අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්

    අසාද් සාලි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය.

    පක්ෂ සභාපති මලිත් සමරවික‍්‍රම
    කරූ ජයසූරිය
    ඞී.එම් ස්වාමිනාදන්
    අතුරලියේ රතන හිමි
    ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
    ජනාධිපති නීතීඥ තිලක් මාරපන
    මහාචාර්ය සී ඒ මාරසිංහ
    එම්. කේ.ඞී.එස් ගුණවර්ධන
    එම්.එච්.එම් නවාවි
    එම්.එස් සල්මාන්
    ඒ.ආර්.ඒ හෆීස්
    අනෝමා ගමගේ
    සිරිනාල් ද මෙල්

    කැබිනට් තනතුරු ලබාදීමේදී ඒ සඳහා සුදුසුම පුද්ගලයන් පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීරණයක සිටින බව වාර්තා වේ.

    කැබිනට් තනතුරු ප්‍රදානය කිරීමට පෙර, තමන් කළ කී දෑ පවසමින් හා ලැබූ මනාප සංඛ්‍යා පදනම් කරගනිමින් විවිධ අමාත්‍යාංශ බලාපොරොත්තුවෙන් ඉල්ලීම් ඉදිරිපත් නොකරන ලෙසත්, එවැනි ඉල්ලීම් නොසලකා හැරීමටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දැඩි තීරණයක සිටින බවද වාර්තා වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් ජාතික ආණ්ඩුවකට එකතු වන මන්ත්‍රී කණ්ඩායම හා ඔවුන්ගේ ඉල්ලීම් ඊයේ (20දා) සවස වනවිටත් අග්‍රාමාත්‍යවරයාට නොලැබී තිබුණු අතර, එම ඉල්ලීම් ලැබුණු පසු එයද සලකා බලා කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අදාළ පත්කිරීම් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ඉදිරි දින දෙක තුළ අදාළ සාකච්ඡා පවත්වා අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කරගැනීමට නියමිත අතර, බොහෝ දුරට ලබන සඳුදා (24දා) අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වේ. එහිදී බොහෝ දුරට කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 40 ක සීමාවක රැඳෙනු ඇති බවද සඳහන් වේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 40 ක සීමාවක රැඳෙනු ඇති බවද සඳහන් වේ.
    ඒකනම් හොද කතාවක්...
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සන්ධානේ එක කෝ තාම දාලා නැද්ද?
    ටිරාන් අලස් තිස්ස අත්තනායක ඩිලාන් ලව කපලා නම් හොදයි.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සන්ධානේ එක කෝ තාම දාලා නැද්ද?
    ටිරාන් අලස් තිස්ස අත්තනායක ඩිලාන් ලව කපලා නම් හොදයි.

    aranchiyak ne bn..eka hadana eka nam lesi ne.. :P:P
    ටිරාන් අලස් ,තිස්ස අත්තනායක,dilan,SB wa nam halanna ona.