අසිරිමත් දම් රස අමාවන්

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
59966_404229676324845_1846441677_n.jpg
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සියලු දානය අතරින් ධර්ම දානය අග්‍ර වේ.

    "සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සබ්බ රසං ධම්මරසො ජිනාති
    සබ්බ රතිං ධම්මරතිං ජිනාති
    තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති"

    ධර්මදානය සියලු දානයන් දිනන්නේ ය යන්න සිහියට ගෙන මෙය ඉදිරියටම ගෙනියනු මැන සැදැහැ සිතින් :)
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    සියලු දානය අතරින් ධර්ම දානය අග්‍ර වේ.

    "සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සබ්බ රසං ධම්මරසො ජිනාති
    සබ්බ රතිං ධම්මරතිං ජිනාති
    තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති"

    ධර්මදානය සියලු දානයන් දිනන්නේ ය යන්න සිහියට ගෙන මෙය ඉදිරියටම ගෙනියනු මැන සැදැහැ සිතින් :)

    සාදු ! සාදු !! සාදු !!!
    ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!
    නමෝ බුද්ධාය!
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    48103_217414381737576_38960572_n.jpg


    “මනුෂ්‍ය ජිවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි.ඒ මුනුෂ්‍යයන්ට ජිවත්විමේදි දුෂ්කරතා ඇතිවෙනවා.පිරිසිදු සද්ධර්මය අසන්න ලැබීමත් ඉතා දුර්ලභයි.බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.“

    (බරණැස් නුවරදී ඒරකපත්ත නා රජුන් අරභයා වදාළ ගාථාවකි)
    .....බුද්ධ වර්ගය....(භග්‍යවතුන් වහන්සේ)
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    549616_109278939217788_1881004069_n.jpg


    “පින්වත් මහණෙනි, “අකුසල් ගොඩක්“ කියා යම් දෙයකට කිව යුතු නම්,මේ පංච නීවරණයන්ටම කිව යුත්ය.මේ පංච නීවරණ තනිකරම අකුසල් ගොඩකි.“

    (අකුසල රාසි සුත්ත - සං.නි)

    “පින්වත් මහණෙනි,කිළිටි වී ගිය අපිරිසිදු රත්රන් මෘදුත් නොවේ.කර්මණ්‍යත් නොවේ.ප්‍රභාස්වරත් නොවේ.වහා කැඩෙන්නේද වේ.එවැනි රත්රන්,ආභරණ තැනීම වැනි රනින් කරණ කටයුතු සඳහා ද නො ගනී.

    පින්වත් මහණෙනි,එපරිද්දෙන් ම පංච නීවරණයන් ගෙන් කිළිටි වී ගිය අපිරිසිදු සිත මෘදුත් නොවේ.කර්මණ්‍යත් නොවේ.ප්‍රභාස්වරත් නොවේ.වහා බිඳවැටෙයි.සිතෙහි මුල් බැස ගත් කෙළෙසුන් ක්ෂය වීමට සුදුසු පරිද්දෙන් මනාකොට සමාධිමත් ද නොවේ.“

    (කිලේස සුත්ත - සං . නි)
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    535646_458564040882699_847037954_n.jpg


    "අසුචි තැවරුණු මිනිසෙක් දිය පිරුණු ජලාශයක් දැක එය පරිහරණය නොකරන්නේ නම් එය එම ජලාශයේ දෝෂයක් නොවේ.
    එපරිද්දෙන්ම සියලු කෙලෙසුන් සෝදා පා කල හැකි අමාවිලක් ඇති කල්හි ඒ අමා විල සේවනය නොකරන්නේ නම් එය එම අමා විලෙහි දෝෂයක් නොවේ."

    "සතුරන් ගැවසීගත් ගමන් මගක් ඇති කල්හි යම් පුරුෂයෙක් එමගින් පලා නොයේ නම් එය එම මගෙහි දෝෂයක් නොවේ.
    එපරිද්දෙන් කෙලෙසුන් ආවරණය වූ නිවන් මග ඇති කල්හි එම නියම නිවන් මග සොයා නොගන්නේ නම් එය නිවන් මගෙහි දෝෂයක් නොවේ."

    "රෝගියෙක් ඒ සදහා පිළියම් කල හැකි වෛද්‍යවරයෙක් ඇති කල්හි එම රෝගයට පිළියම් නොකරවා ගන්නේ නම් එය වෛද්‍යවරයාගේ දෝෂයක් නොවේ.
    එපරිද්දෙන්ම කෙලෙස් නමැති රෝගයෙන් පිඩාවට පත් වූ තනත්තහුට එම කෙලෙස් නමැති රෝගය සන්සිදුවමින් මෝක්ෂ මාර්ගය කියාදෙන ශාස්තෘවරයෙක් සිටින කල්හි එම ආචාර්යවරයා ඇසුරු නොකරන්නේ නම් එය එම ශාස්තෘවරයාගේ දෝෂයක් නොවේ."

    සුමේධ කතා-බුද්ධ වංශය - ඛුද්දක නිකාය
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    578533_458991090839994_896798907_n.jpg


    "ස්ත්‍රී පුරුෂයෝ මළපහ කල කල්හි ඒ පිලිබඳ කවර හෝ අපේක්ෂාවක් වත් නොමැතිව හැර දමා යන්නේ වේද,
    එපරිද්දෙන් මමත් සිරුරු කිස නිමවා එය හැර දමා යන්නෙකු මෙන් මෙම කුණුපයෙන් පිරුණු කය හැර දමා යන්නෙමි."

    "දිරාපත් වූ බිඳුණු නැවක් නැව් හිමියා විසින් අපේක්ෂාවක් නොමැතිව හැරදමා යන්නේ වේද,
    එපරිද්දෙන් මමත් සිදුරු නවයකින් නිරතුරුවම මළ වෑහෙන දිරූ නැවක් හා සමාන මෙම කය හැර දමා යන්නෙමි."

    සුමේධ කතා-බුද්ධ වංශය - ඛුද්දක නිකාය
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    190313_214344625377885_382730629_n.jpg


    ගුණ නුවණින් අග්‍ර වු උතුමන් කෙරෙහි දන් පැන් පිදුවෝත් අග්‍ර වු පින් වැඩෙනවා.එහි විපාක වශයෙන් අග්‍ර වු ආයු,වර්ණ,යසස,කීර්තිය,කාය බල ඤාණ බල වැඩෙනවා.

    භාග්‍යවතුන් වහන්සේ
    (උතුම් පැහැදීම ගැන වදාළ දෙසුම)
    “අග්ගප්පසාද සුත්‍රය“
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    561394_244824452303817_1406533620_n.jpg


    “පින්වත් මහණෙනි, අහසෙහි නොයෙක් ක්‍රමයට සුළං හමනවා.පෙරදිගින් සුළං හමනවා.බටහිරින් සුළං හමනවා.උතුරින් සුළං හමනවා.දකුණින් සුළං හමනවා.දූවිලි සහිතව සුළං හමනවා දූවිලි රහිතව සුළං හමනවා.සීත සුළං හමනවා.උණුසුමට සුළං හමනවා.මඳ සුළං හමනවා.සැඩ සුළං හමනවා.

    මේ වේදනාවන් ද පින්වත් මහණෙනි,අන්න ඒ වගේ.මේ කයෙහි නොයෙක් ආකාරයේ වේදනා උපදිනවා.සැප වේදනා ඇති වෙනවා.දුක් වේදනා ඇති වෙනවා.මධ්‍යස්ථ වේදනා ඇති වෙනවා.“

    (ආකාස සුත්ත - සං.නි.)෴භාග්‍යයවතුන් වහන්සේ෴
    ෴ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ෴
    ----------------------------------------------------
    "In the sky,monks,various kind of winds are blowing;winds from the east,west,north and south,winds carrying dust and winds without dust,winds hot and cold,gentle and fierce."

    "Similarly, monks,there arise in this body various kinds of feelings;pleasant feelings arise,painful feelings arise and neutral feelings arise."

    (Akasa sutta - SN)෴THE BUDDHA෴
    ෴ The Supreme Bliss Of Nibbana ෴

    ----------------------------------------------