Faceman යන වචනය ජනප්‍රිය යෙදුමක් බවට පත්කලේ අසූව දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනු "A Team" නම් ත්‍රාසජනක රූපවාහිණී වැඩසටහන මගිනි. ඉස්කෝලෙ යන කාලේ මමත් මේ වඩසටහන ආසාවෙන් නැරඹුවා මතකයි.
කතාමාලාවේ ෆේස්මෑන් ගේ චරිතය හෙබවූයේ තිර රචනයේ දී Templeton Peck යන චරිතයට පණපෙවූ Dirk Benedict නම් නළුවායි.
ඒ ටීම් කොමාන්ඩෝ බල ඇණියේ කඩවසම් තරුණයා හා හොඳම කතා කාරයා, එනම් ඇස්කිමෝවරුන්ට ශීතකරණ විතරක් නෙමෙයි අයිස් කුට්ටි වුනත් විකුණන්න පුලුවන් වුනු එකා තමයි ටෙම්ප්ල්ටන් පෙක් හෙවත් ඒ ටීම් එකේ මූනත්-තහඩුවා. ඕනෑම පලහිලව්වකදී ඉදිරියට පැමිණ කතාවෙන් සියල්ලන්ම රවටා වැඩය කරවාගැනීමේ අපූරු හැකියාවක් මේ ෆේස්මෑන් කාරයාට තිබුණා.
අපේ රටකරවන ආණ්ඩුවේත් මේ වගේම ෆේස්මෑන් කෙනෙක් ඉන්නවා. ඕනෑම බොරුවක් පපුවට අත් ගහගෙන "අනේ හාමුදුරුවනේ....' කියලා බුද්ධපුත්‍රයන්ව වුනත් ගොනාට අන්දලා කරත්තේ බැඳගන්න මේ මනුස්සයාට පුදුම හැකියාවක් තියෙනවා. කුඩුවිකුණන පල් හොරු, ස්ත්‍රී දූශකයෝ, හරක් හොරු, බුකි කාරයෝ විතරක් නෙමෙයි මහාචාරියවරුනුත් එකම කැබිනැට්ටුවේ එකට තියාගෙන මඩවන්න මේ උන්නැහේට තියෙන්නේ දෙවියන් දුන් හැකියාවක්.
ඒ ෆේස් මෑන් තමයි "මහේන්ද්‍ර පර්සි රාජපක්ස" --- සැරදේ මහරජ!