ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,817
    1
    15,115
    113
    ------ Post added on Dec 13, 2022 at 9:10 AM


    දැන් උබ කියන්නේ හරි නම් දැන් උනත් කෙනෙක්ට බුදු වෙන්න පුලුවන් වෙන්න ඕන කියලා නේ ?
    මම කියන්නෙත් ඒක තමයි. එහෙම වෙන්න පුලුවන් වෙන්න ඕන දර්ශනයක් නම්.
    ------ Post added on Dec 13, 2022 at 9:13 AM
    "දර්ශනයක් නෙමේයි" කියන එක ඔප්පු කරන්න තියන Intention එකේදි Theory එකේම තියන දෙයක් පේන්නෙ නැතුව යනවා.

    බුදු උනත් රහත් උනත් ගිහියෙක් විදියට ඉන්නව කියන්නෙ ආයිත් පවුලක් නඩත්තු කරනව තියක එක. ආයිත් ආශාව තන්හාව රතිය ඇතිවෙන්න පුළුවන්. හැමදාම මාර පරාජය කර කර ඉන්නත් බෑ. ඒ නිසයි ගිහියකු විදියට ඉන්න එක Theory එක අනුවම Practical නැත්තෙ. Theory එකෙන් කියන්නෙ Desire නැති කරගන්න විදිය. ගිහිකම කියන්නෙම ගැටෙන්නෙ එක එක Desires එක්ක. ගිහිගෙය හැර යන්න ඕනෙ කියන ඕව නියම නෙමෙයි Theroy එකෙන්ම ගම්‍ය වෙන දේවල්.

    බුද්ධ දර්ශනයෙ සාපේක්ෂව දීල තියනව තමන් තනියෙන් යන්න පුළුවන් මාර්ගයක්, සර්වබලධිරියො පස්සෙ නොයා. එතනම තියනව වෙනසක්. ඒ වෙනස තමයි දර්ශනය/Philosophy කියන එක. ඒක ආගමක් වෙනව එතනට Community එක එකතු උනාම. කැමති කෙනාට ගන්න දර්ශනය විතරක් තියනව. Theory එක විතරක් තියනව Follow කරන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    "දර්ශනයක් නෙමේයි" කියන එක ඔප්පු කරන්න තියන Intention එකේදි Theory එකේම තියන දෙයක් පේන්නෙ නැතුව යනවා.

    බුදු උනත් රහත් උනත් ගිහියෙක් විදියට ඉන්නව කියන්නෙ ආයිත් පවුලක් නඩත්තු කරනව තියක එක. ආයිත් ආශාව තන්හාව රතිය ඇතිවෙන්න පුළුවන්. හැමදාම මාර පරාජය කර කර ඉන්නත් බෑ. ඒ නිසයි ගිහියකු විදියට ඉන්න එක Theory එක අනුවම Practical නැත්තෙ. Theory එකෙන් කියන්නෙ Desire නැති කරගන්න විදිය. ගිහිකම කියන්නෙම ගැටෙන්නෙ එක එක Desires එක්ක. ගිහිගෙය හැර යන්න ඕනෙ කියන ඕව නියම නෙමෙයි Theroy එකෙන්ම ගම්‍ය වෙන දේවල්.
    ඉතින් ඒකට ගිහි කමෙන් අයින් උනාම ඇති නේ. බුද්ධ ශාසනේ පැවදි වෙන්නම ඕන නෑ නේ. ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    1670904444552.jpeg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,817
    1
    15,115
    113
    ඉතින් ඒකට ගිහි කමෙන් අයින් උනාම ඇති නේ. බුද්ධ ශාසනේ පැවදි වෙන්නම ඕන නෑ නේ. ?
    ගිහිකමෙන් අයින් වෙනව කියන්නෙ ඉතින් පැවිද්දෙක් විදියට කැලේක ඉන්න එක තමයි. Monk. එක්කො Buddhist Monk නැත්තම් වෙන මොකක්හරි Monk. රහත් වෙලා ගිහිගෙයින් ගියානම්, රහත් වෙන්න උදව් උනේ බුද්ධාගමේ Theory එකනම් Automatically Buddhist Monk වෙනව. මොකද අද කාලෙ වගේ පැවදි හැඳුනුම්පත් නෑනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ගිහිකමෙන් අයින් වෙනව කියන්නෙ ඉතින් පැවිද්දෙක් විදියට කැලේක ඉන්න එක තමයි. Monk. එක්කො Buddhist Monk නැත්තම් වෙන මොකක්හරි Monk. රහත් වෙලා ගිහිගෙයින් ගියානම්, රහත් වෙන්න උදව් උනේ බුද්ධාගමේ Theory එකනම් Automatically Buddhist Monk වෙනව. මොකද අද කාලෙ වගේ පැවදි හැඳුනුම්පත් නෑනෙ.
    නෑ ගෙදරක උනත් ඉන්න පුලුවන්. එක විදියේ ඇදුමක් අදින්න ඕනෑමත් නෑ . මුකුත් අදින්නේ නැතුවත් ඉන්න පුලුවන් නේ.
    බුදුදහම දන්නේ අනති අයත් රහත් වෙන්න පුලුවන් උබ කියන විදියට.
    මමත් කියන්නේ ඒක තමයි. තනියම ඕක අවබෝදක්රගණන් පුලුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Gunther

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    බෞද්ධ දර්ශනය කියලා එකයි , ආගම කියල එකයි දෙකක් නෑ බන්
    දැන් උබට ඔය දර්ශනේ ඉගෙන ගෙන බුදු වෙන්න පුලුවන් ද මේ ජිවිත කාලේ ?? බෑ නේ.
    එතන වෙන් කරල ඉවරයි.
    බුදු හාමුදුරුවෝ ඉන්නව. අනිත් අය එයා පස්සේ එන්න තමයි තියෙන්නේ. තව යට ලෙවෙල් එකකට ඕන නම් එන්න පුලුවන් හැබැයි අර උඩම තැනට යන්න බෑ .
    දර්ශන වල එහෙම නෑ . එක පුද්ගලයෙක් ට වන්දනාමාන කරන්නේ නෑ දර්ශන වල.
    අනික නීති පද්දතියක් දාල නෑ දර්ශන වල.

    එක පුද්ගලයෙක් මුලික කරගෙන එයා පස්සේ යන ඒවා, එයා දාපු නීති වලට යටත්ව ජිවත් වෙන ඒවා තියෙන්නේ ආගම් වල.
    darshanayak kiyana de athule kirime ho nokirime nidahasa tiyenawa
     
    Last edited:
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    @RealityOfX @siri_ayya

    බුදුදහම ආගමක්ද දර්ශනයක් ද ?

    මම හිතන්නෙ මේක ෆෝල්ස් ඩයිකොටමියක්. මේ දෙක මියුචුවලි එක්ස්ක්ලූසිව් වෙන්න අවශ්‍ය නැහැ. බුදුදහම පැහැදිලිව ඔය දෙකෙන් එකකට සීමා කරන්න බැහැ. ඔය දෙකේම ලක්ෂණ තියනවා බුදුදහමෙ.

    මේ දෙකෙන් එකක් වෙන්නම ඕනෙ කියලා හිතාගෙන බුදුදහමට එබිලා බැලුවොත් ඔය දෙකටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්. නමුත් එහෙම කලින් තීරණයකට එන්නෙ නැතිව එබිලා බැලුවොත් ඔය දෙකේම ලක්ෂණ පෙනේවි.

    බුදුදහම ධර්මයක්. ලිවින් ට්‍රැඩිශන් එකක්. දාර්ශනික සහ ආගමික ලක්ෂණ වලින් හෙබි ඉගැන්වීමක්. නමුත් ඒ ඉගැන්වීම ගුරුවරයාගෙන් ගෝලයාට යන හුදු දැනුම් සම්භාරයක් නොව අවෝබධයකට පාර පෙන්වන ප්‍රායෝගික මාර්ගයක්.

    මේ වගේ අර්ථදැක්වීමක් ගැන මොකද හිතන්නෙ ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    2022 වෙද්දි ලෝකේ දැනුම දියුනු වෙලා තියන මට්ටම එක්ක බැලුවොත් අමු පච.
    හැබැයි මුගේ පච තාම ලන්කාවේ ගොබ්බ පේපර්ස් වලට valid.
    පව් වැඩේ හැබැයි. දැන් A/L class එකකටත් සෑහෙන ගානක් වියදම් කරන්න ඕන. ඒ කරලාත්
    ඔහොම ගිහින් පච අහන්න වෙනවා කියන්නේ ඉතිං :baffled:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,268
    113
    ප*යාගල
    sorry.com
    simpsons-monkey-knife-fight.gif


    පව් වැඩේ හැබැයි. දැන් A/L class එකකටත් සෑහෙන ගානක් වියදම් කරන්න ඕන. ඒ කරලාත්
    ඔහොම ගිහින් පච අහන්න වෙනවා කියන්නේ ඉතිං :baffled:
    mama yana kale mass class eka 600i revision 1000i
    ------ Post added on Dec 13, 2022 at 10:13 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,817
    1
    15,115
    113
    මේ ජයන්ත චන්ද්‍රසිරිගේ පුතා කියන්නේ ඇත්තද?
    උගෙ පුතා නේද.. මම නිකමට හිතුව ගේමක් කියල. දැන් ඉතින් Confirmed. අළුත්ම උපාය, රැඩිකල්, Atheistic, Scientific හෑලි ගහල, හාමුදුරුවන් ගෙ වැරදි හොය හොය වයිරල් යවල පොඩ්ඩක් බෞද්ධ Crowd එක Unstable කරන එක. 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,064
    113
    පරිණාමවාදය සම්බන්ද මුගේ වැරැද්ද මොකක්ද? පරිණාමවාදය සම්බන්ද නැතුව තිබ්බ ඩේටා මොනවද?
    තවම ඒ දරුවගෙ මේ විඩියෝව බැලුවෙ නැහැ. මොකක්ද ඔය කියන කාරණය?

    මුලින්ම පැහැදිලි කරගන්න බැරි සිද්ධියක් දැක්කම ඒකට අදාලව හයිපොතිසිස් එකක් හදනව ඊට පස්සෙ ඒක හරි කියල කියන්න ඕනි කරන සාක්ෂි එකතු කරනව (Facts, test,...). ඒ ෆැක්ට්ස් එකක් හෝ ගොඩක් ආවම තියරිය ඒ එකතු කරගත්ත ෆැක්ට්ස් වලට අදාලව හරි කියල ඔප්පු කරගන්නව එතකොට ඉස්සහරට ඒක වැරදියි කියල ඔප්පු වෙන්නත් පුලුවන්.

    පරිණාමාවාදය තියරියක් විතරයි කියල පිලිගන්න අයත් ඉන්නව,. ඒක ෆැක්ට් එකක් කියලත් පිලිගන්න අයත් ඉන්නව. ඒ දෙකම එකට තියෙනව කියල පිලිගන්න අයත් ඉන්නව. ඒක මයින්ඩ් බොඩි එක ගැන තියෙන ආගියුමන්ට් එකක් වගේ දෙයක් (https://thereader.mitpress.mit.edu/discovery-mind-body-problem/). හරි කියල එකක් නෑ හැම එකම එක එක අවස්තාවලට හරි.
    (https://www.newscientist.com/lastwo...-does-a-theory-become-a-fact-and-who-decides/)
    ඔතන ඇත්තටම ඩාවින්ගෙ එක තියරියක්ද ෆැක්ට් එකක්ද කියන එක නෙවෙයි අදාල වෙන්නෙ කෙනෙක්ට ඒක ෆැක්ට් එකක්ද තියරියක්ද කියන එකට. ඒක තියරියක් විතරයි හරි ෆැක්ට් එකක් විතරයි හරි කියන අය අතරින් ලොකුවටම ඉන්ෆ්ලුවෙන්ස් කැපෑසිටි එක තියෙන කෙනාගෙ influence capacity එක විතරයි වැදගත් වෙන්නෙ.

    ඩාවින් මුලින්ම පටන් ගන්නෙත් උපකල්පනයකින් ඊට පස්සෙ තමා ඔය පොත හොයන සීන් එකට පොර යන්නෙ නැවකුත් අරගෙන ඊටත් පස්සෙ තමා 1852 එයාගෙ උපකල්පනයට අදාල සාක්ෂි ටික ඉදිරිපත් කරන්නෙ. ඩාවින්සිගෙ සාක්ෂි නැති කේස් එක මේකයි ඩාවින් ඕකට පොතක් ලියල එවිඩන්ස් දුන්නට එයාගෙන් පිට සාක්ෂි ඇවිත් ඕක ස්ට්‍රොන්ග් උනේ මේ වීඩියෝ එකේ කියන විදියටම අනික් විශයන්වල වැඩිදියුණු වීම් එක්ක. ඒ වෙනකන් ඒකට සෑහෙන ප්‍රශ්න ආව දේව වාදී ආගම් වලින්.

    අන්තිමට වයස ගැන කියන එක දැනට තියෙන දත්තවලට අනුව 1800 ගණන්වල මිනිස්සුන්ගෙ ආයුෂ අඩුයි දැනට සාපේක්ෂව ඒකෙන් කියන්නෙ නෑ අවුරුදු 1000කට කලින් මිනිස්සුන්ගෙත් ආයුෂ අඩුයි කියන එක ඒක ෆැක්ට් එකක් නෙවෙයි ඒක හයිපොතිසිස් එකක්.

    නිව්ටන් නියම පරම සත්‍ය වගේ අදහගෙනනෙ ඉන්න ඇත්තෙ කට්ටිය අයින්ස්ටයින් එනකන්. දැන් අන්තිමට නිව්ටන් වැරදි නෑ, අයින්ස්ටයිනුත් වැරදි නෑ, බොර් වැරදිත් නෑ වගේ තැනකටනෙ ඇවිත් තියෙන්නෙ.

    පරිණාමවාදය උනත් ඉතින් එහෙම නොවෙයි කියන්නත් බෑ. අනික් දේ තමා පරිණාමය හැමවෙලාවෙම හොදම එක නෙවෙයි ඉතුරු කරන්නෙ. ඒ වෙලාවෙ තියෙන තත්වයට වඩාත්ම ගැලපෙන කෙනා. ඕක දැනුමටත් ඇප්ලයි වෙනව. (https://press.princeton.edu/books/hardcover/9780691171982/the-evolution-of-knowledge)
    ඒක වෙන හැටි ප්‍රැක්ටිකලිම බලන්න පුලුවන් AI වල genetic algorithm, Reinforcement learning එක්සාම්පල් කීපයක් බැලුව නන්. (https://www.linkedin.com/pulse/behavioral-economics-cobra-effect-law-unintended-tod-newman/, )

    Ex - ඩාවින්සි කරපු සමහර දේවල් ඒ කාලෙට ඇඩප්ට් උන් නැති නිසා ඩිවලොප් උන් නෑ නිකම්ම අතඇරල දැම්ම. ඒව ඩිවලොප් වෙන්නෙ අනික් මිනිස්සුන්ට ඒව යූස් කරන්නෙ කොහොමද කියන එක හෝ ඒව ඉම්ප්ලිමන්ට් කරන්නෙ කොහොමද කියන එක ඒ මනුස්සයට මිස් වෙච්ච නිසා අපිට මිස් වෙච්ච දැනුමක් එතන තිබුණ වෙන්න බැරිද?

    මමත් කියන්නේ ඒක තමයි. තනියම ඕක අවබෝදක්රගණන් පුලුවන් වෙන්න ඕනේ.
    ඉතින් පුලුවන් බැරි නෑනෙ. ඒකනෙ බුදුහාමුදුරුවො අවබෝධ කරගත්තෙ. තනියම බැරි අයට සපෝට් එකක් තමා ඔය දීල තියෙන්නෙ මේ පාරෙ ගිහින් බලන්න කියල.

    කෙනෙක්ට ආයෙ බුදු වෙන්න බෑ කියන්නෙ මේකයි. නැතිම දැනුමක් ආයෙ ජෙනරේට් කරන්නෙ නෑනෙ කවුරුවත් බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ පරම සත්‍ය නන්. ඒක ආයෙ ආයෙ තනියම අවබෝධ කරගෙන කිව්වත් කියන්න තියෙන්නෙ එකමනෙ. එතකොට මුලින්ම ඒක තනියම අවබෝධ කරගත්ත කෙනාට තමා බුද්ධ කියන්නෙ. හැබැයි ඒ දැනුම ඊට පස්සෙ අවබෝධ කරගෙන ඕනිම කෙනෙක්ට බුදුහාමුදුරුවො ඇචීව් කරපු එකටම යන්න පුලුවන්. ඒත් එයාට බුද්ධ වෙන්න බෑ මේ බුද්ධ කාලය ඇතුලෙ අර උඩින් කියපු කරාණව නිසා ස්ටෙට් එකට යන්න පුලුවන්.
    ------ Post added on Dec 13, 2022 at 11:48 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඒත් එයාට බුද්ධ වෙන්න බෑ මේ බුද්ධ කාලය ඇතුලෙ
    ඇයි බැරි.. අවබෝධය නම් බුද්ධ කියන්නේ මෙහෙ තියනව කියන දහම අහපු දන්නේවත් නැති කෙනෙක් තනිවම ඒක අවබෝද කරගෙන අනිත් අයට දේශනාකරන්න පුලුවන් නේ.. ඒ අවබෝදයටනේ බුද්ද කියන්නේ ..