අහාර ද්‍රව්‍ය වල මිල ඉහල යන ලකුණු

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අහාර ද්‍රව්‍ය වල මිල ඉහල යන ලකුණු


    The_Cost_of_Living_v1_0_by_kipuka_loves_blades.jpg



    අලුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරයි.

    අවුරුදු සමය ඇතුලත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයකට පත්වන බැවින් මිල ගණන් වැඩි නොවුන නමුත්
    අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරි දින කිහිපය ඇතුලත ඉහල යාමට නියමිත බව වාර්තා වේ. ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහල බැසීමත්, ආනයනික භාණ්ඩ මත බදු පනවා තිබීම මෙයට හේතු වේ.

    එසේම ලංකා ඉන්දියානු ඔයිල් සමාගමද ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල වැඩිවුව හොත් ඊට සාපේක්ෂව යලිත් වතාවක් සියලුම වෙළද භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යනු ඇති.


    TOP COMMENTS

    Hacker · 7 hours ago
    ශිරන්ති නෝනා ජනාධිපතිතුමාට කිරිබත් කවද්දී කිරිබත් කෑල්ල වැටුනම මම ඕක හිතුවා.
    රටට අපලයි .... අයියෝ අවුරුදු.....

    කිරිකැටියා 60p · 6 hours ago
    උඩින් උඩින් වර පෙත්තප්පු...
    බිමින් බිමින් වර පෙත්තප්පු...
    උඩින් උඩින් වර, බිමින් බිමින් වර
    හිඟා කන්න වර පෙත්තප්පු...




    Source :
    Code:
    Gossiop9