ආඝාතය සුවකරමු...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    ආඝාතය සුවකරමු...

    අද දින ඔබ සමග කතා කරන්නට සූදානම් වන්නේ cerebrovascular disorder හෙවත් මස්තිෂ්ක වාහිනී ආබාධය ගැනයි. මොකක්ද මේ රෝගය...

    වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ඉතාම සරලව කිවහොත් මෙහි තේරුම වන්නේ මොළයට රුධිරය ගමන් කිරීම අවහිර වීම යන්නයි. මොළය තුළ විනාඩියකට රුධිරය මිලිලීටර් 750 ක් සංසරණය වෙනවා. මෙය හෘදයෙන් නිකුත් වන සමස්ත රුධිරයෙන් 15% ක් හැටියට සලකන්නට පුළුවන්. මොළයේ ක‍්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑම සඳහා ධමනි මගින් ග්ලූකෝස් සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ සමග මිශ‍්‍ර වූ ඔක්සිජන් සහිත රුධිරය මොළයට සපයනවා. මොළය එම ඔක්සිජන් උරාගත් විට ලේ නහර මගින් ඒවා ආපසු හෘදයට යවනවා. මේ ක‍්‍රියාවලිය යම් තැනකින් කැඩුණොත් මොළයට අනතුරු සිදුවනවා. ඒවාට තමයි අප මස්තිෂ්ක වාහිනී අනතුරු කියලා කියන්නේ. ආඝාතය කියල කියන්නෙත් ඒ තත්ත්වයටමයි. ආඝාතය හැදුණම vascular dementia කියන රෝග තත්ත්වය ඇති වෙනවා. මෙයට කියන සරල සිංහල නම තමයි අංශභාගය.

    ප‍්‍රශ්නය - ආඝාත වර්ග කිහිපයක් තිබෙන බව අන්තර්ජාලය පිරික්සන විට අපට දැනගන්නට ලැබුණා.

    වෛද්‍ය වික‍්‍රමාරච්චි - වර්ග තුනක් තිබෙනවා. මේ ගැන මේ තරම් ගැඹුරට අප සාකච්ඡුා කළ යුතු ද කියන එක ප‍්‍රශ්නයක්. පළමු වැනි වර්ගයේදී මොළයේ රුධිර නාළයක් අවහිර වෙනවා. එවිට එතැනින් එහාට ඔක්සිජන් යන්නේ නැහැ. දෙවැනි වර්ගය පළමුවැනි වර්ගය තරම් බරපතළ නොවන අර්ධ රෝගී තත්ත්වයක්. මෙය ඉක්මනින් නිවැරදි වන අරත ඒ සමගම රුධිර සංසරණය යථා තත්ත්වයට පත්වීම නිසා එය හට ගැනීමේදී මොළයේ පටකවලට හානි වුණා නම් එම හානිය වහාම සුවපත් වෙනවා. තුන්වැනි තත්ත්වයේදී මොළයේ ලේ නහරවලින් රුධිරය කාන්දුවීම සිදුවෙනවා.

    ප‍්‍රශ්නය - ආඝාතයට බලපාන හේතු මොනවාද?

    වෛද්‍ය වික‍්‍රමාරච්චි - අධික රුධිර පීඩනය, දුම්පානය, ස්ථූලභාවය සහ දියවැඩියාව තමයි මෙයට මූලිකම හේතුව.

    ප‍්‍රශ්නය - මෙයට අත් බෙහෙත් තිබෙනවද?

    වෛද්‍ය වික‍්‍රමාරච්චි - ඔව්. හැබැයි ඒවා රෝගය හැදෙන්නට පෙර කළ යුතු අත්බේත්. පළමුවැන්න තමයි දුම්පානය අත්හැරීම. දෙවැන්න මත්පැන් පානයෙන් වැළකීම. තෙවැන්න තෙල් කෑම, දියවැඩියාවට මුල වන අධික සීනි අනුභවය අත්හැරීම. මේ ටික හරියට කළොත් රෝගය හැදෙන්නෙ නැහැ.

    ප‍්‍රශ්නය - මේ රෝග තත්ත්වය සඳහා පාරම්පරික දේශීය ප‍්‍රතිකාර තිබෙනවාද?

    වෛi වික‍්‍රමාරච්චි - ඔව්, මෙයට මාස 8 කට විතර ඉස්සර අවුරුදු 58 ක් වයස අංශභාග රෝගියෙක් මා වෙත ගෙනාවා. ඔහු ඉතා දුෂ්කර අවස්ථාවකයි සිටියේ. මම මුලින්ම කළේ මා දෙන ප‍්‍රතිකාර නිසි පරිදි කරන්නට ඔහුගේ භාරකරුවන් කැමති කර ගැනීමයි. අප පාරම්පරිකව හදන තෙල් වර්ග කිහිපයක් සහ රාජ කන්තති තෙල් ඔහුගේ සිරුරේ ආලේප කළා. රාජකන්තති තෙල් වර්ගය ශරීරයේ සියුම් ශ්වේද ග‍්‍රන්ථි හරහා රෝගය පවතින තැන්වලට කිඳා බහිනවා. මාස 8 ක ප‍්‍රතිකාරවලින් පසු ඔහු අද මගෙන් ප‍්‍රතිකාර ගන්න එන්නේ ඇවිද ගෙන. තව මාස 4 කින් ඔහු හොඳටම නිරෝගී පුද්ගලයෙක් බව පත් කරන්නට මට පුළුවන්.

    ප‍්‍රශ්නය - Stroke යන සරල නමින් හැඳින්වෙන ආඝාතය නමැති රෝගයේ මූලික තත්ත්වයන් ගැන

    පසුගිය සතියේදී අප සාකච්ඡුා කළා. අප ඔබෙන් මුලින්ම විමසන්නේ ආඝාතයේ රෝග ලක්‍ෂණ ගැනයි.

    වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ආඝාතයේ මූලික ලක්‍ෂණ මොනවාද කියන එක හැමෝම දැන ගත යුතුයි. එයට හේතුව තමන්ට හෝ වෙනත් කෙනකුට මේ

    රෝගයේ මූලික ලක්‍ෂණ පහළ වෙනවා නම්, ඒ ගැන දැනුවත්ව සිටීමෙන් වහාම ක‍්‍රියාත්මක වී ජීවිතයක් ගොඩදමා ගැනීමට අවස්ථාව ලැබීමයි. ආඝාතයේ මූලික රෝග ලක්‍ෂණ පහත සඳහන් වෙනවා.

    1. කතා කිරීමේ සහ අවබෝධ කරගැනීමේ දුෂ්කරතාව හට ගැනීම රෝගියා තුළ ව්‍යාකූල තත්ත්වයක් හට ගැනීම මෙහිදී සිදුවෙනවා. ඔහුගේ වචන ගොත ගැසෙනවා. එසේම තමන් කියන දේ වගේම අනුන් කියන දෙයත් වටහා ගැනීමේ දුෂ්කරතාව ඔහු තුළ හට ගන්නවා.

    2. මුහුණේ පැත්තක්, අතක්, කකුලක් හෝ මේ සියල්ලම අඩපණ වී අංශභාග තත්ත්වයක් ඇති වෙනවා. සමහර විට සිරුරේ පැත්තක්ම පණ නැතිවන අවස්ථා තිබෙනවා. සිනහ වනවිට කටේ පැත්තක් පමණක් ක‍්‍රියාත්මක වෙනවා නම් එය ආඝාතයක මුල් සලකුණක් විය හැකියි. සාමාන්‍යයෙන් ආඝාතය ශරීරයේ දෙපැත්තටම හානි වන ලෙස ඇති වන්නේ නැහැ. එක් පැත්තක් විතරයි අක‍්‍රියකාරී වන්නේ. එයට හේතුව මොළයේ වම් පැත්ත විසින් ශරීරයේ දකුණු පැත්ත පාලනය කිරීමත්, මොළයේ දකුණු පැත්ත විසින් ශරීරයේ වම් පැත්ත පාලනය කිරීමත් නිසයි. ආඝාතය ඇති වන්නේ මොළයේ එක් පැත්තක රුධිර නාළයක් අවහිර වීමෙනුයි. දෙපැත්තේම නහර එක්වරම අවහිර වන්නේ නැහැ.

    3. ආඝාතය හෙවත් අංශභාගය හට ගැනීමට එන විට ශරීරයේ සමබරතාව ගිලිහී යනවා. ඒ නිසා ඇවිදීමේදී රෝගියා ඇද වැටෙනවා. සමහර විට ශරීරයට අධික විඩාවක් දැනෙනවා. එයට හේතුව කොලෙස්ටරෝල් හෝ කැල්සියම් බැඳී මොළයේ රුධිර නාළ අවහිර වීමයි.

    4. ආඝාතය හට ගන්නා විට එයට ලක්වන තැනැත්තාගේ පෙනීම අඩු වී යනවා. සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත් නොවුණත් දෘශ්‍ය ශක්තිය (දැකීම තිබෙන හැකියාව* 25% කින් හෝ 50% කින් අඩු වෙනවා. ඔබේ පෙනීම හදිසියේම අඩුව ගියොත් එය ආඝාතයේ මුල් අවස්ථාව විය හැකියි.

    5. කරකැවිල්ල හටගැනීම සාමාන්‍ය රෝග තත්ත්වයක්. සමහරුන්ට මෙය නිතර හට ගන්නවා. අධික විඩාව, දරන්න බැරි තරම් වැඩ ගොඩක් කිරීම, ආතතිය,

    රෝගීභාවය නිසා ඇඟ දුර්වල වීම, දිගින් දිගටම බෙහෙත් ගැනීම යනාදියේදී කරකැවිලි තත්ත්වයක් හට ගන්නවා. එහෙත් කෙනකු හදිසියේ කතා කර ගැනීමට බැරිව ගොස් ඇවිද ගැනීමට අපහසු වී ශරීරයේ සමබරතාව ගිලිහී ගොස් කරකැවිල්ල හැදුනොත් එය ආඝාතය නිසා හටගන්නක් වන්නට පුළුවන්.

    6. හදිසියේම අස්වාභාවික ලෙස හිස වේදනා දෙන්නට පටන් ගත්තොත් එය වේදනා නාශකයකින් සමනය කරගන්න උත්සාහ කරන්න එපා. හේතුව එය ආඝාතයේ රෝග ලක්‍ෂණයක් වීමට ඉඩ තිබීමයි.

    මොළයේ නහරයක් පුපුරා රුධිරය ගැලීමට පටන් ගන්නා විටත් මෙවැනි ක්‍ෂණික හිසරද හටගන්නවා. මේ වේදනාව ටික වේලාවක් තිබී වමනය හට ගන්නවා. එය ආඝාතයේ ලක්‍ෂණයක්.

    7. මහන්සිය කියන එක හැමෝටම දැනෙනවා. දවස පුරා විවේකයක් නැතිව වැඩ කළාම අප මහන්සියට පත් වෙනවා. ඒත් හිටි ගමන් ක්‍ෂණිකව කිසිදු හේතුවක් නැතිව මහන්සියක් දැනෙන්නට පන් ගත්තොත් එය ආඝාතයේ රෝග ලක්‍ෂණයක් විය හැකියි.

    8. කෙනකුට හදිසියේම ආහාර ගිලින්නට බැරි බවක් දැනෙනනවා නම් සහ එය දිගින් දිගටම පවතිනවා නම් එයත් ආඝාතයේ ලකුණක්.

    9. සමේ සංවේදීතාව හදිසියේම නැතිව යෑමත් ආඝාතයේ රෝග ලක්‍ෂණයක් විය හැකියි. ආඝාතය හට ගන්නා විට එහි බලපෑමට යටත්වන ශරීරයේ අංගෝපාංගවල හටගන්නා උණුසුම, පීඩනය, ස්පර්ශය කරන විට හටගන්නා දැනීම යනාදියට අදාළ සංඥා ලබාගැනීමට මොළය සමත් වන්නේ නැහැ.

    වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි