ආණ්ඩුවට ජ.වි.පෙ.න් අභියෝගයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආණ්ඩුවට ජ.වි.පෙ.න් අභියෝගයක්

"හැකි නම් ජනතා කැමැත්තෙන් තිස්සමහාරාම පාලනය ගන්න" ආණ්ඩුවට ජ.වි.පෙ.න් අභියෝගයක් ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 12:37 වර්තමානයේ මන්ත්‍රී වැටුප පවා තිස්ස ගොඩනැගීමේ ගිණුමකට බැර කොට ජනතා සේවයේ යෙදෙන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මේ වන විට ආණ්ඩුව විසින් කුමන්ත්‍රණකාරීව පැහැරගැනීමේ උත්සහයක නිරතව සිටින බවත්, හැකි නම් ජනතා විමුක්ති පෙරමුණේ බලයේ ඇති තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජනතා කැමැත්තෙන් ලබා ගන්නා ලෙස තමන් අභියෝග කරන බවත්, ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යා‍ලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ සභාපති එච්. එල්. ජයසිරි, තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සිරිසේන රත්නායක වීරකෝන්, තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී කුමුදු සුජීව යන මහත්වරුන් සහභාගී වී සිටියහ. මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් මෙසේ පැවසූහ.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා,

"ජනතා විමුක්ති පෙරමුණේ පාලනය යටතේ තිබෙන තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කටයුතු අත්හිටුවන බව දන්වමින් දකුණු පළාත් සභාවේ සභාපති ශාන් විජේලාල් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළමුවරට 2002 පැවැත්වුණු පළාත් සභා ඡන්දයේදී තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමි වුණා. ඉන් පසුව 2006 ප‍්‍රාදේශීය සභා ඡන්දයේදී 2002ට වඩා වැඩිපුර මන්ත‍්‍රී ධුරත්, ඡන්දත් ලබා ගෙන නැවත පත් වුණා. ඒ නිසා තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව ජනතා කැමැත්ත මත කෙසේවත් ජයගන්න බැරි බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා විවිධ කුමන්ත‍්‍රණ කරමින්, උගුල් අටවමින් ඒවා හරහා ගන්න උත්සාහ කරනවා. එහි පළමු පියවර තමයි දැන් දියත් වෙමින් තිබෙන්නේ.

ප‍්‍රාදේශීය සභාවකට පැවරෙන ප‍්‍රධාන කාර්යයන් කිහිපයක් තිබෙනවා. ඒවා අතරින් ප‍්‍රදේශයේ ජනතාවගේ මූලික වුවමනා ඉටු කිරීම සභාවට පැවරෙනවා. ඒ වගේම ප‍්‍රාදේශීය සභා විශාල සම්පත් හිඟකමකින් පෙළෙනවා. සම්පත් වැඩි කර ගැනීම අවශ්‍යයි. බොහෝ ප‍්‍රාදේශීය සභා වැටුප් ගෙවා ගැනීමට වත් නොහැකි තරමේ මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙනවා. ඒ නිසා මුදල් උපයා ගැනීමේ මාර්ග ඇති කර ගැනීම කළ යුතුයි. මේ සියලූ කටයුතුවලින් තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව ඉදිරියෙන් සිටියා.

ප‍්‍රාදේශීය සභා කියන්නේ ග‍්‍රාමීය මට්ටමින් තිබෙන හොරගුහා. රජ පවුල ඉහළින් හොරකම් කරන කොට, පහළ ඇබිත්තයන් හොරකම් කරන තැන තමයි ප‍්‍රාදේශීය සභාව. නමුත් තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව ජනතාවගේ බදු මුදල්වලින් ජනතාවට සේවය කරනවා පමණක් නොවෙයි, මන්ත‍්‍රීවරුන්ට ලැබෙන වැටුප තිස්සමහාරාමයේ ලංකා බැංකුවේ තිබෙන තිස්සගොඩනැගීමේ ගිනුමකට බැර කොට ඉනුත් ජනතාවට සේවය කරනවා. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුට ආසන්න වශයෙන් මාසිකව රුපියල් 5000ක්, උප සභාපතිට 7500ක්, සභාපතිට 10000ක් වැටුප් වශයෙන් ලැබෙනවා. ඒ මුදල් ජනතා සේවය වෙනුවෙන් යෙදවූවා. එම ආදර්ශය දෙන්න ජනාධිපතිවරයාටවත් ඔහුගේ ගෝලයින්ටවත් හැකි වී නැහැ.

මේ ගැසට් නිවේදනයට අත්සන් තබා තිබෙන්නේ දකුණු පළාත් සභාවේ සභාපති ශාන් විජේලාල් මහතා. ඔහු විසින්ම අත්සන් කොට ලබා දුන් සහතික විශාල ගණනක් තිබෙනවා. 2003 දක්‍ෂිණ අග‍්‍රපුර සම්මනය පළමු ස්ථානය, 2004 දක්‍ෂිණ අග‍්‍රපුර සම්මානය දෙවන ස්ථානය, 2005 දක්‍ෂිණ අග‍්‍රපුර සම්මානය දෙවන ස්ථානය, 2006 දක්‍ෂිණ අග‍්‍රපුර සම්මානය තෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා. සම්මාන දුන් සෑම වර්ෂයකම පළමු හෝ දෙවැනි ස්ථාන දිනා ගෙන තිබෙනවා.

ඒ ජයග‍්‍රහණ ගත්තේ මොකක් හරි ස්වාභාවික හේතුවක් නිසා නොවෙයි. සභාපතිතුමා ඇතුළු අනෙක් මන්ත‍්‍රීවරුන්ගේ කැපකිරීම් වෙහෙස මහන්සිය නිසා. ඒ වගේම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක‍්‍රියාත්මක කරන ග‍්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්‍ෂක වැඩසටහන යටතේ 2003-2004 වසරේ හොඳම පළාත් පාලන ආයතනය ලෙස තේරී තිබෙනවා. දකුණු පළාත් ඵලදායිතෘ තරගයෙන් 2008 වසරේ කුසලතා සම්මානය දිනා ගෙන තිබෙනවා. මින් පෙනෙන්නේ තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව ප‍්‍රදේශයේ ජනතාවගේ පමණක් නොවෙයි මහින්ද රාජපක්‍ෂගේ ඇමතිවරුන්ගේත් ඇගැයීමට ලක් වී තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වුණේ ජනවාරි 27 වැනිදා. 28 වැනිදා හම්බන්තොට යුවරජු ලෙස වැජඹෙන චමල් රාජපක්‍ෂ ඇවිත් කියනවා මේ පාලනය ජනතා විමුක්ති පෙරමුණට කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා. අපි මහින්ද රාජපක්‍ෂගෙන් අහනවා කොහෙටද මේ යන්න හදන්නේ? අද මාධ්‍ය ආයතනවලට වැඩ කරන්නේ දෙන්නේ නැහැ. මාධ්‍යවේදීන්ට ලියන්න කියන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන නියෝජිත ආයතනවලට කටයුතු කරන්න දෙන්නේත් නැහැ. ඒනිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන, මහජනතාවගේ ඡන්දයෙන් පත් වුණු අය එම ආයතන පාලනය කළ යුතුයි කියා විශ්වාස කරන සියලූ දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ කුමන්ත‍්‍රණය පරාජය කරන්න ඔබේ දායකත්වය දෙන්න කියලා."

තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ සභාපති එච්. එල්. ජයසිරි මහතා,

"2002 අපේ‍්‍රල් සිට අපි මේ සභාවේ පාලනය කරමින් ඉන්නවා. සාමාන්‍යයෙන් අපේ රටේ සම්ප‍්‍රදාය වන්නේ පළාත් පාලන ආයතනවල බලය ලැබෙන්නේ පවතින ආණ්ඩුවට. නමුත් තිස්සමහාරාමයේ ජනතාව ඓතිහාසිකවූත් අභියෝගාත්මක වූත් තීරණයක් ගත්තා තමන්ගේ ප‍්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණ වෙත බාර දෙන්න. ඒ ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා.

අපි පාලනය බාර ගන්න කොට අර්බුද ගොඩක් මැදයි සභාව තිබුණේ. මූල්‍ය දුෂ්කරතා තිබුණා. සම්පත් දුෂ්කරතා තිබුණා. රෝද හතර ගැලවුණු ට‍්‍රැක්ටරයක් විතරයි තිබුණේ. නමුත් මේ වන විට ට‍්‍රැක්ටර් 7ක් මෝටර්ගේ‍්‍රඩර් යන්ත‍්‍රයක්, බැකෝ ලෝඩර්යක්, ටිපර් තුනක්, කුඩා ප‍්‍රමාණයේ රෝලක්, කොන්ක‍්‍රීට් මික්ස්ර් එකක්, බවුසර් 2ක් තිබෙනවා. මේ සම්පත් සභාවට ලැබුණේ අපේ කැපවීම් නිසා.

මෙවැනි කුමන්ත‍්‍රණවලින් නොවෙයි, හැකිනම් මහජනතාවගේ ඡන්දයෙන් ප‍්‍රාදේශීය සභාවේ බලය ලබා ගන්නා ලෙස අපි අභියෝග කරනවා."

තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සිරිසේන රත්නායක වීරකෝන් මහතා,
"මේ තිබෙන්නේ දේශපාලන ගේම් එකක්. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩක්. තිස්ස ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ ජනතා විරෝධී ක‍්‍රියා රැසක් නතර කරන්න අපි මැදිහත් වුණා. විශේෂයෙන්ම ඔබ දන්නවා මාගම ඛනිජ නිධිය ඉන්දියානු සමාගමකට කුණු කොල්ලයකට විකුණන්න හදද්දී අපි ඒක නතර කළා. ඒ නිසා ප‍්‍රාදේශීය සභාව කෙසේ හෝ අත්පත් කරගන්නයි ඔවුන් හදන්නේ."

p01.jpg
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.
 

Similar threads