අසේල රජතුමා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අසේල රජතුමා බොහෝ විහාර හැදුවා, නගරයක් නගරයක් ගානේ චෛත්‍ය ඉදි කළා. එදවස මෙරට වෙළඳාමට ආ දකුණු ඉන්දීය වෙළඳුන්ට තේරුණා මෙරට ධාර්මික රටක්, යස ඉසුරින් පිරි රටක්, ඒත් ශක්තිමත් හමුදාවක් නෑ කියල. ඉතින් සේන ගුත්තික නම් අශ්ව වෙළඳුන් ඇවිල්ල අසේල රජතුමාට ගහනවා.. (අස්ස බිස්නස් කාරයන් රටක් ආක්‍රමණය කිරීමෙන් පෙනෙන්නේ රටේ එදා තිබුණ හමුදාමය දුර්වලතාවයයි.) ඊට පස්සේ එළාර නම් ආක්‍රමණිකයා අසේල රජතුමාව මරා දමා රජ වෙනව.

    අසේල රජතුමාගේ ඔන්න ඔය නිගණ්ඨානුකරන බුද්ධාගමේ වැ‍රැද්ද දෙ‍ටුගැමුණු රජතුමා හඳුනාගත්ත. බුදු සසුනෙන් රට බැබළුවාට විතරක් රටක් ආරක්ෂා කරගන්න බෑ. ඒ සඳහා පර සතුරු ආක්‍රමණයකදී සතුරන්ව පලවා හැරීමට සමත් හමුදාවක් සිටිය යුතුයි. එසේ නැති කළ රට සතුරන් විසින් ආක්‍රමණය කර රටේ ජනතාවත් බුදු සසුනත් වැනසෙනව. "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සිංහල ජාතියේත් බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිසම වේ!!!" යන මැයෙන් යුතුව, දෙ‍ටුගැමුණු රජතුමා විසින් සිංහල බෞද්ධ ජාතිකත්වය ගොඩ නගන්නේ ඔන්න ඔය අවස්ථාවේදීයි.

    අන්න එතනදී අප රට සම්බන්ධයෙන් සිංහල ජාතිය සහ බුදු දහම අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඉවහල් වෙනවා. එනම් සිංහල ජාතිය නිසා බුද්ධ ශාසනයට අවශ්‍ය භෞතික ආරක්ෂාව ලැබෙනව. බුදු සසුන නිසා සිංහල ජාතියට අවශ්‍ය ආධ්‍යාත්මික ආරක්ෂාව ලැබෙනව. සිංහල ජාතිය නැත්නම් බුදු සසුනක් ඉතිරි වෙන්නේ නෑ, සිංහල දේශයේ බුදු සසුන නැති වුණොත් තව දුරටත් සිංහල ජාතියක් ඉතිරි වෙන්නේත් නෑ.

    මේ දේ බොහෝ කලකට පෙර මහැදුරු නලින් සිල්වා මහතා මෙහෙම කියනව. "සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුළුවලට කා වැදී තිබුණු බැවිනි."

    බුදු සසුන අතුරුදන් වීම යනු සමස්ත ලෝකයෙන්ම බුදු සසුන වැනසීමයි. ඒ දේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මප්‍රතිරූපක ගැන වදාරමින් පවසා ඇත්තේ. ඒත් නාලක මහතා දැක්වූ ආකාරයට රටක බුදු සසුන වැනසීමට තවත් හේතු තිබෙනව. සතුරු ආක්‍රමණ ඊට එක් හේතුවක්.

    මේ කතාවට විරුද්ධ වෙලා අර රනිල් වික්‍රමසිංහ කළා වගේ රටේ හමුදාව විනාශ කරලා රටේ බුද්ධි අංශ පාවලා දීලා රට රකින්න පුළුවන් කියල කියන අය යනු දේශද්‍රෝහීන්. ඔවුන් තමයි ධර්ම ප්‍රතිරූපක පතුරුවන්නන්. ...
     

    kurusapala

    Member
    Jan 19, 2012
    9
    5
    0
    52771112.jpg


    me kiyanneth oka ganama thama machan