අපේ රටේ ආගම ගැන කතා කිරීමෙන් ලේසියෙන්ම බෙදී යන්න පුළුවන්.
අපි බෞද්ධ රටක් කිව්වොත් ඒකට කට්ටියක් කැමතියි, කට්ටියක් අකමැතියි.
අපි සර්ව ආගමික රටක් කිව්වොත් ඒකටත් කට්ටියක් කැමතියි, අනිත් අය අකමැතියි.
ඒ නිසා දේශපාලනයේදී මේක දෙපැත්ත කැපෙන ප්‍රශ්නයක්. උත්තරය මත අපි ඉන්න තැන අනුව මිනිස්සු ලංවෙනවා, ඈත් වෙනවා. ඔක්කොම එකතු කර ගන්න එක උත්තරයක් නෑ. ඒ නිසා අපි කියන්නේ අපේ උත්තරේ...
මේක අපේ උත්තරේ....
තමන්ට කැමති ආගමක් ඇදහීමේ සහ විශ්වාසය කිරීමේ නිදහස සෑම පුරවැසියෙකුටම තියෙනවා. එය පුද්ගලික නිදහස පිළිබඳ කාරණයක්. මානව අයිතිවාසිකමක්. ඒ වගේම ඕනෑම කෙනෙකුට ආගමක් අදහන්නේ නැතුව නිරාගමික වීමටත් තියෙන්නේ ඒ සමාන අයිතියක්.
අපි ශ්‍රී ලාංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙස නම් කර තිබෙනවා. ඒ වගේම රටේ ව්‍යවස්ථාවට අනුව එයට ප්‍රමුඛස්ථානය ලබා දීමටත් එකඟ වෙලා තියෙන රටක්. ඒ වගේම අනෙකුත් සෑම ආගමකටම සිය විශ්වාසයන් හා ඇදහීම් කර ගෙන යාමට අවස්ථාව ඒ තුල ලබා දී තිබෙන රටක්.
විශේෂයෙන් ආසියාතික මිනිසුන් ආගම මූලික කර ගත්ත ජීවන රටාවක් තියෙන පිරිසක්. ඇදහිලි විශ්වාස වලින් ඔබ්බට ගිහින් ඒක අපේ ජීවිත වලට අර්ථය සපයන දෙයක් වෙලා. ඔය ආගම් ආසියාවෙන්ම පැන නැග්ගේ ඒ නිසා වෙන්න ඇති.
ඒ වගේම ආගම සහ දේශපාලනය අතර තියෙන්නේත් ගැඹුරු බැඳීමක්. ඒක දේශපාලනය තරම්ම පැරණි දෙයක්. කොච්චර නිදහස් උනත්, බටහිර රාජ්‍යයන් පවා ආගම සමග බැඳිලා දේශපාලනය කරනවා. පාලකයන්ගේ ඇදහීම, විශ්වාස , ආගම දේශපාලනයේදී වැදගත්. බැරක් ඔබාමා ට පවා ඒ දේවල් වලට මුහුණ දෙන්න සිදූ උනා. ඇමෙරිකාවේ සෑම කතාවකටම පස්සේ God Bless America කියලා ඉවර කරන්නේ ඒකයි. ජනාධිපති දිවුරුම් එන්නේ බයිබලයට අත තියලා.
ඒ වගේම ඉන්දියාවෙත් උසාවියේ දිවුරුම් දෙන්නේ ගීතාවට හෝ කුරාණයට අත තියලා. ඒ කියන්නේ නීතිය පසිඳලන්න පවා ආගමික විශ්වාසයට ගරු කරලා තියෙනවා.
ඉතිං සාමාන්‍ය මිනිස් සමාජයක ඒ ආගමත් ජන ජීවිතයත් අතර බැඳීම තේරුම් ගන්න එක දේශපාලන කරන අයගේ වගකීමක්. ඒක තේරුම් නොගෙන රටක් පාලනය කරන්න බෑ.
ඒ වගේම පාලකයා විසින් ආගම පාවිච්චි කරනවා ජනතාව තමන් ලඟට ගන්න. තමන්ට ඕන විදියට පාලනය කරන්න. ආගමික විශ්වාසයක් පාවිච්චි කරලා තමන්ගේ පැත්තට ඡන්දය ගන්නවා. හොඳම උදාහරණය ගිය පාර ජනාධිපතිවරණයට කැලණියේ නාගයා මතු වීම. ඒ වගේම භික්ෂුන් වහන්සේලා යොදා ගනිමින් කැම්පේන් කිරීම. ඒ අවභාවිතාව හැමදාම උනා. අනික් ආගම් වලිනුත් මිනිසුන් ගේ දේශපාලන කැමැත්තට බලපෑම් කරනවා. පල්ලියෙන් කියනවා.
කාල් මාක්ස් ලා සමාජ වාදය ගැන ලියන කොට ආගම දැක්කේ ඒකේ අඳුරු පැත්තෙන්. ඒ නිසා ආගම සමාජයේ වැරදි දෙයක් බව ඔවුන්ගේ වාමාංශික අනුගාමිකයෝ විශ්වාස කලා.ඒ නිසා නිරාගමික වීම දේශපාලන නිවහල් භාවයට අත්‍යාවශ්‍ය ලෙස දැක්කා. අපේ රටෙත් වාමාංශික ව්‍යාපාර කිය කිය යන්නේ ඒක. ඔවුන්ගේ මතය නිරාගමික කරන්න ගිහින් ඔවුන්ගේ ලංකාවේ සමාජය හරියට කියවා ගෙන නෑ කියලා මට හිතෙන්නේ. සමාජවාදය වගේම නිරාගමික වීමත් සමාජයේ ස්වාභාවික මානව ගුණාංග වලට එකඟ නෑ. ඒ නිසා ඔවුන් ඒ තුල පඹ ගාලක පැටලිලා.
මම බෞද්ධයෙක්. උපතින්, ඇදහීමෙන්, අවබෝධයෙන්, විශ්වාසයෙන් මම බෞද්ධයෙක්.
පුරවැසියෝ මෙන්ම සමාජයට කැමති ආගමක් ඇඳහීමේ මානව අයිතිවාසිකමට අපි ගරු කරනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව හඳුන්වා දීමට අපි කැමතියි. ඒ වගේම සියළුම ආගම් වලට සිය ආගම ඇදහීමේ පූර්ණ නිදහස හා අයිතියට අපි ගරු කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව කියන්නේ සර්ව ආගමික නිදහස තියෙන බහුතරයක් බෞද්ධයන් ඉන්න, බෞද්ධ උරුමයෙන් හැඩ ගැන්වුන සංස්කෘතියක් සහිත බෞද්ධ රාජ්‍යයක් ලෙස අපි දකිනවා. එයට ගරු කරනවාසහ අපිත් එහිම කොටස් කරුවන්.
ඒ වගේම රාජ්‍ය පරිපාලනයෙන් ආගම හැකිතාක් දුරට ඈත් කර තබමින් , රාජ්‍ය හා අධිකරණය ඉදිරියේ ජනතාවට සමානාත්මතාවයෙන් සළකන රටක් අපි හදන්න මහන්සි වෙනවා.
අපි සාර්ථක නම් දේශපාලනයෙන් ආගම ඈත් කිරීම හෙවත් secular රටක් හැදේවි. අපි සාර්ථක නම්, සියළුම ආගම් වලට නිදහසේ සිය ආගම ඇදහිය හැකි රටක් තැනේවි. අපි සාර්ථක නම්, මේ රටභැම මිනිසාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලස්සන බෞද්ධ රාජ්‍යයක් ලෙස අනාගතයට පිවිසේවී.
පැතුම් කර්නර්
#පැතුම්ගේ_කතාව