ආණ්ඩුවට 'ඉදිරියට' යන්නට ඉඩ දෙන්න

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ආණ්ඩුවට 'ඉදිරියට' යන්නට ඉඩ දෙන්න

    ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් සමුළුව අතිශය දුෂ්කර මොහොතක ලැබුණු මහඟු පිළිසරණක් විය.

    තෙල් මිළ වැඩි කිරීම හා රුපියල අවප්‍රමාණ කිරීමත් සමග ඇති වූ මහජන විරෝධය පාලනය කර ගන්නට ආණ්ඩුවට හැකි වූයේ ජිනීයා මානව හිමිකම් සමුළුව හරහා මතු කර ගත් දේශප්‍රේමයේ මුවාවෙනි.

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දුර්වලකම ද, සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කුහකකම ද, පොදු විපක්ෂ සමගියක් හා නායකත්වයක් නැතිකම ද තත්වයට තවත් දායක විය.

    අප මුලදී ද කී පරිදි ජිනීවාහිදී ආණ්ඩුව කියන ආකාරයේ කිසිවක් සිදු වන්නේ නැති බව දැන් පෙන්නුම් කෙරෙමින් තිබේ.

    එහෙත්, අඩු තරමේ උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ හෝ ක්‍රියාත්මක කරන්නට සිදු වන තත්වයක් ආණ්ඩුව හමුවේ ඇත.

    ආණ්ඩුවට 'ඉදිරියට 'යන්නට ඉඩ දිය යුතු ය. පාලක පවුල ප්‍රමුඛ දේශපාලක පිරිස රට ඇද දැමූ අවුලෙන් ඔවුන් ම රට ගොඩ ගත යුතු ය. නැතිනම්, ඔවුන් එයට වන්දි ගෙවිය යුතු ය.

    ජිනීවා සවුදම නටා ඉවර ‍වූ විට ආණ්ඩවට තවත් එවැනි සවුදමක් ඕනෑ වනු ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුවට පිහිටට එනු ඇද්ද?