අහම්බෙන් දැක්ක ෆොටෝ එක

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අහම්බෙන් දැක්ක ෆොටෝ එක

    44029841-173405146905009-5575236066991931392-n.jpg


    මේ ෆොටෝ එක
    අහම්බෙන් දැක්ක එකක්...
    "මේ මොකක්ද අයියෙ..?" කියල
    මං විශේෂ කාර්ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මොකක්ද කියල මමත් දැනගෙන හිටියෙ නැති නිසා.
    "මේක නංගි "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...
    බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..
    කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....
    ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..
    කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..
    ඔව්.. ඇත්තමයි...
    අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි.. මහ සක්කිලි ජාතියක් උන්...
    අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...
    මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..?
    වැඩේ තියෙන්නෙ...
    අපේ කොල්ලො මෙහෙම දුක් විදලත්
    පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක...
    ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
    උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
    උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
    මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!"
    ( උපුටා ගැනිමකි )



    https://www.facebook.com/groups/thulawa/?ref=nf_target&fref=nf
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එළියකන්ද වඳ කඳවුර..


    88/89 භීෂණ සමයේ දුන්නු වද ගැන දන්නවනි.(කේපොයින්ට් යනු 1989 වකවානුවේදී හමුදා බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය ඇතැම් වධකාගාරවලට පොදුවේ භාවිතා වූ නමකි. එසේ කෙටි වුණේ කිලිං පොයින්ට් නම් වචන දෙක ය. එය මරණයේ තුඩුව ලෙස පරිවර්තනය කළ හැකි ය.)

    ...
    මීහරක් පීටී (කේපොයින්ට් නවකතාවෙන් පිටුවක්)

    එකල කඳවුරේ කපා දමා තිබූ ගසක මහ කොටයක් ද මීහරක් පීටී දීම සඳහා යොදා ගැනිණි. දහදෙනෙකු පමණ ලවා එය ඔසවා දෙදෙනෙකුගේ උර මත තබා කඳවුර වටා දුවන්නට බල කරන ලදී. බොහෝ දෙනෙකු පය ඔසවා ගැනීමට බැරිව කොටයත් සමගම ඇද වැටී කොටයට යට වී තුවාල වූ හ. වැටෙන අයට පහර දී නැවතත් කොටය උර මත තබන ලදී. එය බැරි අයට අනෙකුත් ව්‍යායාම වර්ග නොකඩවා කරවන ලදී. එය ද බැරිවුන්ට පොලුවලින් පහර දෙන ලදී.
    මේ සියල්ල අවසානයේදී ශාලාව තුළට පන්නා දමන ලද එක් සිරකරුවකු සූ සූ හ`ඩ නගමින් පැමිණ කොරිඩෝවේ ඇද වැටුණේ ය.

    ‘‘ඒයි නැගිටපන්. ඔතන නිදා ගන්න බැහැ ’’ උදේනි ගුගුළේ ය.
    සිරකරු වහා කෙළින් වී හිඳ ගත්තේ ය. ඔහු වේගයෙන් වෙව්ලූවේ ය. එක තැන සිටිය නොහැකිව අත පය ගැසුවේ ය. ඔහුගේ ගතින් දහදිය ගඟක් ගලා ගියේ ය.
    ‘‘මොකද තෝ දඟළන්නෙ. තව ගුටි කන්න ඕනැ වෙලා ද?’’
    ‘‘සමාවෙන්න සර්, මං දඟලන්නෙ නැහැ. මං දඟලන්නෙ නැහැ සර්. සමාවෙන්න සර්.’’ සිරකරුවා දෙඩෙව්වේ ය.

    සිරකරු බිත්තියට හේත්තු විය.
    ‘‘බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ එකෙක්වත්. කොන්ද කෙළින් තියාගෙන හිටපියව්!’’
    සිරකරු වේගයෙන් හුස්ම ඉහළ ඇද්දේ ය. තද සීතලකින් සේ වෙව්ලුවේ ය.
    ‘‘අනේ සර් මං බිත්තියට විතරක් පොඞ්ඩක් විතරක් හේත්තු වෙන්න ද?’’ ඔහු ඇසී ය.
    ඔහුගේ පාලනයකින් තොර හඬ උවමනාවට වඩා උස් හඩක් විය. උගුරේ හිර කරගෙන සිටි වේදනාබර ළතෝනියක් වචනත් සමග පිටවන්නට විය.
    ‘‘හේත්තු වෙන්නෙ නැහැ තෝ. ඔහොම හිටපිය.’’

    ‘‘අනේ සර්, මට අමාරුයි.’’ ඔහු කීවේ පාලනයකින් තොර මහ හඬකිනි.
    ‘‘ඇයි තෝ බබා උකුං ද?’’ උදේනි සිරකරු දෙසට අඩියක් දෙකක් තැබුවේ ය.
    ‘‘නෑ සර්. අනේ ගහන්න එපා. මං මෙහෙම ඉන්නම්. මං බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ සර්. ගහන්න එපා.’’

    එසේ කියා නිමේෂයක් ගත වන විට ඔහු ඇද වැටුණේ ය. මරණ මංචකයේදී පවා බිත්තියෙන් හෝ වාරු ගැනීමට බියෙන්, මුල් දිරා ගිය ගසක් හිටි හැටියේ බිම ඇද වැටෙන්නා සේ ඔහු මැරී ම වැටුණේ ය. මරණය ඇතැම් විට එතරම් ක්ෂණික විය. තවත් විටෙක වේදනාකාරී ලෙස මන්දගාමී විය.

    දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

    http://www.w3lanka.com/%e0%b6%85%e0%...6%82%e0%b7%84/

    අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය.


    හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය. මේ සොල්දාදුවා හොරණ ප්‍රදේශයේ අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.

    එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.