අපි හැමෝම VPS එකක් ගන්නකොට මුලින්ම බලන්නේ Cores කීයක් තියෙනවද කියලානේ. Core 1 ද, 2 ද නැත්නම් 4 ද කියලා බැලුවට වැඩක් නැහැ, ඒ Cores වලට පිටුපසින් තියෙන ඇත්තම කතාව දන්නේ නැත්නම්.
ගොඩක් හොස්ටිං සමාගම් මේ Cores මාකටිං වලට පාවිච්චි කරාට, ඇතුළතින් ඔයාට ලැබෙන වේගය (Performance) සූක්ෂ්ම විදිහට සීමා කරනවා. මේක වෙන්නේ මෙහෙමයි:
මේ වගේ අත්දැකීම් ඔයාලටත් වෙලා තියෙනවද? පහළින් කතා කරමු.
ගොඩක් හොස්ටිං සමාගම් මේ Cores මාකටිං වලට පාවිච්චි කරාට, ඇතුළතින් ඔයාට ලැබෙන වේගය (Performance) සූක්ෂ්ම විදිහට සීමා කරනවා. මේක වෙන්නේ මෙහෙමයි:
1. පෙනුමට විතරක් දෙන Cores
ඔයා VPS එක ඇතුළේ "Task Manager" එකේ හෝ lscpu ගහලා බැලුවම Cores ගාණ හරියටම පේනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ Cores වල සම්පූර්ණ බලය ඔයාට ලැබෙනවා කියලා. සර්වර් එකේ ඇඩ්මින්ට පුළුවන් ඒ Cores වලට දෙන CPU පවර් එක ඕනෑම ප්‍රතිශතයකට (Percentage) ලිමිට් කරන්න.2. Core 4ක් තිබුණත් ලැබෙන්නේ 50% ද?
උදාහරණයක් විදිහට, ඔයාගේ VPS එකේ Cores 4ක් තිබුණට, ඒ පැකේජ් එකට ඇඩ්මින් දාලා තියෙන්නේ 50% CPU Limit එකක් නම්, ඔයා ඒ Cores 4ම 100% ලෝඩ් කරත් ඇත්තටම සර්වර් එකෙන් වැය වෙන්නේ Core 2ක පවර් එක විතරයි. ඔයා හිතන්නේ Cores 4ක් වැඩ කියලා, හැබැයි ඇත්තටම ලැබෙන්නේ භාගයයි.3. CPU Stealing (හොරකම)
සර්වර් එකක තියෙන Cores ප්‍රමාණයට වඩා වැඩි පිරිසකට මේවා විකුණන එක (Overselling) සාමාන්‍ය දෙයක්. එතකොට වෙන්නේ, සර්වර් එකේ ඉන්න අනිත් අය ලොකු වැඩක් කරන වෙලාවට ඔයාට අයිති CPU බලයත් උන් ඇදලා ගන්නවා. මේකට තමයි "Steal Time" කියන්නේ. ඔයාගේ වැඩේට CPU එක ඕන වෙලාවට සර්වර් එක Slow වෙන්නේ මේ නිසයි.ඇයි මෙහෙම කරන්නේ?
අඩු මිලට (Budget) VPS විකුණන්න පුළුවන් වෙන්නේ මෙහෙම සම්පත් බෙදාගත්තොත් විතරයි. හැබැයි ගැටලුව තියෙන්නේ ගොඩක් අය "100% Dedicated" කියලා බොරුවට ප්‍රචාරය කරලා මේ වගේ සීමා දාපු VPS විකුණන එකයි.මේක පරීක්ෂා කරන්නේ කොහොමද?
- Steal Time බලන්න: Linux පාවිච්චි කරනවා නම් top හෝ htop කමාන්ඩ් එක ගහලා බලන්න %st කියන තැන අගයක් තියෙනවද කියලා. ඒක 0.0 ට වඩා වැඩියි කියන්නේ ඔයාගේ CPU පවර් එක වෙන කවුරු හරි පාවිච්චි කරනවා කියන එකයි.
- Benchmark එකක් කරන්න: නිකම්ම Cores ගාණ බලන්නේ නැතුව, CPU එකේ වේගය බලන Benchmarking Script එකක් (උදා: yabs.sh) රන් කරලා බලන්න ඇත්තටම ලැබෙන Score එක කොහොමද කියලා.
මේ වගේ අත්දැකීම් ඔයාලටත් වෙලා තියෙනවද? පහළින් කතා කරමු.
