Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසිරිමත් ම ය එදවස…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසිරිමත් ම ය එදවස…

අසිරිමත් ම ය එදවස…

සූර්ය දිවාකර තෙමේ අවරගිර රත් වලා අතර සැඟවෙද්දී, පුන් සඳ මඬළ මෝදු වනුයේ වෙනදා මෙන් නොව පෙර අතීතයේ සොඳුරු මතකයක් රැගෙනදෝ’ යි සඳ දෙස බලා සිටි විට නිතැතින් ම සිතුණේ, අද ඒ පුන්සඳ මඬළ එතරම් ම පියකරු බැවිනි. ඒකාන්තයෙන් ම අසිරියක් ම ය. අද වන් සොඳුරු දිනෙක ලොව උත්කර්ශවත් ම සිදුවීම් මේ මනුලොවෙහි සැබැවින් ම සිදු වුණා නොවෙද! ඒත් සමඟ ම ක්ෂණයෙන් සිත දුර අතීතයේ දීප්තිමත් ම යුගය කරා දිව ගියේ නිරායාසයෙනි.

මිනිසෙකු ලෙස මනුලොවෙහි ඉපදීමට, එනම් මේ සුගති ලොව උපත ලැබුමට උත්තරීතර පුණ්‍ය මහිමයක් තිබිය යුතු බව සම්බුද්ධ භාෂිතයකි. එසේ උපත ලබන මිනිසා තම පැරණි මෙන් ම නව කර්මයන්ට අනුරූප ව අභිවෘද්ධියකට පත්වීම හෝ පරිහානිය කරා යාම විය හැක්කකි.

එනමුත් උත්කෘෂ්ට වූ මහත් පුණ්‍ය සම්භාරයකින් පිරිපුන්ව මෙලොව උපත ලබන අසහාය මිනිසා කිසිදා පරිහානියක් කරා නොයන්නා සේ ම අභිවෘද්ධියේ ඉහළ ම අන්තයේ සුපිහිටි කිසිදා ආපසු නොකිලිටි වන්නා වූ උත්තම සාරය ද සාක්ෂාත් කරනු ඒකාන්තය. එනමුත් එවන් උපත් මෙලොව සිදුවීම අතිශය දුර්ලභ සේ ම දුෂ්කර ම ය.

අසිරිමත් යොවුන් පුතා…

ඒ, මින් අසංඛෙය්‍ය විසි ලක්ෂයකට පෙර එක් දිනකි. සක් දෙවිඳාණන්ගේ අතිශය දුර්ලභ ඇරයුමකට බඳුන් වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අතිශය දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙමින් සිටි වීර්යවන්ත තරුණයෙකි. දෙවිඳුන්ගේ ඍද්ධියෙන් ඒ මහා සයුර මැද සරණක් සොයමින් සිටි මව පුතු දෙදෙන ම සුවපත් වූවා පමණක් නොව ඇරයුමට අනුව ම තරුණයා තුළ වීරිය අධිෂ්ඨානය කෙමෙන් වැඩෙමින් ලෝ වැඩ සදන පින් පුරන ගමනට එකතු වූයේය. සැබැවින් ම එය නුවණින් සලකා සිතන විට කෙසේ නම් ඒ මහා වීර අතිජාත පුතුන් පණ නසන්නා වූ වෙහෙස දුරලා මව් රැක ගැනුමට පුරා දින හතක් ඉමක් නොපෙනෙන මහා සයුර මැද වෙහෙසුනේ දැයි යන්තම් හෝ සිතාගත හැක. ඒ උත්තරීතර වූ අසාමාන්‍ය ගුණය ම අනාගත ලොව මහා පුරුෂයෙක් තැනුමට පුරෝගාමී වූ බව නොරහසක් ම ය.

ඇදක් නැතේ පහන් සිතින් මුනිඳුට දිවි පුදමින්න…

පසුව ගෙවුනේ කෙටිකලක් නොව අසංඛෙය්‍ය කල්ප ලක්ෂ දහසයකි. ඒ මින් අසංඛෙය්‍ය කල්ප ලක්ෂ සතරකට පෙර ය. කර්මයන්ට අනුරූප ව සසර සැරිසරා යළි මනුලොව පැමිණි ඒ උතුම් මිනිසා මෙවර හමුවන්නේ මහා ඍද්ධිමත් තවුසෙක් ලෙසිනි. ඒ දීපංකර බුදුරජ සමය යි. අර්හත්වය පිණිස ම හේතු සම්පත් පූර්ණ ව තිබූ සුමේධ නම් වූ ඒ මහා ඍෂිවරයා බුදුරජුන්ගේ සොඳුරු සිරිපා මඩෙන් තෙත් වනු නොකැමැතිව ගමේ ගොඬේ තරුණයෙකු සෙයින් දිගා වී රන් කඳක් වන් වූ තම පිට මතින් වඩින්නට ඇරයුම් කළ විට දිවකුරු බුදුරජාණෝ “මේ උදාර සංකල්ප ඇති, අහස් ගමන් යන මහා ඍෂිවරයා මින් අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් ඇවෑමෙන් ‘ගෞතම’ නමින් සම්බුද්ධත්වයට පත් වනු ඇත” යනුවෙන් නියත ලෙස ම විවරණ ලබා දුන් සේක.

මිහිමඬළටවත් උහුලනු නොහී…

එතැන් පටන් ඒ ගුණයෙන් බබළන බෝසත් උතුමා අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් මුළුල්ලේ මහා පුණ්‍ය සම්භාරයකට හිමිකම් කියන ලද්දේ, ධරතී මාතාවෙනි! සම්බුද්ධත්වයට පෙර අවසන් භවයේත් ඔය මිහිමඬලට පවා ඉහිලිය නොහැකි තරම් වූ මහා දන් පවා පවත්වමින් නොවෙද? දෙව්ලොව මනුලොව සතුන් එක ලෙස ලොමුඩහගන්වමින් නොවෙද? ඒ අති දීර්ඝ කාලය තුළ ඇතැම් විට තිරිසනෙකු ලෙස ද ඇතැම් විට රජවරු සිටුවරු ලෙස ද ඍෂිවරයෙකු ලෙස ද සාමාන්‍ය මිනිසෙකු ලෙස ද සිටිමින් දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී යන සමතිස් පාරමී දම් පරිපූර්ණ ව පිරූ ඒ මහා බුද්ධාංකුරය, සසරේ දන් දුන් ඇස්, හිස්, මස්, ලේ, අඹුදරුවන්, සැප සම්පත් ආදිය ගැන ගෙනහැර දක්වන්නට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ ම ය. එලෙසින් මහත් වූ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙන අභිබවන්නට සමත් වූ ඒ මහා බෝසතුන් ‘සන්තුසිත’ නමින් බෝසත්වරුන් පහළ වන තුසිත දෙව්ලොව උපන්හ.

ලෙව් සතට මෙත් පතුරා…

මහ බඹුන් ප්‍රධාන සකල දෙවි බඹුන් කෘත පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුතු ඒ මහා දෙව්රජාණන් බැහැදැක “අති දීර්ඝ කලක් එක ම එක ඉලක්කයක් පිණිස පින් පිරූ මහා වීරයාණෙනි! මනුලොව උත්තම මව් කුසේ පිළිසිඳ දෙව් මිනිස් ප්‍රජාව සසරින් එතෙර කරනු පිණිස බුද්ධත්වය නම් වූ අමෘතය සාක්ෂාත් කරන සේක්වා!” යනුවෙන් ඇරයුම් කළෝය.

ඒ පිනැති නැණැසින් මනු ලොව පිරික්සූ මහා බෝසතුන් පංච මහා විලෝකනයේ යෙදී මනුලොව උපත ලැබුමට තීරණය කළහ.

මහ පොළොවෙත් නෙළුම් පිපී…

ඒ ඇසළ පොහොය දවස යි. උතුම් ම උපත සලසන්නට මෙලොව උත්කෘෂ්ට ම පිනැති ඒ මහා මව් තොමෝ සුවඳ පැන් නා පිවිතුරු වස්ත්‍ර ඇඳ ශ්‍රී යහන් ගබඩාවේ නිදා සිටි විට අපූරු සිහිනයක් දුටුවාය. අප කවුරුත් දන්නා එහි අවසන හුරුබුහුටි වූ සුදු ඇත් පැටවා කුසට ඇතුල් වනු දකින මොහොතේ ම පිනෙන් පූර්ණ බෝසතුන් ඒ පිනැති මව්කුසෙහි පිළිසඳ ගත්හ. එකෙණෙහි ම දස දහසක් සක්වළ පුරා මහා ආලෝකයක් පැතිරෙමින් ලෝ ධාතුව ම ප්‍රකම්පනය වන්නට විය.

ලොවක් ලද සේ මහා සොම්නසින් අවදි වූ ඕතොමෝ සිහිනයේ අනාවැකි දැන මහා පුරුෂෝත්තම දරු සිඟිත්තා දස මසක් පුරාවට රත් පලසක තැබූ මැණිකක් සේ තම දෑසින් ම දැක සුරතල් බල බලා රිසි සේ පෝෂණය කළාය.

කෙමෙන් වෙසක් සඳ නැඟෙන දින උදා විය. පිරුණු දසමස් ගැබ් ඇති ඒ උතුම් මායා බිසව, දෙව්දහ නුවර බලා වඩින මඟ සොඳුරු සල් වනයකි. පිපුණු මලින් ගැවසී ගත් සල් රුක් එදා සෙමෙන් ඔබ මොබ සැලුනේ ගාම්භීරව ය. මායා බිසව ද වනයේ ඇවිදිනු කැමති ම ය. රථයෙන් බැස සන්සුන් ගමනින් මල් ගොමු අතර සක්මන් කළ ඈ මල් පිපී ගිය සල් අත්තක් ඇල්ලීමට අත ඔසොවද්දී ම සල් අත්ත ම පහත් වී බිසොවුන් අත රැඳුනේ කුස තුළ සිටින පිනෙන් පිරුනු අසිරිමත් දරු සිඟිත්තාගේ පුණ්‍යානුභාවයෙනි.

එවිගස ම බෝසත් කුමරු බිහිවන ලකුණු පහළ විය. ලොව තවත් එක් ධර්මතාවයක් ඉස්මතු කරමින් ඒ මහා මව් තොමෝ හිටගත්වන ම සිටිද්දී ධර්මාසනයකින් බස්නා උත්තම ධර්මකථිකයෙකු සෙයින් දෙව්ලොවින් බසිනා දෙව්පුතෙකු සෙයින් මව්ටත් කිසිදු දුකක් නූපදවා සැබෑ ම රන් කඳක් වන් වූ බෝසතුන් මෙලොවට වැඩි සේක. ඉනික්බිතිව සතරවරම් දෙවිවරු පැමිණ රන් සළුවකින් බෝසතුන් පිළිගෙන දේවිය ඉදිරියේ නර ශ්‍රේෂ්ඨ වූ උතුම් පුත් රුවනක් ලැබී ඇති බව කියා පෑවේ දරු සෙනෙහස තව තවත් උතුරා යවමිනි. එසැණින් උණුසුම් හා සිසිල් ජල දහරාවෝ අහසින් වැටී මව පුතු දෙදෙන නැහැවී ගියේය. වරම් දෙවිවරු සිව්දෙනා සිඟිති බෝසත් පුතු මෑණියන්ගේ දෑතට දුන් කල, අහා! අසිරියෙකි. එදා උපන් බෝසතුන් අතෙන් ගිලිහී මහා පොළොවෙහි සිටගත්තා පමණක් නොව සිඟිති සිරිපා මහ පොළොවෙන් නැගුණ පිපුණු නෙළුමින් ම පිළිගත්තේය. මෙවන් අසිරියක් එදා මේ මනුලොව සැබැවින් ම සිදුවුණ බව සිතන්නටවත් හැකියාවක් අපට නොමැත.

ඉනික්බිතිව උතුරු දෙසට පියවර හතක් ම ළපටි පා ඔසොව ඔසොවා සියපත් මතින් ම වැඩි ඒ බෝසත් පුතණුවන් හත්වැනි පියුම මත සිට දකුණත ඉහළට ඔසොවා සිඟිති දබරැඟිල්ල අහසට දිගු කොට මිහිරි බඹසර විහිදුවේ අභීත සිහනදක් පවත්වාලමින්.

“ලොවෙහි අගපත් කෙනා මම යි

මෙලොවේ වැඩිමල් කෙනත් මම යි

ලොවට උත්තම කෙනා මම ම යි

මේ මගේ අවසන් උපත වෙයි

නැවත උපතක් නොමැත්තේ ම යි”

එවේලෙහි දසදහසක් ලෝක ධාතුව ම ප්රකම්පිතව ගියේය. ප්‍රභාෂ්වර වූ අතිමහත් වූ ආලෝකයක් ද ලොව පැතිරෙමින් සිහින් වැසි පොද වැටුණි. මේ අසිරිමත් උපත කෙතරම් ම නම් සුවිශේෂී ද යත්, අවීචියේ පවා මහා ගිනිදැල් මොහොතකට නිවී ගියේය. අහා! මෙතරම් අසිරියක් මෙලොව කිසිදා දරු උපතකදී සිදුවී ඇත් ද? අද්භූත ම යි ඒ පිනැති බෝසතුන්.

අගපත් සැපයෙන් ඔබ්බට…

මෙවන් අසිරියකින් ලොවට බිහිවූ බෝසත් කුමරුට ‘සැබැවින් ම ලොවට සෙත සලසන උතුමා’ යන අරුතින් ‘සිද්ධාර්ථ’ යන නාමය ලැබදුනි. කුමරුන් විසින් පෙරනිමිති සතර දැක ජීවිතය වෙනස් ම මාවතකට යොමුකර ශ්‍රී සම්බුද්ධත්වයේ ගමන අරඹන වග දැනගත් සුදොවුන් නිරිඳු අසුභ ලෙස සැලකූ සියලු දෙයින් නුවර හිස් කළේ ඇටමිදුළු දක්වා විනිවිද ගිය දරු සෙනෙහසිනි. සියල් සැපයෙන් ඉතිරී ගිය මාළිගා තුනක් කුමරු වෙනුවෙන් වෙන් විය. එකල සිටි අභිරූපවත් ම යොවුන් කුමරිය වූ සසරේ අසාමාන්‍ය පින් පිරූ යශෝදරාව සරණ පාවා දුනි.

ගිහිගෙය අත් නොහරිනු පිණිස සියලු සම්පත් පූර්ණව තිබුණත් කුමක්දෝ අතෘප්තිකර ස්වභාවයක් නිරන්තරයෙන් කුමරු තුළ දෝලනය වන්නට විය. දුක් සහගත සියල්ල වැසී ගිය ද පූර්ණ වූ සතුටක් සොම්නසක් කුමරු නොවිඳින්නේ සසරේ සොයා ආ පූර්ණ වූ උත්තරීතර නොවෙනස් සැපය තවමත් මුණ නොගැසුණු බැවිනි.

කෙසේ හෝ දෙවියන් විසින්, කුමරුට වැසී තිබුණ දුක පෙරනිමිති ලෙස පෙන්වූයෙන් කෙටි කලෙකින් ම කුමරු සසරේ පිරූ ප්‍රඥා මහිමයෙන් ම සියල්ල වටහා ගති. ඇසළ පුන් සඳ මෝදු වූ රාත්‍රියේ යශෝදරාව සිඟිති රහල් පුතු බිහි කළ දින රාත්‍රියේ තමන් ලද විචිත්‍ර වූ අග්‍ර වූ සියලු සම්පත් අතහැර දෙව් පිරිසේ උත්තමාචාරය ද උපකාරය ද මැද අප මහා බෝසතුන් කන්ථක අසු පිට නැගී ඡන්නයන් සමඟ මහාභිනික්මන් කොට කපිලවස්තු වෙල්යාය මැද මාවතේ නොපෙනී ගියේය. අහා! දෙව් මිනිස් සතුනට සදා සැනසීම උදාවන දින දුර ඈත නොවේ ම ද?

අනෝමා ගංතෙරදී කපා දැමූ කෙස් වැටිය සක් දෙවිඳු සතු විය. ඝටීකාර මහබඹුන් පිරිනැමූ සිවුරු පිරිකර දැරූ අප මහා බෝසතුන් ඡන්නයන්ට ද කන්ථකයන්ට ද සමු දී අනුපිය වනයේ නොපෙනී ගියහ. මුණගැසුණු වෘද්ධ වූ ගුරුවරු දෙදෙන ද අත්හළ බෝසතුන් උරුවේලාවට වැඩ, එකල මහා ගෞරවයට පාත්‍ර වූ අතිරූක්‍ෂ වූ තපස් චර්යාවෙහි යෙදුණෝය. කෙටිකලක් නොව ලෝ සතුන් වෙනුවෙන් වසර හයක් පුරා සිදු කළ අතිදුෂ්කර චර්යාව පිළිබඳ ව අප අසා ඇත්තේ ඉතාමත් ස්වල්පයකි. ඒ අප්‍රමාණ වූ දුක් කඳ ගැන ලියා දක්වන්නට මා සතු වචන ද ප්‍රමාණවත් නොවේ.

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ…

මහ බෝසතුන් අවබෝධයක් කරා නොගෙන ගිය රූක්ෂ ප්‍රතිපදා සියල්ල අත්හළ සේක. නැවත පිඬුසිඟා වඩිමින් සිහි නුවණින් ම කය ප්‍රකෘතිමත් කරගත්හ. සුජාතාවගේ අසිරිමත් ක්ෂීර පායාස දානය ද ලද බෝසතුන් රන් තලිය ගඟේ පා කොට අර්හත් ධජය දරා ගඟ අසබඩ සෙවණැලි සුවයක් සෙවූහ. අහා! එදා තියුණු නේත්‍ර යුග්මයට උන්වහන්සේ වෙනුවෙන් ම මහ පොළොවෙන් පැන නැගුණ අතුපතර විහිදුනු ඇසතු වෘක්ෂරාජයා දිස් විය. ඇසතු බෝමුල නැගෙනහිර දෙසට මුහුණලා කුස තණ මත එලූ සඟල සිවුර සහිත ආසනයේ සිවු අංග සමන්වාගත වීරියෙන් ම අසුන් ගත්හ.

අසිරියෙකි! අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් පුරා පූර්ණ කළ පුණ්‍ය ශක්තීන් විසින් ඵල ලබාදෙන්නා වූ මොහොත ඉතා නුදුරේ ම ය. ඒ මොහොතේ අප මහා බෝසතාණන් වහන්සේ කෙතරම් වීර්යයක් ගත්තේ ද යත්, ඒ උත්තම සිරුර පිසදා හමා යන සුළං රොදට ගං දිය පවා වියැළිය හැකි බව සත්‍යයක් ම විය.

එකල්හී සියලු දෙවි දේවතාවෝ අහස් ගැබ පුරා සක්වළ සිසාරා ප්‍රීති ඝෝෂා කළහ. මෙසේ අද්භූත චමත්කාරයකින් ලොව වෙලී යද්දී සයුරු රළ නැගෙන්නා සේ බිහිසුණු මරසෙන් වසවත් මරු පෙරටුකොට බෝමැඩ වටකර ගත්තේ දෙව් බඹුන් අහස් ගැබ අතැර පලා යද්දී ම ය.

තමන් සතු වූ සර්ව හැකියාවෙන් බෝසතුන් මැඩලන්නට සියලු වෙර දැරූ පවිටු මරු තෙමේ අවසන ධරතී මාතා නම් වූ ස්වභාවධර්මයාගේ අති ප්‍රබල සාක්ෂි මධ්‍යයේ නීච අයුරින් දුබල වී පැරදී පලා ගියේ ගාම්භීර ව දස්කම් පා ලබන්නට වෙර දැරූ උත්තම වජ්රාසනය තබා, අභියෝග දෙමින් අසුන් ගෙන සිටි තම ආසනය ද අහිමි කරගනිමින්. ධරතී මාතා තොමෝ නොනවත්වා ම මුහුදු රළ සේ නැගෙමින් තවතවත් සැලෙන්නට වූවාය. පුරා සක්වළ ම වසා සිටි මර සෙන් හිස් ලූ ලූ අත පලා ගියහ. සක්වළ ගලෙන් එබි එබී බලා සිටි දෙවි බඹුන් නැවත රොද බැඳ ප්‍රීතියෙන් ඔද වැඩුණි.

මෙසේ හිරු බැස යන්නටත් ප්‍රථම දස මරසෙන් මැඩලූ බෝසතුන් දිනූ වජ්රාසනය මතදී තම හුස්ම රැල්ලට මනා ලෙස සිහි පිහිටුවමින් සොඳුරු ලෙස සිත කර්මණ්ය කොට එකඟ සිතින් සත්වයන්ගේ අතීත දිවි ගමන සක්සුදක් සේ පැහැදිලිව දකින නුවණ ද මධ්‍යම යාමයේදී සත්වයන් උපදින චුතවන සියලු අයුරු දක්නා නුවණ ද පශ්චිම යාමයේදී හේතුඵල දම් විමසා මනා ලෙස ප්‍රඥා මහිමයෙන් අවබෝධ කොට මාර්ග ඵල පිළිවෙළින් පසක් කරමින් සියලු තණ්හා දුරු කොට අසංඛත වූ උත්තම නිවනෙහි ම බැස සකලවිධ අවිද්‍යාවන් දුරුකොට, විද්‍යාලෝකය උපදවමින් මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි බුදුරජුන් ලෙස ගුරූපදේශ රහිතව ම ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරමින් තුන් ලොවක් හමුවේ අබිසෙස් ලැබූ සේක.

එකල්හි දස දහසක් ලෝ ධාතුව බලවත් ව ප්රකම්පිතව අද්භූත ලෙස සැලෙන්නට විය. දෙවියන්ගේ ප්‍රභාව මැඩලමින් අප්‍රමාණ වූ ආලෝක ධාරාවන් ලොව පුරා පැතිර ගියේය. කිසිදා ආලෝකයක් නොලද ලෝකාන්තරික නරකය ද ආලෝකවත් වූයේ සකල ලොව මහ ප්‍රභා පතුරන සර්වජින හිරුමඬල පෑයූ හෙයින් ම ය. එකෙණෙහි ම ලොව කිසිදා සිදුනොවන, එනමුත් අසිරියක් ගෙනදුන් සිදුවීම් එකිනෙක සිදුවන්නට විය. සකල ලොව ආශ්චර්ය අද්භූත වූ, විචිත්‍ර වූ සුන්දරත්වයකින් ම වෙලී ගියේය.

එදින මෙලොව සිදුවූ අසිරිමත් දෑ ලියා වැනුමට තරම් මම ඉඩහසර නොලබමි.

ඒ… බිහිසුණු සසරක් උරුමව අපමණ වූ අතිශය කටුක දුක් විඳින සත්වයින්ගේ විමුක්තිය නම් වූ සදාතනික නිදහසේ එක ම ශාස්තෘවරයාණන්ගේ පහළ වීම යි.

නිදුකින් ලෝ වැඩ සදා….

තවත් එක් ආලෝකමත් දිනකි. පියකරුව දිස්වන සියල්ලෙන් සොඳුරු පණිඩිඩයක් ලැබුණ ද අහෝ, බුදුරජුන්ට දම් දෙසුමට සිත නොනැමුණි.

එනමුදු ලොව තවත් එක් උත්තම ධර්මතාවක් ඉස්මතු කරමින් මහබඹු පැමිණ, සදේවක ලෝකයා ම බුදුරජුන්ට නතු වන ලෙස බ්රහ්මාරාධනයේ යෙදුණි. පෙරුම් පිරූ සේ ම සම්බුද්ධ කෘත්‍යයේ නියැලුන අප භගවත් බුදුරජාණෝ යළිත් ලෝ ධාතුව ප්‍රකම්පිත කරමින් පස්වග ශ්රමණවරුන් උදෙසා දෙසූ උත්තම දම්සක් දෙසුමෙන් ඇරඹි දම් සකේ ප්‍රවර්තනය පුරා වසර හතළිස් පහක් අඛණ්ඩ ව සිදුවිය. ඒ පන්සාලිස් වසර පුරාවට උත්තම සම්බුදු හිරුමඬලේ ප්‍රඥා ප්‍රභාවෙන් ද පිරිපුන් ගුණ මහිමයේ ආනුභාවයෙන් ද ගිහි පැවිදි මනුසතුන්ගේ පමණක් නොව දෙව් බඹුන් සහිත සකල සත්වයන්ගේ හදවත් උදාර භාවයට පත් කරමින්, ලොවට සිරිසැප ළඟා කරමින් ආර්ය වූ සීමාරහිත ගුණයෙන් යුතු සඟරුවනක් ද ලොවට බිහි කරමින් පිළිවෙළින් අසූවැනි වියට පැමිණි සේක. එම කාලය තුළ ලොවට සැලසූ අපමණ යහපත මෙතෙකැයි කියා ලියා දැක්වීමට මම කිසිදා සුදුසුකම් නොලබමි. පිළිසරණ සලසා ගත් දෙව් බඹුන් ද මනුලොව කුඩා දරුවන්, තරුණ තරුණියන්, මැදි විය – මහලු විය වියතුන්, සොරුන්, ගණිකාවන්, තාපස පරිබ්‍රාජකයන්, රජවරුන්, සිටුවරුන්, හිඟන්නන් ආදී සියලු තරාතිරම්වල මිනිස් ප්‍රජාව ද අපමණ ය. ඒ මේ සම්බුදු දහමේ සත්‍යානුභාවය ම ය.

පිරිනිවනට වැඩියෝ….

ඒ මින් වසර 2562කට පමණ පෙර එක් දිනකි. විශාලාවේ චාපාල චෛත්‍යස්ථානය අසලදී නිමාවට පත්කළ බුද්ධ කෘත්‍යය ඇති අප මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් පිරිනිවීමට තීරණය කොට මේ හටගත් ජීවිත සංස්කාරය, යුද ඇඳුමක් සිරුරින් ඉවතලන සේ අත්හළ මොහොතේ මහා ධරතී මාතා මහා හඬ නංවමින් සෙලවුම් කෑවාය. එය ලොමු දැහැගැන්වෙන සුලු විය.

කුසිනාරා සල් වනය මැද නොකල්හී පුෂ්ප හටගත් සල් රුක් යුගලකි. ඒ අතර අප සම්බුදුරජුන් වෙනුවෙන් අවසන් සයනය පැනවුණි. අප තථාගත බුදුරජාණන් වහන්සේ සිහි නුවණින් යුතුව සිංහ සෙය්යාවෙන් එහි සැතපුන සේක. දෙව් මදාරා මල්, සඳුන් සුණු අහසින් වැටුණි. දෙව් තුරු නද මළානික ලීලාවෙන් වැයෙති. දෙව් බඹුන් සේ ම භික්ෂූන් වහන්සේලා ද “අහෝ, මහා කරුණාබරිත ව ලොව බැලූ එක ම සම්බුදු ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය” කියා වැළපුනහ. එනමුත් දහමින් ඵල ලැබූ උතුමන් සේ ම දෙව් බඹුන් ද සංස්කාරයන්හි අනිත්‍ය බව පසක් කරමින් බලා සිටියහ. පසුව පිරිපුන් ලෝ වැඩ සැදූ අප මහා වීරයන් වහන්සේ දැහැමින් කරුණු දෙසා අවසන් සම්බුදු වදන තිලොව හමුවේ දේශනා කොට වදාළ සේක.

“හේතු ප්රත්යයන්ගෙන් හටගත් සංස්කාරයෝ සියල්ල නැසෙන ස්වභාවයෙන් යුතු වෙති. එබැවින් අප්‍රමාදීව නිවන පිණිස වෑයම් කරව්…”

ඉනික්බිතිව තථාගත බුදුරජාණෝ රූප අරූප ධ්යානවලටත්, නිරෝධ සමාපත්තියටත් සමවැදී නැවත ධ්‍යානවලින් නැඟිට නැවතත් සතරවන ධ්‍යානය දක්වා සමවැදී තුන් ලොවක් මහත් වූ ප්‍රභාවෙන් ආලෝකමත් කළ පහන් සිළක් නිවී යන පරිද්දෙන් පිරිනිවන් පා වදාළ සේක. මහා ධරතී මාතාව වැලපෙමින් සැලෙමින් ගිගුම් දුන්නාය. අකල් වැසි ඇද හැළුණි. දෙවියන්ගේ දෙව් බෙර පැලී ගියේය. සකල ලොව මළානික ව ගියේය.

මෙසේ සිව් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අසීමිත පුණ්‍ය ශක්තියක් පරිපූර්ණ කළ, මනුලොව ලද සියලු කාම සම්පත් මොහොතින් අතහැර විමුක්තිය සොයා අභිනික්මන් කළ, බෝමැඩ වජ්රාසනය මත ප්‍රබල මර සෙන් පරදා සම්බුදු බවින් අබිසෙස් ලද, ලොව සිරිසැප සෙත සැදූ තුන් ලොව ප්‍රභාමත් කළ මහා පහන් සිළ නම් වූ මාගේ උත්තම ශාස්තෘ ගෞතම සම්බුදුරජාණෝ පිරිනිවනට වැඩි සේක් ම ය.

සරණට දිවි පුදා…

මෙලෙස උත්තම ත්රෛමංගල්යයක් සමරන දැන් වූ කලී ඒ අසහාය ශාස්තෘවරයාණෝ ගුරු කොට තබාගත් ධර්ම විනය ම ගුරු කොට, සම්බුදුරජුන් ද සත්‍ය වූ සදහම් ද ආර්ය සඟරුවන ද යන උත්තම සරණට දිවි පුදා ඍජු මගෙහි යන්නට වෙර දැරිය යුතු යුගයේ අවසන් භාගය යි. මරු විසින් වසඟ කරගත් ලෝකයේ මරුන් පැරදූ බුදුරදුන් සරණ ගොස් පිළිසරණ ලැබූවන් වන්නට අපට ද දුර්ලභ වාසනාව උදා වේවා…!

සසරින් එතෙරට වැඩි නිදුකාණෙනි

සුගත තථාගත බුදු සමිඳාණෙනි

අමා දහම් දෙසු පුණ්‍යවතාණෙනි

මගේ සරණ ඔබ ම යි සමිඳාණෙනි…!!!

සාදු..! සාදු…!! සාදු….!!!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ

මෑණියන් වහන්සේ නමක් විසිනි.

[QUOTE="Iron Monger, post: 23155161, member: 349634"] [b]අසිරිමත් ම ය එදවස…[/b] [IMG]https://mahamegha.lk/wp-content/uploads/2018/04/Asirimathmaya-e-dawasa-2.jpg[/IMG] [B]අසිරිමත් ම ය එදවස…[/B] [SIZE=5]සූර්ය දිවාකර තෙමේ අවරගිර රත් වලා අතර සැඟවෙද්දී, පුන් සඳ මඬළ මෝදු වනුයේ වෙනදා මෙන් නොව පෙර අතීතයේ සොඳුරු මතකයක් රැගෙනදෝ’ යි සඳ දෙස බලා සිටි විට නිතැතින් ම සිතුණේ, අද ඒ පුන්සඳ මඬළ එතරම් ම පියකරු බැවිනි. ඒකාන්තයෙන් ම අසිරියක් ම ය. අද වන් සොඳුරු දිනෙක ලොව උත්කර්ශවත් ම සිදුවීම් මේ මනුලොවෙහි සැබැවින් ම සිදු වුණා නොවෙද! ඒත් සමඟ ම ක්ෂණයෙන් සිත දුර අතීතයේ දීප්තිමත් ම යුගය කරා දිව ගියේ නිරායාසයෙනි.[/SIZE] [SIZE=5]මිනිසෙකු ලෙස මනුලොවෙහි ඉපදීමට, එනම් මේ සුගති ලොව උපත ලැබුමට උත්තරීතර පුණ්‍ය මහිමයක් තිබිය යුතු බව සම්බුද්ධ භාෂිතයකි. එසේ උපත ලබන මිනිසා තම පැරණි මෙන් ම නව කර්මයන්ට අනුරූප ව අභිවෘද්ධියකට පත්වීම හෝ පරිහානිය කරා යාම විය හැක්කකි.[/SIZE] [SIZE=5]එනමුත් උත්කෘෂ්ට වූ මහත් පුණ්‍ය සම්භාරයකින් පිරිපුන්ව මෙලොව උපත ලබන අසහාය මිනිසා කිසිදා පරිහානියක් කරා නොයන්නා සේ ම අභිවෘද්ධියේ ඉහළ ම අන්තයේ සුපිහිටි කිසිදා ආපසු නොකිලිටි වන්නා වූ උත්තම සාරය ද සාක්ෂාත් කරනු ඒකාන්තය. එනමුත් එවන් උපත් මෙලොව සිදුවීම අතිශය දුර්ලභ සේ ම දුෂ්කර ම ය.[/SIZE] [SIZE=5][B]අසිරිමත් යොවුන් පුතා…[/B][/SIZE] [SIZE=5]ඒ, මින් අසංඛෙය්‍ය විසි ලක්ෂයකට පෙර එක් දිනකි. සක් දෙවිඳාණන්ගේ අතිශය දුර්ලභ ඇරයුමකට බඳුන් වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අතිශය දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙමින් සිටි වීර්යවන්ත තරුණයෙකි. දෙවිඳුන්ගේ ඍද්ධියෙන් ඒ මහා සයුර මැද සරණක් සොයමින් සිටි මව පුතු දෙදෙන ම සුවපත් වූවා පමණක් නොව ඇරයුමට අනුව ම තරුණයා තුළ වීරිය අධිෂ්ඨානය කෙමෙන් වැඩෙමින් ලෝ වැඩ සදන පින් පුරන ගමනට එකතු වූයේය. සැබැවින් ම එය නුවණින් සලකා සිතන විට කෙසේ නම් ඒ මහා වීර අතිජාත පුතුන් පණ නසන්නා වූ වෙහෙස දුරලා මව් රැක ගැනුමට පුරා දින හතක් ඉමක් නොපෙනෙන මහා සයුර මැද වෙහෙසුනේ දැයි යන්තම් හෝ සිතාගත හැක. ඒ උත්තරීතර වූ අසාමාන්‍ය ගුණය ම අනාගත ලොව මහා පුරුෂයෙක් තැනුමට පුරෝගාමී වූ බව නොරහසක් ම ය.[/SIZE] [SIZE=5][B]ඇදක් නැතේ පහන් සිතින් මුනිඳුට දිවි පුදමින්න…[/B][/SIZE] [SIZE=5]පසුව ගෙවුනේ කෙටිකලක් නොව අසංඛෙය්‍ය කල්ප ලක්ෂ දහසයකි. ඒ මින් අසංඛෙය්‍ය කල්ප ලක්ෂ සතරකට පෙර ය. කර්මයන්ට අනුරූප ව සසර සැරිසරා යළි මනුලොව පැමිණි ඒ උතුම් මිනිසා මෙවර හමුවන්නේ මහා ඍද්ධිමත් තවුසෙක් ලෙසිනි. ඒ දීපංකර බුදුරජ සමය යි. අර්හත්වය පිණිස ම හේතු සම්පත් පූර්ණ ව තිබූ සුමේධ නම් වූ ඒ මහා ඍෂිවරයා බුදුරජුන්ගේ සොඳුරු සිරිපා මඩෙන් තෙත් වනු නොකැමැතිව ගමේ ගොඬේ තරුණයෙකු සෙයින් දිගා වී රන් කඳක් වන් වූ තම පිට මතින් වඩින්නට ඇරයුම් කළ විට දිවකුරු බුදුරජාණෝ “මේ උදාර සංකල්ප ඇති, අහස් ගමන් යන මහා ඍෂිවරයා මින් අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් ඇවෑමෙන් ‘ගෞතම’ නමින් සම්බුද්ධත්වයට පත් වනු ඇත” යනුවෙන් නියත ලෙස ම විවරණ ලබා දුන් සේක.[/SIZE] [SIZE=5][B]මිහිමඬළටවත් උහුලනු නොහී…[/B][/SIZE] [SIZE=5]එතැන් පටන් ඒ ගුණයෙන් බබළන බෝසත් උතුමා අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් මුළුල්ලේ මහා පුණ්‍ය සම්භාරයකට හිමිකම් කියන ලද්දේ, ධරතී මාතාවෙනි! සම්බුද්ධත්වයට පෙර අවසන් භවයේත් ඔය මිහිමඬලට පවා ඉහිලිය නොහැකි තරම් වූ මහා දන් පවා පවත්වමින් නොවෙද? දෙව්ලොව මනුලොව සතුන් එක ලෙස ලොමුඩහගන්වමින් නොවෙද? ඒ අති දීර්ඝ කාලය තුළ ඇතැම් විට තිරිසනෙකු ලෙස ද ඇතැම් විට රජවරු සිටුවරු ලෙස ද ඍෂිවරයෙකු ලෙස ද සාමාන්‍ය මිනිසෙකු ලෙස ද සිටිමින් දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී යන සමතිස් පාරමී දම් පරිපූර්ණ ව පිරූ ඒ මහා බුද්ධාංකුරය, සසරේ දන් දුන් ඇස්, හිස්, මස්, ලේ, අඹුදරුවන්, සැප සම්පත් ආදිය ගැන ගෙනහැර දක්වන්නට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ ම ය. එලෙසින් මහත් වූ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙන අභිබවන්නට සමත් වූ ඒ මහා බෝසතුන් ‘සන්තුසිත’ නමින් බෝසත්වරුන් පහළ වන තුසිත දෙව්ලොව උපන්හ.[/SIZE] [SIZE=5][B]ලෙව් සතට මෙත් පතුරා…[/B][/SIZE] [SIZE=5]මහ බඹුන් ප්‍රධාන සකල දෙවි බඹුන් කෘත පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුතු ඒ මහා දෙව්රජාණන් බැහැදැක “අති දීර්ඝ කලක් එක ම එක ඉලක්කයක් පිණිස පින් පිරූ මහා වීරයාණෙනි! මනුලොව උත්තම මව් කුසේ පිළිසිඳ දෙව් මිනිස් ප්‍රජාව සසරින් එතෙර කරනු පිණිස බුද්ධත්වය නම් වූ අමෘතය සාක්ෂාත් කරන සේක්වා!” යනුවෙන් ඇරයුම් කළෝය.[/SIZE] [SIZE=5]ඒ පිනැති නැණැසින් මනු ලොව පිරික්සූ මහා බෝසතුන් පංච මහා විලෝකනයේ යෙදී මනුලොව උපත ලැබුමට තීරණය කළහ.[/SIZE] [SIZE=5][B]මහ පොළොවෙත් නෙළුම් [/B]පිපී…[/SIZE] [SIZE=5]ඒ ඇසළ පොහොය දවස යි. උතුම් ම උපත සලසන්නට මෙලොව උත්කෘෂ්ට ම පිනැති ඒ මහා මව් තොමෝ සුවඳ පැන් නා පිවිතුරු වස්ත්‍ර ඇඳ ශ්‍රී යහන් ගබඩාවේ නිදා සිටි විට අපූරු සිහිනයක් දුටුවාය. අප කවුරුත් දන්නා එහි අවසන හුරුබුහුටි වූ සුදු ඇත් පැටවා කුසට ඇතුල් වනු දකින මොහොතේ ම පිනෙන් පූර්ණ බෝසතුන් ඒ පිනැති මව්කුසෙහි පිළිසඳ ගත්හ. එකෙණෙහි ම දස දහසක් සක්වළ පුරා මහා ආලෝකයක් පැතිරෙමින් ලෝ ධාතුව ම ප්‍රකම්පනය වන්නට විය.[/SIZE] [SIZE=5]ලොවක් ලද සේ මහා සොම්නසින් අවදි වූ ඕතොමෝ සිහිනයේ අනාවැකි දැන මහා පුරුෂෝත්තම දරු සිඟිත්තා දස මසක් පුරාවට රත් පලසක තැබූ මැණිකක් සේ තම දෑසින් ම දැක සුරතල් බල බලා රිසි සේ පෝෂණය කළාය.[/SIZE] [SIZE=5]කෙමෙන් වෙසක් සඳ නැඟෙන දින උදා විය. පිරුණු දසමස් ගැබ් ඇති ඒ උතුම් මායා බිසව, දෙව්දහ නුවර බලා වඩින මඟ සොඳුරු සල් වනයකි. පිපුණු මලින් ගැවසී ගත් සල් රුක් එදා සෙමෙන් ඔබ මොබ සැලුනේ ගාම්භීරව ය. මායා බිසව ද වනයේ ඇවිදිනු කැමති ම ය. රථයෙන් බැස සන්සුන් ගමනින් මල් ගොමු අතර සක්මන් කළ ඈ මල් පිපී ගිය සල් අත්තක් ඇල්ලීමට අත ඔසොවද්දී ම සල් අත්ත ම පහත් වී බිසොවුන් අත රැඳුනේ කුස තුළ සිටින පිනෙන් පිරුනු අසිරිමත් දරු සිඟිත්තාගේ පුණ්‍යානුභාවයෙනි.[/SIZE] [SIZE=5]එවිගස ම බෝසත් කුමරු බිහිවන ලකුණු පහළ විය. ලොව තවත් එක් ධර්මතාවයක් ඉස්මතු කරමින් ඒ මහා මව් තොමෝ හිටගත්වන ම සිටිද්දී ධර්මාසනයකින් බස්නා උත්තම ධර්මකථිකයෙකු සෙයින් දෙව්ලොවින් බසිනා දෙව්පුතෙකු සෙයින් මව්ටත් කිසිදු දුකක් නූපදවා සැබෑ ම රන් කඳක් වන් වූ බෝසතුන් මෙලොවට වැඩි සේක. ඉනික්බිතිව සතරවරම් දෙවිවරු පැමිණ රන් සළුවකින් බෝසතුන් පිළිගෙන දේවිය ඉදිරියේ නර ශ්‍රේෂ්ඨ වූ උතුම් පුත් රුවනක් ලැබී ඇති බව කියා පෑවේ දරු සෙනෙහස තව තවත් උතුරා යවමිනි. එසැණින් උණුසුම් හා සිසිල් ජල දහරාවෝ අහසින් වැටී මව පුතු දෙදෙන නැහැවී ගියේය. වරම් දෙවිවරු සිව්දෙනා සිඟිති බෝසත් පුතු මෑණියන්ගේ දෑතට දුන් කල, අහා! අසිරියෙකි. එදා උපන් බෝසතුන් අතෙන් ගිලිහී මහා පොළොවෙහි සිටගත්තා පමණක් නොව සිඟිති සිරිපා මහ පොළොවෙන් නැගුණ පිපුණු නෙළුමින් ම පිළිගත්තේය. මෙවන් අසිරියක් එදා මේ මනුලොව සැබැවින් ම සිදුවුණ බව සිතන්නටවත් හැකියාවක් අපට නොමැත. ඉනික්බිතිව උතුරු දෙසට පියවර හතක් ම ළපටි පා ඔසොව ඔසොවා සියපත් මතින් ම වැඩි ඒ බෝසත් පුතණුවන් හත්වැනි පියුම මත සිට දකුණත ඉහළට ඔසොවා සිඟිති දබරැඟිල්ල අහසට දිගු කොට මිහිරි බඹසර විහිදුවේ අභීත සිහනදක් පවත්වාලමින්.[/SIZE] [SIZE=5]“ලොවෙහි අගපත් කෙනා මම යි මෙලොවේ වැඩිමල් කෙනත් මම යි ලොවට උත්තම කෙනා මම ම යි මේ මගේ අවසන් උපත වෙයි නැවත උපතක් නොමැත්තේ ම යි”[/SIZE] [SIZE=5]එවේලෙහි දසදහසක් ලෝක ධාතුව ම ප්රකම්පිතව ගියේය. ප්‍රභාෂ්වර වූ අතිමහත් වූ ආලෝකයක් ද ලොව පැතිරෙමින් සිහින් වැසි පොද වැටුණි. මේ අසිරිමත් උපත කෙතරම් ම නම් සුවිශේෂී ද යත්, අවීචියේ පවා මහා ගිනිදැල් මොහොතකට නිවී ගියේය. අහා! මෙතරම් අසිරියක් මෙලොව කිසිදා දරු උපතකදී සිදුවී ඇත් ද? අද්භූත ම යි ඒ පිනැති බෝසතුන්.[/SIZE] [SIZE=5][B]අගපත් සැපයෙන් ඔබ්බට…[/B][/SIZE] [SIZE=5]මෙවන් අසිරියකින් ලොවට බිහිවූ බෝසත් කුමරුට ‘සැබැවින් ම ලොවට සෙත සලසන උතුමා’ යන අරුතින් ‘සිද්ධාර්ථ’ යන නාමය ලැබදුනි. කුමරුන් විසින් පෙරනිමිති සතර දැක ජීවිතය වෙනස් ම මාවතකට යොමුකර ශ්‍රී සම්බුද්ධත්වයේ ගමන අරඹන වග දැනගත් සුදොවුන් නිරිඳු අසුභ ලෙස සැලකූ සියලු දෙයින් නුවර හිස් කළේ ඇටමිදුළු දක්වා විනිවිද ගිය දරු සෙනෙහසිනි. සියල් සැපයෙන් ඉතිරී ගිය මාළිගා තුනක් කුමරු වෙනුවෙන් වෙන් විය. එකල සිටි අභිරූපවත් ම යොවුන් කුමරිය වූ සසරේ අසාමාන්‍ය පින් පිරූ යශෝදරාව සරණ පාවා දුනි.[/SIZE] [SIZE=5]ගිහිගෙය අත් නොහරිනු පිණිස සියලු සම්පත් පූර්ණව තිබුණත් කුමක්දෝ අතෘප්තිකර ස්වභාවයක් නිරන්තරයෙන් කුමරු තුළ දෝලනය වන්නට විය. දුක් සහගත සියල්ල වැසී ගිය ද පූර්ණ වූ සතුටක් සොම්නසක් කුමරු නොවිඳින්නේ සසරේ සොයා ආ පූර්ණ වූ උත්තරීතර නොවෙනස් සැපය තවමත් මුණ නොගැසුණු බැවිනි.[/SIZE] [SIZE=5]කෙසේ හෝ දෙවියන් විසින්, කුමරුට වැසී තිබුණ දුක පෙරනිමිති ලෙස පෙන්වූයෙන් කෙටි කලෙකින් ම කුමරු සසරේ පිරූ ප්‍රඥා මහිමයෙන් ම සියල්ල වටහා ගති. ඇසළ පුන් සඳ මෝදු වූ රාත්‍රියේ යශෝදරාව සිඟිති රහල් පුතු බිහි කළ දින රාත්‍රියේ තමන් ලද විචිත්‍ර වූ අග්‍ර වූ සියලු සම්පත් අතහැර දෙව් පිරිසේ උත්තමාචාරය ද උපකාරය ද මැද අප මහා බෝසතුන් කන්ථක අසු පිට නැගී ඡන්නයන් සමඟ මහාභිනික්මන් කොට කපිලවස්තු වෙල්යාය මැද මාවතේ නොපෙනී ගියේය. අහා! දෙව් මිනිස් සතුනට සදා සැනසීම උදාවන දින දුර ඈත නොවේ ම ද?[/SIZE] [SIZE=5]අනෝමා ගංතෙරදී කපා දැමූ කෙස් වැටිය සක් දෙවිඳු සතු විය. ඝටීකාර මහබඹුන් පිරිනැමූ සිවුරු පිරිකර දැරූ අප මහා බෝසතුන් ඡන්නයන්ට ද කන්ථකයන්ට ද සමු දී අනුපිය වනයේ නොපෙනී ගියහ. මුණගැසුණු වෘද්ධ වූ ගුරුවරු දෙදෙන ද අත්හළ බෝසතුන් උරුවේලාවට වැඩ, එකල මහා ගෞරවයට පාත්‍ර වූ අතිරූක්‍ෂ වූ තපස් චර්යාවෙහි යෙදුණෝය. කෙටිකලක් නොව ලෝ සතුන් වෙනුවෙන් වසර හයක් පුරා සිදු කළ අතිදුෂ්කර චර්යාව පිළිබඳ ව අප අසා ඇත්තේ ඉතාමත් ස්වල්පයකි. ඒ අප්‍රමාණ වූ දුක් කඳ ගැන ලියා දක්වන්නට මා සතු වචන ද ප්‍රමාණවත් නොවේ.[/SIZE] [SIZE=5][B]ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ…[/B][/SIZE] [SIZE=5]මහ බෝසතුන් අවබෝධයක් කරා නොගෙන ගිය රූක්ෂ ප්‍රතිපදා සියල්ල අත්හළ සේක. නැවත පිඬුසිඟා වඩිමින් සිහි නුවණින් ම කය ප්‍රකෘතිමත් කරගත්හ. සුජාතාවගේ අසිරිමත් ක්ෂීර පායාස දානය ද ලද බෝසතුන් රන් තලිය ගඟේ පා කොට අර්හත් ධජය දරා ගඟ අසබඩ සෙවණැලි සුවයක් සෙවූහ. අහා! එදා තියුණු නේත්‍ර යුග්මයට උන්වහන්සේ වෙනුවෙන් ම මහ පොළොවෙන් පැන නැගුණ අතුපතර විහිදුනු ඇසතු වෘක්ෂරාජයා දිස් විය. ඇසතු බෝමුල නැගෙනහිර දෙසට මුහුණලා කුස තණ මත එලූ සඟල සිවුර සහිත ආසනයේ සිවු අංග සමන්වාගත වීරියෙන් ම අසුන් ගත්හ.[/SIZE] [SIZE=5]අසිරියෙකි! අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් පුරා පූර්ණ කළ පුණ්‍ය ශක්තීන් විසින් ඵල ලබාදෙන්නා වූ මොහොත ඉතා නුදුරේ ම ය. ඒ මොහොතේ අප මහා බෝසතාණන් වහන්සේ කෙතරම් වීර්යයක් ගත්තේ ද යත්, ඒ උත්තම සිරුර පිසදා හමා යන සුළං රොදට ගං දිය පවා වියැළිය හැකි බව සත්‍යයක් ම විය.[/SIZE] [SIZE=5]එකල්හී සියලු දෙවි දේවතාවෝ අහස් ගැබ පුරා සක්වළ සිසාරා ප්‍රීති ඝෝෂා කළහ. මෙසේ අද්භූත චමත්කාරයකින් ලොව වෙලී යද්දී සයුරු රළ නැගෙන්නා සේ බිහිසුණු මරසෙන් වසවත් මරු පෙරටුකොට බෝමැඩ වටකර ගත්තේ දෙව් බඹුන් අහස් ගැබ අතැර පලා යද්දී ම ය.[/SIZE] [SIZE=5]තමන් සතු වූ සර්ව හැකියාවෙන් බෝසතුන් මැඩලන්නට සියලු වෙර දැරූ පවිටු මරු තෙමේ අවසන ධරතී මාතා නම් වූ ස්වභාවධර්මයාගේ අති ප්‍රබල සාක්ෂි මධ්‍යයේ නීච අයුරින් දුබල වී පැරදී පලා ගියේ ගාම්භීර ව දස්කම් පා ලබන්නට වෙර දැරූ උත්තම වජ්රාසනය තබා, අභියෝග දෙමින් අසුන් ගෙන සිටි තම ආසනය ද අහිමි කරගනිමින්. ධරතී මාතා තොමෝ නොනවත්වා ම මුහුදු රළ සේ නැගෙමින් තවතවත් සැලෙන්නට වූවාය. පුරා සක්වළ ම වසා සිටි මර සෙන් හිස් ලූ ලූ අත පලා ගියහ. සක්වළ ගලෙන් එබි එබී බලා සිටි දෙවි බඹුන් නැවත රොද බැඳ ප්‍රීතියෙන් ඔද වැඩුණි.[/SIZE] [SIZE=5]මෙසේ හිරු බැස යන්නටත් ප්‍රථම දස මරසෙන් මැඩලූ බෝසතුන් දිනූ වජ්රාසනය මතදී තම හුස්ම රැල්ලට මනා ලෙස සිහි පිහිටුවමින් සොඳුරු ලෙස සිත කර්මණ්ය කොට එකඟ සිතින් සත්වයන්ගේ අතීත දිවි ගමන සක්සුදක් සේ පැහැදිලිව දකින නුවණ ද මධ්‍යම යාමයේදී සත්වයන් උපදින චුතවන සියලු අයුරු දක්නා නුවණ ද පශ්චිම යාමයේදී හේතුඵල දම් විමසා මනා ලෙස ප්‍රඥා මහිමයෙන් අවබෝධ කොට මාර්ග ඵල පිළිවෙළින් පසක් කරමින් සියලු තණ්හා දුරු කොට අසංඛත වූ උත්තම නිවනෙහි ම බැස සකලවිධ අවිද්‍යාවන් දුරුකොට, විද්‍යාලෝකය උපදවමින් මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි බුදුරජුන් ලෙස ගුරූපදේශ රහිතව ම ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරමින් තුන් ලොවක් හමුවේ අබිසෙස් ලැබූ සේක.[/SIZE] [SIZE=5]එකල්හි දස දහසක් ලෝ ධාතුව බලවත් ව ප්රකම්පිතව අද්භූත ලෙස සැලෙන්නට විය. දෙවියන්ගේ ප්‍රභාව මැඩලමින් අප්‍රමාණ වූ ආලෝක ධාරාවන් ලොව පුරා පැතිර ගියේය. කිසිදා ආලෝකයක් නොලද ලෝකාන්තරික නරකය ද ආලෝකවත් වූයේ සකල ලොව මහ ප්‍රභා පතුරන සර්වජින හිරුමඬල පෑයූ හෙයින් ම ය. එකෙණෙහි ම ලොව කිසිදා සිදුනොවන, එනමුත් අසිරියක් ගෙනදුන් සිදුවීම් එකිනෙක සිදුවන්නට විය. සකල ලොව ආශ්චර්ය අද්භූත වූ, විචිත්‍ර වූ සුන්දරත්වයකින් ම වෙලී ගියේය.[/SIZE] [SIZE=5]එදින මෙලොව සිදුවූ අසිරිමත් දෑ ලියා වැනුමට තරම් මම ඉඩහසර නොලබමි.[/SIZE] [SIZE=5]ඒ… බිහිසුණු සසරක් උරුමව අපමණ වූ අතිශය කටුක දුක් විඳින සත්වයින්ගේ විමුක්තිය නම් වූ සදාතනික නිදහසේ එක ම ශාස්තෘවරයාණන්ගේ පහළ වීම යි.[/SIZE] [SIZE=5][B]නිදුකින් ලෝ වැඩ සදා….[/B][/SIZE] [SIZE=5]තවත් එක් ආලෝකමත් දිනකි. පියකරුව දිස්වන සියල්ලෙන් සොඳුරු පණිඩිඩයක් ලැබුණ ද අහෝ, බුදුරජුන්ට දම් දෙසුමට සිත නොනැමුණි.[/SIZE] [SIZE=5]එනමුදු ලොව තවත් එක් උත්තම ධර්මතාවක් ඉස්මතු කරමින් මහබඹු පැමිණ, සදේවක ලෝකයා ම බුදුරජුන්ට නතු වන ලෙස බ්රහ්මාරාධනයේ යෙදුණි. පෙරුම් පිරූ සේ ම සම්බුද්ධ කෘත්‍යයේ නියැලුන අප භගවත් බුදුරජාණෝ යළිත් ලෝ ධාතුව ප්‍රකම්පිත කරමින් පස්වග ශ්රමණවරුන් උදෙසා දෙසූ උත්තම දම්සක් දෙසුමෙන් ඇරඹි දම් සකේ ප්‍රවර්තනය පුරා වසර හතළිස් පහක් අඛණ්ඩ ව සිදුවිය. ඒ පන්සාලිස් වසර පුරාවට උත්තම සම්බුදු හිරුමඬලේ ප්‍රඥා ප්‍රභාවෙන් ද පිරිපුන් ගුණ මහිමයේ ආනුභාවයෙන් ද ගිහි පැවිදි මනුසතුන්ගේ පමණක් නොව දෙව් බඹුන් සහිත සකල සත්වයන්ගේ හදවත් උදාර භාවයට පත් කරමින්, ලොවට සිරිසැප ළඟා කරමින් ආර්ය වූ සීමාරහිත ගුණයෙන් යුතු සඟරුවනක් ද ලොවට බිහි කරමින් පිළිවෙළින් අසූවැනි වියට පැමිණි සේක. එම කාලය තුළ ලොවට සැලසූ අපමණ යහපත මෙතෙකැයි කියා ලියා දැක්වීමට මම කිසිදා සුදුසුකම් නොලබමි. පිළිසරණ සලසා ගත් දෙව් බඹුන් ද මනුලොව කුඩා දරුවන්, තරුණ තරුණියන්, මැදි විය – මහලු විය වියතුන්, සොරුන්, ගණිකාවන්, තාපස පරිබ්‍රාජකයන්, රජවරුන්, සිටුවරුන්, හිඟන්නන් ආදී සියලු තරාතිරම්වල මිනිස් ප්‍රජාව ද අපමණ ය. ඒ මේ සම්බුදු දහමේ සත්‍යානුභාවය ම ය.[/SIZE] [SIZE=5][B]පිරිනිවනට වැඩියෝ….[/B][/SIZE] [SIZE=5]ඒ මින් වසර 2562කට පමණ පෙර එක් දිනකි. විශාලාවේ චාපාල චෛත්‍යස්ථානය අසලදී නිමාවට පත්කළ බුද්ධ කෘත්‍යය ඇති අප මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් පිරිනිවීමට තීරණය කොට මේ හටගත් ජීවිත සංස්කාරය, යුද ඇඳුමක් සිරුරින් ඉවතලන සේ අත්හළ මොහොතේ මහා ධරතී මාතා මහා හඬ නංවමින් සෙලවුම් කෑවාය. එය ලොමු දැහැගැන්වෙන සුලු විය. කුසිනාරා සල් වනය මැද නොකල්හී පුෂ්ප හටගත් සල් රුක් යුගලකි. ඒ අතර අප සම්බුදුරජුන් වෙනුවෙන් අවසන් සයනය පැනවුණි. අප තථාගත බුදුරජාණන් වහන්සේ සිහි නුවණින් යුතුව සිංහ සෙය්යාවෙන් එහි සැතපුන සේක. දෙව් මදාරා මල්, සඳුන් සුණු අහසින් වැටුණි. දෙව් තුරු නද මළානික ලීලාවෙන් වැයෙති. දෙව් බඹුන් සේ ම භික්ෂූන් වහන්සේලා ද “අහෝ, මහා කරුණාබරිත ව ලොව බැලූ එක ම සම්බුදු ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය” කියා වැළපුනහ. එනමුත් දහමින් ඵල ලැබූ උතුමන් සේ ම දෙව් බඹුන් ද සංස්කාරයන්හි අනිත්‍ය බව පසක් කරමින් බලා සිටියහ. පසුව පිරිපුන් ලෝ වැඩ සැදූ අප මහා වීරයන් වහන්සේ දැහැමින් කරුණු දෙසා අවසන් සම්බුදු වදන තිලොව හමුවේ දේශනා කොට වදාළ සේක.[/SIZE] [SIZE=5]“හේතු ප්රත්යයන්ගෙන් හටගත් සංස්කාරයෝ සියල්ල නැසෙන ස්වභාවයෙන් යුතු වෙති. එබැවින් අප්‍රමාදීව නිවන පිණිස වෑයම් කරව්…” ඉනික්බිතිව තථාගත බුදුරජාණෝ රූප අරූප ධ්යානවලටත්, නිරෝධ සමාපත්තියටත් සමවැදී නැවත ධ්‍යානවලින් නැඟිට නැවතත් සතරවන ධ්‍යානය දක්වා සමවැදී තුන් ලොවක් මහත් වූ ප්‍රභාවෙන් ආලෝකමත් කළ පහන් සිළක් නිවී යන පරිද්දෙන් පිරිනිවන් පා වදාළ සේක. මහා ධරතී මාතාව වැලපෙමින් සැලෙමින් ගිගුම් දුන්නාය. අකල් වැසි ඇද හැළුණි. දෙවියන්ගේ දෙව් බෙර පැලී ගියේය. සකල ලොව මළානික ව ගියේය.[/SIZE] [SIZE=5]මෙසේ සිව් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අසීමිත පුණ්‍ය ශක්තියක් පරිපූර්ණ කළ, මනුලොව ලද සියලු කාම සම්පත් මොහොතින් අතහැර විමුක්තිය සොයා අභිනික්මන් කළ, බෝමැඩ වජ්රාසනය මත ප්‍රබල මර සෙන් පරදා සම්බුදු බවින් අබිසෙස් ලද, ලොව සිරිසැප සෙත සැදූ තුන් ලොව ප්‍රභාමත් කළ මහා පහන් සිළ නම් වූ මාගේ උත්තම ශාස්තෘ ගෞතම සම්බුදුරජාණෝ පිරිනිවනට වැඩි සේක් ම ය. සරණට දිවි පුදා…[/SIZE] [SIZE=5]මෙලෙස උත්තම ත්රෛමංගල්යයක් සමරන දැන් වූ කලී ඒ අසහාය ශාස්තෘවරයාණෝ ගුරු කොට තබාගත් ධර්ම විනය ම ගුරු කොට, සම්බුදුරජුන් ද සත්‍ය වූ සදහම් ද ආර්ය සඟරුවන ද යන උත්තම සරණට දිවි පුදා ඍජු මගෙහි යන්නට වෙර දැරිය යුතු යුගයේ අවසන් භාගය යි. මරු විසින් වසඟ කරගත් ලෝකයේ මරුන් පැරදූ බුදුරදුන් සරණ ගොස් පිළිසරණ ලැබූවන් වන්නට අපට ද දුර්ලභ වාසනාව උදා වේවා…! සසරින් එතෙරට වැඩි නිදුකාණෙනි[/SIZE] [SIZE=5]සුගත තථාගත බුදු සමිඳාණෙනි අමා දහම් දෙසු පුණ්‍යවතාණෙනි මගේ සරණ ඔබ ම යි සමිඳාණෙනි…!!![/SIZE] [SIZE=5]සාදු..! සාදු…!! සාදු….!!![/SIZE] [RIGHT][I]මහමෙව්නාව අනගාරිකා අසපුවේ[/I] [B]මෑණියන් වහන්සේ නමක් විසිනි.[/B][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom