අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ&#

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ&#

    අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අභිබවා යන නීතිමය වලංගු ලියවිල්ලක්- අස්ගිරිය ප්‍රකාශනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබෙන නීතිමය පිළිගැනීම
    June 22, 2017 දවසේ පුවත


    උඩරට ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස අත්සන කෙරිනි.අත්සන්කරුවෝ වූයේ මහා බ්‍රිතාන්‍යයේජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේ‍ සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන්ලංකා ආණ්ඩුකාරයා වූ රොබර්ට්‌ බ්‍රවුන්රිග්, ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තකවූ ජෝන් ඩොයිලි,ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම්ඡේම්ස්‌ සදර්ලන්ඩ් සහ සිංහලේ පලාත් බාර ලේකම් සහ සිංහලෙ වැසියන් වෙනුවටඇහැලේපොල මහ නිලමේ, මිල්ලෑව – වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව, රත්වත්තේ –මාතලේ දිසාව, ගලගොඩ – නුවර කලාවියේ දිසාව, මොල්ලිගොඩ – මහ අදිකාරම් හාසත් කෝරළේ දිසාව, මොල්ලිගොඩ (කනිෂ්ඨ) –තුන් කෝරළේ දිසාව, පිළිමතලව්වේ (කපුවත්තේ)– දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව, පිළිමතලව්වේ (කනිෂ්ඨ) –සතර කෝරළේ දිසාව, මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ –ඌවේ දිසාව සහ ගලගම –තමන්කඩුවේ දිසාව අත්සන් කළ බව පැවසේ. උඩරට ගිවිසුම අත්සන් කළ දිනය සහ එහි ඇති අත්සන් සම්බන්ධව විවිධ විද්වත් මත තිබුණද එය නිග ලියවිල්ලක් බවට පිළිගැනීම ලබා ඇත.

    උඩරට ගිවිසුම අත්සන් කර 3 වසරක්‌ ගිය තැන ඉංග්‍රීසින්ට එරෙහිව ඇති වූ 1818 කැරැල්ලේ නායකත්වය ගත්තේ මෙම ගිවිසුමට අත්සන් කළ මොනරවිල කැප්පෙටිපොලය. පිළිමතලව්වේ, මිල්ලව ඇතුළු තවත් නායකයන් ගණනාවක්‌ මෙම කැරැල්ලට නායකත්වය දුන් නිසා ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව සමහරක්‌ මැරුම් කෑහ. සමහරු රටින් පිටිවහල් කරන ලදී. සමහරු සිරකරුවන් බවට පත්වූහ.

    උඩරැටියනුත්, රටත් රැවටූ උඩරට ගිවිසුමට අත්සන් කළ නායකයෝම තමන් රැවටූ ඉංග්‍රීසින්ට එරෙහිව 1818 දී අවි අමෝරා ගත්තද එවකට ශක්‌තිමත්ව තිබූ ඉංග්‍රිසි බලය ඉදිරියේ පරාජය වීමට ඔවුන්ට සිදුවිය.

    උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය වැදගත්ම වගන්තිය ලෙස සැළකේ. උඩරට පළාත්වල ප්‍රධානීන් සහ වැසියන් අදහන්නා වූ බුද්ධ ශාසනයද, දේවාගමද කඩ කළ නොහැකි බවෙ, එයට සම්බන්ධ පුද පූජා, පූජ්‍ය පක්ෂය සහ පූජනීය ස්ථාන්‍ නඩත්තු කරන්‍ බවට සහ ආරක්ෂා කරන්‍ බවට පොරොන්දු වීම ලෙස දැක්වේ.

    ඒ අනුව වර්ෂ 1815 උඩරට ගිවිසුම මගින් බුදු දහම ආරක්ෂා කිරීමට අදාල වගන්තියක් ප්‍රභල ලෙස ඇතුළත් වී තිබුණි.

    1970 සමගි පෙරමුණු රජය විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේ දී I වැනි ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබු අවස්ථාවේ එවකටත් ලංකාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අතර ඩොමීනියන් තත්ත්වයේ පැවති රටක් ලෙස පැවතීය. එමෙන්ම මෙරට සියලූ නීති සහ අධිකරණවල අවසන් තීරකයා වූයේ බ්‍රිතාන්‍යයේ රාජාධිකරණයයි. 1947 පනවන ලද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම තත්ත්වයන් නීත්‍යානුකූල කර තිබිණ. සිරිමා බණ්ඩාරනායක මහත්මිය 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන් ආසන90 ක් දිනා ගැනීමෙන් පසු සමසමාජ පක්ෂය දිනාගත් ආසන 19 සහ කොමියුනිස්ට් පක්ෂය දිනාගත් ආසන 6 සමග එක් වී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සොල්බරි ව්‍යවස්ථාව පසෙකලා මෙ රටට අනන්‍ය වූ නව ජනරජ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර වර්ෂ 1972 මැයි 22 සම්මත කර ගනු ලැබීය.

    1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදය බුද්ධාගම සම්බන්ධව නීති කෙටුම්පත් කර තිබුණි. එනම් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි ව්‍යවස්ථාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරැනමනු ලබන්නේ ය. එහෙයින් 18 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ (ඈ) ජේදයෙන් සියලුම ආගම්වලට බිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂාකරදෙන අතර රජය විසින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුත්තේ ය.

    1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 5/6ක බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා එහි 171 ව්‍යවස්ථාව මගින් පරිච්චින්න කරනු ලැබීය.

    ඒ අනුව දැනට වලංගුව ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව අධ්‍යයනය කිරීමේදී ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළ දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාරශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයේඋත්තරීතර නීතියලෙස මේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමෙයින් සම්මත කොටපනවම්හ ලෙස දැක්වේ. එකී පූර්විකාව සම්පූර්ණයෙන් මෙසේ ය.



    ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් පන්සිය විසි එක් වැන්නෙහි අධි නිකිණි මස පුර සටවක් නම් තිථීය ලත් දවස හෙවත් වර්ෂ එක්දහස් නවසිය සැත්තෑ හතක් වූ ජූලි මස විසි එක් වන ගුරු දින ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් නිදහසේ ප්‍රකාශ කොට දෙන ලද වරමෙන්, ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයක අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව ජනරජ ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාවක් කෙටුම්පත් කිරීමටත්, සම්මත කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් එදින තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ට භාර කොට බලය පවරා දෙනු ලැබූ හෙයින් ද නියෝජන ප්‍රජාතන්තවාදය පිළිබඳ ස්ථීරසාර ජනරජ මූලධර්ම තහවුරු කරන්නාවූත් ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහිකිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා, ඒ වරම අනුව සහ ඉමහත් බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබූ එකී නියෝජිතයන් කෙරෙහි තැබූ විශ්වාසය අනුව ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද හෙයින් ද,



    නිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැදීම් නිහතමානයෙන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන ආකාරයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදිවන ආකාරයෙන් ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සමග සුහදතාව වර්ධනය වන ආකාරයෙන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාරශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයේ

    උත්තරීතර නීතියලෙස මේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමෙයින් සම්මත කොටපනවම්හ.



    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3 සහ 9 වැනි ව්‍යවස්ථා මගින් රටේ ස්වාධීනත්වයත්, ලොව අනෙක් රටවලින් වෙන්වන අනන්‍යතාවයත් පිළිඹිබු වෙයි.



    1 වැනි ව්‍යවස්ථාව -ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදි ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලප්‍රජාතාන්ත්‍රික සමාජවාදීජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.



    2 වැනි ව්‍යවස්ථාව -ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.



    3 වැනි ව්‍යවස්ථාව -ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.



    උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදය සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වැනි පරිච්ඡේදයද එක සමානව බුද්ධාගමට අදාල නීති වෙයි.



    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වැනි පරිච්ඡේදය මගින් නියම කර ඇති 9 වැනි ව්‍යවස්ථාව මෙසේ ය.



    9 වැනි ව්‍යවස්ථාවශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්යෙඅවස්ථාවෙන් සහ ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්යෙඅවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම්කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.



    ඒ අනුව වර්ෂ 2017 ජූනි මස 20 වැනි දින අස්‌ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ස්‌ථවිරයන් වහන්සේ විසින් සංඝ සභාවේ එකගත්වයෙන් එළිදක්වන ලද ප්‍රකාශනය ලංකාවේ නිල නීතිමය තත්ත්වයක හිමිකම ලබා ඇත. එකී අස්ගිරිය ප්‍රකාශනය වන්නේ,…



    ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ නිවේදනය කර සිටියි.



    සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභා රැස්‌වීමේදී ගත් තීන්දු පිළිබඳව අස්‌ගිරි නාහිමියන් රජය වෙත නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය.



    අප මාතෘභූමියටත්, සිංහල ජාතියටත්ල සම්බුද්ධ ශාසනයටත්, යම් අභියෝගයක්‌ පැමිණි කල එහි ආරක්‍ෂාව වෙනුවෙන් බෞද්ධ භික්‌ෂූන් වහන්සේ හැම කල්හිම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි. එය භික්‌ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක්‌ වනවා සේම, අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අපට මුහුණ දීමට එය තුළින් ඉඩකඩ සැකසෙනවා ඇත. මේ නිසා අප අස්‌ගිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාව පහත සඳහන් කරුණු කෙරෙහි සංහිඳියාවෙන් යුතු සමාජයක්‌ ගොඩනැඟීමට ප්‍රයත්න දරන ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

    ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස්‌ ප්‍රකාශන ශෛලය අප කිසිසේත් අනුමත නොකරන නමුත්, උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු. උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා පිළියම් කරනු වෙනුවට එම සිදුවීම් උපයෝගී කරගනිමින් සමස්‌ත භික්‍ෂු සමාජයම අවඥවට ලක්‌ කරමින් වාමාංශික යයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුන වැඩුන දේශපාලනඥයන්ද, සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු ගෞරවයකින් තොරව භික්‌ෂූන් වහන්සේලා විවේචනය කරමින්ල නම පමණක්‌ කියමින්ල ආමන්ත්‍රණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා නිවේදන හා ලිපි පළකිරීම් අප තරයේ හෙළා දකින අතර අපගේ සිංහල හා බෞද්ධ සංස්‌කෘතිය තුළ අතීතයේ පටන් පැවත එන පරිද්දෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ සිය නමින් ඇමතිය හැක්‌කේ වැඩිහිටි භික්‌ෂුවකට පමණක්‌ය යන්න ද මෙහිදී සිහිපත් කරමු.

    ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට අපගේ බලවත් අප්‍රසාධය පළකරන අතර මේ නිසා ඉදිරියේදී රට තුළ නොසන්සුන්කාරී පසුබිමක්‌ ඇතිවුවහොත් ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම දැඩිසේ අවධාරණය කරමු.

    පවත්නා නීති රීති වෙනස්‌ කිරීමට යැමෙන් අර්බුදකාරී වටාපිටාවක්‌ සමාජය තුළ ඇතිවීමට හේතුවක්‌ වන බවක්‌ ද පෙනී යයි. සිංහල හා බෞද්ධයන් එල්ලකරගෙන සිදුකරනු ලබන නව නීති රීති හඳුන්වා දීමට යැම මෙම අර්බුදයට මූලිකම හේතුවයිග එබැවින් පවත්නා නීති රීතිවල යම් වරදක්‌ තිබේ නම් පමණක්‌ ඒ පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතු නමුත් පවත්නා නීති රීතිල ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාණවත් බව අපගේ හැඟීමයිග ජාතික සංහිඳියාවට මුවා වී සිදුකරනු ලබන රක්‍ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලයල උතුරු නැඟෙනහිර පුරාවස්‌තු විනාශ කිරීමල වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව වහා අවධාරණය කරන අතර මේ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව අවධාරණය කරමුග භික්‌ෂූන් වහන්සේලා අතීතයේ සිට වැඩ වාසය කරමින් දියුණුවට පත් කළ ඓතිහාසික සිද්ධස්‌ථාන පාලනයට පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්‌ථාන ආරක්‍ෂා කිරීම හා සංවර්ධනය පසෙක තබා එම ස්‌ථාන සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය වහා නතර කළ යුතු බව දැනුම් දෙමු.

    සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්යුත් මාධ්‍ය මගින් විවිධ වාර්තාවන් පළ කරන අතර ඒවගේ සත්‍ය අසත්‍යතාව සොයා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂ වගකීමක්‌ බව සිහිපත් කරමුග නිරන්තරයෙන් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම භික්‌ෂූන් වහන්සේලා අප දැනුවත් කරන අතර ඒ අනුව බුදුදහමට එරෙහිව බෞද්ධයන් කියාගන්නා පිරිස්‌ මෙන්ම අන්‍යාගමිකයන් විසින් කරනු ලබන විවිධ ප්‍රකාශන හේතුවෙන් බොහෝ සේ පාරම්පරික බෞද්ධ චර්යාධර්මවලට අනුකූල සිංහල සමාජය වියරුවට මංපෙත් විවර කරන මෙහෙයුමක්‌ ක්‍රියාත්මකව පවත්නා බව දැනගන්නට ඇත. එසේම බුදුදහම හා බෞද්ධ සංස්‌කෘතිය විකෘති කරන ප්‍රකාශන පාලනය කිරීම සඳහා රජය මගින් කෙටුම්පත් කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමන පනත් කෙටුම්පත වහාම සම්මත කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අවධාරණය කරමු. ලංකාවේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අන්‍යාගම්වලට ගරු කරමින් එසේම ඒවායේ පැවැත්ම සඳහා කටයුතු කළ පිරිසක්‌ බව මෙරට සියලු අන්‍යාගමිකයන් තරයේ සිත් තබාගත යුතු කරුණකිග එවැනි සහනශීලීත්වයක්‌ ලබාදුන් බෞද්ධ හර පද්ධතියට නිගරු කරන අන්‍යාගමික ක්‍රියාවන් අපි තරයේ හෙළා දකිමු. එබැවින් දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන මෙම අසාධාරණ හමුවේ ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයත්ල දේශහිතෛෂී ජනතා බලවේගයත් එක්‌සත්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටිමු.

    සංඝ සභා සම්මතයෙන් සකස්‌ වූ මෙම නිවේදනය අස්‌ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ස්‌ථවිරයන් වන මා විසින් පිළිගෙන ප්‍රකාශයට පත් කරමි.

    ලංකාවේ අධිකරණ ආශ්‍රිත කරගන්නා නීති මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී අස්ගිරිය ප්‍රකාශනයටආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලයක් හිමි වීම නොවැළැක්විය හැකිය. මෙය පිළිපැදීමට සහ අනුගමනය කිරීම ලංකාවේ සෑම අයෙකුමටම වගකීමක්, යුතුතමක් ඇති අතර එයට අවනත නොවී සටීමට කිසිදු තැන්ත්තෙකුට හැකියාවක් නැත. එය උල්ලංඝණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක තත්ත්වය ඇති කරයි.

    විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන 3ම සිය අධිකාරිය ක්‍රියාත්මක කිරීමේදී මෙය අනුගමනය කළ යුතු වෙයි. පිළිපැදිය යුතු වෙයි. ලංකාවේ අධිකරණ සම්ප්‍රදාය අනුව අපට කිසිසේත්ම නෑකමක් නැති එංගලන්ත නීති වාර්තා මගින් පෝෂිත එංගලන්ත සංස්කෘකිය ලංකාවට ඇතුල් කර ගන්නා අවස්ථාවක දැන් අපට, අපේ අධිකරණවලට යොදා ගත හැකි පෙරදිග චින්තන මෙවෙලමක් ඉදිරිපත් වී ඇත.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අස්ගිරි ප්‍රකාශනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි බලය සහ අධිකාරිය හිමිවීම මගින් අස්ගිරි ප්‍රකාශනයට අභියෝග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුවම කිසිවෙකුට හැකියාවක් නැත.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයක් වන නිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැදීම් නිහතමානයෙන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන ආකාරයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදිවන ආකාරයෙන් ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සමග සුහදතාව වර්ධනය වන ආකාරයෙන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාර ව සියලු ජනතාව ක්‍රියාකළ යුතු හෙයින් 2017.06.20 දින ප්‍රසිද්ධියට පත් අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අභිබවා යන නීතිමය වලංගු ලියවිල්ලක් බව ඉතිහාසගත උරුමයන් අනුව කිව හැකිය.



    නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)

    [email protected]

    2017.06.22

    ආශ්‍රිත මූලාශ්‍ර



    උඩරට ගිවිසුම

    1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව


    http://www.divaina.com/2010/03/03/feature01.html

    http://www.archaeology.org.lk/docs/lecture_docs/kandyan_convention_wimalaratne_15032015.pdf



    image: http://dsms0mj1bbhn4.cloudfront.net...-buttons/share-headers-new/sharing-caring.png



    Read more at http://lankanewsalert.com/archives/66159#C4ru7Jt3YQXrpCJF.99
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,862
    113
    හස්තිශෛලපුර
    2017.06.20 දින ප්‍රසිද්ධියට පත් අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අභිබවා යන නීතිමය වලංගු ලියවිල්ලක් බව ඉතිහාසගත උරුමයන් අනුව කිව හැකිය. :yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    :lol::lol::lol:

    Car-Monk-.jpg


    Mahanayakes ask President to cancel ‘Night Races’ in Kandy

    June 23, 2014 07:51 pm

    Sri Lanka’s Mahanayake Theros today called on President Mahinda Rajapaksa to cancel the ‘Night Races’ automobile sporting event scheduled to be held in Kandy on June 27 and 28.

    In a letter to the President, the Mahanayake Theros point out that holding car races in the sacred city of Kandy, which was declared a world heritage site by UNESCO in 1988, would be harmful to the heritage and sacredness of the city, where the Temple of the Tooth Relic is located.

    The letter is signed by the Most Ven. Niyangoda Sri Vijithasiri Anunayake Maha Thero of Maha Vihara Vanshika Shyampali Maha Nikaya Malwatta Capter of Sri Lanka, Most Venerable Udugama Sri Saddharma Keerthi Dhmmadassi Rathnapala Buddharakkitha Mahanayake Thera of Asgiriya Chapter, Most Ven. Dawuldena Gnanissara Mahanayake Thero of the Amarapura Chapter and Most Venerable Napana Premasiri Mahanayaka Thero of the Ramanna Maha Nikaya.

    - http://www.adaderana.lk/news/mahanayakes-ask-president-to-cancel-night-races-in-kandy-

    Release Gen. Fonseka now: Mahanayakes tell President

    The Four Mahanyakes of the three Nikayas in a stern message to President Mahinda Rajapaksa yesterday called for the immediate release of General (retd.) Sarath Fonseka and other Army personnel who had been taken into custody.

    Drawing the President’s attention to the historic role the Maha Sangha had played in solving rifts between the leader of the country and those who held opposite views, the four Mahanayakes said: “We cannot approve the arrest of Gen. Fonseka and other Army personnel who were with him. They have risked their lives to eliminate terrorism and played a major role in creating peace. Comments made by Gen. Fonseka as a presidential candidate should not lead him to be arrested.”

    The letter was signed by the Mahanayake of the Malwatte Chapter, the Most. Ven. Thibbotuvawe Sri Siddhartha Sumangala Thera, the Mahanayake of the Asgiriya Chapter, the Most. Ven. Udugama Sri Buddha Rakhitha Thera, the Mahanayake of the Amarapura Nikaya, the Most. Ven. Davuldena Gnanissara Thera and the Mahanayaka of the Ramanna Nikaya, the Most. Ven. Veweldeniye Medhalankara Thera.

    The Mahanayakes in their letter, issued ahead of Thursday’s crucial meeting of the Maha Sangha in Kandy said that if the government was able to accept and offer ministerial posts to Vinayagamoorthy Muralitharan (alias Karuna) and Sivanesathurai Chandrakanthan (alias Pillayan) who were once members of the terrorist organization, the government should definitely release General Fonseka and the others and provide them maximum security as they had made sacrifices in the battlefield to protect the lives of all Sri Lankans.

    The Mahanayakes noted that during the 30-year war several Bhikku’s were murdered and the Sri Maha Bodhi and the Dalada Maligawa were attacked while the terrorists continued with their atrocities, killing thousands of military personnel and civilians.

    “It is difficult to promote peace and ensure democracy and good governance when there is a rift between the President, the Defence Secretary and former Army chief Fonseka,” the prelates said in their letter.

    Citing an example from history, the Mahanayakes said that the Maha Sangha were able to resolve the dispute between King Dutugemunu and his brother Prince Tissa.

    “Today, the people strongly believe that the Maha Sangha should play a major role in creating peace in our motherland,” the statement said.

    - http://www.sundaytimes.lk/100214/News/nws_13.html

    මමනම් ඒවා පඩේකටවත් ගණන්ගන්නේ නැහැ හාමුදුරුවනේ!

    r
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,903
    1,102
    113
    Hamilton, NZ

    දැන් මහින්ද කරපු නිසා පොනිලුත් කරාම හොදයි කියලද කියන්නේ? තොව හම්බ වෙන්න අම්මව හොස්පිටල් එක්ක යද්දි කකුකල් දෙක අස්සෙන් තෝ වැටිල ඔලුව බිම වැදුනද අහල බලපන් පොන්ස් :rofl: