අහිංසක මට රැවුවත් ඇඬෙනවා...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    "අහිංසක මට රැවුවත් ඇඬෙනවා..."
    (මෙම ප්‍රකාශයේ කර්තෘ අඥාත ය.)

    කිමද රැවුවේ පුංචි
    හා දසන් ඇති කෙල්ලෙ...
    නුඹ සමඟ පිය රජුන්
    සිටි නිසාදෝ ළඟ ම...

    මං බැලුවේ නුඹ දිහා
    මනමාලකමට නොව...
    සිනහවක් හුවමාරු
    කරගන්න එපමණයි...

    මීට පෙර දිනයන්හි
    නුඹේ ඔය සිනාවට...
    ලොබ බැඳන් යළි යළිත්
    දැකගන්න ඒ සිනා...

    මමත් දුන්නෙමි සිනා
    මගේ මුළු හදවතින්...
    රැවුවා ම දුක දැනෙයි
    මේ හිතට ඒ නිසා...

    නුඹ සිතුවේ අනෙක් උන්
    ලෙසට දෝ මා ගැනත්...
    නෑ ඉතින් තරහවක්
    එක් වරක් රැවුවාට...

    ජීවිතය හරි කෙටියි
    වෙෙරයට නෑ කලක්...
    ආයේ නම් නො රවන්න
    මා යළිත් දුටුවාම...

    2206181537
    #upahasa
    #spn