ආණ්ඩුවට මුහුණු තුනයි
වත්මන් එක්සත් ජනතා සන්ධාන ආණ්ඩුව තුළ සිටින නායකයින්ම රට තුළ ජාතිවාදී ප්‍රවණතාවයන් වර්ධනය කරමින් පෝෂණය කරමින් විවිධ වෙස් මුහුණු පැළඳ සන්ධානයේ දේශපාලන පැවැත්ම සඳහා කටයුතු කරමින් සිටින්නේ යැයි විචාරකයෝ පවසති. විශේෂයෙන් සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව උසිගන්වමින් සිංහල ජාතිවාදයද මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට එරෙහිව උසිගන්වමින් මුස්ලිම් ජාතිවාදයද සිංහල ජනතාවට එරෙහිව දෙමළ ජාතිවාදයද දෙමළ ජනතාවට එරෙහි සිංහල ජාතිවාදයද වැපිරවීමේ ක්‍රියාදාමය පිටුපස ආණ්ඩුවේ ජාතිවාදී නායකයින් සිටීම මේ තත්වයට හේතුවී ඇතැයි ඔවුහු කියා සිටිති.
මෙ වනවිට නැවත වරක් රට තුළ ජාතිවාදී ප්‍රවනතාවයන් ඉස්මතුවෙමින් තිබේ. එම ජාතිවාදී ප්‍රවනතාවයන්වල යම් පුපුරායාමක් පසුගියදා අලුත්ගම, බේරුවල හා දර්ගා නගරවලදී සිදුවිය. මේ වනවිට එහි කම්පනයෙන් මුළු රටම බැටකමින් සිටී.
ආගමික ස්වරූපයකින් ඉස්මතුව මෙම ජාතිවාදය පෝෂණය කිරීමේ වගකීමෙන් වර්තමාන ආණ්ඩුවට කර ඇරිය නොහැකිය. මන්ද මුස්ලිම් ජනතාව අතර සිංහලයාට විරුද්ධව මුස්ලිම් ප්‍රජාව උසිග්නවන රවූෆ් හකීම්, රිශාඩ් බදුර්ධීන් ප්‍රමුඛ දේශපාලන නායකයෝද සිංහල ජාතිවාසට උඩගෙඩි දෙන වීරංවශ - චම්පික ප්‍රමුඛ දේශපාලන නායකයෝ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින ඩග්ලස්, කරුණා ඇම්මාන්, පිල්ලෙයාන් වැනි අයද වැජඹෙන්නේ වත්මන් ආණ්ඩුව තුළමය.
ආගමික ස්වරූපයෙන් සිංහල ජාතිවාදය අවුළුවාලන කණ්ඩායමේ කෙරුමා බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුබල දෙන බවට මේ වනවිට මනාව ඔප්පු වී හමාරය. සිංහල රාවටත් රාවණා බලයටත් වීරවංශලා සහ චම්පිකලා අනුබල දෙමින් සිටිති.
පසුගිය නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී රවූෆ් හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොන්ග්‍රසය තම මැතිවරණය පුරාම ජාතිවාදය වපුරුවාලූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සිංහල ජාතිවාදය වපුරාලමින් මැතිවරණය මෙහෙයවීය.
පසුගියදා සිදු වූ ආසන්නතම සිදුවීමක් වනුයේ වටරැක විජිත හිමිහන්ට පහරදීම්ක් සිදු කිරීමය. උන්වහන්සේට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව වනුයේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කරනවා යන්නය. කෙසේ නමුත් එම චෝදනාව එල්ල කරන්නේ බොදු බල සේනා සංවිධානය විසිනි. දැන් හෙළි වී ඇත්තේ විජිත හිමින් විසින්ම තමන්වහන්සේගේ ජනේන්ද්‍රයේ කැපීමක් සිදු කරගෙන කළ රඟපෑමක් බවයි.අලුත් ගම සිදුවීම ඇතිවී කෙටි කලකින් සිදු වූ මෙම සිදුවී මෙන් ජාත්‍යන්තරයෙන්ද යම් අප්‍රසාදයක් රටට එල්ල විය. එය ද මුස්ලිම් - සිංහල ගැටුම්වල ප්‍රතිඵලයක් බවටද පුවත් පළ විය.
කෙසේ නමුත් වටරැක විජිත මහියංගනය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධායේ මන්ත්‍රී හිමි නමකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුමින් කටයුතු කරන බොදු බල සේනා සංවිධානය වැටී ඇති උගුලෙන් බෙරාගැනීම සඳහා සිදුකළ රඟපෑමදැයි යන්න ගැනත් මේ වන විට සමාජයේ මතයක් ගොඩනැගෙමින් තිබේ.