~~අළුත් ලෝක පුදුම~~

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ~~අළුත් ලෝක පුදුම~~

    අළුත් ලෝක පුදුම 7​




    1. බ්‍රසීලය රියෝද ජෙනයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව​

    christ_modern_wonder_world.jpg


    බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුත් වහන්සේගේ ප්‍රතිමාව වර්තමාන ලෝක පුදුම හතෙන් එකක් ලෙස නමි කර ඇති අතර එහි උස මීටර් 38කි. නගරය පසුබිමි කරගෙන අහස උසට නැගී සිටින මෙම සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635කි.

    2. චීන මහා ප්‍රාකාරය​

    great_wall_china_photo_gov.jpg


    නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති චීන මහා ප්‍රාකාරය මිනිස් දෑතින් ඉදි වු විස්මය දනවන දැවැන්ත නිර්මානයකි. මෙහි ඉදිකිරීම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පමන ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 16 වන සියවස දක්වා ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරැ සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොන්ගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මේ මහා ප්‍රාකාරය ඉදිකර ඇතැයි සැලකේ. මෙම ප්‍රකාරයේ දිග කි‍:මී: 6400ක් පමණ වේ. මෙහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර් 12ක් උසට ගඩොලින් නිර්මානය කර ඇත. ප්‍රකාරය මුදුනේ මීටර් 4.5ක් පළල පාරකි. ප්‍රකාරය දිගේ මීටර එකසිය අසූවෙන් එකසිය අසූවට මුර කුළුණු සාදා ඇත. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ. චන්ද්‍රයාගේ සිට පෘථිවිය දෙස බැලූ කළ දිස්වන මිනිසා විසින් ඉදිකළ එකම නිර්මාණය මෙය ලෙස සැලකේ.

    3. ඉතාලියේ කොලෝසියම​

    The+Coliseum+at+Night_+Rome_+Italy.jpg



    ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව විස්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.


    4. ජෝර්දානයේ පෙට්‍රා නගරය​

    petra-jordan.jpg


    ක්‍රිස්තු පූර්ව 9 වැන්නේ සිට ක්‍රිස්තු පූර්ව 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අග නුවර පෙට්‍රා නගරයයි. බ‍ටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස්, හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙද මාර්ගයේ වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතීම හේතුවෙන් ඉතා දියුණු තත්වයක පැවැති බව පෙනේ. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති පෙට්‍රා නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුන දීමට හැකි වන පරිදි නිර්මානය කොට තැබීම විශේෂයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මානය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මානශිල්පයේ සුවිශේෂී ලක්ෂණයකි. රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර් 42ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන්ද හමු වී ඇත.

    5. ජේරුහි මාචු පීචු බලකොටුව​

    peru%202.jpg


    දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරැ විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවකි. මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කදු මුදුනේ සෑදූ නගරයක්ද යන්න නිශ්චිත නිගමනයකට එළබී නැත. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි සැලකේ.

    6. මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය

    abc_gma_mexico87_061115_ssh.jpg


    ආදි ‍කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මෙය නිර්මානය කරන ලද්දකි. ක්‍රිස්තු වර්ෂ 750 සිට ක්‍රිස්තු වර්ෂ 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයද මෙය විය. මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇත. පඩි පේළි හතරේ මුළු පඩි ගනන 365කි. වර්ෂයේ දින ගනනට සමාන වීම අවධානයට යොමු විය යුත්තකි.

    7. ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය

    taj-mahal2.jpg


    මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි. අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ඉස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය. කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.


    If u think my post is important PLEASE ADD + REP
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙන කාගෙවත් අදහසක් නැද්දෝ...
    ගනන් ගන්න එපා ඕවා ඔහොම තමයි..උඹ ටොපික් එකේ 18+ කියල දැම්මනම් බලන්න තිබ්බා..එනි වේ 5+:):)
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ගනන් ගන්න එපා ඕවා ඔහොම තමයි..උඹ ටොපික් එකේ 18+ කියල දැම්මනම් බලන්න තිබ්බා..එනි වේ 5+:):)

    :yes::yes: කමක් නෑ.. වැදගත් කියලා හිතලා හිතන කිහිපදෙනෙක් වත් බලනවනේ... අදහස් වලට ස්තුතියි!!!!