අහෝ, මෙන්න තවත් ජාතික ශෝක පුවතක්.!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,380
    39,685
    113
    ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ, රාජ්‍ය වේවා, පුද්ගලික අංශයේ වේවා, අද සිටින සියළුම දැවැන්තයන් පෝෂණය වූ ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය (SLTTI) අරක්කු ව්‍යාපාරිකයෙකුට බාර දීමෙන් පසු ඔහු එය වසා දමා ඇතැයි යන ජාතියේ ශෝක පුවත හෙළිකිරීමට සිදුව තිබේ.

    ලංකාවේ පුරාවෘතයක්..​

    ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය ආරම්භ කෙරුණේ ජාතික රූපවාහිනිය ආරම්භ වනවාත් සමග එකී ක්ෂේත්‍රයන්ට අදාල දක්ෂයන් පුහුණු කිරීම සඳහාය. එයට මූල්‍ය සහ තාක්ෂණික ආධාර කෙළේ ජර්මනියේ ෆෙඩ්‍රික් ඊබට් පදනමයි. එය පදනම් ආයතනයට යාබද භූමියක සියළු නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත ස්ටුඩියෝවක් ද පිහිටැවිණ. එහි ප්‍රධානීන් ලෙස මුල් යුගයේ දී විදේශික විද්වතුන් සිටි අතර පසු කලෙක නැසී ගිය ධර්මසේන පතිරාජා වැන්නෝ ද වූහ. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය යනු ලංකාවේ පුරාවෘතයකි.

    පසුගිය රාජපක්ෂ යුගයේ දී මෙකී ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය, පදනම් ආයතනයට පැවරිණ. ඒ පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ සිටි යුගයේ දී ය. ඒ වන විට පියෝ ටීවී වලට අනුබද්ධ SEE TV නම් විද්‍යූත් රූපවාහිනී නාලිකාවක් ද පදනම් ආයතනය සතුව තිබිණ.

    කෙළවීමේ ආරම්භය..​

    ඉන්පසුව SEE TV නාලිකාවත්, රූපවාහිනී අභ්‍යාස ආයතනයත්, ඒ සතුව තිබූ භූමියත්, වටිනා කියන ස්ටුඩියෝවත් ආදිය පසුගිය ගෝඨාභය යුගයේ දී එවක සිටි පදනම් ආයතනයේ සභාපතිනිය වූ වියත් මගෙන් පැමිණි නීතිඥ චම්පිකා දිල්හාරා අමරසේකර විසින් “සිනර්ජි ඩිස්ටිලරීස්” නමින් අරක්කු නිෂ්පාදනය කරන්නෙකු වන නිහාල් මායාදුන්න නමැත්තෙකුට ඉතා සොච්චම් මුදලකට බද්දට පවරා දුන්නා ය. (අප දන්නා තරමට මාසයකට ලක්ෂ 5-6 ක් තරම් සොච්චම් මුදලකට ය.) මේ බදු දීමේ දී කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදුනොවිණ. සභාපතිනි චම්පිකා දිල්හාරා අමරසේකර, අධ්‍යක්ෂිකාවක් වූ ප්‍රිමාලි විජේවීර වැනි කිහිප දෙනෙකුට නිහාල් මායාදුන්නගෙන් මාසිකව අරක්කු මුදල් අත යටින් ලැබුණු බවට රාවයක් පැතිරිණ. නිහාල් මායාදුන්න දන්නා ජනමාධ්‍යයක් නැති නමුත් ජනමාධ්‍ය හිමියෙකු බවට පත්වී අරක්කු සල්ලි වලට වැදගත් මුහුණුවරක් ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වූවා විය හැකිය.

    නීති විරෝධීයි..​

    කෙසේ වෙතත් පදනම් ආයතනය විසින් මේ බදු දීමේදී නාලිකාව බදු දීම නීති විරෝධී ය. මන්ද ඔවුන් එය පියෝ ටීවී වෙතින් බද්දට ලබාගෙන ඇත්තේ අතුරු බදු දීම නොකරන බවට පොරොන්දුව වීමෙන් අනතුරුව නිසා ය.

    නිහාල් මායාදුන්න SEE TV ලබා ගැනීමෙන් පසු එහි නම වෙනස් කළේ ය. දැන් නම මෙහි සඳහන් නොකරන්නේ ඔවුන්ට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන නිසා ය. එහි ඉහළ තනතුරු තම පවුලේ බිරිඳගෙන්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් පිරැවීය. දැන් එම නාලිකාව බල්ලෙකුට කටේ තියන්නට නොහැකි ය. කිසිදු නව නිෂ්පාදනයක් ප්‍රචාරය නොවන අතර හම්පඩ ගැහුණූ පරණ වැඩ සටහන් තොර තෝංචියක් නැතුව ප්‍රචාරය කෙරෙයි.

    වඩා විශාල ජාතික ඛෙදවාචකය..​

    දැන් සිදුව ඇත්තේ විශාල ජාතික ඛෙදවාචකයකි. එනම් නිහාල් මායාදුන්න නම් අරක්කු කාරයා පාඩු යැයි කියා මෙතෙක් කලක් ජාතියට රූපවාහිනී ශිල්පීන් පුහුණු කළ ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමයි.

    ඒ මදිවාට SEE TV බදු ගැනීමේ දී වූ පොරොන්දු බදු මුදලද පදනම් ආයතනයට ගෙවන්නේ නැත. ඔහු කියන්නේ තමන් ඒ වෙනුවට හිලව්වට ගොඩනැගිලි රිපෙයාර් කළ බවකි. අනෙක් අතට එහි සේවය කළ සේවකයන්ට නිසි ලෙස වැටුප් ගෙවන්නේ නැත. පසුගියදා කිසිදු දැනුම් දීමකින් තොරව සේවකයන් 20 ක් පමණ වැටුප් ද නොදී සේවයෙන් ඉවත් කර දැමුවේ ය. ඔවුන්ගේ කතාව ශෝචනීය ය.

    ජිල්ජෝනාට..​

    මේ සියළු විනාශයන් සිදුවෙද්දී ගෝටා පැන ගොසිනි. රනිල් එතැනට ඇවිත් ය. පදනම් ආයතනයේ සභාපතිනියව සිටි ගෝටාගේ වියත්මගේ චම්පිකා දිල්හාරා අමරසේකර ද ඉවත් වී එම ධූරයට දිගු කලක් රනිල්ගේ මාධ්‍ය මෙහෙයැවූ ප්‍රකට සහ ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වන සමන් ආතාවුදහෙට්ටි සභාපති පුටුවට පැමිණියේ ය.

    නිහාල් මායාදුන්න මේ අවනීතික පජාතික වැඩ සියල්ල කරන්නේ රනිල් වික්‍රමසිංහගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නම විකුණමිනි.


    කලක් ලංකා ඊ නිව්ස් හි ද මිතුරෙකු වූ සමන් ආතාවුදහෙට්ටි සිදුවූ ජාතික විනාශය ගැන සහ සිදුවෙමින් පවතින අවනීතික ක්‍රියා ගැන ගන්නා පියවර කුමක්ද කියා අපි සුපරීක්ෂාවෙන් බලා සිටිමු.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    2,069
    1,460
    113
    The real Null Island
    ඕක කෑවේ රංජිත් බඞඩාරයයි ( Co-Op), පල්ලියගුරු (අධ්‍යක්ෂක), තු බුලුමුල්ල (ස අධ්‍යක්ෂිකා), නීල් කුරේ (ව්‍යාපාරික). ඊට අමතරව කෙහෙලිය රඹුක්වැල්ල (FES එක තහනන් කරලා)
     
    • Like
    Reactions: SLK_sri