ආණ්ඩුවේ ප‍්‍රබලයෝ 27 දා පලායෑමටගුවන්යානයක
ආණ්ඩුවේ ප‍්‍රබලයෝ 27 දා පලායෑමටගුවන්යානයක් වෙන්කරයි (ලංකා ඉරිදා සංග්‍රහය)
ප්‍රධාන පුවත 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 06:00
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඉහළ නිලධාරීන් හා රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන් පිරිසක් ලබන 27 වැනිදා අලූයම රටින් පැනයාම සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කරගෙන සිටී. විශේෂ ගුවන් යානයක් සූදානම් කර තබන ලෙස ආණ්ඩුවේ ඉහළම තැනකින් ශ‍්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාට මේ වන විටත් දැනුම් දී තිබේ. මේ දැනුම්දීම කර ඇත්තේ සාෆ් තරගාවලියට සහභාගීවීම සඳහා බංග්ලාදේශයේ ඩකා නගරයට යන බව පවසමිනි.
ඔවුන් මේ තීරණය ගෙන ඇත්තේ පූර්ව මැතිවරණ ප‍්‍රතිඵල සමීක්ෂණවල තොරතුරු අනුව බවද දැනගන්නට ඇත. රටින් පැනයන්නට සූදානම්ව සිටින පිරිස් අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු ඇමැතිවරු පිරිසක් වෙති. මේ අතර විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ කාර්යාලයේ සාමාජිකයන්ට කාල නියමයක් නොමැතිව නිවාඩු ලබාදී ඇත. සමීපතම ඥාතීන් පිරිසක් ද මේ වනවිටද ප‍්‍රංශයට පිටත් කර යවා ඇත.
මීට අමතරව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය සහ ඥාතීන් පිරිසක් විශාල මුදල් තොගයක්ද සමග අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයට පිටත් කර ඇත. මොවුන් සතුව කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සුබෝපභෝගී මන්දිරයක් ඇතත් මේ වනවිට ඔවුන් ලැගුම්ගෙන ඇත්තේ වෙනත් නිවාසවල බව අනාවරණය වේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය ලැගුම්ගෙන ඇත්තේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි ශ‍්‍රී ලාංකිකයකුවන සමන්ත නමැත්තකුගේ නිවසේය. ඇයගේ මව ලැගුම්ගෙන ඇත්තේ කීර්ති නම් අයකුගේ නිවසේය.
මීට අමතරව රාජ්‍ය මාධ්‍ය ආයතන හා වෙනත් රාජ්‍ය ආයතනවල ඉහළම නිලධාරීන් පිරිසක් වීසා ලබාගැනීම සඳහා තානාපති කාර්යාල අසල ගැවසෙන බවටද තොරතුරු ලැබී තිබේ. කෙසේ වුවද මේ වනවිට මෙම දේශපාලනඥයන් වැඩි දෙනෙකුගේ පවුලේ ඥාතින් විශාල පිරිසක් විදේශගතකර ඇත. ඒ සමග රටේ මුදල්ද විශාල වශයෙන් රැගෙන ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හැරුණු විට ජනාධිපති ලේකම් කාර්යාලයේ හා වෙනත් රාජ්‍ය ආයතනවල ඇති රජයේ ගනුදෙනුවලට සම්බන්ධ ලිපිගොනු පිටකරමින් තිබෙන බව දැනගන්නට ඇත.