ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

    පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසය.

    ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    2025.01.01 වන දින සිට රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව E ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

    ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීමේ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ.

    ජූලි 16 වන දින සිට ගමන් බලපත් අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk/ සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ හැකිය.