~ අසිරිමත් මිනිස් මොලය - Amazing Human Brain ~

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ~ අසිරිමත් මිනිස් මොලය - Amazing Human Brain ~

    ඔන්න මචන්ලා කළ ගෙඩි තරම් ඔලු ගෙඩි තිබ්බත් අල ගෙඩි තරම් වත් මොල ගෙඩි නැති අය අප අතරේ ඉන්න කාලෙක මේ මිනිස් මොලය කියන දුර්ලබ වස්තුව ගැන විස්තර ටිකක් දාන්න හිතුනා....

    Rotating_brain_colored.gif

    ස්නායු සෛල බිලියන ගණනකින් සැදුනු මිනිස් ස්නායු පද්දතියේ වඩාත්ම සංකීර්ණ අවයවය මොළයයි. මිනිස් කපාල කුහරය තුල මෙනින්ජි පටල ( ආවරණ ස්තර ) වලින් ආවරණය වී පවතින මොලයත් එම ස්තරත් අතර හිඩැස සහ කශේරුකාව දිගේ ශුශුම්නාව ආශ්‍රිතවත් තරලයකින් ( cerebrospinal fluid ) පිරි පවතී. මෙම තරලය මොලයට හානි ගෙනදියහැකි කම්පන යම් ප්‍රමාණයකට අවශෝෂණය කිරීමටද උපකාරීවේ. මොලය ආශ්‍රිත ආසාදන වලදී කොඳු ඇට පෙලින් වතුර ගත්ත යැයි ඇතැමුන් පවසන්නේ මෙම තරලය ලබාගැනීම පිලිබඳවය. එම තරලය මොලය තෙක්ම පැතිරී තිබීම නිසා එසේ කොඳු ඇට පෙලින් එය පරීක්ෂණ සඳහා ලබා ගනී.


    ස්නායු පද්දතිය කොටස් දෙකකට බෙදෙන අතර මොලය සහ සුෂුම්නාව අයත් වන්නේ මාධ්‍ය ස්නායු පද්ධතිය (central nervous system) ටයි. ස්නායු පද්ධතියේ අනෙකුත් ස්නායු ශරීරයේ නොයෙක් කොටස්වල සිට මාධ්‍ය ස්නායු පද්ධතිය හා සම්බන්ධවන අතර එය peripheral nervous system ලෙස හැඳින්වේ. මොලයේ විවිධ කොටස් වලින් විවිධ කාර්යයන් සිදුකරන අතර එම කොටස් වලට හානි සිදුවීමෙන් විවිධ රොගී තත්වයන් දැකගතහැක. ස්නායු ඔස්සේ පණිවිඩ ගමනා ගමනය, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සහ මොලයේ විවිධ ප්‍රදේශ වලින් ඉටුවන කාර්යයන් පිළිඹඳව යම් දැනුමක් ලබා තිබීම ඔබට වැදගත් වනු ඇත



    1. Frontal lobe : මෙම කොටස මගින් අපගේ ඇතැම් හැසිරීම් පාලනය වන අතර මෙම කොටසට හානි සිදුවූ විට එමගින් පාලනයවන ක්‍රියාවන් වල නොයෙකුත් වෙනස්කම් සිදුවේ.


    frontallobe.jpg


    a. අනුපිලිවෙලට ඇති රටාවක් අනුගමනය කිරීම හෝ පියවරෙන් පියවර අනුගමනය කලයුතු ක්‍රියාවන් සාර්ථකව කරගැනීමේ අපහසුව. (problem with sequencing )
    b. තීරණ ගැනීමේ අපහසුතාවය. (difficulty in making decisions)
    c. අවධානය යොමුකිරීමේ අපහසුතාව (decrese attention )
    d. පෞර්ෂත්වයේ වෙනස්කම් සිදුවීම (change personalty)
    e. ගැටළු විසඳීමේ අපහසුතා (problem solving difficulty)
    f. තමන් පිළිඹඳව වචනවලින් පැහැදිලි කිරීමේ අපහසුතා (difficulty in verbaly experssing themself )
    g. අංග චලනය සම්බන්ද ගැටළු (lack in spontaneity)
    h. හැඟීම්, සමාජ සහ ලිංගික හැසිරීම් පාලනයේ දුර්වලතා (uncontrolled emotions, social and sexual behaviors )
    i. ඉච්චානුග පේශි ආශ්‍රිත චලනයන් ආරම්භ කිරීමේ අපහසුතාවය. (decrease of initiation of voluntary movements )



    2. Temporal lobe:

    temp_lobe.jpg


    a. කතාකරන වචන තේරුම්ගැනීමේ අපහසුව සහ නිවැරදිව කතාකිරීමේ අපහසුව (problem in understanding spoken words)
    b. වෙන් වෙන් වශයෙන් අවධානය යොමුකිරීමේ අපහසුතාවය (problem with selective attention)
    c. ලිංගිකත්වයේ වෙනස්කම් (sexuality changes)
    d. ප්‍රචණ්ඩකාරී හැසිරීම්වල වර්ධනය (increase in aggressive behaviour)
    e. වස්තුන් හඳුනාගැනීම සහ වර්ගීකරණ අපහසුතාවය (problem in identifyng objects and catogorizing them)
    f. පුද්ගලයන්ගේ මුහුණු හඳුනාගැනීමේ අපහසුතා (problem in recognizing faces)
    g. වස්තුන් සොයාගැනීමේ අපහසුතා (finding objects)



    3. Parietal Lobe

    parietallobe.jpg


    a. වස්තූන් නම්කිරීමේ අපහසුතා (difficulty in naming objects)
    b. ස්පර්ශ සංවේදන හඳුනාගැනීමේ අපහසුතාවය (problems in processing tactile sensations)
    c. විශේෂයෙන් තම ඇඟිලි තුඩු වලට දැනෙන ස්පර්ශ සංවේදනයේ ස්වභාවය තේරුම්ගැනීමේ ගැටළු (processing and understanding what theire fingers are telling them touching.)
    d. ශාස්ත්‍රීය ඉගෙනීම් කටයුතුවල කඩාවැටීම (Academic skills falls)
    e. බුද්ධිය මෙහෙයවීමේ හැකියාව අඩුවීම (issues with cognitive ability)
    f. වම සහ දකුණ පැටලවීම (confusion between left and right)
    g. ඇස සහ අත් අතර ඇති සනිවේදන සම්බන්දතාවයේ දුර්වලතා (loss os hand eye cordination)



    4. Occipital lobe

    occipitallobe.jpg


    a. පෙනීම සම්බන්ද ගැටළු (issues of vision)
    b. වස්තුන් පිහිටි ස්ථානය දුර ආදිය හඳුනා ගැනීමේ අපහසුව (problems with visually locating objects)
    c. වර්ණ හඳුනාගැනීමේ අපහසුව (color identfication issues)
    d. වස්තුන් චලනයවන ආකාරය හඳුනාගැනීමේ අපහසුව (inability to perceive the way that object moves -movement perception)
    e. කියවීමේ සහ ලිවීමේ අපහසුතාවය (problems with reading and writing)
    f. ඇස ඔස්සේ මොලය කරා ගමන්කරන දෘශ්‍ය දත්ත තොරතුරු බවට පත්කිරීමේ වේගය අඩාලවීම (process visual information very slowly )
    g. සැබෑවට නොමැති දේවල් පෙනීමේ මානසික තත්වය (Halusination) එක්තරා කාන්තාවක් තම කාමරයේ සිවිලිමේ සවිකරතිබු විදුලි පංකාවේ එක් පෙත්තක් මත කුඩා වඳුරෙකු සිටින බවත් එම විදුලි පංකාව කැරකෙනවිට එම වඳුරාද ඒ සමග වේගයෙන් කැරකෙන බවත් පැහැදිලිව පෙනෙන බව කියා සිටියද එවැනි වඳුරෙකු එහි සිට නොමැත. මෙම කාන්තාවගේ Occipital lobe ප්‍රදේශය බලපෑමට ලක්වන පරිදි හිස ප්‍රේශයේ ගෙඩියක් තිබීම නිසා මෙසේ වන්නට ඇතිබව වෛද්‍ය පර්යේෂණ වලින් පසුකාලීනව අනාවරණය විඇත.



    5. Cerebellum

    02cerebellum.jpg


    a. දල සහ සියුම් ඉච්චානුග (සිතාමතා කරන - මොලයේ අනුදැනුම යටතේ) චාලක හැකියාවන් (gross and fine motor skills - voluntary motor skills)
    b. සමතුලිතතාවය පවත්වාගැනීම (balance - equilibrium)
    c. ශරීර සමබරතාවය පවත්වාගැනීමට අවශ්‍ය සන්නිවේදන සම්භන්දිකරණය (coordination) මෙනිසා අපට සමබරව බයිසිකලයක් පදිමටත්, ධාවන පථයක පිටතට නොපැන ධාවනයෙහි යෙදීමටත් හැකියාව ලැබේ.
    d. ශරීර ඉරියව් හැසිරීම පාලනය (postural control)
    e. ඇසේ චලන (eye movements)



    6. Brain stem

    level05brainStem.jpg


    a. ශරීර උෂ්ණත්වය නිවැරදි මට්ටමේ පවත්වාගැනීමේ ගැටළු (body temperature)
    b. හර්ද ස්පන්දනය කාර්යක්ෂා සහ ප්‍රතිපලදායක ලෙස පවත්වාගැනීමේ ගැටළු (efficint effective management of our heart rate)
    c. හුස්ම ගැනීම සහ යම් කාල පරාසයක් තුල හුස්මගැනීමේ වාර ගණන නිසියාකාරව පාලනයේ ගැටළු (breathing rate)
    d. ඇතැම් චලනයන් සහ සමබරතාවය පිළිඹඳ ගැටළු (balance and movement)
    e. ආහාර සහ දියර ගිලීමේ අපහසුව (problems with swallowing food & liquide)
    f. කරකැවිල්ල, බමනය (symptoms of vertigo)
    g. වමන ගතිය (nausea)





    විස්තර ටික වටිනව කියල හිතෙනව නම් සලකල ගියාට තරහ නෑ :)
    300px-Robin_Hood_logo.svg.png
     
    Last edited: