අසහාය මිනිසෙකුගේ කතාවක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසහාය මිනිසෙකුගේ කතාවක්

    "මිනිසෙකුගේ බුද්ධිය ඥානය වැඩෙද්දී ඔහුගේ අධ්‍යාත්මික ගුණාංග හා සදාචාරයද ඊට සමගාමිව සංවර්ධනය වේ". යයි සොක්‍රටීස් වරෙක පැවසීය. මමත්වය රජයන , හිස් මිනිසුන්ගෙන් පිරි ඇති වර්තමාන ලෝකයේ සොක්‍රටීස් දුටු මිනිසෙකු ඉන්දීය සමාජයේදී අපට හමුවේ. මේ ඔහු පිළිබද සංක්ෂිප්ත සටහනකි. ඔහුගේ ජාති හා ආගම්වාදී ආකල්පයන් බැහැර කර , සමාජ හිත සුව පිණිස ගන්නා අප්‍රතිහත උත්සාහය පමණක් ඇගයුමට ලක් කරමි.

    මිනිසා දැනුමින් පන්නරය ලබන විට මාන්නය පසෙක ලා පොදු යහපත වෙනුවෙන් පෙනී සිටි. සැබෑ ප්‍රාඥයින් අපට මුණ ගැසෙන්නේ එවිටයි . නමුත් ලෝකයේ අප දකින නමට මුලින් පට්ටන්තර ගණනාවක් ඇති උගතුන් යැයි සමාජය තුල පොදු පිළිගැනීමකට ලක්වන මිනිසුන් සැබෑ ලෙසම උගත් දෙයක් නොමැති බව පෙනෙන්නේ , ඔහු හෝ ඇයගේ ප්‍රායෝගිකත්වය තුලය. මේ චායාරුපයේ ඔබ දකින්නේ ඉන්දියාවේ බලගතුම චරිතය වන නරේන්ද්‍ර මෝඩි සමග ගමන් ගන්නා සරල මිනිසෙකි. බැලු බැල්මට හද්දා ගොඩයෙකු ලෙස කෙනෙකුගේ අවඥාවට ලක්වන චරිතයක් සේ පෙනිය හැක. එක්කෝ මහලු ගොවියෙකු ලෙස අයෙකුට පෙනෙනු ඇත. නමුත් දැනට 85 වන වියේ පසුවන මොහු ලොවම කතා බහ කල විශ්වීය මිනිසෙකි. ඔහු නමින් මහාචාර්ය Sambhaji Bhide ය. ඉන්දියාවේ පුනේ නගරයේ පිහිටි prestigious Fergusson college හි න්‍යෂ්ඨික විද්‍යාව පිලිබඳ කීර්තිමත් මහාචාර්ය වරයෙකු ලෙස සේවය කර ඇත. න්‍යෂ්ඨික විද්‍යාව වෙනුවෙන් ලැබෙන ඉහලම සම්මානයක් වන රන් පදක්කමද (M.Sc in Physics ) දිනාගත් ඔහු , ඇමෙරිකාවේ නාසා ආයතනයේ මෙන්ම පෙන්ටගනයේ ද උපදේශක තනතුරක් දරු එකම ඉන්දියානුවාය. වසරක ගණනාවක තම ශාස්ත්‍රීය ජීවිතයට විරාමයක් තබමින් දැවෙන සමාජ අර්බුධයට සිසිලසක් වීමට තම දිවිය කැප කරන ලදී.

    ඉන්දියාවේ යාවේ මහාරාෂ්ට ප්‍රාන්තය යනු අධික ජනගහනයක් මෙන්ම දැඩි සමාජ ආර්ථික විෂමාතාවයන්ට ලක්වුණු ප්‍රදේශයකි. ලෝකයේ විශාලතම මුඩුක්කු පරිසරයද පිහිටා ඇත්තේද ප්‍රාන්ත අගනුවර වන මුම්බායි නගරයේය. ඉන්දියාවේ අති විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටින්නේද මෙම ප්‍රදේශය මුලික කොටගෙන බව සමීක්ෂණ වාර්තා හෙළි කර තිබුණි. 2002 වසරේදී ඔහු ගේ මුලිකත්වයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉන් මුදවා ගැනීම උදෙසා විසඳුම් ´සෙවීමට උත්සහ ගනු ලැබිය.ඒ වෙනුවෙන් ගොඩ නගා ගත් සංවිධානය හඳුන්වනු ලබන්නේ Shiv Pratishthan ලෙසය. තරුණ තරුණියන් ලක්ෂ දහයක් එනම් මිලියනයක් පමණ මේ වන විට ඔහුගේ මග ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමට සමත් වී ඇත. මහාරාෂ්ට ප්‍රාන්තයේ බලගතුම මිනිසා බවට පත්ව ඇති මහාචාර්ය Sambhaji Bhide වටා ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් එක්ව සිටි. කිසිදු දේශපාලඥකුට හිස නොනමන මෙම කුඩා මිනිසා සතුව ඇත්තේ මහජන බලය පමණි. පයට පාවහන් යුගලක් හෝ නොපළඳින මෙම දිරිය මිනිසා දවසේ වැඩිම කාලයක් පයින්ම ඇවිදිමින් තම සංවිධානයේ වැඩකටයුතු වෙනුවෙන් කැපවෙ. ඒ වෙනුවෙන් පවත්වන මහජන රැස්වීම් අමතමින් , තරුණ තරුණියන් වෙනුවෙන් අරඹා ඇති පුහුණු මධ්‍යස්ථාන ආදී දේ නිරීක්ෂණය කරමින් , උපදෙස් දෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කරයි. ඔහු කෙතරම් පරහිතකාමී පුද්ගලයෙකුද යන්න පැහැදිලි වන්නේ මේ තාක් ඔහු වෙනුවෙන් නිවසක් හෝ නොමැති බැවිනි. කෙසේ වුවද , මහාරාෂ්ඨ ප්‍රාන්තයට පැමිණෙන කවර හෝ දේශපාලන නායකයෙකු මෙම සරල මිනිසා මුණ ගැසීමට පැමිණීම සුලභ සිද්ධියකි. එහෙත් කිසි දිනක ඔහු දේශපාලඥයින් පසු පස ගමන් කරන්නේ නැත.

    මේ වන විට ඔහු දිනාගත් දේශීය හා විදේශීය උපාධි හා සම්මාන සිය ගණනකි. විශ්ව විද්‍යාල ජීවිතය තුල දර්ෂණ ශුරී උපාධි අපේක්ෂකයින් (PhD) 67 දෙනෙකුට මාර්ගෝපදේශකයා බවට පත්ව ඇත.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මම හිතන්නේ මෙකත් නිකන් over rated internet article එකක් වගෙයි. Net එකේ තියන විදිහට ඇමරිකන් කතාව තනිකර බොරු. එහෙම දෙයක් article එකකවත් නැහැ. මොඩිගෙ ලගම උපදේෂකයක් ලු. තක්ෂණය තරුණයින්ට හදුන්වා දෙන සීන් එක නම් තියනවා. හැබයි ඉතින් ජොදා අක්බර් film එකට විරුද්ධව උද්ගොෂන කරාලූ.