අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ

    අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ

    අයදුම්පත් අනුමැතියට යැව්වා - සිවිල් ගුවන් සේවා අධිකාරිය

    මෙරට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම් 13 ක් මේ වනවිට ඉල්ලුම් කර තිබෙන බවත් එම අයදුම් පත් අමාත්‍යංශයේ අනුමැතියට යවා තිබෙන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එච්.එම්.සී. නිමල්සිරි “විමසුම” ට පැවසුවේ යුද්ධය අවසන්වීම හමුවේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු වඩාත් නිදහස් කිරීමට රජය තීන්දුකර තිබෙන බවත් මේ සඳහා ඉල්ලුම් කර ති‍බෙන සමාගම් 13 අතර දේශීය, විදේශීය මෙන්ම දේශීය හා විදේශීය කණ්ඩායම් ඒකාබද්ධ වූ ව්‍යාපාර සන්ධානද පවතින බවයි.

    “මෙම සමාගම් විසින් ඉදිරිපත් කළ අයදුම් පත් මේ වනවිට, අනුමැතිය සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයටත්, ජනාධිපති කාර්යාලයටත් යොමුකර තිබෙනවා. අදාළ සමාගම් වලට අවශ්‍ය ගුවන් යානා මෙරටට ගෙන්වීමට ජනාධිපති කාර්යාලයේ අවසරය අවශ්‍යයයි. අදාළ අවසරයන් ලැබී දින 60 ක් ඇතුළත අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට මෙම සමාගම් වලට අවස්ථාව ලැබෙනවා.”

    යනුවෙන් නිමල්සිරි මහතා සඳහන් කළේය.

    “අපි මෙහිදී තෝරා ගන්නා ගුවන් සමාගම් ප්‍රමාණය සීමා කර නෑ. සුදුසුකම් සපුරනවා නම් මෙම සමාගම් දහතුනම වුණත් තෝරා ගන්නවා.”

    යනුවෙන්ද හෙතෙම කීය.

    ‍මෙරට පවතින ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල් හා ජලාශ භාවිතා කරමින් මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරට‍ත් පැවසීය.


    vimasuma_fi.gif