය විසින් තමන්ගෙ රුචි අරුචි කම් හරි හැටි හදුනා නොගැනීම. එහෙම උනාම තමයි විවාහයෙ අතර මැදදි ජීවිත කඩා වැටෙන තැනට පත් වෙන්නෙ.අසම්මත ප්‍රේමයට මගෙ අර්ත දැක්වීම් දෙකක් තියනවා. එකක් රාගික ආශාවන් වෙනුවෙන් සම්මතයට පටහැනි වෙන එක. අනිත් එක තමා බලාපොරොත්තු වෙන ප්‍රේමය, දයාව, කරුනාව, රැකවරනය තමන්ගෙ සහකරු හෝ සහකාරියගෙන් නොලැබී යාමෙන් සම්ම්තයට පටහැනි වෙන එක.
මිනිස් සම්බන්ධතා කියන්නේ හරි පුදුම දෙයක්. මේ හැමදේටම මුල සීමාවක් නොදැනීම කියලයි හිතෙන්නේ