දේශපාලන කැම්පේන් වල ගොදුරු නොවී ඉන්න ඔබට ලේසි වෙන එකක් නෑ.
මේ දවස් වල එහෙම එකක් ලොකුවට යන බවවත්, අපි ඔක්කොම ඒකේ එල්ලිලා ඉන්න බවවත් ඔබට නොතේරෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය මාකටිං සමාගම් කියන්නේ ගොපල්ලෝ වගේ අපිව එහෙට මෙහෙට දක්කන පිරිසක්.
ඔවුන් ජනතාවට එල්ලිලා දුවන්න කරුණු හදලා දෙනවා. සරළව කියනවා නම් Content එක හදලා දෙනවා. ඒවාට ඔවුන් ලඟ අවශ්‍ය දැනුම සහ හැකියාව තියෙනවා.
ඔබ හිතන්න සරළව පොඩි මීම් හදා ගෙන සාමාන්‍ය මිනිහෙක් සමාජ මාධ්‍ය ජාල වලට content දාන්නේ නැ. බලන්න දැන් එක පොඩි සිදු වීමකට මීම් කීයක් එළියට එනව ද කියලා. එක එක හැඩ තල වල , එක එක අදහස් වල ඒවා. ඒවායේ විවිධ තර්ක. අවසානයේ යම් කිසි සරළ පණිවිඩයක් ඔවුන් ඔබට නිර්මාණය කරලා සමාජය තුල මතයක් හදනවා.
උදාහරණයක් ලෙස දැන් මේ බෞද්ධ විරෝධී මතවාදයක් හදලා ඒකට සමාජය තුලින් ප්‍රතික්‍රියාවක් නිර්මාණය කරන්න ඔවුන් හදනවා. ඒකට අවශ්‍ය තොරතුරු, රූප, ඡායාරූප, ආට් වර්ක්, ඔක්කොම නිර්මාණය කරලා මුදා හරිනවා. ලොක් කර ගත්ත profile, fake profile, අලුතින් හදපු පේජ්, අලුතින් හදපු profile මේ වැඩේට ඔවුන් යොදා ගන්නවා. විශේෂයෙන් ලොකු ගෲප්ස් වල මේවා ගෙනියලා අතාරිනවා. ඒ profile වල ලොකුවට friends ලා නැතත්, ගෲප්ස් වල ඒවට ලක්ෂ ගාණක රීච් එක හම්බෙනවා. ටික ටික කාලයක් හිමීට දේවල් දාලා මතයක් ලාවට පැල කර ගන්නවා. ඊට පස්සේ ඒකේ ඉන්න අය ඇවිස්සිලා මේවා උස්සගෙන යනවා. ඒ අය අහු උනාම මතය වේගයෙන් දුවන්න ගන්නවා. ඒ අයත් මේ දේ දන්නේ නැතුව තම තමන්ගේ profile වලින් මේවා share කරනවා, ආයෙත් පෝස්ට් කරනවා, ගිහින් වෙන තැන් වල comment කරනවා, whatsapp group වල share වෙනවා, ආන්න ඒ කාලේට සමාජයේ ඒ මතය බලවත් වෙනවා.
ඔය විදියට කැම්පේන් කරන්න පුළුවන් වෙන්නේ හොඳින් ගෙවන්න හැකියාව තියෙන සංවිධාන වලට විතරයි. මේක සාර්ථකවම කලේ ගෝඨා ගේ ජනාධිපති කැම්පේන් එක. අන්තිමට මිනිහව දියසෙන් කරලා නැවැත්තුවේ. රටේ බහුතරයක් ඔක්කොම ඒකට අහුවුන බව දැනෙන කොට වැඩේ වෙලා ඉවරයි. හැබැයි දැන් යන එක වෙන එකක්.
මේවට නිකම්ම අහුවෙන්නේ අහිංසක සාමාන්‍ය මිනිස්සු. ඔවුන්ගේ මනස පාලනය කරන්නේ මේ සංවිධානාත්මක කැම්පේන් කාරයෝ. සමහර උගත් අය උනත් ඒකට අහුවෙනවා. ඕන දැලකට නිකම්ම අහුවෙන සාලයෝ වගේ ඒ පිරිස. ඒ අය අල්ල ගත්තම කැම්පේන් එකට හොඳ බේස් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඒ පිරිස ක්‍රියාත්මක කරන්න කැම්පේන් කාරයෝ නූල අතට ගන්නවා. බැටළුවෝ වගේ අර පිරිස කැම්පේන් එක උස්සන් යනවා.
මේක හරියට කල් යල් බලලා, අධ්‍යනය කරලා එළන උගුලක් වගේ. සමාජය ඒ උගුලට අහු උනාම දඩයම කරේ තියන් යන්නේ කැම්පේන් එකට ගෙවපු කට්ටිය. ගෝඨාගේ කැම්පේන් එක කරේ තියං ගියේ රාජපක්ෂ පවුල සහ පොහොට්ටුවේ දේශපාලකයෝ ටික. දැන් දඩයම කරේ තියන් යන්න බලාගෙන ඉන්නේ වෙන පිරිසක්. ඒ අය කවුද කියලා දඩයමට කිට්ටු වෙන කොට පේන්න ගනියි. එදාට ඔබට පසු තැවෙන්න කාලයක් නැති වෙයි. ඔබ ආයෙත් අහු උනා කියලා එදාට හිතෙයි.
කොහොම හරි මේ දවස් වල කාගේ කැම්පේන් ද යන්නේ කියලා ඔබට අවබෝධයක් ඇති. මේ කැම්පේන් එක යන විදිය පැත්තකට වෙලා බලා ගෙන ඉන්න. ඔබ සමහර විට සමාජයට බනිනවා මොනව ද මේ facebook එකේ යන්නේ කියලා. ඒවා ඇත්ත මිනිස්සුන්ගේ දේවල් නෙවෙයි. ඔබේ ඔළුවට දාලා ඔබ ලව්වා කර ගන්න කැම්පේන්.
මානසික ශක්තියක් තියෙනවා නම් ආයෙත් හිතන්න. අහු නොවී ඉන්න. ඔබව use කරන්න නොදි ඉන්න. Use නොවී ඉන්න.
එළියට ඇවිත් හිතන්න.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්