ආණ්ඩුවට කවුරුත් සල්ලි දෙන්නෙ නැල්ලු. පවු වැඩේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    කොරෝනාවෙන් පසු රටවල ආර්ථික ප්‍රකෘතියට කිසිඳු ගෝලීය ආයතනයක උපකාර නෑ…- ජනපති ඉන්දියානු සාගර සමුළුවේදී…

    gotabaya.jpg

    වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි ඊයේ (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

    ජීවිත අති විශාල ගණනාවක් බේරා ගැනීමේ කටයුත්ත මිල කළ නොහැකි වුවද, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදු විය. ආර්ථික ක්‍රියාකාරකම්වල ද සීඝ්‍ර මන්දගාමීත්වය ගෝලීය සංචාර, වෙළෙඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල අභියෝග එල්ල කර ඇති බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපා ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම අභියෝගය ජයගත හැක්කේ ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහයෝගය මත පමණක් බව ද කියා සිටියේය.

    සෑම පුරවැසියෙකුම එන්නත් කරන තුරු කොවිඩ් – 19 අවසන් නොවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ධනවත් බවින් අඩු රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහාය දෙන මෙන් හා එසේ කිරීමට හැකියාව ඇති සියලු ජාතීන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද පැවසීය.

    ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය හා සලකා බලන කල, රටවලට ඔවුන්ගේ ආර්ථික ප්‍රකෘතිය සඳහා උපකාර කිරීමට කිසිඳු ගෝලීය ආයතනයක් ඉදිරිපත් වී නොමැත. වසංගතය පොහොසත් හා දුප්පත් රටවලට එක සේ බලපා ඇතත්, දුප්පත් රටවලට අසමානුපාතික බලපෑමක් දරාගැනීමට සිදුව තිබේ.

    දැනටමත් බාහිර ණය බැඳීම්වලින් බලපෑමකට ලක්වී ඇති ආර්ථිකයක් සහිත රාජ්‍යයන්ට පවතින තත්ත්වය ඉතා දුෂ්කර බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වසංගතයෙන් පසු බලවත් පරිශ්‍රමයක් දරන දුප්පත් රටවල ණය ගෙවීම සඳහා සමාව දීමට, ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ සහන කාල සීමා සැලසීමට ධනවත් ජාතීන්ට මෙන්ම බහුපාර්ශ්වික සංවිධානවලට වැඩි ක්‍රියාමාර්ග ගත හැකි නම් එය බෙහෙවින් අගය කෙරෙනු ඇති බව ද පැවසීය. වසංගතය අත්දැකීම් අනුව එක රටක ඇති අහිතකර තත්ත්වයන් සීඝ්‍රයෙන් පුළුල් වූ කලාපයකටත් අවසානයේ මුළු ලෝකයටත් බලපෑම් ඇති කළ හැකිය. වසංගතය, ආර්ථිකය හෝ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ජාතීන්ට බලපාන ගැටලු විසඳීමට කලාපය පුරා රටවල් සහ සමස්ථයක් වශයෙන් ලෝකයම එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි. පවතින දේශගුණික අර්බුදය මානව වර්ගයා විසින් ජයගත යුතු දුෂ්කරම අභියෝගයක් විය හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    X-Press පර්ල් ව්‍යසනය හුදකලා සිදුවීමක් නොවේ. MT New Diamond නෞකාවේ ඇති වූ ගින්න සාමූහික පරිශ්‍රමයකින් සාර්ථකව මැඩපැවැත්වීය. මෙම සිදුවීම් දෙකම පෙන්වා දෙන්නේ අන්තරායකර සහ පාරිසරික සංවේදී ද්‍රව්‍ය, සාගර ප්‍රවාහනය සම්බන්ධයෙන් තිබිය යුතු දැඩි පාලනයක හදිසි අවශ්‍යතාව බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    නව ආම්පන්න සහිත යාත්‍රා මගින් අනන්‍ය ආර්ථික කලාපයෙන් බැහැර සීමාවන්වල මසුන් ඇල්ලීම (පන්න කිරීම) කලාපයේ පවතින සැලකිය යුතු ගැටලුවකි. එමගින් දේශීය අනන්‍ය ආර්ථික කලාපයේ මසුන් ඇල්ලීම මත යැපෙන දුප්පත් ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වේ. අනාගතයේ දී ඉන්දියානු සාගර කලාපයේ සමස්ත පරිසරය සහ දේශීය ආර්ථිකයන්හි ශක්‍යතාව පවත්වා ගැනීම සඳහා එවැනි ගැටලු අවම කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා තිරසරභාවය සම්බන්ධ එවැනි ගැටලු සම්බන්ධීකරණයට කලාපීය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ද යෝජනා කළේය.

    ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධි ක්‍රියාකාරකම්වල ස්ථානය බව ද පිළිගත යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා, මත්ද්‍රව්‍ය ජාවාරම කලාපයේ රටවලට සැලකිය යුතු ගැටලුවක්ව පවතින අතර මෙම ජාවාරම් ඵලදායී ලෙස මැඩපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙන් බවද පැවසීය. මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මේ හා සමාන සම්බන්ධීකරණයක සහ සහයෝගීතාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට ද එවැනිම සම්බන්ධීකරණයක අවශ්‍යතාව අවධාරණය කළ අතර ප්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නොකළහොත්, අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බව පැවසීය.

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේ දී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේදී මාලදිවයිනේ දී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයයේ සුරක්ෂිතතාව හා සාම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ සංවාදයට ගනු ලැබීය.

    “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් මෙවර සමුළුව පැවැත්වේ.

    ඉන්දියන් සාගරය හරහා බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් වෙනුවෙන් වේදිකාවක් ලෙස ක්‍රියා කළ හැකි ඵලදායී සාකච්ජාවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මඟ පෙන්වූ බවත්, සාගරයේ සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අපගේ අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමත් පරිසර දූෂණය හේතුවෙන් දැනටමත් සිදු වී ඇති හානි අවම කිරීමටත්, අප අදම ක්‍රියාත්මක විය යුතු බවත් ඔමාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සායිඩ් බාඩ්ර් බින් හමාඩි බින් හමූඩ් අල් බුසයිඩි (Sayyid Badr Bin Hamad Bin Hamood Al Busaidi) මහතා සමුළුවේ විශේෂ දේශනය සිදුකරමින් පැවසීය.

    වැඩිපුර වගකීම් දැරීමට, වඩා හොඳ සබඳතා ගොඩනගා ගැනීමට, ප්‍රමුඛතාවය දීමට ඉන්දියානු සාගර ජාතීන්ට අද සිදුව තිබේ. කොවිඩ් වසංගතය නිසා බලපෑමට පත් ජීවනෝපාය යථා තත්ත්වයට පත්කිරීමට වගවීම, පිළිගැනීම තුළින් කඩිනම් නව සාමාන්‍යකරණයකට යා යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (S. Jaishankar) මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් සඳහන් කළේය.

    රටවල් 18ක විදේශ අමාත්‍යවරු, රටවල් 40කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ දෙසීයකට අධික පිරිසක් සමුළුවට සහභාගී වී සිටිති.

    – ජනාධිපති මාධ්‍ය අංශය
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පොන්ට නම් සල්ලි දෙන්න ඩස්ප ඉන්දියාව ඉන්නවා..😄😄
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මම එයා නම් කියනවා අයියාගෙන් අහල ප්‍රශ්න වලට උත්තර දෙන්නම් කියලා
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පොන්ට නම් සල්ලි දෙන්න ඩස්ප ඉන්දියාව ඉන්නවා..😄😄
    කලින් සමුලුවකට ගිහින් කාබනික වගාව කරන හැටි ඉගැන්නුව. අපිටත් ලැජ්ජයි මුගෙ වැඩ ගැන
     
    • Haha
    Reactions: shenat and U-tag

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    Kari ballo .. minissunge salli walin ammage redda danna sohon hadapu un dn adanawa awith ... Salli natnn maunage, nirupamage account wala baluwa nm hari
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මොන රටකවත් හොරුන්ට සල්ලි නොදේ. මොකෙක්වත් හොරුන්ට සල්ලි ඉන්වෙස්ට් නොකරයි. මේක මුන්ට තේරෙන්නේ නැද්ද ?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මුගේ පවුලේ එවුන් චීනගෙන් කොමිස් අරන් නය අරගෙන බොරු සෝබන දාලා කෙලව ගත්තහම අනිත් රටවල් වලින් ද නය ගෙවන්න කියන්නේ?
    කිසිම ප්‍රොජෙක්ට් එකක් කලේ නැහැ දුරදිග හිතලා
    මහ ලොකුවල බැනර් ගහලා ඕපන් කලා වගේ නය කන්දත් ගෙවාපන්
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔය කතා අතරෙ හරස් ප්‍රශ්නයක් අහන්න දුන්නනම් තමයි ආතල් එක බලාගන්න තිබුනෙ
    එහෙනම් ආයියා එක්ක යයි. 😂
     
    • Haha
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Kari ballo .. minissunge salli walin ammage redda danna sohon hadapu un dn adanawa awith ... Salli natnn maunage, nirupamage account wala baluwa nm hari
    ලෝකෙම දන්නවා හොර පවුල ගැන. විදේශිකයො දෙන්නත් නෑ, රට විරුවෝ එවන්නෙත් නෑ. කබ්රාල් ඩොලර් මංකොල්ල කන්න පටන් ගත්තේ ඒකයි.
     
    • Like
    Reactions: topkollek and AEG

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ ගොන් වාහෙලා මානව හිමිකම් තඹ සතේකට මායිම් කරන්නෙ නෑ. අහුවෙන අහුවෙන එනා ආයුධ පෙන්නන්න එක්කන් යනවා. මිනීමරුවන්ට ජනාධිපති සමාව අරන් දෙනවා. පොලිසිය තනිකරම විස්සෙන් ජනාධිපති යටතට අරන් තියෙන්නෙ. මේ වගේ රටකට ණය දෙයිද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113

    කොරෝනාවෙන් පසු රටවල ආර්ථික ප්‍රකෘතියට කිසිඳු ගෝලීය ආයතනයක උපකාර නෑ…- ජනපති ඉන්දියානු සාගර සමුළුවේදී…

    gotabaya.jpg

    වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි ඊයේ (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

    ජීවිත අති විශාල ගණනාවක් බේරා ගැනීමේ කටයුත්ත මිල කළ නොහැකි වුවද, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදු විය. ආර්ථික ක්‍රියාකාරකම්වල ද සීඝ්‍ර මන්දගාමීත්වය ගෝලීය සංචාර, වෙළෙඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල අභියෝග එල්ල කර ඇති බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපා ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම අභියෝගය ජයගත හැක්කේ ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහයෝගය මත පමණක් බව ද කියා සිටියේය.

    සෑම පුරවැසියෙකුම එන්නත් කරන තුරු කොවිඩ් – 19 අවසන් නොවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ධනවත් බවින් අඩු රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහාය දෙන මෙන් හා එසේ කිරීමට හැකියාව ඇති සියලු ජාතීන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද පැවසීය.

    ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය හා සලකා බලන කල, රටවලට ඔවුන්ගේ ආර්ථික ප්‍රකෘතිය සඳහා උපකාර කිරීමට කිසිඳු ගෝලීය ආයතනයක් ඉදිරිපත් වී නොමැත. වසංගතය පොහොසත් හා දුප්පත් රටවලට එක සේ බලපා ඇතත්, දුප්පත් රටවලට අසමානුපාතික බලපෑමක් දරාගැනීමට සිදුව තිබේ.

    දැනටමත් බාහිර ණය බැඳීම්වලින් බලපෑමකට ලක්වී ඇති ආර්ථිකයක් සහිත රාජ්‍යයන්ට පවතින තත්ත්වය ඉතා දුෂ්කර බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වසංගතයෙන් පසු බලවත් පරිශ්‍රමයක් දරන දුප්පත් රටවල ණය ගෙවීම සඳහා සමාව දීමට, ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ සහන කාල සීමා සැලසීමට ධනවත් ජාතීන්ට මෙන්ම බහුපාර්ශ්වික සංවිධානවලට වැඩි ක්‍රියාමාර්ග ගත හැකි නම් එය බෙහෙවින් අගය කෙරෙනු ඇති බව ද පැවසීය. වසංගතය අත්දැකීම් අනුව එක රටක ඇති අහිතකර තත්ත්වයන් සීඝ්‍රයෙන් පුළුල් වූ කලාපයකටත් අවසානයේ මුළු ලෝකයටත් බලපෑම් ඇති කළ හැකිය. වසංගතය, ආර්ථිකය හෝ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ජාතීන්ට බලපාන ගැටලු විසඳීමට කලාපය පුරා රටවල් සහ සමස්ථයක් වශයෙන් ලෝකයම එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි. පවතින දේශගුණික අර්බුදය මානව වර්ගයා විසින් ජයගත යුතු දුෂ්කරම අභියෝගයක් විය හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    X-Press පර්ල් ව්‍යසනය හුදකලා සිදුවීමක් නොවේ. MT New Diamond නෞකාවේ ඇති වූ ගින්න සාමූහික පරිශ්‍රමයකින් සාර්ථකව මැඩපැවැත්වීය. මෙම සිදුවීම් දෙකම පෙන්වා දෙන්නේ අන්තරායකර සහ පාරිසරික සංවේදී ද්‍රව්‍ය, සාගර ප්‍රවාහනය සම්බන්ධයෙන් තිබිය යුතු දැඩි පාලනයක හදිසි අවශ්‍යතාව බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    නව ආම්පන්න සහිත යාත්‍රා මගින් අනන්‍ය ආර්ථික කලාපයෙන් බැහැර සීමාවන්වල මසුන් ඇල්ලීම (පන්න කිරීම) කලාපයේ පවතින සැලකිය යුතු ගැටලුවකි. එමගින් දේශීය අනන්‍ය ආර්ථික කලාපයේ මසුන් ඇල්ලීම මත යැපෙන දුප්පත් ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වේ. අනාගතයේ දී ඉන්දියානු සාගර කලාපයේ සමස්ත පරිසරය සහ දේශීය ආර්ථිකයන්හි ශක්‍යතාව පවත්වා ගැනීම සඳහා එවැනි ගැටලු අවම කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා තිරසරභාවය සම්බන්ධ එවැනි ගැටලු සම්බන්ධීකරණයට කලාපීය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ද යෝජනා කළේය.

    ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධි ක්‍රියාකාරකම්වල ස්ථානය බව ද පිළිගත යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා, මත්ද්‍රව්‍ය ජාවාරම කලාපයේ රටවලට සැලකිය යුතු ගැටලුවක්ව පවතින අතර මෙම ජාවාරම් ඵලදායී ලෙස මැඩපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙන් බවද පැවසීය. මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මේ හා සමාන සම්බන්ධීකරණයක සහ සහයෝගීතාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට ද එවැනිම සම්බන්ධීකරණයක අවශ්‍යතාව අවධාරණය කළ අතර ප්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නොකළහොත්, අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බව පැවසීය.

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේ දී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේදී මාලදිවයිනේ දී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයයේ සුරක්ෂිතතාව හා සාම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ සංවාදයට ගනු ලැබීය.

    “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් මෙවර සමුළුව පැවැත්වේ.

    ඉන්දියන් සාගරය හරහා බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් වෙනුවෙන් වේදිකාවක් ලෙස ක්‍රියා කළ හැකි ඵලදායී සාකච්ජාවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මඟ පෙන්වූ බවත්, සාගරයේ සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අපගේ අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමත් පරිසර දූෂණය හේතුවෙන් දැනටමත් සිදු වී ඇති හානි අවම කිරීමටත්, අප අදම ක්‍රියාත්මක විය යුතු බවත් ඔමාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සායිඩ් බාඩ්ර් බින් හමාඩි බින් හමූඩ් අල් බුසයිඩි (Sayyid Badr Bin Hamad Bin Hamood Al Busaidi) මහතා සමුළුවේ විශේෂ දේශනය සිදුකරමින් පැවසීය.

    වැඩිපුර වගකීම් දැරීමට, වඩා හොඳ සබඳතා ගොඩනගා ගැනීමට, ප්‍රමුඛතාවය දීමට ඉන්දියානු සාගර ජාතීන්ට අද සිදුව තිබේ. කොවිඩ් වසංගතය නිසා බලපෑමට පත් ජීවනෝපාය යථා තත්ත්වයට පත්කිරීමට වගවීම, පිළිගැනීම තුළින් කඩිනම් නව සාමාන්‍යකරණයකට යා යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (S. Jaishankar) මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් සඳහන් කළේය.

    රටවල් 18ක විදේශ අමාත්‍යවරු, රටවල් 40කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ දෙසීයකට අධික පිරිසක් සමුළුවට සහභාගී වී සිටිති.

    – ජනාධිපති මාධ්‍ය අංශය
    Paule account walata daganna anik ratawala un salli denna lol
     
    Last edited:
    • Haha
    Reactions: imhotep

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කොවින් පොන්නයට ඉන්දියාව හිඟමන් දීල නැද්ද? 🤭

    ඕන තරං සල්ලි තියෙනව කියල කිව්ව ජොන්ටගෙන් ඉල්ලන්නෙ නැත්තෙ මොකද දන්නෙ නෑ. 🤔
     
    • Like
    Reactions: TCB Rox

    Similar threads